වලව් පුතා- 10 කොටස

යෙහංසා රශ්මිණී තියඹරාව වන  මම මෙහි සිටින විහංග කෞශල්‍ය මැදගෙදර යන අය මාගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා ලෙස පිළිගන්නා බවත්…..

විහංග ක්ෂණිකව ලෑස්ති කරපු විදිහට විශේෂ බලපත්‍රයකින් විවාහෙ සිද්ද වුනේ රෙජිස්ට්‍රාර් සශේන්ගෙ මාමා කෙනෙක් වුණු නිසා. සාක්ෂියට අත්සන් කළේ සශේන් එක්ක රන්දු.විහංග ඔක්කොම ප්ලෑන් කලේ ඊයේ රෑ. ඒ වගේම අද උදේ. යෙහංසා රූකඩේ වගේ  විහංගගෙ අතේ එල්ලිලා හිටියේ මේ ඔක්කොම හීනයක් කියලා හිතාගෙන .කොච්චරවත් කේන්තියෙන් ගිරිය පුප්පගෙන මෙලොව මිනිහෙක් පේන්නෙ බැරුව හිටිය විහංග මෙහෙම හදිසි හදිසි තීරණයක් ගත්ත එක ගැන යාලුවන්ටත් පුදුමයි. බඳින් නෑ කියලා කීවට දැන් කසාද බැඳලා

යෙහංසා කච්චේරියෙන් එලියට ඇවිත් විහංගට කතා කළේ මේ සිද්ධ වුණු දේ විශ්වාස කරගන්න බැරුව. යාලුවො ටික ටිකක් ඈතින් හිටගෙන කුටු කුටු ගගා අදහස් ප්‍රකාශ කළේ විවිධ තර්ක දාලා.

ඇයි ?

මොකක්ද මේ කලේ ඔයා

ඇයි ?

අපි මැරි කළා .දැන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. අපේ බැදීමට දැන් නමක් තියෙනවා.

ඒත් මේක හාමු මහත්තයා දැන ගත්තොත්

ඉතිං

විහංග  ඔයාව එළවයි. මං දුප්පත් කෙල්ලෙක්. ඒ මදිවට වද

යෙහංසා මගේ යකා අවුස්සන්න එපා. මං සැරයක් කීවා ඔය කතාව ආයෙ මං ඉස්සරහ කියන්න එපා කියලා

මට වලව්වට එන්න බෑ.

මං එක්කං යන්නෙත් නෑ.

විහංග කියද්දී යෙහංසා  බැලුවේ අදහන්න බැරුව.

මොකක්ද ?

ඔව්. මං ඔයාව ගෙදරට ඇරලගෙන යන්නම්.

කොහොමත් අපි දෙන්න ගියොත් අප්පච්චි එලවනවා. මට බෑ එයාලා ඉස්සරහ ඔයා අසරණ වෙනවා බලන්න

යෙහංසා ටිකක් කල්පනා කළා.

විහංග මං කියන මේ දේ අහන්න.ප්ලීස්

කියන්න

ඔයා වලව්වට කියන්න එපා අපෙ කසාදෙ ගැන

විහංගගෙ මූණ කළු වුණා

ඇයි? පිස්සුද තමුසෙට

විහංග ප්ලීස්.. මං දුරදිග හිතලා මේ කියන්නේ .හාමු මහත්තයා හොඳට හොඳයි. නරකට නරකයි. ඔයා මාව බැන්දා කියලා දැනගත්තොත් අපෙ අම්මලා පවා රස්සාවෙනුත් කරයි.රබර් කිරි කපන මනුස්සයෙක්ගේ දුවක් වලව්ව පුතෙක්ට ගැලපෙන් නෑ. මට රස්සාව නැති වුණත් කමක් නෑ

තමුසේ රස්සාවට යන්න ඕනේ නෑ ආයෙ. එකවුන්ට් එකට සල්ලි දාන්නම් හැම මාසෙම

මොකක්ද

ඒවා වැඩක් නෑ. මට කසාදෙ හංගන්න බෑ

අනේ විහංග දැන්ම කියන්න එපා .ඔයාවත් එළවයි වලව්වෙන්

කමක් නෑ.කොහොමත් ඔය වලව්වට මගෙන් ඇති වැඩකුත් නෑනේ.

ඔයා මං කියන දේ අහන්නෙ නෑනෙ.මෝඩ වලව් පුතා. මගේ ජීවිතේ අකාලේ විනාශ කළා. බඳින වයසක්ද මට. තවම විස්සයි. මං පව් නැද්ද

විහංග සරදම් හිනාවක් මූණෙ තියාගෙන කෙල්ලගේ ඇස් වලට එබුණා

තරහ ගියාම තවත් ලස්සනයි. වයස හරි නැති නිසා තමයි ඊයේ පාඩුවේ නිදාගන්න දුන්නේ

යෙහංසා රතු වුණා.

යමු..

විහංග යාළුවො ළගට ගියා.

දැන් ඉතින් නව යුවළ අතිනත පටලවගෙන කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ?

රන්දු ඇහැවෙ  දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලබල .

මෙයාට ගෙදර යන්න ඕනෙලු. මං වලව්වට යනවා

එතකොට අපි

තුෂාන් ඇහැවෙ කටත් ඇද කරලා.

උඹලා ආපු අතක් බලාගෙන යනවලා. හැබැයි මේ කසාද රහසක්.දිව හොල්ලලා තිබ්බොත් බලාගමු .

ඒ ඇයි බං ඒ

මෙයා තමා තීරණය කළේ.

විහංග යෙහංසාව පෙන්නුවා

පිස්සුද නංගී.ඔයා ගමේ ඉන්නේ කොහොමද?

එයාට පුළුවන් නිසානේ කියන්නේ .උඹලා කලබල නොවී කියන විදිහට වැඩ කළා නම් හරි

උඹ අපිව පිස්සෝ කරලා තමා නවතින්නේ.

සහේන්  ඔලුව වැනුවා.

විහංග යාළුවන්ට සමුදීලා  යෙහංසා එක්ක ජීප් එකට  ගොඩවුණා.

රන්දු හෙට පාන්දර..

විහංග කීවේ රන්දුට විතරක් ඇහෙන්න.

හරි මචං

රන්දු ඔලුව වැනුවා

 

*******************

ඔයා කියනවා අපේ මැරේජ්  එක ගැන හංගන්න කියලා.ඒත් යෙහංසා මිනිස්සු ඔයාට කතා  හදයි.

විහංග  කීවේ ජීප් එකේ මග එනකොට.

කමක් නෑ. කතා හදනවා විතරනේ .මේ කසාදෙ නිසා මගේ පවුලේ අය අමාරුවේ දාන්න බෑ.

ගමේ අතුරු පාරක කොල්ලා ජීප්  එක නැවැත්තුවෙ පාළු හරියකදී..විහංග නිහඬව යෙහංසා දිහා සීට් එකට හේත්තු වෙලා බලන් හිටියේ අමුතු බැල්මකින්. යෙහංසා අපහසුවෙන් එහෙ මෙහෙ ඇඹරුණේ ඒ බැල්මට ලැජ්ජා හිතුණු නිසා. ටිකකින්  යෙහංසාව ළඟට ඇදලා අරගෙන කම්මුල්  දෙතොල්  සිපගත්තෙ  කෙල්ලගේ ඇස් නිදි බර වෙද්දි .

තමුසෙ මහ මෝඩියෙක් යෙහංසා

විහංග කිව්වෙ කෙල්ලගෙ ගෙල මත දෙතොල් තවරන ගමන්.

ඇයි?

මං තමුසෙගෙ ගෑස්  බැස්සුවා. දැක්කද දැන් පූසි පැටියෙක් වගේ මට කීකරුව ඉන්න හැටි. කොයි අර කට. වලව් පුතා කියලා රටේ නැති සමයං කිය කියා මට බනින.

විහංගගෙ මූණෙ තිබ්බ සවුත්තු හිනාවට කෙල්ලට දැනුනේ පොළොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක්. ඊයේ රෑ ඉඳලා විහංගගෙ මුදු  හැසිරීම නිසා ඇත්තටම යෙහංසා හිටියේ හීන ලෝකෙක පාවෙවී. රෑ විහංගගෙ  පපුවේ උඩ ඒ උණුසුමේ නිදියද්දී  යෙහංසා වින්දෙ අප්‍රමාණ සැනසීමක්. ඒ වියරු ඇස් වලට තමන් වෛර කළ බව ඇත්ත. ඒ බැල්මට බය වුණු බවත් ඇත්ත. විහංගව පේන්න බැරි වුණා.. ඒකත් ඇත්ත.

ඒත් ඊයේ රැයෙන් විහංග හදවතට ළං වුණා. දැන් විහංග මෙහෙම කියද්දී යෙහංසාගෙ හිත ගැස්සුණේ අකුණු දාහක් ඇස් ඉස්සරහා පිට එළිය දුන්නා වගේ.

ඔව්. විහංග කෞශල්‍ය මැදගෙදර.. මැදගෙදර වලව්වේ පොඩි පුතා. මං වලව් පුතෙක් යෙහංසා.මට ඕන දෙයක් කරන්න පුළුවන්. කැමති නම් තව කසාද දහයක් වුණත් බඳින්න පුළුවන්.

යෙහංසා විහංගගෙන් මිදෙන්න දැඟළුවාට කොල්ලා ඉඩ දුන්නේ නෑ. උදේ හිටපු විහංග නෙවෙයි මේ. ආයෙමත් අර පරණ විහංග.

අතාරින්න මාව. මාව රවට්ටලා කසාද බැදගෙන තමුසෙ මොනවද බලාපොරොත්තු වෙන්න? ඊයේ රෑ කියපු සේරම බොරු ද?

මට ඕනේ තමුසෙව. බොරුවට දඟලන්නේ නැතිව ඉන්නවා. මං කිස්  කරනවා විතරයි.

නැහැදිච්ච වලව් පුතා. තමුසෙට හොඳක් වෙන්…

යෙහංසාට තව සාප කරන්න බැරිවුණේ විහංග දෙතොලින් ඒ මුව වැහුව නිසා.

මට තමුසේ කිව්වොත් බලාගමු. මං දැන් තමන්ගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා. මං කියන විදිහට ඉන්න ඕනේ

ඇයි ඒ? මං කියනවා තමුසේ කියලා

විහංග බලං හිටියේ තරවටු බැල්මකින් .ඒ ඇස් යන දිහා දැක්කම කෙල්ලට තේරුණා වෙන්න යන්නේ මොනවද කියලා.

නෑ මං තමුසෙ  කියන්නෑ . ප්‍රොමිස්.. වලව් පුතා කියනවා

යෙහංසා කිව්වෙ බොහොම කලබලෙන්.විහංග හීන් හිනාවක් එක්ක ආයෙත් වාහනේ පාරට දැම්මා .

දූවිලි වලාවක් නංවගෙන ඈතට ඇදෙන විහංගගෙ ජීප් එක  දිහා යෙහංසා වගේම නාලිනී බලන් හිටියේ පුදුම වෙලා. යෙහංසා බැස්සා විතරයි කොල්ලා ජීප් එක  හරව ගත්තාජගත් එක්ක පොඩ්ඩත් මිදුලට බැස්සා.

දෝණි.. දෙයියනේ මොකද උනේ

යෙහංසා මේ  ලෝකෙට ආවේ නාලිනි උරහිස් හෙලෙව්වට පස්සේ .යෙහංසා තත්පරේට මූණ හදාගත්තා.

මොනවා වෙන්නද අම්මා.

අර වලව්වේ පුංචි මහත්තයා උඹව අරන් ගියේ ඇයි? උඹට මොකුත් කරදරයක් උනාද?

පිස්සුද අම්මා.. සර් මාව එක්ක ගියේ ඔෆිස් එකේ වැඩකට

දෝණි බොරු කියන්නේ ඇයි?

තාත්තා සැර කළා. යෙහංසා අහක බලාගත්තා.ඉන්න මානසික පීඩනේ එක්ක මේ අහන ප්‍රශ්න කෙල්ලට මහා හිසරදයක් .

 

මං කලිනුත් සර් එක්ක ඔහොම වැඩ වලට ගිහින් තියෙනවනේ .මතකද කොළඹත් ගියා

ජගත්ගෙ දකුණු අත කෙල්ලගේ කම්මුලේ පතිත උනේ නාලිනී ජගත්ගෙ අතේ එල්ලේද්දි.

ජගත්

උඹ අපිට තව බොරු කීයක් කියනවද? උඹට ලැජ්ජා නැද්ද ? අල්ලගන්න වෙන කොල්ලෙක් හිටියෙම නැද්ද? ඒ උඹේ හාම්පුතා. වලව් කාරයෙක් ගැන හිතුවෙවත් කොහොමද ?

අනේ නැහැ තාත්තෙ.. ඔයාලා හිතාගෙන ඉන්නේ වැරදිවට.

යෙහංසාගෙ කම්මුල් දිගේ කඳුලු වැල් බේරෙනවා .

උඹට මොලේ නැද්ද? වලව්වේ කුමාරිහාමි වෙන්නද කල්පනාව?

ඇත්තටම ජගත්  නිමේෂ්ගේ කතන්දරේ ගැන හරියට දන්නෙම නෑ. මොකද නාලිනි නිමේශ්  ගැන කියලම නෑ.නිමේශ් ගෙදර ආවේ ගියෙත් ජගත්  නැති වෙලාවට. එදා වලව්වෙදි මේ ගැන දැන ගත්තම ජගත්ට දැනුනෙ පුදුම ලැජ්ජාවක්.

උඹව කසාද බඳියි කියලද හිතන්නේ? වලව්වේ උන්ට ඔල්මාදෙ නෑ හිගන්නියකට  කර ගහන්න

ජගත් කේන්තියෙන් කෑ ගැහැවෙ වලව්වේ දී සිද්ධ වුණු දේවල් එක්ක හොඳටම හිතින් වැටිලා හිටපු නිසා. යෙහංසා අඬාගෙන කාමරේට දිවුවා.

මං කොහොමද කියන්නේ  විහංග මාව කසාද බැන්දා කියලා. අනේ දෙයියනේ මොකක්ද මේ වුණු විනාසේ. මං මොකද කරන්නේ .විහංග ආයේ එන්නේ නැති වෙයිද?යෙහංසාට අඩ අඩම නින්ද ගිහින්

අක්කෙ..අක්කෙ..

පොඩ්ඩා ඇහැරවන කල්  කෙල්ල නිදි .

අක්කෙ  ඔයාට ලියුමක් ඇවිත්.කුරියර් කියලා එකකින් ආවෙ

මොකද්ද මල්ලි

යෙහංසා ඇදේ ඉදගෙන යෙහාන් ගෙනාපු  ලියුම අතට ගත්තා.ලියුම කියවපු කෙල්ලට දැනුනේ පුදුම සතුටක්

අම්මා

යෙහංසා පොඩ්ඩාවත් ඇදගෙන සාලෙට දිව්වා.

අම්මා. මාව පත්තරේ ජොබ් එකට  තෝරගෙන. හෙටම එන්නලු . ඒ ඔෆිස් එකට

යෙහංසාට හිතේ තිබ්බ කරදර ඔක්කොම අමතක උනා.

ඒත් පුතේ

අම්මේ මට ආයෙ ෆැක්ටරි එකේ වැඩට යන්න බෑ. කොච්චර ජොබ් වලට ඇප්ලයි කළත් මේකෙන් විතරයි තෝර ගත්තේ.

දෝණි.ඔය කොළඹ රටේ ඕවයෙ යන්නේ කොහොමද ?

ජගත් අහද්දි යෙහංසා නාලිනී දිහා බැලුවා.

ඒකනෙ කවුද ඕවයෙ තනි රකින්න යන්නේ

අම්මා කොළඹ කියන්නේ වෙනම රටක් නෙවෙයි. ඕන තරම් ගෑණු ළමයි එහෙ රස්සා කරනවා .අනික එදා මං කොළඹ  ඉන්ටවීව් ගියේ තනියම

බොරු කියන්නෙ උඹ යෙහංසා . එදත් ගියේ වලව්වේ පුංචි හාමූ එක්ක. එදා ආවේ එයාගේ වාහනේ .උඹ ඔය අපිට කොලේ වහලා ආයෙත් නාඩගමක් නටන්න හදන්නේ .

මං කොළඹ යනවාමයි. කාටවත් වැඩක් නෑ මගේ ගැන හොයන්න

යෙහංසා කාමරේට දිවුවෙ කලකිරීමෙන්. කසාදෙ ගැන කිව්වොත් කොළඹ යන්නම දෙන්නෙ නැති වෙයි. අනික  විහංග කොහොමත් ඉඩ දෙන්නේ නෑ. ඒ  නිසා යෙහංසා තීරණය කළා රහසෙම කොළඹ යන්න. මොකද විහංග ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. ඊයේ හිටපු විහංග නෙවෙයි අන්තිමට හිටියේ. විහංග ගැන කොහොමත් විශ්වාස කරන්න බෑ. මෙහෙම කසාද බැන්දෙත් මොකක් හරි යටි අරමුණක් තියාගෙන වෙන්න ඇති. ඒත් දෙයියනේ  ඒ මොකක්ද?

ඊයේ රෑ… ඊයේ රෑ එයා මට ලං වෙලා හිටපු හැටි. තුරුළු කරගෙන හිටියට එයා පාඩුවේ හිටියා. ඊයේ විහංගගෙ තිබ්බේ පුදුම සන්සුන්කමක්. මං හැම වෙලේම හිතුවේ එයා මාව ෆලෝ කරන්නේ මගේ රූපෙට වහ වැටිලා කියලා. එහෙම වුනානම් ඊයේ එයාට මාව ලංකර ගන්න තිබ්බා.ඊට කලිනුත් අපි එහෙම තනි වෙලා ඉඳලා තියෙනවා .ඒත් එයා කියෙව්වට එහෙම කරදර කළේ නැහැ. ඇත්තටම විහංග  මට ආදරෙයිද? මගේ ඔළුව රිදෙනවා.

යෙහංසා තදින් දෑස පියාගත්තා

 

*******

විහංග  රස්තියාදුවෙ ගිහින් සුපුරුදු විදිහටම විසිල් පාරක් ගහගෙන වලව්වට ඇතුළු වුණා.ජීප් එකේ සද්දෙට ඔක්කොම සාලෙට ආවා. වලව්වාසීන් පුදුමෙන් බලන් ඉන්න හැටි දැක්කට විහංග වගේ වගක් නැතුව කාමරේ දිහාට ඇදුනා.

විහංග

ගජවීර් මැදගෙදරගෙ තේජාන්විත හඬ වලව්වෙ රැව් දුන්නා.

යස් බොස්

විහංග ආපහු හැරුනා .

ප්‍රියංගා බලන් හිටියේ පපුව අල්ලගෙන. දැන් මොන විනාසයක් වේවිද?

කොයි අර කෙල්ල

විහංග ඔළුව වැනුවෙ මොකුත් නොතේරුන ගානට.

මොන කෙල්ල ද?

දැන්  මතකත් නැද්ද? ඊයේ ගමක් බලන් ඉද්දි කරේ  තියන් ගියෙ?

ඔහ්..යෙහංසාද?  එයා ගෙදර ඇති

විහංග  ෂර්ට් එකේ බොත්තම් ගලවන ගමන් කීවා.

උඹට ලැජ්ජා නැද්ද මිනිහෝ. අපේ වලව්වෙ නම්බුව ඇයි උඹ විනාශ කරන්නේ?

ඇයි? මං මොකද කළේ ? යෙහංසා එක්ක මං පොඩි ගමනක් ගියා. කලිනුත් ගිහින් තියනවා. එච්චරයි.

අනේ දෙයියනේ මේ කතා අහන්නත් අපි පව් කරල තියෙනවනෙ

ප්‍රියංගා කවිච්චිය උඩට කඩන් වැටුනා . සාරධා ඇවිත් ප්‍රියංගගේ පිට අතගෑවා

අම්මා බොරුවට බෙරිහන් දෙන්න ඕනෙ නෑ. යෙහංසාව වලව්වට ගෙනාවෙ නෑනේ.

වලව්වට ගේන්නත් බෑ.

ඒ මොකද අප්පච්චි? ඔයාම නේද එදා අයියාගේ කේන්දරේ එක්ක යෙහංසාගෙ කේන්දරේ බැලුවෙ.ඒක මැච් වුනානම් ගේන් නැද්ද?

විහංග ඒක මෙතනට අදාල නෑ. කොහොමත් වඳ කෙල්ලෙක් මේ පරම්පරාව ගෙනියන්නෙ කොහොමද? තමුන්ට වඩා ඒ කෙල්ල දැන ගන්න ඕනේ මේවා . අයියයි මල්ලියි දෙන්නම එක්ක යාලු වුනේ කපටි කම.මේ දේපළ වලට.

අප්පච්චි යෙහංසාගෙ වරදක් නෑ. අයියා ගැන මං දන්නෑ .ඒත් මං බලෙන්මයි යෙහංසා අරං ගියේ. මට එයා ගැන ආස හිතුනා .ඒත් දැන් ඒක ඉවරයි. මං එයාව ගෙදරට දැම්මා

ප්‍රියංගා ඉකි ගගහා අඩනවා.

ඇයි මගේ පුතේ හිතුවක්කාර? අර කෙල්ලට ඇයි කරදර කළේ?

අම්මා එහෙනම් කියන්නේ මට යෙහංසාව  කසාද බදින්න කියලා ද?

ඔව් බැඳපන්. හැබැයි උඹට මේ වලව්වට අඩිය තියන්න බෑ .කිසිම දෙයක් උඹට දෙන්නෙ නෑ.මේ ගජවීර් මැදගෙදරගෙ වචනෙ  වෙනස් වෙන්නේ නෑ.

විහංග රවාගෙන එළියේ දොර දිහා බලාගෙන හිටියා.

මං කවදහරි බදින්නේ මං කැමති කෙල්ලව.මගෙත් වචනෙ වෙනස්  වෙන්නෙ නෑ.අනික මට මේ දේපල ඕනෙත් නෑ. කොහොමත් මාව එපා කියලනේ පොඩි කාලෙම නොදන්න දේශ දීපංකරේක යැව්වෙ.

විහංග කාමරේට ගිහින් දොර  වහ ගත්තා.කොල්ලාගෙ  හිතේ  තියෙන්නෙ කොල්ලට නොතේරුම් වයසකදී ගෙදරින් ඈත් කරලා රට යැවූව තරහා. මොකද විහංග ඒ රටේදී ගොඩක් පීඩා වින්දේ තනිකමෙන්. තනිකම මකාගන්න වැරදි මාර්ග ගොඩක් තිබ්බත් මොකක්දෝ අවිනිශ්චිත හේතුවකට කොල්ලා ඒවට අඩිය තිබ්බෙ නෑ.

 

*****************

යෙහංසා තමුසේ මගේ… මගේ විතරමයි.. මං ලෝකෙ කොහේ හිටියත් තමුසේ ජීවත් වෙන්න ඕනේ මං වෙනුවෙන් විතරයි. මේ ඇඟට අත තියන්න දෙන්න බෑ කාටවත් ..හරිද? මං කවද හරි එනකල් තමුසෙ පාඩුවේ ගෙදර ඉන්න ඕනේ. රස්සාවක් ඕනෙ නෑ

ඊයෙ විහංග යන්න කලින් ජීප් එකේදිම කිව්ව වචන පේලිය යෙහංසාගේ කල්පනාවට ආවේ පාන්දර හතරෙ කොළඹ බස් එකට නැගලා ඉඳගත්තට පස්සේ .යෙහංසා ඊයේ රෑ මේ තීරණේ අරගත්තා. විහංගගෙ දෙබිඩි පිළිවෙත විශ්වාස කරන්න බැහැ. තවදුරටත් ගමේ ඉන්නත් බෑ. හොදම විසදුම මේක

ඒත් යෙහංසා දැනගෙන හිටියෙ නෑ කොළඹ ගිහින් කොහේ ඉන්නද කියලා. උත්තර නැති ප්‍රශ්න කන්දක් ළග තියාගෙන යෙහංසා කොළඹට පය තිබ්බෙ ජීවිතේ වෙනස්ම මාවතකට ගෙන එන ගමන්.

ඒ එක්කම විහංග රන්දුත් එක්ක පිටත් වුනේ එයාගේ අරමුණට. ලොකු ට්‍රැවලින් බෑග් එකකුත් එක්ක පාන්දරම එළියට බහින පොඩි පුතා දිහා ප්‍රියංගා බලන් හිටියේ කණගාටුවෙන්. ගජවීර් නම් පැත්තටවත් ආවේ නෑ.නිමේශ්  පුරුදු විදිහටම නිහඬ වත පිරුවා.

මගේ පුතා කොහෙද මේ යන්නෙ

අම්මි දුක් වෙන්න එපා. මං ටික කාලෙකට මෙහෙන් යනවා. මං එන්නම් අම්මි බලන්න. අනික මං නැතුව ඉදලා නැතුවද?

ඒත් පුතේ

ප්ලීස් අම්මා.මං මෙහෙන් ගියාම හරිනෙ. අර යෙහංසාට  පාඩුවේ ඉන්න දෙන්න.මං එයාව අරං යන්නෑ නෙ . අම්මලාට ප්‍රශ්නයක් නැහැනේ

විහංග ඒ ටික කිව්වේ සද්දෙට. කොල්ලා දන්නවා ගජවීර් නිදිවාගෙ හිටියට ඔය ඇහැරලා ඉන්නේ කියලා.

********

විහංග  උඹ මේ පිස්සුවක් නටන්නෙ

විහංගගෙ දැහැන බිඳ වැටුණේ රන්දුගෙ හඩින්. ජීප් එක අරන් ගියේ රන්දු.විහංගට ඩ්‍රයිව් කරන්න හිතක් තිබ්බෙ නෑ. මේ හිතට මොනවා වෙලාද කියලා කොල්ලට තේරෙන්නෙ නෑ. පෙරේදා රාත්‍රිය ගෙව්වේ කෙල්ලගේ උනුහුමේ. කොල්ලට ඊයේ රෑ ගෙවා ගන්න බොහොම අමාරු උනා .එහෙට මෙහෙට පෙරළි පෙරළි හිටියා විතරයි.යෙහංසාගෙ සුවඳ දැනෙනවා. ඒ උණුහුම ගත ඉල්ලනවා.

මොකද්ද යෙහංසා තමුසෙ මට කළේ .තමුසෙ නිසා මම පිස්සෙක් වෙයි

කොල්ලා තනියම කුටු කුටු ගෑවා.

විහංග උඹ කොයි ලෝකෙද ඉන්නෙ.

රන්දු ආයෙත් විහංගව ඇමතුවා.

මචං ඉතිං…

විහංගගෙ හඬ ඇහුණා.

මොකද බං මූඩ් ගහලා. මට උඹව තේරුම් ගන්න බෑ. උඹ ඊයේ  යෙහංසාව කසාද බැන්දා.අද උඹ ඒකිව දාලා යනවා .උඹ කිව්වෙ ඒකි බදින් නෑ කියලා. ඒත් දැන් කසාදෙ හැමෝටම හංගනවා

මං දන්නෑ බං .මට යෙහංසාව ඕනේ

එහෙනම් උඹ මේ ගමන යන්නේ ඇයි

ඒත් යෙහංසා  නිසා

මට උඹේ හිතේ තියන බහුභූත තේරෙන්නෙ නෑ බං. එක්කො උඹ යෙහංසා එක්ක කොළඹ ගෙදර පදිංචි වෙන්න ඕනේ. අනික උඹට අච්චර දේපල තියෙද්දි මොකටද මෙහෙම රස්සාවක්.

මගේ ඔළුව රිදෙනවා රන්දු

උඹ යෙහංසාට ආදරෙයි. උඹ ඒක පිළිගන්නවද?

ඔව් බං  ඔව්..පැලෙන්න ආදරෙයි. මාත් ඒක තේරුම් ගත්තෙ මේ ළඟදි..උඹ දන්නවද? මං ඒකිව අරන් ගියාට මුළු රෑම ඒකිව තුරුළු කරගෙන විතරයි හිටියේ කියලා. උඹ  විශ්වාස කරනවද මාව. රන්දු උඹට මං ගැන මොනවද හිතෙන්නේ ? මං ඒ ලස්සන දිහා බලං හිටියා විතරයි.

විහංග කිව්වේ පිස්සුවෙන් වගේ කොණ්ඩෙ අදින ගමන්.

රන්දුට නිකම්ම බ්‍රේක් පෑගුණා.

විහංග.. උඹ මොනවද මිනිහෝ කියවන්නෙ.දෙයියනේ උඹ යෙහංසාව අරන් ගියේ මොකටද එහෙනම්? කසාද බැන්දේ මොකටද?

මං දන්නෙ නෑ බං. මට ඒකි  ඕනෙ..ඒත් දැන්ම නෙවෙයි. ඒකි මට කැමති නෑ. ඒකිගෙ කැමැත්තෙන් මගේ ළඟට එන දවසක් ඒවි. එදාට මට ඕනේ.

 

උඹට පිස්සු විහංග. උඹ මේ කරන්නේ සෙල්ලමක්. උඹලා දෙන්නගෙම ජීවිත විනාශ වෙනවා මේකෙන්.

එයාට මගෙන් ගැලවෙන්න බෑ රන්දු. නීතියෙන් මගේ දැන්

මගේ ඔළුව විකාර වෙනවා උඹේ වැඩ නිසා. මොකක් උනත් උඹ අදහන්න වටින පොරක් බං.

නෑ බං ..මං මහා බූරුවෙක්..උඹ යටි හිතෙන් කිව්වේ ඒක

විහංග මහ සද්දෙන් හිනා වෙවී රන්දුගෙ උරහිසට  පාරක් ගැහැවා

 

 

 

6

 

යෙහංසා අන්න උඹේ  ප්‍රේම කුරුල්ලා ඇවිත්.

සඳුනි හොඳට නිදාගෙන හිටපු යෙහංසගේ කන ලගට ඇවිත් කෑ ගැහැහුවා. යෙහංසා නිදිමතේ ඇස් ඇරියා

කව්ද බං

සූරිය වැව ළඟ ප්‍රේම කුරුල්ලා සොකරි නටන්නට එන්න ඇහැව්වා

සදුනි තාලෙට කිව්වේ වටයක් කැරකිලා ඇඳ උඩින් ඉදගන්න ගමන්..යෙහංසාගෙ ඔලුව බර වෙලා

ඔබ හා ගෙව්ව  මොහොතක සුවය හන්තානෙට වැඩියි.

අවුරුදු දෙකකට පස්සේ ඒ නම්බර් එකෙන් ..ඒ මැසේජ් එක

ඊයේ රෑ යෙහංසා නිදන්න යද්දි ඇහුන සද්දෙට කෙල්ල ෆෝන් එක බැලුවෙ නිකමට වගේ.යෙහංසාගෙ මුලු ගතම පණ නැති වුණේ ඒ නම්බර් එකෙන් ඒ මැසේජ් එක දකිද්දී. අවුරුදු දෙකක අතීතේ දවසක ආපු ඒ මැසේජ් එකට ඒ නම්බරේට අයිතිකාරයෙක් හිටියේ නෑ. යෙහංසා ගැහෙන ඇඟිලි තුඩු වලින් ෆෝන් එක පිරිමැද්දේ විහංගගෙ කඩවසම් මූණ හිතේ ඇදෙද්දී. අවුරුදු දෙකක් පුරාවට විහංග දැක්කෙ නෑ. එදා යෙහංසා කොළඹ රූසර පත්තර කන්තෝරුවට පය තිබ්බෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් විදිහට. එහි අයිතිකරු මිස්ට සපරමාදු යෙංහසාව  සාදරයෙන් පිළිගත්තා.

ස්ටාෆ් එකම තරුණ කෙල්ලො කොල්ලො. සඳුනි තමා යෙහංසාගෙ හොඳම යාළුවා වුණේ.ඉන්නවත් තැනක් නොතිබ්බට දෙයියො බැලුව වගේ සඳුනිගේ බෝඩිමේ යෙහංසාට නතර වෙන්න ඉඩ ලැබුණා. මුලින්  අකවුන්ට්ස් සෙක්ෂන් එකේ යෙහංසා  වැඩ කළාට පස්සෙ පස්සෙ යෙහංසා ආර්ටිකල් කරන්න පටන් ගත්තා . යෙහංසා ඒ ඔක්කොම කළේ හිතේ සතුටෙන්. කෙල්ල ගෙදර ගියේ අවුරුදු දවසට විතරයි. ඒ ගිහිල්ලත් පහුවදා ආපහු ආවා. දැන් හොඳ වැටුපක් ලැබෙන නිසා ගෙදරත් ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නෑ.

විහංග මතකයක්ම විතරක් වුණා. විහංඟ කිව්වා වගේම යෙහංසාගෙ අකවුන්ට් එකට මාස් පතා සල්ලි දැම්මට යෙහංසා ඒ එකවුන්ට් එක දිහා හැරිලාවත් බැලුවේ නැහැ.ස්කූටරේ ගන්න ගත්ත ලෝන් එකත් පත්තරේ රස්සාවෙන් හම්බුන සල්ලි වලින් ගෙවලා දැම්මා.

ඊයෙ රෑ මැසේජ් එකෙන් පස්සෙ මුළු අතීතේම  සිතුවම් උනේ චිත්‍රපටි රාමුවක් වගේ. ඔව්.. ඒක ලොකු වේදනාවක්. විහංග ගැන හැමදාම හිතේ තිබ්බේ තරහක්. ඒත් පුදුමෙකට වගේ යෙහංසාගෙ  හිතේ ලොකු පෙරළියක් වෙලා තිබුණා.නිමේශ් ගැන මතකයක් ආවෙම නෑ හිතට. හැමදාම රෑට හීනෙන් විහංග යෙහංසාගෙ තුරුලට ආවා. හිත පිච්චෙනවා .ඒත්  විහංග ඇත්තටම ආවෙ නෑ. ඇත්තම කිව්වොත් යෙහංසා බලං හිටියා විහංග එයි කියලා .ඒත් ආවෙ නෑ. විහංග කෙල්ලව සම්පූර්ණයෙන් අමතක කරලා.

නාලිනී  කිව්වා විහංග එකම එක දවසක් ඇවිත් යෙහංසා  කොළඹ යැව්වා කියලා ගෙදර බඩු මුට්ටු පොලේ ගහලා ගියා කියලා .ඒත් ඒ යෙහංසා කොළඹ ඇවිත් අවුරුද්දකට පස්සෙ දවසක .මේ වෙනකල්ම විහංග ගැන ආරංචියක් තිබිලා නෑ. විහංග ආපහු රට යන්න ඇති. යෙහංසා අන්තිමට තීරණය කළේ එහෙම.

මොකද ප්‍රේම කුරුල්ලා ගැන  හීන මවනවද?

සදුනිගේ කෙල්ලගෙ හිසට ටොක්කක් ඇන්නා

සදූ…පිස්සුද? කවුද ඇවිත් ඉන්නේ? රුක්ෂාන්  ද?

ඔය දන්නෙ .ආව්.ආව්..

සඳු මේ පිස්සු කියවන් නැතුව ඉන්නවද ?රුක්ෂාන් මොකද  මෙහෙ ඇවිත් තියෙන්නේ ?

ඒක ඉතිං උඹනෙ දන්නෙ මං ද එන්න කීවේ

මං කීවෙ නෑ

එහෙනම් මිස්ට සපරමාදු එවන්න ඇත්තේ .උඹ අද මීඩියා කවරේජ්  එකට යනවා නේද?

ආ ඔව්නෙ

ඒකනෙ. කැමරාවත් උස්සගෙන ආං දොරකඩ

රුක්ෂාන් කියන්නේ රූසර පුවත්පතේ ඡායාරූප ශිල්පියෙක්. රුක්ෂාන් යෙහංසා ගැන උනන්දුයි කියලා හැමෝම දන්නවා .ඒත් නොදන්නවා වගේ ඉන්න යෙහංසා විතරයි.

මං ලෑස්ති වෙන්නම්

යෙහංසා නැගිටින්න හැදුවා.

පොඩ්ඩක් ඉන්න යෙහන්සා.. ඇත්තටම මොකක්ද උඹට තියන ප්‍රශ්නේ ? උඹ ඔච්චර කල්පනා කරන්නේ .රුක්ෂාන් හොඳ කොල්ලෙක් . ෆැමිලි එකත් හොඳයි. උඹට දුකක් නොදී බලාගනියි.

සදුනි  කිව්වෙ අවංකව හිතේ තිබ්බ හැඟීම. යෙහන්සා රුක්ෂාන් ව මග අරින්නේ  ඇයි කියලා සඳුනිට‍ හිතා ගන්න බෑ

සඳු.. මං රුක්ෂාන්ට කැමති නෑ. මං කවදාවත් එයාට බලාපොරොත්තුවක් දීලා නෑ.රුක්ෂාන් හොඳ බව මං දන්නවා

ඇයි අකැමැති. උඹට කොල්ලෙක් නෑනේ

ඉන්නවා. මට හස්බන්ඩ් කෙනෙක් ඉන්නේ

සඳුනි කට ඇද කලා.

උඹ ඉතින්  ඔය කියවන්නෙ විකාරනේ. මාව අන්දන්න ලේසි නෑ ඔහොම කියලා

ඇයි සදූ  විශ්වාස නොකරන්නෙ

විශ්වාස කරන්න තිබ්බා හස්බන්ඩ් අඳ ගොළු බිහිරි  උනා නම්. උඹ වගේ  පංච කල්‍යාණියක් ළඟ තියාගන්නෙ නැතුව කොළඹ රස්තියාදු කරවන්නේ එහෙම නිසා වෙන්න ඇති. උඹ ළග හස්බන්ඩ්ගෙ ෆොටෝ එකක්වත් නැත්තෙ වෙඩින් ෆොටෝ නැත්තෙ හොරෙන් පැනලා ගියපු නිසා වෙන්න ඇති. විකාර

යෙහන්සා කොණ්ඩෙ දෙපැත්තට ගැස්සුවා. දැන් කෙල්ල කොණ්ඩෙ ස්ට්‍රේට් කරලා. මොඩ් වෙලා. අදින්නේ ඒ තාලෙට. මොකද මේ කොළඹ ඉන්න නම් මේ සංස්කෘතියට හුරු වෙන්න ඕනේ. නැතුව ගොඩේ තාලෙට ඉන්න බෑ.

උඹ ඔය විකාර රුක්ෂාන්ට එහෙම කියනවා නෙවෙයි.උඹව අංගොඩ ඇරියම මට ආයෙ තනියම මේකේ ඉන්න වෙයි.එපා වෙනවා.

සදුනි එහෙම කියාගෙන එලියට ගියා. සඳුනි එක්ක  කසාදෙ ගැන  කියෙව්වට යෙහංසා වෙන කාටවත් ඒ ගැන කියලා නෑ. මොකද එයාලා අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර කෙල්ල ලඟ නෑ . හස්බන්ඩ් අවුරුදු දෙකක් තිස්සේ අතුරුදහන් බව කියන්නත් බෑ. සඳුනි නම් ඒවා ගණන් ගන්නෙ නැති නිසා හොඳයි.

************

ඔයා එදා අර  ෆැෂන් ඩිසයිනර් ගැන ලියලා තිබ්බ ආර්ටිකල් එක ලස්සනයි.

රුක්ෂාන් කිව්වේ යෙහංසා මාධ්‍ය සාකච්ඡාව පටන් ගන්නකල් වාඩි වෙලා බලන් ඉද්දි ළඟට ඇවිත්.

 

තෑන්ක්ස් රුක්ෂාන්..ඒ ගර්ල් ගොඩක් දුප්පත්. එයා ගොඩක් දුක් විඳලා ඒ තැනට ඇවිත් තියෙන්නෙ

මං කියෙව්වා. එදා මට එන්න බැරි උනානේ

අවුලක් නෑ චරිත් මල්ලි උදව් කළා ෆොටෝස් වලින්

යෙහංසා ගමේ යන්නේ නැද්ද ලඟදි

ඇයි

නිකම්. මං හෙට අනිද්දා යනවා. ඔයත් යනවා නම් මට ඩ්‍රොප් කරගෙන යන්න පුළුවන්.

රුක්ෂාන් බැලුවෙ බලාපොරොත්තු සහගත දෙනෙත් වලින්.ඒත් යෙහංසා හැම වෙලාවෙම වගේ බැල්මකින්වත් රුක්ෂාන් ට අනුබලයක් දුන්නේ නෑ. වෘත්තීය මට්ටමෙන් විතරයි ආශ්‍රය කළේ.

මං යන්නෙ නෑ රුක්ෂාන් .අනික මං යනවා  නම් යන්නේ බස් එකේ පුරුදු විදිහට

ඇයි

හස්බන්ඩ් කැමති නෑ ඒකට

සදුනිගේ උපදෙස් අමතක කරලා යෙහංසා කිව්වේ රුක්ෂාන් එන්න එන්නම කරදරයක් වෙන බව දැනුණු නිසා . ඇත්තටම  රුක්ෂාන්ගේ යටි අරමුණ වුණේ යෙහංසාගේ දෙමව්පියෝ  හම්බවෙලා කතා කරන එක.

රුක්ෂාන් හිනාවුණු සද්දෙට අවට හිටි අයත් හැරිලා බැලුවා

යෙහංසා ..නයිස් ජෝක් ආ..

මීඩියා කොන්ෆරන්ස් එක පටන් ගත්ත නිසා එතනින් එහාට දෙන්නගෙ සාකච්ඡාව ඉදිරියට ගියෙ නෑ. කොන්ෆරන්ස් එක ඉවර වෙලා එළියට එනකොටම  යෙහංසාගෙ ෆෝන් එක රිංග් වුණා.කතා කළේ මිස්ට සපරමාදු.

මිස් යෙහංසා

සර්

ලොකු අවුලක්.ෂොපින් මෝල් එකට හොරු පැනලලු. මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට තියාගෙනලු. ඉක්මණට එතැනට යන්න කවරේජ්  එකට. ඔයාලා තමා දැන් එතනට ළඟින්ම ඉන්නේ .

හරි සර්

ඒත් පරෙස්සමෙන් .රුක්ෂාන් ඉන්නව නේද?

ඔව් සර්

යෙහංසා ෆෝන් එක කට් කළා

රුක්ෂාන් ෂොපින් මෝල් එකට යමු. ඒකට හොරු පැනලලු. මිනිස්සුන්ව ප්‍රාණ ඇපේට තියාගෙන. මිස්ට සපරමාදු කෝල් කලේ

රුක්ෂාන් එයාගෙ බයික් එකට නැගලා යෙහංසාට ස්කූටරේ අරන් ඉස්සර වෙන්න ඉඩ දුන්නා .ඒ වෙනකොටත් පොලිසිය ෂොපින් මෝල් එකට ඇවිත්. යෙහන්සා රුක්ෂාන් එක්ක ගේට් එක ලඟට ගියා. ඒත් ඒක අගුලු දාලා. මිනිස්සු ඇතුළේ ඉඳලා කෑගහනවා ඇහෙනවා . වෙඩි සද්දත් ඇහෙනවා. පොලිසිය කාටවත් ඇතුළට යන්න දෙන්නෙ නෑ. පොලිසිය ඇතුලට ගිහිල්ලත් නෑ. එතන එකම කාලගෝට්ටියක්

ෂොපින් මෝල්  එකේ වීදුරු දොරවල් ඔක්කොම වහලා .තට්ටු තුනක් වුණු විශාල බිල්ඩින් එක සම්පූර්ණයෙන්  සීල් තියලා වගේ

රුක්ෂාන්. මෙතන කට්ටිය පිස්සු නටන්නේ .ඇයි ඇතුලට ගිහින් බේර ගන්නෙ නැත්තෙ ?

යෙහංසා රුක්ෂාන්ට කිව්වේ රුක්ෂාන් දිගට හරහට පොටෝ ගද්දි

පිස්සුද යෙහන්සා ඇහෙන්නේ නැද්ද? හොරු කිව්වට ත්‍රස්තවාදියෝ ද දන්නෙ නෑ. උන්ට මොකක් හරි අරමුණක් ඇති

ඉතින් මිනිස්සු මැරෙන කල්ද බලන් ඉන්නේ

නෑ ළමයො ආමි එකෙන් එයි දැන්

රුක්ෂාන් පහළ කාර් පාර්ක් එකෙන් ඇතුලට යන්න බැරිද

ඔල්මාදෙද තමුසෙට

පුළුවන් නේද

යෙහංසා රුක්ෂාන් දිහාට දැඩි බැල්මක්  දාලා වටෙන් දිවුවෙ කාර් පාක් එක පැත්තට. රුක්‍ෂාන් කෙල්ල පස්සෙන් දිවුවෙ කරගන්න දෙයක් නැති කමට. පොලිසියට ඒ දෙන්නා ගැන අවධානයක් තිබ්බෙ නෑ. මොකද ඒ තරම් කලබලයක්

මිනිස්සු කෑගහනවා.. මාධ්‍යවලින් ප්‍රශ්න අහනවා. එක විකාරයයි. පිටිපස්සේ කාර් පාක් එක පාළුවට ගිහින් .

යෙහංසා නවතින්න

රුක්ෂාන් කෑ ගැහුවට වැඩක් වුණේ නෑ. යෙහංසා කාර් පාර්ක් එකෙන් ඇතුලට ගිහින් ෂොපින්  මෝල් එකට ඇතුළු වුණා. රුක්ෂාන් දත්මිටි කාගෙන යෙහංසාව නවත්ත ගත්තා.

තමුසෙට පිස්සුද යෙහංසා ? මැරෙන්නද  යන්නෙ? උන් වෙඩි තියයි

රුක්ෂාන් ඔයා යන්න. ඇහෙනවද පොඩි අය කෑගහන සද්දෙ .මට කැමරාව දෙන්න. මං ඔය අපරාධකාරයන්ගේ ෆොටෝ එකක් හරි ගන්නවා. උන්ව හිරේ යවන්න පුළුවන් එතකොට.

තමුසෙ සුපර් මෑන්ගෙ වයිෆ් ද? මෙහෙ එනවා යන්න

බෑ

යෙහංසා හිතුවක්කාර විදිහට ෂොපින් මෝල් එකට  ඇතුළු වුණා. රුක්ෂාන්ට  කරගන්න දෙයක් නෑ. කරන්න තියෙන්නේ එක දෙයයි. පොලිසියට කියන්න වෙනවා මේ දොරෙන් යෙහන්සා ඇතුලු වුන බව. මොකද රුක්ෂාන් දන්නවා ත්‍රස්තවාදියෝ එක්ක තමන්ට හැප්පෙන්න බැරි බව. යෙහංසා කෙල්ලෙක් නිසා අත්ඇරලා දැම්මට තමන්ව අහු වුනොත් අත් නොහරින බව.

රුක්ෂාන් ආපහු හැරුනා.යෙහංසා හෙමින් හෙමින් ඇතුළු වුණා. පාළුයි. කවුරුවත් පේන්න නෑ. ඒත් කෑගහනව ඇහෙනවා. කීක් කීක් ගාලා බෙල් එකක් වදිනවා. ඒ අනතුරු ඇඟවීමේ සංඥාව. ලිෆ්ට් එකේ යන්න බය නිසා යෙහන්සා පඩිපෙළට අඩිය තිබ්බා. එතකොට උඩින් ඇහුනෙ කතා සද්දයක්. පඩිපෙළ බහින සද්දයක්. යෙහංසා තත්පරේට පඩිපෙළ අත ඇරලා පඩිපෙළ යට තිබුණු මුල්ලක ගුලි උනා. කවුරුහරි පඩිපෙල බැහැගෙන එන සද්දෙ ළඟ ළඟම ඇහෙනවා.යෙහංසා හිටියේ භීතියෙන් ගල් ගැහිලා.

උන් අපෙ එවුන්ව නිදහස් නොකළොත් මුන්ගෙන් එකා ගාණෙ වෙඩි තියමු. ලාස්ට් වෝර්නින් එක දෙමු.

හරි බොස්.ඒත් ආමි එකෙන් ආවොත්

දිගට හරහට වෙඩි තියමු. එච්චරයි.

සද්දෙ නෑසී ගියා.යෙහංසාට තේරුනා මේ අය හොරු  නෙවෙයි කියලා. ගොඩක් දුරට ත්‍රස්තවාදී කල්ලියක්  හරි පාතාල කල්ලියක් හරි වෙන්න පුළුවන්. යෙහංසා තත්පරේට ෆෝන් එක අරන් රුක්ෂාන්ට මැසේජ් එකක් ටයිප් කළා.

යෙහංසා ඊළඟට පඩිපෙලට ගොඩ වෙලා දෙවැනි තට්ටුවට ආවා.යෙහංසාගෙ  කට වැහුණෙ එයාගෙම දකුණු අතින්. මිනිස්සු බිම  වාඩි වෙලා.රස්තියාදුකාර පෙනුම තියෙන මිනිස්සු කීප දෙනෙක් තුවක්කු තියාගෙන හිටියා. ඒ එක්කම හතරවටින් ඇහුනෙ වෙඩි සද්ද එක්ක එක්ක යෙහංසා වගේම හැමෝම කලබල වුණා. යෙහංසා එතනම  තිබුණ මේසයක් යටට ගිහින් කන් දෙක වහගත්තා.අඩි සද්ද වෙඩි සද්ද කෑ ගැසීම් මැද මොනවා වෙනවද කියලා කෙල්ලට තේරුනේ නැහැ.

ටිකකින් නිශ්ශබ්දතාව රජ උනා. ඒ එක්කම යෙහන්සා ළගින්ම තිබ්බ පොඩි රූම් එකට ඇතුළු වුණේ බිම දිගේ ගිහින්. කෙල්ලට ඕනෙ වුනේ මොනවා වුණාද කියලා බලාගන්න .කෙල්ල  ඒ රූම් එකේ දොරට හේත්තුවෙලා හෙමිහිට හිට ගත්තා. කෙල්ල හෙමිහිට හෝල්  එක පැත්තට ඔළුව දාද්දිම  විසල් අතකින් කෙල්ලගේ කට වහලා රූම් එකට ඇදගෙන බිත්තියට මුවා කරගත්තා. යෙහංසා හිතුවෙම ඒ මේ කණ්ඩායමේ කවුරුහරි කියලා.. මේ කෙල්ලගේ අවසානය කියලා..කෙල්ල හොදමට බයවුණා. ඒත් ඒ එක්කම යෙහංසා ඒ කෙනා දිහා බැලුවා.  ආමි ඔෆිසර් කෙනෙක්. නිදහස් අතින් දබර ඇඟිල්ල  කෙල්ලගෙ දෙතොල් වලට තියලා නිශ්ශබ්ද වෙන්න කියලා සංඥා කළා.

 

ඒ ඔෆිසර් යෙහංසාව තුරුළු කරගෙනම දොර දිහාට නැමිලා ගන් එක එළියට දිග් කළා. යෙහංසා කන් දෙක වහ ගත්තෙ වෙඩි සද්දෙ දරා ගන්න බැරුව.ටිකකින් ආමි ඔෆිසර් යෙහංසා දිහාට හැරුණා.කෙල්ල එතකොටයි හොඳට  ඔෆිසර්ව දැක්කේ .

මුහුණ පුරාම වැවුණු රැවුල.. දුඹුරු ඇස්… ඒ කඩවසම් මුහුණ…. ඔෆිසර් යෙහංසාට හිතන්නවත් ඉඩ නොදී කෙල්ලගේ  දෙතොල් සිප ගත්තේ යෙහංසා තුෂ්ණිම්භූත වෙද්දි.ඒ විසල් අතට යෙහංසාගෙ බද තදවෙලා.යෙහංසාගෙන් මිදුණු ඒ කඩවසම් දෙතොලේ ඇදුණෙ හිනාවක්. එහෙමම කෙල්ලගේ  කම්මුලකුත් සිප ගත්තු කොල්ලා කෙල්ලව අතහැරලා ඉස්සරහට ගියා.

ඒ දුඹුරු ඇස්…ඒ ස්පර්ශය…..ඒ වියරු බැල්ම. රැවුලෙන් මූණ වැහිලා තිබ්බට ඒ සුවඳ අඳුනගන්න යෙහංසාට තත්පරයක්වත් ගත වුණේ නෑ.

විහංග

යෙහංසා

රුක්ෂාන් ඇවිත් කෙල්ලව හොලවනකල්ම යෙහංසා හිටියේ ගල් පිළිමයක් වෙලා. පියවි සිහියට ආපු ගමන් යෙහංසා කළේ උරහිසේ තිබ්බ රුක්ෂාන්ගේ අත තල්ලු කරපු එක.

ඇයි මාව  ඇල්ලුවෙ..ඩෝන්ට් ටව් මී..

යෙහංසා ඔයා තරහද? මං ඔයා  දාලා ගිය එකට. මං ගියෙ පොලිසිය එක්ක එන්න. ඒත් ආමි එකෙන් ආවා. දැන් ඔක්කොම හරි.

යෙහංසා වටපිට බැලුවා.එයා කෝ?

යෙහංසා අපි යමු දැන්. මං ෆොටෝස් ටිකකුත් ගත්තා .තවත් ඉන්න බෑ එන්න

යෙහංසා වෙන කරන්න දෙයක් නැති කමට රුක්ෂාන් ගේ පිටිපස්සෙන් ගියා .ඒත් කෙල්ලගෙ ඇස් හතර වටේ යන්නේ ඒ දැක්කේ හීනයක්ද කියලා හිතා ගන්න බැරුව. ඒත් අවාසනාවට යෙහංසාට විහංගගෙ ඡායාවක්වත් දකින්න බැරි වුණා. ස්කූටරේ අරන් බෝඩිමට ආවට යෙහන්සා හිටියේ මෙලොව සිහියකින් නෙවෙයි.

ඒ ආමි ඔෆිසර් මාව කිස් කරපු හැටි.. ඇයි මටම මෙහෙම වෙන්නේ ?ඒ  විහංගමයි.ඒත් විහංග ආමි එකේ  මොකද කරන්නේ ?

යෙහංසා උත්තර නැති ප්‍රශ්න කන්දරාවක හිර වුණා .

************

රුක්ෂාන්  මට දෙයක් අහන්න තියෙනවා.

ලැප් එකෙන් ඊයෙ ගත්ත ෆොටෝස් එඩිට් කර කර හිටිය රුක්ෂාන් පුදුමෙන් යෙහන්සා දිහා බැලුවෙ කෙල්ල කවදාවත් නැතිව තමන්ගේ රූම් එකට ඇවිත් නිසා.

අහන්න යෙහංසා

ඊයෙ ශොපින් මෝල්  එකට ආව ආමි රෙජිමන්ට් එක මොකක්ද?

ස්පෙශල් ෆෝසස්

එහෙමද? එතකොට එයාලා ආවේ කොහේ ඉඳන්ද?

කෑම්ප් එකේ ඉදන්

මේ ලගද තියෙන්නේ

ටිකක් දුර

ඔයා දන්නවද

ඔව්..යෙහංසා ඒත් ඇයි?

ම.. මට හිතුණා එයාලා ගැන ආටිකල් එකක් කරන්න. .තෑන්ක්ස්

යෙහංසා ආපහු හැරුනා.

ඔහොම ඉන්න

රුක්ෂාන්ගෙ ඇමතුමට කෙල්ල නතර වුණා.

ඔයා හදන්නේ කෑම්ප් එකට යන්න නේද?පිස්සුද ඔයාට?

මං යනවා මයි

මාත් එන්නම් ෆොටෝස් ගන්න. ඒත් ඒකට අවසර ගන්න වෙයි

බලමුකෝ

යෙහංසාගෙ අදහසට මිස්ට සපරමාදුගෙන් අවසර ලැබුණේ කෑම්ප් එකේ බ්‍රිගේඩියර් එයාගේ යාළුවෙක් වුණු නිසා. විශේෂ අවසරයක් පිට යෙහංසා , රුක්ෂාන් වගේම සදුනි එක්ක කෑම්ප් එකට ඇතුළු වුණා. සඳුනි නම් ආවෙ යෙහංසාගෙ උදව්වට.ඒත් රුක්ෂාන් ආවේ  යෙංහසාගෙ ආරක්ෂාවට. එහෙම තමයි  රුක්ෂාන් හිතාගෙන හිටියේ. දෙන්නගෙන් කවුරුවත් යෙහංසාගෙ යටි අරමුණ දැනගෙන හිටියේ නෑ.

බ්‍රිගේඩියර් එක්ක කතා කරලා ගොඩක් විස්තර තොරතුරු ලබාගත්තා .

මිස්ලා  කැමතිනම් මං පොඩි යෝජනාවක් දෙන්නම් .මං මේක කලිනුත් මිස්ට සපරමාදුට කරලා තියනවා.ඒත් මිස්ට සපරමාදු එයාගෙ ආයතනයේ කාගෙවත් ජීවිත අනතුරේ දාන්න කැමති වුණේ නෑ.

ඒ කිව්වේ සර් ?

රුක්ෂාන් පුදුම වුණා .

අපි කරන ස්පෙශල් මිශන් එකකට මං ඉල්ලුවා ඔයාලා කීප දෙනෙක්.ඒකෙ මුල ඉදලා අග දක්වා රිපෝර්ට් කරන්න.හැබැයි පේපර් එකේ දාන්නෙ වැඩේ ඉවර උනාට පස්සේ. ඒකෙන් අපේ රහස් පිටට දෙන්නෙ නෑ. අපි කරන කාර්යයන් වල දුෂ්කරතාව තමා රිපෝර්ට් කරන්න ඕනේ. හරියට යුද්ධෙ කාලෙ මීඩියා කවරේජ් වගේ.අපේ  කොල්ලො කොච්චර වෙහෙසක් දරනවා ද කියලා

ඒක නියමයි සර්. අපි කැමතියි

යෙහංසා  කිව්වේ බොහොම සන්තෝසෙන්. සදුනිගෙ කට බාගෙට ඇරුණා.රුක්ෂාන් යෙහංසාට  රවනවා.

මිස් එක පයින් කැමැති වුණේ හොඳට හිතලා ද?

ඔව් සර් මේක අපේ පත්තරේටත් එළියක් වෙයි

අපි ඊළඟට ස්පෙශල් මිශන් එකකට කැලෑවකට යනවා.කැමතිනම්  ජොයින් වෙන්න .හැබැයි අවසන් තීරණ ඔක්කොම මා සතුයි.

බ්‍රිගේඩියර් ඒක දැඩි ලෙස අවධාරණය කළා. රුක්ෂාන් සඳුනිට  ඉඟිකරගෙන ටිකක් එහාට උනේ  යෙහංසාට බනින්න. ඒ අවසරයෙන් යෙහන්සා බ්‍රිගේඩියර් දිහාට හැරුණා.

සර් මං දන්න කෙනෙක් මෙහෙ කෑම්ප් එකේ වැඩ කළා .දැන් ඉන්නවද දන්නෑ

කවුද ?

විහංග කියලා ඔෆිසර් කෙනෙක්

ආ…විහංග. මගේ හොඳම ඔෆිසර්..

යෙහංසාගෙ හිත ගැස්සුණා.එහෙනම් ඒ විහංග.කෙල්ලට දැනුනු සන්තෝසෙ කියන්න වචන නෑ.

එයා දැන් ඉන්නවද සර්

දැන් නම් නෑ .එයාගෙ වයිෆ් ට බබා හම්බ වෙලා දවස් තුනක් නිවාඩු. ඒත් අපෙ මිශන් එකට ඔෆිසර්  විහංග එනවා.

යෙහංසාට  දැනුනේ ඇස් ඉස්සරහ අකුණු හතක් පිපිරුවා වගේ.

විහංගගෙ වයිෆ්ට බබා හම්බ වෙලා.

මේක අදහන්න පුලුවන් ද? යෙහංසා බෝඩිමට ආවේ මළකඳක් වගේ.යෙහංසා  ඇඳට වැටිලා විලාප දිදී අඬන්න පටන් ගත්තා. සඳුනිට උඩක් බිමක් තේරුම් ගන්න බැරි වුණා .සඳුනි කොච්චර ඇහැවත් යෙහංසාගෙ කට හොල්ලන්න බැරි වුණා.

විහංග..විහංග.. ඔයා මාව රැවැට්ටුවේ කොහොමද? ඔයා බැඳලා බබෙකුත් ඉන්නවා.ඒත් එහෙම වුණේ කොහොමද? අපේ කසාදෙ කටු ගෑවෙ කවද්ද? ඔයා එදා මාව කිස් කලේ  ඇයි? මට පිස්සු හැදෙයි මෙහෙම ගියොත්. මං ඔයාට ආදරෙයි විහංග.ඒත් දැන් ..ඇයි මෙහෙම කළේ ? නෑ  ඔයාට ගැලවෙන්න දෙන්නෙ නෑ මං. මගේ ජීවිතේ විනාස කළා. ඒත් දරුවෙක් …මං වද නිසා ඔයා වෙන කෙනෙක් බඳින්න ඇති .බබෙක් හදන්න ඇති. ඔව්. ඔයාගේ සතුට ඒකනම් මං හිත හදාගන්නම්. මට ඕන වුණේ වුනේ ඔයා හොඳින්ද බලන්න. ඒ ඔයාමද කියලා දැන ගන්න. මට සන්තෝසයි මෙහෙම හරි ඔයා දැකගන්න ලැබුණට.

යෙහංසා පාන්දර ජාමේ නිදිබර දෑස් දෑස් පියාගත්තා..

යෙහංසා  කැළේ මිෂන් එකේ ගමන නොයා ඉන්න හැදුවට මිස්ට සපරමාදුගෙන් බේරෙන්න බැරි වුණා. මොකද බ්‍රිගේඩියර් මේක ගැන විස්තර දීලා තිබුණු නිසා. අන්තිමේදී යෙහන්සා අකමැත්තෙන් වුණත් සඳුනි රුක්ෂාන් එක්ක ගමන පිටත් වුණා. ආමි එකේ ජීප් එකට කෙල්ල ගොඩවුනේ ගැහි ගැහී. විහංග කොයි වෙලේ හරි දකින්න ලැබෙයි.

විල්පත්තුවේ සර්කිට් බංග්ලෝ එකට එනකල්ම විහංග  ගැන කිසිම සලකුණක් තිබුණේ නෑ. ඇත්තටම යෙහංසාට මේ ගමන ගැන දැන් කිසිම උනන්දුවක් තිබුණේ නැහැ . මොකට මේ වගේ මෝඩ තීරණයක් ගත්තද කියලා හිතාගන්න බෑ.රුක්ෂාන් සඳුනි එක්ක කොච්චරවත් කුටු කුටු ගගා යෙහංසාට බනිනවා. යෙහංසා හිටියේ මේ ලෝකෙ නෙවෙයි. ඒ නිසා ඒවා ඇහුණෙ නැහැ .එතන  බංග්ලෝ  එකේ කොටස් තුනක් තිබුණා.යෙහංසාටයි යාළුවන්ටයි එක කොටසක් වෙන් කරලා තිබ්බා.

සර් එනවා.කට්ටිය රෙඩි වෙන්න

හමුදාවේ කොල්ලෝ ටික කලබල වුණේ බංග්ලෝ එක දිහාට තවත් හමුදා නිල රථයක් එද්දී .ඒකෙන් බැස්ස කෙනාව දැක්කම යෙංහසාගෙ හුස්ම හිරවෙන්න ආවා.

විහංග රැවුල කපලා. ඒ කඩවසම් බව… පෞරුෂත්වය..හමුදා නිල ඇදුමට තියෙන තේජස…

යෙහංසාට අදහන්න බැරි වුණා .බංග්ලෝ එකේ  පෝටිකෝව යට හිටපු පිරිස දිහාට විහංගගෙ අවධානය යොමු වුණා. ඒ එක්කම රන්දු බැහැලා ආවෙ යෙහංසා  තවත් පුදුම වෙද්දි.හැමෝම විහංගට සැලූට් කළා. ඒ කියන්නේ විහංග තමා මෙතන ප්‍රධානියා.

සර් මේ තමයි අර මීඩියා එකේ කට්ටිය

විහංග රුක්ෂාන් ළඟට ගිහින් හෑන්ඩ් ශේක් කළේ යෙහංසා දිහාට බැල්මක්වත් නොහෙළා.

හලෝ සර් මං රුක්ෂාන්. මේ මිස් යෙහංසා.. මේ මිස් සඳුනි

විහංග යෙහංසා දිහාට හෙලුවේ රුදුරු බැල්මක්.

මිස්ට රුක්ෂාන්.මේක භයානක සෙල්ලමක්. මේ මිස්ලා මෙතන ඉන්නවට මං කැමති නෑ. බ්‍රිගේඩියර් කිව්වට මේකට ඕනෙ කොල්ලො.මිස්ටර් රුක්ෂාන් ඉඳලා මේ මිස්ලා දෙන්නා යවන්න ඕනේ .ගෙවල් වල හුරතල් වෙලා මෙතනත්  කඳුළු පෙරාගෙන හුරතල් වෙන්න ආවම අපි කොහොමද ඩියුටි කරන්නේ? අපිට මෙයාලා රැක රැක ඉන්න බෑ.

විහංගගෙ ගැඹුරු හඬට හැමෝම බයවෙලා බලන් හිටියේ ලොක්කා මෙහෙම හැමෝම ඉස්සරහා මිස්ලා දෙන්නව චාටර් කරයි කියලා හිතුවේ නැති නිසා.රුක්ෂාන් යෙංහසා දිහායි සදුනි දිහායි  මාරුවෙන් මාරුවට බැලුවේ කරගන්න දෙයක් නැතිව. යෙහංසාගෙ මුහුණට ලේ පිරුනෙ හිතට ආපු තරහට

සර්… අපි ගෙවල්වල හුරතලේට හැදුණු කෙල්ලො ද කියලා සර් බලාගෙන හිටිය ද? අපි කඳුළු පෙරාගෙන අඬන්නේ නෑ. සර්ලා සර්ලගෙ ඩියුටිය කරන්න. අපි අපේ ඩියුටිය කරන්නම්.

යෙහංසාගෙ සෘජු වාග් ප්‍රහාරයට විහංග  මූණ බිමට ටිකක් බර කරගෙන නහය පිරිමදින ගමන් රන්දු දිහා  බැලුවා.රන්දු  ඇස් ලොකු කළා. හමුදා සෙබළු සීරුවෙන් බලං ඉන්නවා.ලොක්කා ඉස්සරහා කවුරුවත් කවදාවත් මෙහෙම කතා කරලා නෑ..ඊටත් කෙල්ලෙක්..

විහංග අමාරුවෙන් හිතට ආපු කේන්තිය වගේම මූණට ආපු හිනාවත් පාලනය කරගත්තා.තාමත් ඒ විදිහමයි. කටර්  එක වගේ. කොල්ලගෙ යටි හිත උඩ පැන්නා.

ඕකේ මිස්.. හැබැයි පස්සේ අපිට චෝදනා බෑ. තමුන්ලාගෙ ආරක්ෂාව  තමුන්ලටම සලසගන්න වෙයි .

 

විහංග එයාගෙ සෙක්ෂන් එක පැත්තට යනකොට රන්දුත් ඒ පිටිපස්සෙන් ගියේ විහංගගෙ ඉඟිය නිසා.

රන්දුවෝ ..රන්දුවෝ… මේකිට මං මොකද කරන්නේ

විහංග ඇහැවෙ  රූම් එකට ඇවිත්  යුනිෆෝම් එකේ ෂර්ට් එකේ බොත්තම් ගලවන ගමන්

උඹ මගෙන් ද අහන්නේ .උඹනෙ මිනිහා. පුළුවන් දෙයක් කරපන් .

විහංග රන්දුගෙ ඉහළ ප්‍රධානියා වුනේ පිරිස ඉස්සරහ විතරයි. අනිත් වෙලාවට දෙන්නා පුරුදු විදිහටම යාලුවෝ.

රන්දු මේකි ඇයි මේ හැටි  හිතුවක්කාර. ඔය රස්සාවට ඇවිත් තියෙන්නෙ මං එපා කියද්දී. මං මාසෙට පොතට ගාන දානවා. ඇයි කාලා බීලා සන්තෝසෙන් ඉන්න බැරි..එදා මං ගියෙ නැත්තං  ඕකිට අර බූරුවෙක්ගෙන් වෙඩි පාරක් කන්න වෙන්නේ.. අද…මේ කැලේට රිංගන්න ඇවිත් .කරන්න ඕනේ වැඩද ඕවා

හරි බං. උඹට තේරෙන්නේ නැද්ද? උඹව හොයාගෙන ඇවිත් තියෙන්නේ.

මොකටද බං

මං දන්නෑ  විහංග. උඹ මහ විකාර කතානෙ කියන්නෙ

මචං මට එයාට කතා කරන්න ඕනේ

ඒක කියන්නද ඔච්චර වෙලා දැඟලුවෙ.

ප්ලීස් මචං..

හරි හරි මං අර දෙන්නව  ශේප් කරගන්නම්.යමුකෝ වොශ් එකක් දාගෙන

විහංග ටවල් එක අතට ගත්තා.

 

 

වොශ් එකක් දාගත්තු යෙහංසා වේගෙන්  රූම් එකෙන් එලියට ආවෙ සඳුනිව හොයන්න. දොර රෙද්ද ඈත් කරද්දිම කෙනෙක්ගේ ඇගේ හැප්පිලා වැටෙන්න ගියපු කෙල්ල ශක්තිමත් බාහුවකට මැදි වුණා.

විහංග

වියරු ඇස් වලින් බලන් හිටිය  විහංගව දැකලා යෙහංසාට කෑගැහුනා.

ස්ස්ස්ස්…

විහංග ඒ දෙතොලට ඇඟිල්ලක් තිබ්බා.

මොකද තමුසේ කැලේ රිංගගෙන කරන්නේ

විහංග ඇහැවෙ යෙහංසාව තදින් ගතට තදින් තෙරපගෙන.

දර කඩනවා

මොකක්?

අතාරින්න මාව

බෑ තමුසේ මගේනේ..

විහංග ඒ තත්පරේට යෙහංසාගෙ කම්මුලක් තදින් සිප ගත්තා.

පිස්සු.. සර්ට ලැජ්ජ නැද්ද ? වයිෆ් දැනගත්තොත් මොනවා වෙයිද? ඊයෙ පෙරේදා තාත්තා කෙනෙක් වුණු මනුස්සයෙක් කරන වැඩද මේවා

යෙහංසා මොනවද කියවන්නෙ

විහංග ඇස් හීනි කළේ කුතුහලෙන්.

අත අරින්න විහංග.මට ඔයාව අප්පිරියයි

විහංග කෙල්ලව අතඇරියෙ ඒ වචනෙට.යෙහංසා ඒ සැනින් එළියට දිව්වා .

ඕහ් ෂිට්

 

විහංග අත මිටමොලවලා බිත්තියට පාරක් ගහලා එළියට ආවා.රන්දු  තවමත් සඳුනි එක්ක කතාවක. රුක්ෂානුත් එතන.විහංග අනිත් පැත්තෙන් කාටවත් නොපෙනෙන්න එයාගෙ සෙක්ෂන් එක පැත්තට ගියා.කොල්ලට දැනුනෙ පරාජිත හැගීමක්

යෙහංසාට නම් මුළු රෑම නින්ද ගියේ නෑ. මේ ඔක්කොම හීනයක් වගේ . විහංගටත්  නින්දක් නෑ.  මේ ළඟින්ම යෙහංසා ඉන්නවා කියලා දැන දැනම මේ නොසන්සුන් හිත සන්සුන් කරගන්නෙ කොහොමද? අවුරුදු දෙකකට කලින් ඒ රැයේදි යෙහංසාගෙ උණුහුමේ හිටපු හැටි මතක් වෙද්දිත් කොල්ලගෙ හිත පිස්සු වැටෙනවා.

හිතුවක්කාරි ..අහුවෙනවාකො මට. තවම මට පුප්පනවා. ආදරේ කරන්නෙම නැද්ද එතකොට

විහංග කොට්ටෙකින් ඔලුව වහගත්තා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!