යෙහංසෝ..යෙහංසෝ..
විහංග කෑ ගහනකොට යෙහංසා වොශ්රූම් එකේ ඉඳලා එළියට ආවා
ඇයි අනේ? මට වොශ්රූම් එකටවත් යන්නෙ නෑ ..වෙලාවකට පුතා.. වෙලාවකට අප්පච්චි..
කෑ නොගහා වරෙන් බං..මෙන්න පොඩි වලව් පුතා ඇහැරලා ..මූ අඬන්නේ මං උගේ අප්පා නෙවෙයි වගේ නේ ..මට ඔරවනවා
විහංග ඇඳේ හාන්සි වෙලා මාස හයක් වයස චූටි විහස් දිහා බල බල කියවනවා
චී විහංග.. දැන් අප්පච්චි කෙනෙක් නේද ?මොකක්ද ඔය කතා කරන භාෂාව? පුතාට බහ තෝරන්න වෙන්නේත් ඔය භාෂාවෙන් තමා
මේක තමා ඔර්ජිනල් වලව් භාෂාව
යෙහංසා විහංගට රවාගෙන විහස් අතට ගත්තා .විහස්ගෙ ඇඩුම නැවතුණා..පොඩි එකා ඇස් කරකවලා අම්මා දිහා බලලා කිරි සිනා පානවා.
ඇයි චූටි පැටියෝ.. මගේ පුතා අඬන්න එපා ..
යෙහංසා පුතාව තුරුළු කරගෙන සිපගත්තේ ආදරෙන්..
සංසාරේ බවේ දුකා.. තව කොච්චර කල් මේ කට්ට කන්න වෙයිද මං දන්නේ නෑ ..දැන් නම් ඉදලා ඇතිවෙලා
විහංග අදෝනා කියන හැටි යෙහංසා අහගෙන හිටියා. ඒත් කොල්ලට උත්තර නොදී විහස්ට කිරි දීලා නිදි කරවලා යෙහංසා බැල්කනියට ගියා . විහංග නිදි වගේ ඉඳලා ටිකකින් බැල්කනියට ඇවිත් යෙහංසා ලඟින් ඉඳ ගත්තා. වලව්වේ අද කවුරුවත් නෑ ..හැමෝම නිමේෂ්ගේ ගෙදර ගිහින්
යෙහංසා
ම්ම්..
යෙහංසා විහංග දිහා බැලුවා.
ඔෆිස් එකට අලුත් කෙල්ලෙක් ආවා.
ඉතින්
ඔයා වගේමයි
මං වගේ
ඔව්.. ස්කූටරේ එන්නේ . මට එයාව දැක්කම ඔයාවමයි මතක් වෙන්නෙ
ඇයි
ඔයා වගේමයි.. මාර විදිහට ගනන් උස්සන්නෙ
විහංග කිව්වේ ෆුල් සීරියස් මූඩ් එකෙන්
ඒත් යෙහංසාට තේරුනා මේ මොකක් හරි විහිළුවක් කියලා.
මට හිතෙනවා එයාව උස්සන් එන්න.
මෙහෙට
නෑ බං අපාර්ට්මන්ට් එකට
ඇයි
එතැන නිදහස්නෙ
යෙහංසා පාඩුවේ අහගෙන හිටියා
දුක ද පැටියෝ
නෑ සතුටුයි.. මං බේරුණා වසවර්ති වලව් පුතා ගෙන්
එහෙමද කුමාරිහාමි හිතාගෙන ඉන්නේ
මං දන්නවා වටින් ගොඩින් කියන ඒවා ගැන.. පුතා නිදි ..විකාර එපා ..
යෙහංසා නැගිට්ටම විහංග ඒ අතකින් ඇදලා ඔඩොක්කුවේ වාඩි කරවගත්තා.
අද බේරෙන්න දෙන්න බෑ.. දැන් නිවාඩු ඉවරයි
ඔයාට පිස්සු විහංග..ඉන්න දෙන්නකො..
පුතාව වගේ මාවත් හුරතල් කරනවකෝ..
විහංග හීන් සීරුවෙ යෙහංසාගෙ කොණ්ඩෙ සිපගෙන නලලට දෙතොල තිබ්බෙ උතුරලා යන ආදරයෙන් .
විහංග සදුලා එනවා කිවුවා බබා බලන්න
අපොයි රන්දුවා. ඕකා තමා මගෙ පරම හතුරා. ඕකා ඔයාගේ අතක් කිස් කළා එදා.. මං වාඩුව ගන්නවා ඒකට
විහංගගෙ මූණෙ තිබ්බ කපටි පෙනුමක්
කොහොමද ගන්නෙ
මං සදූව කිස් කරනවා
මොකක්..මහා හොඳ නෑ හිත
තමුසෙ ආසාවෙන් අත දුන්නේ ඉඹින්න කියලා
මං දුන්නේ නෑ ..එයා අත අරගත්තා
එයා ..හහ්..
විහංග රවනවා..පොඩි දේටත් විහංග රණ්ඩු කරනවා..ඒ හැටි..
වලව් පුතා.. රන්දු අයියා ඔයාගේ යාළුවා.. ඔයා මහ දුෂ්ටයි
තමුසේ මගේ.. මගේ විතරමයි
නෑ.. මං දැන් දෙන්නෙක්ට අයිතියි.. ලොකු වලව් පුතාටයි.. පොඩි වලව් පුතාටයි
මගේ කොල්ලාත් මං වගේම වෙයි දවසක..
අපොයි අහිංසක කෙල්ලෝ ඉවරයි..
කොහොමද ගමක් බලන් ඉද්දි උස්සගෙන එනකොට අවුරුදු කුමාරි ව
විහංග මහ සද්දෙන් හිනා උනා
ඔය කට නම් විහංග
යෙහංසා විහංගගෙ පපුවට හේත්තු උනා
විහංග අපි ඊළඟට දුවෙක් හදමු
දැට්ස් ද පොයින්ට් ඩාලින් ..මං මෙච්චර වෙලා කියන්න ට්රයි කලේ ඕක තමයි .හදමු හදමු යමු..
ඒයි පිස්සුද අනේ… මං කිව්වේ දැන්ම නෙවෙයි..
එහෙනම් .
මං කිව්වේ කවද හරි
එහෙම බෑ මට හරියටම දිනේ කියන්න ඕනේ
යෙහංසා රතු වෙලා
කට වහගන්නකො..මං කියන්න හැදුවේ අපිට දුවෙක් ලැබුණොත් කවදහරි එයා ලොකු වෙලා එයාවත් කවුරුහරි මාව වගේ බලෙන් උස්සගෙන ගියොත් ඔයා මොකද කරන්නේ
මං ඌව මරනවා
විහංග ඒ පාර යෙහංසාව අත ඇරලා දත්මිටි කනවා.යෙහංසා පුදුමය පිරුණු ඇස් වලින් විහංග දිහා බලාගෙන හිටියා
විහංග ඔයාම ද මේ.. ඔයාට එහෙම කරන්න පුළුවන් නම් වෙන කොල්ලෙක්ට..
නවත්තනවා යෙහංසා ඔය කතාව.. මං කරපු දේ හරි කියලා මං කොයි වෙලාවකවත් කියලා තියෙනවද ? මං වැරදියි.. ඔයාව බලෙන් ළං කරගත්ත එක ,ඔයාව උස්සගෙන ගිය එක, ඒ කිසි දෙයක් හරි දේවල් නෙවෙයි . මං දන්නවා ඔයාගෙ හිතේ තියෙන වේදනාව. ඔයා මට දැන් ආදරේ කලාට මට ඔයාව මනමාලියක් කරලා වැදගත් විදිහට ගේන්න බැරි වුණා ..ඔව් යෙහංසා.. මං දැකලා තියෙනවා ඔයා සාලෙ තියෙන දිනිතිගෙ වෙඩින් ෆොටෝ එක දිහා බලබල හූල්ලන හැටි.. පත්තර වල තියෙන මනමාලියන්ගෙ ෆොටෝ ආසාවෙන් අත ගාන හැටි ..දන්නවද මං හිතින් කොච්චර පිච්චෙනවා ද කියලා.. දන්නවද? ඒ දුක මගේ හිතේ මැරෙනකල් තියෙයි.. මං පිස්සෙක් වගේ ඔයාට ආදරේ කලාට, ඔයාගේ හිතේ හැඟීම්… ඔයාගේ හිතේ තියෙන ආසාවල්… මං අඳුන ගත්තෙ නෑ… මට හැමදේම තේරුම් ගියෙ පස්සේ
විහංග දීර්ඝ සුසුමක් හෙලුවා.යෙහංසා ඒ පපුවට ආයෙත් මූණ තියා ගත්තා.
මහත්තයෝ දුක් වෙන්න එපා ..මං එච්චර හිතන්නෙ නෑ
බොරු කියලා මාව රවට්ටන්න බෑ යෙහන්සා
යෙහන්සා විහංගගෙ පපුවේ මැද පපුවෙ උනුසුම් දෙතොල් තිබ්බෙ විහංගගෙ වේදනාව අඩුවෙන්න කියලා හිතාගෙන
ආදරෙයි මං.මගේ වලව් පුතා
මගේ දුව ..ලස්සන මනමාලියක් කරලයි වලව්වෙන් යවන්නේ කවදහරි.. යෙහන්සා මං ඒක ඔයාට වෙන පොරොන්දුවක්.. අපිට වැඩිය ඉහළ තැනක දරුවෝ ඉන්න ඕනේ..
විහංග යෙහංසාගෙ කඳුළු පිරුණු ඇස් සිපගත්තා..
අඩන්න එපා මගේ කහ කිරිල්ලි..
ඔයා දන්නවනේ මාව හිනස්සන්න
දැන් යමුද ඇතුලට.. පොඩි වලව් පුතා නිදි එකේ වැඩක් තියෙන්නත් එපැයි..
විහංග අමුතු හිනාවක් දාගෙන කිව්වම යෙහංසා කොල්ලගෙ බෙල්ලේ එල්ලුනා
දන්නවද විහංග ..ඔයාගේ අම්මා කිව්වා පොඩි කාලේ ඔයා හරි දඟයිලු.අම්මා වැඩිපුරම ඉදලා තියෙන්නෙ ඉස්කෝලේ ..පැමිණිලි බේරෙන්න..මං මේ බයේ ඉන්නේ මටත් ඒ සෙතේම වෙයි කියලා..
එහෙම නොවී බෑනේ.. මගේ පුතා නේ.. අනික සීයට එකේ සම්භාවිතාවය.. ඉතිං ස්පෙශල් වෙන්න එපැයි.. මටත් වඩා පොර ඉදිරියට යන්න එපැයි..
එහෙනම් ඔයා යන්න නඩු වලට ..
යෙහංසා.. කේන්දරේ ඇත්ත තමයි.. අපි මැරි කලාට පස්සෙ මං වෙනස්වුනේ ..හේතුව ඔයා ..
දැන් ඔයා කියන්නේ මටත් පුතාගේ කේන්දරේ බලවන්න කියලද
නැන්දම්මායි ලේලි යි කැමති ඕන එකක්.. හැබැයි නෝනා හාමු .. මගේ කොල්ලා නම් මොන විදිහේ වසවර්තියෙක් වුනත් රට යවන්නේ නම් නෑ.. ඔන්න දැම්මම කිව්වා.. මං වගේ තනි වෙන්න දෙන්න බෑ ..
විහංග යෙහංසාගේ අතක් අරගෙන දැඩිව සිප ගත්තා.
යෙංහසාගෙ කනට කොල්ලා හිමිහිට කෙඳිරුවේ සුපුරුදු වදන් පෙළක්
ඔබ ගෙව්ව මොහොතක සුවය හන්තානෙට වැඩී
යෙහංසාගෙ තරු දෑස දෑසෙ කාන්තියට වශී වුනු කොල්ලා ඒ දෙනෙත් මුදුව සිප ගත්තා.
ඔවෑ
කාමරේ ඇතුලෙන් ඇහුන ඇඩුම් හඬට විහංග ඈත් වුණ..
ඉවරයි
විහංගගෙ මූණ ඇද උනා
පොඩි වලව් පුතා
යෙහංසා හිනා වෙවි විහංගගෙ කොන්ඩෙත් අවුස්සගෙන ඔඩොක්කුවෙන් නැගිට්ටා.
–නිමි–