ආයුබෝවන් බක්මහේ අවුරුදු .අපේ ගමේ තරුණ කැල සංවිධානය කරන අලුත් අවුරුදු උත්සවය.
නිමේෂ්ගේ කාර් එක පිට වෙනවත් එක්කම ස්පීකරයක් බැඳගෙන ගියපු ත්‍රීවිල් එකක් යකඩ කටින් කෑගහන සද්දෙ යෙහංසාට ඇහුණා. කෙල්ල නාලනී එක්කම මිදුලට බැහැලා අහගෙන හිටියා
ළඟම එන අලුත් අවුරුද්ද සන්තෝසෙන් සමරන්න අපිත් එක්ක එකතු වෙන්න. අලියට ඇහැ තැබී..ම කණාමුට්ටි ගැසීම.. කඹ ඇදීම.. හොඳම හිනාව.. හොදම ඇඩී,.. සැඟවුණු අමුත්තා සෙවීම ඇතුළු තරග ගණනාවක්. ඔබ වෙනුවෙන්ම .විශේෂ ත්‍යාගද සහිතව. මෙවර ඒසීඑස් ඉන්ෂුවරන්ස් ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව බක්මහ කුමරිය වෙනුවෙන් අඟල් විසිහතර එල්ඊඩී තිරය සහිත වර්ණ රූපවාහිනී යන්ත්‍රයක් .. බක්මහ කුමරාට නවතම දුරකථනයක් .ඔබත් දැන් සිටම සූදානම් වන්න. බක් මහේ කොවුල් නද මැද එකමුතු තරුණ කැල සමග ඔබත් එක්වන්න ..ගමට අවුරුදු…
යෙහංසා අම්මගේ මූණ බැලුවා..
අඟල් විසිහතර එල්ඊඩී තිරය සහිත වර්ණ රූපවාහිනියක්
යෙහංසාගෙ ඔළුවේ තිබ්බේ ඒ වචන පේලිය විතරයි.නාලිනී යෙහංසාගේ බැල්ම තේරුම් ගත්තා
දෝනි එපා හරිද ?ඕවට යන්නෑ
අනේ අම්මා.. මොකද වෙන්නේ .ටීවී එක ලැබුණොත් නරකද?
අක්කේ
යෙහාන් පාරේ ඉඳලා හති දාගෙන දුවගෙන ආවේ එතකොට
අක්කේ ඔයා තමා මේ පාර අවුරුදු කුමාරි වෙන්න ඕනේ ..අනේ අක්කේ හා කියන්නකො
පොඩ්ඩටත් යකඩ කටේ සද්දේ ඇහිලා .
ඒ විතරක් නෙවෙයි මේ බලන්න මේ කොලේ තෑගි වල විස්තර තියනවා. මේ තියෙන්නෙ ටීවී එකේ ෆොටෝ එක
යෙහාන් කොළයක් දික් කලා. යෙහංසා නාලිනි දිහා බැලුවා නාලනී අහක බලාගත්තා .යෙහංසා කොළේ ඇරගෙන යෙහාන්ගෙ ඔළුව අතගෑවා.
***************
චමූ
විහංග චමූට කෑ ගැහැවෙ බැරිම තැන. උදේ දහයයි . යෙහංසා තවම නෑ . මහීපාලත් නෑ
පුංචි මහත්තයා
චමූ දොරෙන් එබුනා
කොයි මිනිහෝ මේ ඔෆිස් එකේ වැඩ කරන මිනිස්සු. උන් මැරිල ද? මං ඉන්න වෙලාවටත් මේ එකෙක්වත් නැත්නම් මං නැති වෙලාවට මුන් වැඩට එන්නෙම නැතිව ඇතිනෙ.
විහංග චමූගෙ ඇඟට කඩන් පැන්නෙ තරහින් පුපුර පුපුර. කොල්ලා ඔෆිස් එකට ආවේ සෑහෙන දවසකින්. ඒත් ආව ගමන්ම යක්ෂාවේශ වුණේ යෙහංස නෑ කියලා දකිද්දී.
මහීපාල සර් බැංකුවට ගියා
එතකොට අර ළමාතැනි
ක්..කවුරු?
චමූ වෙව්ලනවා
මේකෙ වෙන ගෑනු පරාණ ඉන්නවද ඕයි?
යෙ..යෙහංසා මිසීද?
නෑ ඒකිගෙ ආච්චි.
ආච්චි මැරිලනෙ.
මං උඹට කිව්වා කියලා හිතාගන්නවා
විහංග සුරත මිට මොලවලා චමූ දිහාට දිග් කලා
යෙහංසා මිසී නිවාඩු අද
චමූ තත්පරේට කිව්වේ ලොක්කගෙන් පාරක් කන්න බැරි නිසා
නිවාඩු… කවුද නිවාඩු දුන්නේ ?
මහීපාල සර්
ආවදෙන්කො අද
විහංග ආයෙත් පුටුවේ ඉඳගත්තා. මහීපාල ආවෙ තව පැය කාලකින් විතර. මගදිම චමූ මහීපාලට විස්තරේ කිව්වා.
සර්
කොයි මිස් යෙහංසා.
නිවාඩු අද
ඇයි ඒ
මං දන්නේ නෑ
මහීපාල අහක බලාගෙන කිව්වේ විහංගගෙ මූනේ නපුරු පෙනුමට බය හිතුනු නිසා. මහීපාල කිව්වේ බොරුවක් කියලා විහංගට තේරුණා.
මිස්ට මහීපාල. තමුන් මේ ආයතනයේ විශ්වාසවන්ත සේවකයෙක් බවට මං සලකන්නෙ කොහොමද ? මූණ බලාගෙන බොරු කියද්දී
මහීපාලට කට උත්තර නැති වුණා
සර් මට සමාවෙන්න…යෙහංසා මිසී අද ඉන්ටවීව් එකකට ගියා.
ඉන්ටවීව්
සර්… සර්ට කියලා නොගියාට තරහ යයි කියලයි මං නොකීවේ. සර් ආවෙත් නෑනෙ පහුගිය ටිකේ
මොකක්ද ඉන්ටවිව් එක
පත්තර කන්තෝරුවක.. කොළඹ රස්සාවකට. මගෙන් තමා කොළඹ යන්න පාර එහෙම අහගත්තෙ. ඒ රස්සාව හරි ගියොත් මෙහෙන් අස්වෙනවා කීවා.සර් කොහොමත් මිස්ව අයින් අයින් කරනවා කීවනේ.
තනියමද ගියේ ?
වෙන්න ඇති සර්. කොහොමත් මිස්ගෙ තාත්තලාටත් ඔය ගමන් ගැන තේරුමක් නෑනේ. යෙහංසා මිසීගෙ හිත හයියයි. කොහොම හරි හොයාගෙන යයි .
හ්ම්
විහංග දිග සුසුමක් හෙලුවා. රස්සාවෙන් අයින් කරනවා කියලා කිව්වා තමා. ඒත් ඒක ඇත්තටම කියපු එකක් නෙවෙයි. විහංග යෙහංසාගෙ ෆෝන් එකට කෝල් කලාට ඒ ෆෝන් එක නිතරම තිබුණෙ අක්‍රීයව. කෙල්ලට ෆෝන් එක ගැන වගක් තිබ්බෙම නෑ.
***********
රෑ දහයාමාරයි. මොර සූරන වැස්ස… යාන්තම් කොළඹ ඉඳලා ආව නගරාන්තර බස් එකෙන් යෙහංසා බැහැගත්තා . මෙච්චර රෑ වෙයි කියලා යෙහංසා හිතුවේ නෑ.
ඇත්තටම හිතේ හයියට මේ ගමන තනියම ගියාට යෙහංසා දහස් වාරයක් හිතෙන් වෙවුලුවා .යෙහංසාට එහෙම එක්ක යන්න කෙනෙක් හිටියෙ නෑ .උදේ පාන්දර බස් එකෙන් කොළඹ ගිහින් බැහැ ගත්තට පස්සේ කෙල්ල කොහොමහරි පාර හොයා ගත්තා. වෙලාවට කලින් තැනට ගිහින් ඉන්ටවිව් එකට හොඳට මුහුණ දුන්නා. ගමට යන හෝල්ට් එක ලගින් බැස්සේ එතන ඉඳලා ත්‍රීවිල් එකක යන්න හිතාගෙන. සුළං වැස්සෙන් බේරෙන්න කෙල්ල කුඩේ ඉසිලුවා.කෙල්ල ඉක්මණට බැහැලා දකුණු පැත්ත බලද්දි වීල් පාක් එක හිස්.යෙහංසා වම් පැත්ත බලද්දි දැක්කෙ කීයටවත් දකින්න බලාපොරොත්තු නොවුණු දර්ශනයක්
කළු පාට ජීප් එකක ලාම්පු වල ආලෝකය යෙහංසා දිහාට වැටිලා තිබුනා. බස් එක හෝන් එකක් ගහගෙන එතැනින් ඉවතට ගියා. හෝල්ට් එක ලගින් බැස්සේ යෙහංසා විතරයි. ඒ ජීප් එකේ බොනට් එක උඩ ඉදගෙන වැස්සෙ තෙමීගෙන බලාගෙන හිටියේ විහංග.කළු ඩෙනිමට සුදු ටීෂර්ට් එක… කළු ජැකට් එකක් ඊට උඩින් ඇඳගෙන.. යෙහංසාට හිතාගන්න බැරි වුණා.කෙල්ල හිටියෙ භීතයෙන් ගල් ගැහිලා. ජීප් එකේ විදුලි ලාම්පු වල එළියට වැහි බිඳු වැටෙන හැටි..ඒවා පිණිබිඳු වෙලා විසිරිලා යන හැටි පේනවා.. ඒක අමුතුම විදිහ දර්ශනයක්
විහංග බොනට් එකෙන් බැහැලා යෙහංසා ලඟට එනකල්ම යෙහංසා බය වෙලා බලාගෙන හිටියා. කොල්ලා යෙහංසාගෙ කුඩේ යටටම ආවා.විහංග හොඳටම තෙමිලා. කොණ්ඩෙන් වතුර බේරිලා මූණ දිගේ වැටෙනවා. හුලං වැස්ස කුඩේ වගේම යෙහංසා ඇඳල හිටිය රෝස පාට සාරියත් අරගෙන යන්න දඟලනවා.
විහංගගෙ වියරු බැල්ම කෙළින්ම යොමු වෙලා තිබ්බේ යෙහංසාගෙ ඇස් දිහාට. කෙල්ල ඒ බැල්ම දරන්න බැරුව බිම බැලුවා. පියවි සිහියට ආව ගමන් යෙහංසා හැදුවෙ එතනින් බේරිලා යන්න .ඒත් විහංග ඉඩදුන්නෙ නෑ.
මං උස්සලා දාගන්න කලින් නගිනවා ජීප් එකට
වැස්සෙ හඩ පරදවලා විහංග ගිගිරුවා.වළාකුළු හැප්පි හැප්පි අකුණු ගහනවා.යෙහංසා සීතලට වැඩිය වෙවුලුවේ බයට.විහංගගෙ කේන්තිය ගැන දන්න නිසාම යෙහංසා කරන්න දෙයක් නැති කමට ජීප් එක දිහාට පය තිබ්බා. විහංග පිටිපස්සෙන් ඇවිත් නගින්න දොර ඇරලා දුන්නා විහංග වචනයක්වත් කතා කළේ නෑ. වැස්සට පාර . පේන්නෙත් නැති තරම්. විහංග හිටියේ කේන්තිය උපරිම විදිහට පාලනය කරගෙන.
මොකද දැන් කේන්තිය පිට කරන්න පටන් ගත්තොත් කොහෙන් නවතීද කියලා කොල්ලටම හිතාගන්න බෑ.විහංගගෙ සිතුවිලි හොදටම අවුල් වෙලා.යෙහංසා එක්ක තියෙන මේ බැඳීම මොකක්ද කියලා විහංගට තේරෙන්නෙ නෑ.යෙහංසා තනියම කොළඹ ගියා කියලා දැනගත්ත වෙලේ විහංගට දැනුනේ පුදුම බයක්.
කෙල්ල කොළඹ අතරමං වෙයි ද ?කෙල්ලට කරදරයක් වෙයිද? පාරවල් දන්නව? කොළඹ කාක්කෙක් රවට්ට ගයිද? මොනවා වෙයිද?
යෙහංසා හොයාගෙන ඒ වෙලාවේ යන්න පුලුවන් උනා නම් කොල්ලා ඒ වෙනකොටත් කොළඹ ගිහින්. ගියාට යෙහංසා මග ඇරෙන බව ෂුවර් නිසයි මෙතනට වෙලා හිටියේ. වැස්ස ඇද හැලුනා… ගෙරෙව්වා ….විදුලි කෙටුවා…. රෑ වුණා… කොල්ලට ඒ ගැන වගක් තිබුණේ නෑ.දකින මිනිස්සු විහංගව අර්ථ දැක්වුවේ පිස්සෙක් විදහට..ඔව් ඒක එක්තරා උමතුවක්..ඒත් ඒ උමතුව මොකද්ද කියලා විහංග තවම දන්නෙ නෑ..
විහංග යෙහංසාගෙ ගේ ඉස්සරහා ජීප් එක නතර කළා. ගෙදර ඔක්කොම ඉස්තෝප්පුවේ ඉඳගෙන බලන් ඉන්නවා.යෙහංසා විහංග දිහාට හැරුණා.
තෑන්ක්ස් සර් ..සර් මේ කරපු උදව්ව
විහංග ඉස්සරහා බලාගෙනම වම් අත ඉස්සුවා. ඒ කතා ඇති කියලා. විහංගගෙ යක්ෂ මුහුණ ට බයවුනු යෙහංසා එහෙමම බැහැගත්තා.
විහංග ඒ ඇසිල්ලෙන් ජිප් එක හරවගත්තා.
දෝනි මෙච්චර රෑ උනේ මොකද ?අර ජීප් එක පුංචි මහත්තයාගේ නේද?
කෙල්ල ඉස්තෝප්පුවට ගොඩ වුනු ගමන් ගුණසේකර ඇහැවෙ හිතේ සැකේට..
ඔව් අප්පච්චි මං හෝල්ට් එකේ ඉද්දි සර් හම්බුනා.හොද වෙලාවට .වීල් තිබ්බෙත් නෑ. මාව ගෙදරට ඇරලුවා
ඉතින් තේ එකක්වත් දීලා යන්න කතා කරන්න එපැයි
නාලිනී කිව්වේ කණගාටුවෙන්
මේ වැස්සෙ මොන තේ ද? අනික එයාලා වලව් කාරයො
යෙහංසා ඉතුරු ටික කිව්වෙ නෑ.කෙල්ලගෙ හිතේ තිබ්බෙ තව වචන වැලක්
එක වලව්කාරයෙක් ඇවිත් ගියා මතකනෙ..
නිමේශ් මතක් කරගෙන කලකිරීමෙන් ඒ වචන ටික නොකීවෙ අප්පච්චි ඕවා දන්නෙ නැති නිසා.
හ්ම්..යමු ඇතුලට.. බඩගිනි ඇති නේ…
ඔව් අප්පච්චි ..මහන්සියි..
යෙහංසා කාමරයට ඇතුලු වුණා..යෙහංසාට පුදුමයි විහංගගෙ මේ හැසිරීම.කොල්ලා කිසිම දෙයක් කිව්වේ නෑ .අඩුම තරමේ ඇල්ලුවේවත් නෑ. වෙනදට ඔෆිස් එකේ තනි වුණොත් විනාඩියට අල්ලගෙන තුරුල් කරගන්නවා.විහංග ඇයි බලන් හිටියේ එච්චර වෙලා. මං එනකල් බලන් හිටියදෙ? ඒක අහම්බයක් ද? එයා කොහොමද දන්නෙ මං කොළඹ ගියා කියලා.මහිපාල අංකල් කීවද? මට මුකුත් තේරෙන්නෙ නෑ.යෙහංසා තුවාය එක්ක ඇඳුමක් අතට ගත්තා
********
පහුවදා හවස විහංග ඔෆිස් එකට ආවේ යෙහංසාව තනි කරගන්න බලාගෙනම. ආපු ගමන් කොල්ලා මහීපාල ට කිව්වෙ ගිය මාසේ අපනයන වාර්තා ගේන්න කියලා. මහීපාල වෙලාව බල බල ඒවා ගෙනාවා. තව පැය භාගෙකින් වැඩ ඉවර වෙන වෙලාව එනවා. මේ වාර්තා බලන්න ගත්තම පැය ගානක් ඇදෙනවා.
මිස් යෙහංසා… මේවා චෙක් කරන්න ඕනේ
පොතේ තිබ්බ ඇස් යෙහංසා කොල්ලා දිහාට යොමු කළා.
මං චෙක් කළා සර්
කමක් නෑ ආයෙ ආයෙත් කරන්න ඕනේ දැන්ම.
සර් ඒත් වෙලා යනවනෙ. අද අපෙ නෝනා ඩොක්ටර් ලඟට එක්ක යන්නත් තියෙනවා මට
මහීපාල කිව්වේ බැගෑපත් විදිහට
අවුලක් නෑ.. මිස්ටර් මහීපාල යන්න . මිස් යෙහංසා ඉන්නවනෙ..
යෙහංසා විහංග දිහා බලං හිටියෙ බයවෙලා.
හිතලම මෙහෙම කරන්නේ මාව අල්ලගන්න තමා. කෙල්ල හිතුවේ විහංගගෙ වියරු ඇස් වල බැල්මට බයේ අහක බලන ගමන්.චමූටත් විහංග යන්න කිව්ව නිසා චමූත් ගියා. පැයක් යනකල්ම දෙන්නම රිපෝට් චෙක් කළා.පහමාරත් පහුවෙලා.හිටියොත් තවත් රෑ වෙන නිසා කෙල්ල හඬ අවදි කළා .
සර් මං යන්නද?
විහංග ඇහුනෙ නෑ වගේ ඔලුව මේසෙට ඔබාගෙන හිටියා.යෙංහසා යටිතොල හපා ගත්තා.
සර් මට රෑ වෙනවා
විහංග පෑන කොලේ උඩ තියලා පුටුවට හේත්තු වෙලා යෙංහසා දිහාට ගැඹුරු බැල්මක් හෙලුවා.
තමුන්ට ඊයේ රෑ උනේ නැද්ද?
යෙහංසා බිම බැලුවා.ඒ තරහා තමා මේ පිටකරන්නේ
ම්…ඊයේ රෑ උනේ නැද්ද? කොළඹ ඔෆිස් වලට ගියාම රෑ වෙනකල් වැඩ කරන්න ඕනේ .විශේෂයෙන් පත්තරේක වැඩ කරනවා නම් රැයක් දවාලක් නෑ. ඉතින් දැන්ම ඉදලම ට්‍රේන් වුනොත් නරකද ?
මං හිතන්නේ සර්ට මගේ පුද්ගලික දේවල් අදාල නෑ
යෙහංසා කිව්වෙ දැඩි හඬින් .
ඔව් මට අදාළ නෑ .තමුසේ පත්තර රස්සාව කියලා සල්ලිවලට විකිණෙන රස්සාවකට ගියත් මට අදාළ නෑ. කොහොමත් ගම්වලින් කොළඹ යන ලස්සන කෙල්ලෝ ගොඩක් යන්නේ ඒවටනෙ.නැතත් අන්තිම ඉරණම ඒක
යෙහංසාගෙ මූණ කළු වෙලා ගියේ ඒ කතාවට.
එහෙම කෙල්ලෝ ඇති මිස්ට විහංග. ඒත් මං එහෙම නෑ. අනිත් එක වද එකියක් වුණු මට මොන ඉරණමක් අත් වුණත් සර් ට මොකද?
යෙහංසා කියද්දී විහංගගෙ පාලනය කරගෙන හිටපු කෝපය ඉස්මතු වුනා. කොල්ලා පුටුව තල්ලුකරගෙන නැගිටලා යෙහංසා ලගට ඇවිත් බාහුවෙන් අල්ලලා තමන් දිහාට ඇදගත්තා.
උඹ මගේ යෙහංසා. මං ඒක සිංහලෙන් තේරුම් කරලා තියෙනවා. උඹ දෙයක් කරන්න කලින් මගෙන් අහන්න ඕනේ. මට කියන්න ඕනේ. උඹට මං කියන දේ තේරුම් ගන්න බැරි නම් ඒක තේරුම් කරන්න මට තව භාෂා තියෙනවා
කොල්ලා දත්මිටි කෑවෙ කෙල්ලගේ ඇස් දිහා බලාගෙන.කොල්ලගෙ වියරු සුසුම් යෙහංසගේ මුහුණට වැටෙනවා.
ඇයි මට පාඩුවෙ ඉන්න දෙන් නැත්තෙ
මොකද මං තමුසෙට ආදරේ නිසා
ආදරේ…. ආදරේ… ඔයා ඒ වචනේ තේරුමවත් දන්නවද විහංග. ඔහොම රිද්දන එකද ආදරේ. අනික මං වගේ වඳ කෙල්ලෙක්ට ආදරේ කරන්නෙ මොනව බලාපොරොත්තුවෙන් ද? ඔයාමයි කිව්වෙ මාව කසාද බඳින්නෙ නෑ කියලා. මං වලව් පෙළපතට ගැලපෙන් නෑ කියලා.
යෙහංසා කෑගැහුවේ විහංගගෙ ෂර්ට් එකේ එල්ලිලා . කෙල්ලගේ ඇස්වලින් කඳුළු බේරෙනවා. විහංග නිහඬයි.
මොකක්ද විහංග අපි දෙන්නා අතර තියෙන බැඳීම? ඒ බැඳීමට නමක් දෙන්න පුලුවන්ද? මං ඔයාට බයයි විහංග.. ඔය ඇස් වලට බයයි. දන්නවද මාව වෙව්ලනවා ඔය ඇස් ඉස්සරහා..හීනෙනුත් මං ගැස්සෙනවා..බයවෙනවා..ඔය ඇස් ඒ තරම් වද දෙනවා.
යෙහංසා විහංගගෙ පපුවේ ඔලුව තිබ්බේ හිතේ ඇතිවුණු වේදනාව නිසාමයි. විහංග යෙහංසාගෙ නලළතට දෙතොල් තෙරපලා කෙල්ලව තුරුළු කරගත්තා.කොල්ලට මේ මොහොතේ දැනුනේ අලුත් හැඟීමක් .හිත පිච්චෙනවා වගේ
ඇයි හිතුවක්කාර? දැනෙන්නෙ නැද්ද මාව ?
විහංග කෙල්ලගෙ ඔළුව අතගාන ගමන් හිමිහිට ඒ සවනතට මිමිණුවා.
නපුරු ඇයි ඔය හැටි. ඔයා යාලු හැම කෙල්ලෙක්ටම මෙහෙමද සලකන්නේ?
විහංගගෙ ගෙ මූණට හිනාවක් ආවා. මේ කෙල්ල මං ගැන හිතාගෙන ඉන්නේ එහෙම
නෑ ..ඒ කෙල්ලො තමුසෙ වගේ නෑ .මං කතා කරපු ගමන් රූම් එකට එනවා.
ඒ මොකටද
තමුසෙත් එනවකෝ. එදා වලව්වේදී අහු උනාට මගේ කන හැපුවනේ.අපරාදෙ එදා මරු චාන්ස් එක.
යෙහංසා ඔලුව ඉස්සුවා
නැහැදිච්ච වලව් පුතා .තමුසෙ හිතාගෙන ඉන්නේ කෙල්ලො කියන්නෙ සෙල්ලම් බඩු කියලා නේද? දන්නවද කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා
යෙහංසා සුපුරුදු වර්ශන් එකට ඇවිත්
ඔව් වස්තුව.මේ කොට්ටෝරුවා දැන් කොටලා තියෙන්නේ එහෙම කෙහෙල් ගහකට තමා. ඒකනෙ කවුරු එක්ක හිටියත් මේ සුදු කම්මුල් ඉඹිද්දි දැනෙන සන්තෝසෙ දැනෙන්නෙ නැත්තෙ.
විහංග ඒ දෙකොපුල් තදින් සිපගත්තා.
හැදිච්ච දෙමව්පියන්ගෙ නැහැදිච්ච වලව් පුතා
යෙහංසා දත්මිටි කනවා.
තමුසෙ ඔය තරහා පැත්තක තියලා මට සපෝට් කරනවකො.තමුසෙටත් මගෙ මූණ ඉඹලා සන්තෝස වෙන්න ඉඩ දෙන්නම්.
ඒ මොකටද?තමුන් මහලොකු නළුවෙක්ද?
ඒ කියන්නේ තමුසෙ ආසද නළුවෝ ඉඹින්න. කියනවා කවුද නළුවා
ඇයි නළුවව එක්ක එන්නද අහන්නේ ?
පිස්සුද? ඌට ගොක්කොල සංදර්ශන පෙන්නන්න
මදාවියා. මිනිස්සු තමුන්ගේ අත පල්ලෙන් වැටිලා නෑ.
අලුත් සාරිය ලස්සනයි. සාරි ජැකට් එක මොකද මේ දිගට මහලා. මට පෙනෙයි කියලද?
විහංග තත්පරේට කතාව මාරු කළා.
විහංග අතාරින්න. මට යන්න ඕන.
යනවා. මං ෆලෝ කරන්නම්. දැන් රෑ වෙලා
විහංග කෙල්ලව අතහැරියා
මරු… මං එළිසබත් මහරැජිණ වගේ ෆුල් ගාඩ් පිට යන්නේ
යෙහංසා තනියම කුටු කුටු ගෑවා.
මොකද්ද කිව්වේ ඇහුන්නෑ .
මොකවත් නෑ. වලව් පුතා
විහංග හිනාවක් දාගෙන බයික් එකේ යතුර අතට ගත්තා.
යෙහංසාගෙන් වලව් පුතා කියලා බැනුම් ඇහැවම මේ තරම් හිතට සංතෝසයක් දැනෙන්නෙ ඇයි කියලා කොල්ලට හිතාගන්න බෑ.
*************
මචං විහංග
රන්දු විහංගව ඇමතුවේ කිහිප වතාවක් කල්පනා කරලා. මේවා කියලත් බෑ නොකියත් බෑ.විහංග අවුරුදු නිසා පාටි එකකට යන්න ලෑස්ති වෙලා හිටියෙ.ඊයෙ පෙරේදා අවුරුදු දවස් නිසා ගෙදරින් එළියට බහින්න ලැබුණෙ නෑ.. හෙට නම් ඔෆිස් යන්නම ඕනෙ.යෙහංසාව බලාගන්නත් කොල්ලට බැරිවුණා.
වෙලාව හවස පහයි.
මොකෝ බං.මං හෙට එන්නම් .ගෙදරින් බර බරේ.. දිනිතිලගේ ගෙදර පාටියක්. සොරි මචංලා.
විහංග ඒ ගමන්ම කිව්වා .
හරි මචං. ඒත් මේ මං ගත්තෙ උඹට වෙන දේකට .මේ … යෙහංසා.
විහංග ජිප් එකේ යතුර අරන් එළියට බැස්සෙ කතා කරන ගමන්මයි. අම්මලා පරක්කු වෙන නිසා විහංග කලින් යන්න හැදුවේ.
ඉතිං
මචං උඹ කලබල වෙන්න එපා .උඹ මට පස්සේ බනියි මං කිව්වේ නෑ කියලා..
රන්දුවා.උඹ මේ රචනා කියවන්නෙ නැතුව මට මාතෘකාව කියපන්.
විහංග ජීප් එක ස්ටාර්ට් කළා.
මචං අපේ ගමේ කොල්ලො ටික අවුරුදු උත්සවයක් ඕගනයිස් කරලා.යෙහංසා ඉන්නවා ඒකෙ අවුරුදු කුමාරි තරගෙට
මොකක්?
විහංගට උන්හිටි තැන් අමතක උනා.
ඔව් බං..මං දැන් දැක්කෙ.නම කියනකොටයි බැලුවේ.
කොහෙද ඒක තියෙන්නේ
විහංග ඇහැවෙ එච්චරයි.උත්තරේ ලැබුණු ගමන් ෆෝන් එක කට් වුණා.
රන්දු ආයෙ ගත්තට විහංග ආන්සර් කලේ නෑ.
රන්දුට දැන්නම් හිතුනා කතා කරපු මෝඩ කම කියලා. ඒත් විහංගගෙන් බේරෙන එක ලේසි නෑ.
*************
එකමුතු තරුණ කැල පළමු වරට සංවිධානය කළ මහා බක්මහ උළෙලේ අවුරුදු කුමරිය ලෙස කිරුළු පළඳින්නේ ඇයයි. වටිනා අඟල් විසිහතරක වර්ණ රූපවාහිනියක් හිමිකරගන්නා වාසනාවන්තිය ඇයයි.
යෙහංසා රශ්මිණී තියඹරාව…දෙ
න්න දැවැන්ත අත්පොලසන් හඬක්
නිවේදක තරුණයා යටිගිරියෙන් බෙරිහන් දෙනවා.යෙහංසාට පුදුම තරම් සතුටුයි.යෙහංසා රතුපාට හැට්ටෙකුයි සුදු පසුබිමේ රතු මල් වැටුණු චීත්තෙකුයි ඇඳලා හිටියෙ. කොණ්ඩෙ අරලිය මලක් ගහලා ..යෙහංසාට වඩා සතුටු පොඩ්ඩාට. ඇයි ඉතින් හෙට ඉඳලා ටීවී බලන්න පුළුවන්නේ.පොඩ්ඩා උඩ පනිනවා. යෙහංසාට සාටකේ කිරුළ පැළන්ඳුවා.විහංග ෆුල් ස්පීඩ් එකෙන් ජීප් එක අරං ඇවිත් පිට්ටනියේ නතර කළේ එතකොට.
විහංග දැක්කා විතරයි රන්දු ඉස්සරහට ආවා .ඒත් විහංග යකා වගේ ජීප් එකෙන් බැහැලා රන්දුවත් තල්ලුකරගෙන සෙනග අතරින් ඉදිරියට ගියා .කොල්ලා නිල් ඩෙනිමට කළු ටී ෂර්ට් එකක් ඇඳලා. කේන්තිය උපරිමයි. ස්ටේජ් එකට විහංග ගොඩ වෙලා ඉස්සරහට එන හැටි දැක්කම යෙහංසා අතේ තිබ්බ මල් පොකුර නිකංම බිම වැටුණා.විහංගගෙ මූණ හොඳටම කළු වෙලා. ඒ උමතු ඇස් වල වියරුව තවත් වැඩිවෙලා .
ගමේ හැමෝම තුෂ්නිම්භූත වෙලා බලන් හිටියා.යෙංහසා ළඟට ආව විහංග යෙහංසාව දෝතට ගත්තෙ කෙල්ලට උඩක් බිමක් හිතාගන්න බැරි වෙද්දි. කෙල්ලගෙ ඔටුන්න බිම වැටුණා..යෙහංසාව උස්සගෙන ස්ටේජ් එකෙන් බහින විහංගට කවුරුවත් මොකුත් කියන්න නාවෙ මේ වලව්වෙ පොඩි පුතා කියලා දැක්ක නිසා. යෙහානුත් හොඳටම බය වෙලා. පොඩ්ඩාට කතා කරගන්නවත් පනක් තිබ්බෙ නෑ.රන්දු ඇස් නළලේ තියාගෙන බලන් ඉද්දි විහංග ජීප් එක ළඟට ගිහින් රන්දු දිහා බලලා ඇස් වලින් ඉඟි කළා.යෙහංසා ගොළු වෙලා බලං හිටියේ මේ වුණු ලැජ්ජාව දරාගන්න බැරුව.විහංගගෙ ඉඟිය තේරුම් ගත්ත රන්දු ඉක්මණට ජීප් එකේ දොර ඇරියා.
යෙහංසාව සීට් එකේ තිබ්බ විහංගගෙ මූණ දිහා කෙල්ල ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා. මොහොතකට දෙන්නගෙ දෙනෙත් යාවුණා.විහංගගෙ වියරු බැල්මට යෙහංසා පිච්චිලා ගියා.විහංග දඩාස් ගාලා දොර වැහැවෙ ලොක් එකත් දාලමයි. ඒ සද්දෙටයි යෙහංසා පියවි සිහියට ආවෙ.විහංග ජීප් එක ස්ටාර්ට් කළේ මුළු ගමක් බලාගෙන ඉද්දි. අවුරුදු කුමාරි එක්ක වලව් පුතා රැගත් ජීප් එක දූවිලි වලාවක් ඉතුරු කරලා ඈතට වේගෙන් ඇදෙන හැටි රන්දු වගේම හැමෝම බලන් හිටියේ විස්සෝපයෙන්.
**********
අනේ ගජේ.. මොකක්ද දෙයියනේ මේ උනේ ?
ප්‍රියංගා කවිච්චියේ උඩට කඩන් වැටුනේ මහ හඬින් කෑ ගහගෙන. ගජවීර් අත් දෙක පිටිපස්සට කරගෙන බලන් හිටියට වෙනදා තියෙන ඒ ප්රතාපවත් බැල්ම මූණෙ තිබුණෙ නැහැ.නිමේශ්ට වෙච්ච දේ විශ්වාස කරන්න බෑ.
වලව්වේ පුංචි මහත්තයා අවුරුදු කුමාරිව උස්සලා.
ගමේ තැන් තැන් වල අත්තටු ලැබිලා පියඹලා ගිය පණිවිඩේ වලව්වට ගෙනාවෙ සාරධා..වලව්වෙ ඈයො දිනිතිගෙ ගෙදර රෑ කෑමට ගිහින් රෑ නමයට වලව්වට ගොඩ උනා විතරයි. විහංග දිනිතිලාගෙ ගෙදර එනවා කියලා වලව්වෙන් පිටවුණාට එහෙ නාපු එකට ගජවීර් මග දිගට බැන බැන ආවෙ.
මහීපාලට එන්න කියනවා නිමේශ්. මේ දැන්ම වලව්වට
ගජවීර්ගෙ හඩේ දෝංකාරෙට වෙවුල වෙවුල නිමේශ් මහීපාලට කෝල් එකක් ගත්තා.
අර මෝඩ යකාගේ ෆෝන් එක වැඩ නැද්ද තවම
නෑ අප්පච්චි.
ප්‍රියංගා නොනවත්වා අඬනවා. හතර විලි ලැජ්ජාවේ මේක කොහොම ඉවසන්නද? මහීපාල වලව්වට එන්න කලින් නාලිනී ජගත් එක්ක වලව්වට පය තිබ්බා. වලව්වේ ඇත්තෝ බොහොම කලබල උනේ වුණේ එතකොට
අනේ හාමු මහත්තයා අපේ කෙල්ල මෙහෙට අරන් ආවද
නාලිනී පොළොවේ හැපී හැපී අඩනවා…ගජවීර් ප්‍රියංගා දිහා බැලුවා.
ආන්ටි.. ඔයාලා කලබල වෙන්න එපා. වාඩි වෙන්නකෝ
නිමේෂ් හැදුවෙ තත්වය සන්සුන් කරන්න.
දොස්තර මහත්තයා කලබල වෙන්න එපා කියන්නේ ඇයි? අපෙ කෙළී තවම ගෙදර ආවේ නෑ ..මොකක්ද මේ කරන්න යන අපරාදෙ
ජගත් සද්දෙට කතා කරන ගැමියෙක් නෙවෙයි.ඒත් අද කතා කරනවා .මහීපාල වලව්වට ගොඩ උනේ එතකොට .මහීපාලටත් හැමදේම ආරංචි වෙලා තිබ්බේ.
මහීපාල… මොකද්ද මනුස්සයෝ මේ වුනේ? මං ලඟදි තමුසෙගෙන් ඇහැවා නේද අපේ හාදයා කොහොමද ඔෆිස් ආවම ඉන්නේ කියලා ? තමුසේ කිව්වා නේද ඉඳලා හිටලා ඇවිත් යනවා විතරයි කියලා. වෙලාවකට ඔක්කොටම බනිනවා විතරයි කියලා
ගජවීර් ගිගිරුවේ වලව්ව දෙවනත් වෙන්න
ඔව් සර්
එහෙනම් කොහොමද මෙහෙම වුනේ
මහීපාලටත් හිතාගන්න බෑ. මොකද මහීපාල ඉන්න තැන විහංග යෙහංසාට සලකන්නෙ හතුරෙක්ට වගේ.යෙහංසාටත් විහංගව පෙන්නන්න බෑ.චමූ විතරයි දෙන්න අතර මොකක් හරි හොරයක් තියෙනවා කියලා දැනගෙන හිටියෙ. ඒත් වලව් පුතාට බය නිසා චමූ මීක් ගෑවේ නෑ.
සර්… ඔෆිස් එකේදි යෙහංසා මිසීට කෑගහනවා පුංචි සර් වැඩවලට. මටත් හිතාගන්න බෑ.
මහීපාල කිව්වේ ඇත්තටම. මහීපාල ඉස්සරහ මිස් යෙහංසා කියලා කතා කරන විහංග තනිකරම හැසිරුණේ ඔෆීසියල් විදියට
මොකද්ද අයිසෙ මේ. එදා කොළඹ කොන්ෆරන්ස් එකට යද්දී එක කෙල්ලෙක් එක්කගෙන අපේ කොළඹ ගෙදරට ගිහින්. අද… ශික්.. මේකා කොහේ ගියාද
මහීපාලගේ ඇස් පුදුමෙන් මහත් වුණා.
කොළඹ.. සර් පුංචි මහත්තයා එදා කොළඹ ගියේ යෙහංසා මිසී එක්කනෙ.
ගජවීර් ප්‍රියංගා දිහා බැලුවේ ගිණි පිටවෙන ඇස් වලින්.
පේනවා නේද තමුන්ගේ පුතාගෙ කෙරුවාව .. ඒ කෙල්ලත් මොකක්ද මේ නටලා තියෙන නාඩගම.ලොකු පුතත් එක්කත් සම්බන්ධයක් තිබුණා නේද ?
නිමේෂ් කරකවලා අතඇරියා වගේ.යෙහංසා මෙහෙම කරයි කියල නිමේශ්ට විශ්වාස කරන්න බෑ .
ජගත්.. පේනවා නේද වෙලා තියෙන දේ? තමුන්ගෙ දුවව අපෙ එකා බලෙන් අරන් ගිහින් නෑ මේ තියෙන කරුණු කාරණා හැටියට. මොකක් උනත් වලව් පෙලපතක නොවන ලේලියෙක් මේ වලව්වට ගේන්නේ නෑ. ඒක මං විහංගටත් සිංහලෙන් පැහැදිලි කරලා තියෙන්නේ. තමුන්ලට දැන් යන්න පුළුවන්
නාලිනී ජගත් එක්ක එලියට බැස්සා..මහීපාලත් ඒ එක්කම එළියට ආවා.
මොකක්ද මහීපාල මහත්තයා මේ උනේ.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අන්තිමේදි අපේ කෙලීද වැරදි
නාලිනී පාරට බැහැලා කඳුලු පිහ දැම්මා.
මටත් හිතාගන්න බෑ.. දෙන්නා අතර එහෙම දෙයක් තියෙනවා කියලා මට දැනුනේ නෑ
පොඩි එකා කිව්වෙ අක්කා ව උස්සගෙන ගියා කියලා. ටීවී එක ඕනේවටයි කෙල්ල තරගෙට ගියේ. දැන් පොඩි එකා බෙරිහන් දෙනවා ටීවී එකේ එපා අක්කාව ඕනේ කියලා
දැන් ඕවා කියලා වැඩක් නෑ නාලිනී. මං ඕවට යනකොටම කිව්වා. කොහෙද උඹලා මං කියන දෙයක් කනකට ගන්නවද ?
මං කිව්වෙ නෑනේ. ඒක හිතුවක්කාරි .අන්තිමේදී මොකක් උනත් දරුවෙක් වැරැද්දක් කළාම අම්මට විතරයි දෝසෙ
හා හා දැන් ඉතින් උඹලා දෙන්නා විරසක වෙලා හරි යනවද ?
අපි පොලිසියටවත් යන්ද ඒයි
නාලිනී ඇහැවෙ සැකෙන්
කලබල වෙලා බෑ නාලිනී. අපිට වලව්වේ ඈයෝ එක්ක හැප්පෙන්න බෑ .යෙහංසා මිසී කැමැත්තෙන් ගියා නම් අපිටමයි ලැජ්ජාව. අනික දැක්කනෙ ලොකු සර් කතා කරපු හැටි
මහීපාල කිව්වේ දුරදිග හිතලා. පුංචි සර් දඩබ්බරයා උනාට යෙහංසාට වරදක් කරයි කියලා පිළිගන්න මහීපාලගෙ හිත ඉඩ දෙන් නෑ. ඒත් එදා ෆැක්ටරි එකේ වැඩ කරන මනුස්සයෙක්ට විහංග පහර දෙද්දී විහංගව කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණේ යෙහංසාට විතරයි කියලත් මහීපාල ට එක පාරටම මතක් උනා.
අපි හෙට වෙනකල් බලමු. දැන් ගෙදර යන්න ඔයාලා
ඈතට ඇදෙන යුවළ දිහා මහීපාල බලන් හිටියේ කණගාටුවෙන්
දරු දුක උහුලන දෙමව්පියෝ හැමතැනම
************
මොකක්ද රන්දුවො උඹ මේ කරපු පාහර වැඩේ. විහංග ගැන දන්නේ නැතුවද ඔය වගේ ගින්නක් ඇවිලුවේ.
සශේන් ඔළුවේ අත ගහගත්තෙ රන්දුගෙ අවුරුදු කුමාරි විස්තර විචාරෙ අහලා
ෂිට්. මං හිතුවෙ නෑ. මට හිතුනෙ මං දැනගෙන නොකියා හිටියම විහංග මගේ එක්ක රණ්ඩු කරයි කියලා.
දැන් කොයි එයාලා
දෙයියො දනී බං
ගමක් ඉස්සරහා මේ වලව්කාරයා කෙල්ලෙක් උස්සපු හැටි
තුෂාන් ආවෙ ඒ වෙලාවේ
මචංලා අපේ ලොක්කා වැඩේ ගොඩ දාගෙන නේද?
තුෂාන්ගෙ මූණෙ තිබ්බේ පැණි හිනාවක්.
අපි මේ රැවුල ගිනි අරන් දඟලනවා.උඹ සුරුට්ටු පත්තු නොකර ඉන්නවා තුෂාන්.
සශේන් රැව්වා.
ඇයි බං උඹලා අප්සෙට් එකේ
උඹට තේරෙන්නේ නැද්ද චමූ.. යෙහංසා අරන් ගියාට කසාද බඳින්නේ නෑ. කාටවත් නොදැනෙන්න ඇරන් ගියා නම් අවුලක් නෑ ..දැන් ගමක් බලන් ඉද්දි අරන් ගියේ.. පොලිසියටත් ආරංචි ඇති දැන්
සිරාවටම මට ඒක කල්පනා උනේ නැහැනේ.විහංග මට කතා කරලා හවස අපේ පරණ ගෙදර යතුර ඉල්ල ගද්දිවත් මට හිතුනෙ නෑනේ ඕක.
මොකක්? යතුර ඉල්ල ගත්තා
රන්දු පුදුම වුණා.
ඔව් බං..
එහෙනම් ෂුවර් එකට එහේ ඇත්තෙ.
ඒ වත්ත පාලුයි ගොඩක්
මොකද අපි කරන්නේ යමුද එහෙනම්
මේ මහ රෑ උඹට පිස්සුද ?
සශේන් රන්දුට කෑගැහැවා.
උඹ කෙල්ලව උස්සන් යන්න පාර හදලා දැන් මොකට කූරු ගහන්න යනවද? විහංග ඕන එකක් කර ගත්තාවේ. උගෙ පිස්ටල් එකේ උණ්ඩ තියෙනවා.දැන් ඕකා ඉන්නවා ඇත්තේ යකා වෙලා .නිකං මොකටද අපි උගෙ උණ්ඩ නාස්ති කරන්නේ
සශේන් කිව්ව පාර යාලුවෝ දෙන්නා නිහඬ වුණා.විහංගට තරහ ගියහම යාලුවෝ පේන්නෙත් නෑ කියලා කට්ටියම අත්දැකීමෙන් දන්නවා.
********
විහංග කළු පාට ටී ෂර්ට් එක ගලවලා විසික් කලා. කොල්ලගෙ රත්තරන් මහත චේන් එක බෙල්ලෙ දිලිසෙනවා .යෙහංසාව තුෂාන්ගේ පරණ මහගේ ඇතුළෙ කාමරයකට දාලා ලොක් කරලා විහංග එලියට ගියෙ යෙහංසාගෙ විලාපෙ ගණන් නොගෙන. ඒ ගිහින් ආයෙ ගෙදරට එද්දි රෑ දහයාමාරයි. යෙහංසා ඇඳේ පෙරළීගෙන හිටියේ අඬලා අඬලා හෙම්බත් වෙලා. විහංග කාමරයට ආපු සද්දෙට ඇහැරුණු කෙල්ල විහංගගෙ ස්වරූපෙ දැකලා ඇඳෙන් නැගිටලා පස්සෙන් පස්සට ගියා.
විහංග ට්‍රවුසර් එකේ බෙල්ට් එකත් ගලවලා බිමට දැම්මා.තවමත් රතු පාට හැට්ටේයි රතු මල් වැටුණු සුදු පාට චීත්තෙයි ඇඳලා ඉන්න යෙහංසාගේ ඔළුවේ අරලිය මල පරවෙලා. ඒත් වැටිලා නෑ.
යෙහංසාගේ රූපය රස විඳින විහංගගෙ මුහුණට සරදම් හිනාවක් එන හැටි යෙහංසා බලන් හිටියේ හිතෙන් විදව විදව.යෙහංසා දන්නෙම නැතිව බිත්තියට හේත්තු වුණා.විහංග හුස්ම වැටෙන දුරින් නැවතිලා අත්දෙක බිත්තියට තද කරගෙන යෙහංසාව මැදි කර ගත්තා.යෙහංසා ඇස් පියාගෙන හිටියේ ඊළඟට උදා වෙන්න නියමිත අඳුරු මොහොත ගැන හිත හිත .විහංගගෙ වියරු ඇස් වල දිස්නෙ දරාගන්න බැරුව යෙහංසා තදින් ඇස් පියාගත්තා.
යෙහංසා ඇස් අරිනවා
විහංග රහසින් මිමිණුවා.
මගේ දිහා බලනවා.
යෙහංසා ඇස් ඇරියා. අඬලා අඬලා රතු වෙලා තියෙන ඇස්…ජීප් එකේ එනකල් විහංගට බැන බැන සාප කර කර අඬ අඩ ආව ඇස් වල හිමිකාරි. විහංග හෙමිහිට කෙල්ලගෙ කොණ්ඩෙ ගහලා තිබ්බ අරලිය මල ගලවලා අතට අරගෙන කෙල්ලගේ ඇස් ඉස්සරහම පොඩි කළා.
යෙහංසාට ඉකි බිදුනා. ඒ එක්කම කෙල්ලෙගෙ දෙතොලට විහංගගෙ දෙතොල් පහස දැනුනා.විහංගගෙ සුසුම් නොසන්සුන් වෙලා රුදුරු උනේ යෙහංසාගෙ උණුසුමට කොල්ලාගේ හිත පාලනය කරගන්න බැරි වුණු නිසා. විහංග කෙල්ලව දෝතට අරගෙන ඇඳ උඩින් තිබ්බා .යෙහංසා තමන්ගේ ගතට බර වෙන කොල්ලගෙ පපුවට දෑතින් පහර දිදී සූරන්න පටන් ගත්තා.කොල්ලා ඒ දෑත දෙපැත්තට කරලා ඇඳට තද කරගත්තා.තමන්ගේ ගෙල දිහාට දැනෙන කොල්ලගෙ දෙතොල් පහසට යෙහංසා යටිතොල හපා ගත්තා. යෙහංසාගෙ සොඳුරු වත විහංගට හැමදේම අමතක කරලා තිබ්බේ. විහංගට ඕන වුණේ ඒ පහස විඳින්න.
මේකද ඔයාගේ ආදරේ විහංග ?මේක ද ආදරේ ? ඔයා වලව් පුතෙක්මයි..ඔයා මට ආදරේ කළා නම් කසාද නොබැඳ මට මෙහෙම කරන් නෑ.
යෙහංසා ඒ වචන ටික කියා කියාගත්තෙ තමන්ටමයි. ඒත් විහංගට ඒ වචන ටික හොදටම ඇහුණා. ආදරේ …ඒ වචනෙට කොච්චර වෙනසක් ජීවිතයකට කරන්න පුලුවන්ද? තමන්ගේ අතින් ගැලවුණු යෙහංසාගෙ හැට්ටෙ ඉහළ බොත්තම විහංග ආයෙත් දැම්මෙ යෙහංසා පුදුමෙන් බලන් ඉද්දි.කෙල්ලගෙ නලලත සිප ගත්ත කොල්ලා නැගිටලා කාමරෙන් එළියට යනවා දකිද්දී යෙහංසාට දැනුනේ සැනසීමක්.
විහංග විනාඩියට කාමරේට ආවේ බෑග් වගයක් අරගෙන. යෙහංසා ඇඳේ ඉඳගත්තා.විහංග එක බෑග් එකක් කෙල්ල ලගින් තියලා තව බෑග් එකකින් ශොර්ට් එකකුයි ටවල් එකකුයි එලියට ගත්තා.
වොශ් එකක් දාගන්නවා. දාඩිය පිටින්ම ඉන්නෙ. නයිට් ඩ්‍රස් එකක් ඇති මේකේ. මං එළියෙ ලිදෙන් නා ගන්නම්. හොදට අහගන්නවා. හිතුවක්කාරකමට පැනල යන්න හැදුවොත් තමුසෙ එක්කම පවුලේ අයත් අඩි හයක් යටට යයි. දැන් මං එනකොට ඔය අවුරුදු කුමාරි සූට් එක පිටින් හිටියොත් එහෙම ඉස්සෙල්ලා නවත්තපු තැනින් පටන් ගන්නවා හරිද ?
විහංග කියද්දී යෙහංසා ගස්සලා අහක බලාගත්තා.විහංග කට කොනෙන් හිනා වෙවී එළියට ගියා.යෙහංසාට පුදුම හිතුනා. විහංග එහෙනම් ඉස්සෙල්ලා ජීප් එකේ ගියේ මේවා අරගෙන එන්න වෙන්න ඇති .අලුත්ම ඇඳුම් . යෙහංසා හිතුවේ රෝස පාට පිජාමා එක දකිද්දී.
මං අරෙහෙම කිව්වම එයා අයින් වුණා. මට තේරුම් ගන්න බෑ විහංගව. එයා හොඳ කෙනෙක් ද නරක කෙනෙක් ද? මාව අරන් ආවෙ ඇයි මෙහෙම. යෙහංසාගේ ප්‍රශ්න වලට උත්තර හම්බුන් නෑ.
*******************
යෙහංසා. එනවා කෑම කන්න
විහංග සාලෙ ඉඳලා කෑ කෑගැහනවා ඇහුණම යෙහංසා සාලෙට ආවා. විහංග ගෙනත් තිබුණෙ ඉදිඅප්ප පාර්සලයක්.කොල්ලා කෑම මේසෙ උඩ වාඩි වෙලා හිටියෙ යෙහංසා දිහා විනිවිද බලන ගමන්.විහංග හිසින් පුටුවක් පෙන්නුවාම යෙහංසා ඇවිත් වාඩි වුණා .
කවනවා ඉතින්
ආ
කන ගමන් කවනවා මටත්.
මට බෑ
යෙහංසා ගත් කටටම කිව්වා.
ඔය හිතුවක්කාරකම හින්දමනෙ එක එක ඒවා කරගන්නේ.
විහංග රැව්වා..යෙහංසා ඒ පාර පාසලේ දිග ඇරලා කවන්න පටන් ගත්තා.
තමුසෙත් කනවා. නැත්නම් හෙට උදේ කලන්තෙ දායි
විහංග හිනා උනේ අමුතුවට
ඇයි ?
විහංග මොකුත් කිව්වෙ නෑ .වතුර බෝතලේ කඩලා කෙල්ලගෙ දිහාට දිග් කළා.
විහංග
කාලා ඉවර වෙලා සාලෙ දොරකඩ ඉඳගෙන අහස දිහා බලන් ඉන්න විහංග ලගින්ම ඉදගන්න ගමන් යෙහංසා කතා කළා.
ම්…
ඕක විසි කරන්න.
යෙහංසා විහංගගේ අතේ තිබ්බ බියර් ටින් එක අරං විසි කළා.
ඇයි ජරාව බොන්නේ? නිකම් අකාලේ නාස්ති වෙන්නේ
විහංග උත්තර දුන්නේ නෑ..
ඇයි මාව මෙහෙම අරන් ආවේ.
මට ඕන නිසා
ගමක් ඉස්සරහා. මං කොහොමද හෙට ගමට යන්නේ
අවුරුදු කුමාරිට ගියේ කාගෙන් අහලද? එදා කොළඹ ගියා. අද රූපේ පෙන්නන්න ගියා.
විහංග දත්මිටි කාගෙන කිව්වේ යෙහංසා දිහාට වියරු බැල්මක් හෙලලා.
මං එදත් ඉවසුවා.. අදත් ඉවසන්නද කියන්නේ? මොන මගුලකටද තමුසෙ අර ජරාවක් ඇදගෙන ෂෝ පෙන්නන්න ගියේ.
විහංග කේන්තිය දරාගන්න බැරුව යෙහංසාට පහර දෙන්න බැරි කමට නැගිටලා දොරකඩ තිබ්බ මල් පෝච්චියට පයින් ගැහැවා.
අසරණකමට විහංග අසරණකමට..පොඩ්ඩා ගොඩක් කල් ඉදලා කියන්නේ ටීවී එකක් අරං දෙන්න කියලා. දිනුවම තෑග්ග ටීවි එකක් නිසයි මං තරගෙට ගියේ. මට විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියලා
විහංග යෙහංසාගෙ අතින් ඇද්ද පාර කෙල්ල නැගිට්ටා.
යනවා කාමරේට. නිදාගන්නවා.. තමුසෙ හින්දා තරහා අරන් මාව පිස්සෙක් වෙනවා නැත්නම්
යෙංහසා කාමරේට ගිහින් ඇදට වැටුනා.නිදන්න උත්සාහ කලාට කෙල්ලගේ අහලකටවත් නින්ද එන්නෙ නෑ. ගෙදර මොනවා සිද්ධ වෙලා ඇතිද? වලව්ව ගිනි අරං ඇති.නිමේශ්ට මොනවා හිතෙනවා ඇතිද?
කල්පනාවෙන් හිටපු යෙහංසාට විහංග කාමරේට ඇතුළු වෙනවා දැනුනේ නෑ. විහංග ඇඳට නැගලා කෙල්ලගෙ පිටිපස්සෙන් බඳ වටේ අත දාගෙන තුරුළු කරගෙන කම්මුල් සිප ගත්තා.
ආදරෙයි මං
කොල්ලා ඒ කනට මිමිණුවා.
විශ්වාස නැද්ද මාව
යෙහංසා සීතල වෙලා ගියා ඒක අහපු විදිහට.
මොකක්ද මේ බැඳීමට දෙන නම විහංග. මොකක්ද? මං කොහොමද ඔයාව විශ්වාස කරන්නේ
අපි කසාද බඳිනවා හෙට
විහංග කියද්දි යෙහංසා කොල්ලා පැත්තට හැරුනා.
මොකක්ද ?
විහංග ඒ කම්මුල් හෙමීට පිරිමැද්දා.
ලස්සනයි
විහංග යෙහංසාගෙ දෙතොල් සිප ගත්තේ ආදරෙන්.
සර් මොකක්ද කිව්වේ
විහංගගෙ කට ඇද වුණා.
මෙච්චර වෙලා විහංග. එකපාරටම සර් වුනේ මොකද?
මොකද්ද ඔයා කිව්වේ. කසාද බදිනවා .විහිළු කරන්න එපා පුංචි මහත්තයා. ඔය වලව්කාර හයිය දුප්පත් මට පෙන්නන්න එපා.
විහංගගෙ මුහුණ අඳුරු වුණා.
දැන් මං කීවනේ කසාද බඳිනවා කියලා .දැන්වත් ඔය නාහෙන් අඩන එක නතර කරගන්න.
ඔයා බොරු කියන්නෙ.මාව ඔයාගේ තත්වෙට ගැලපෙන්නෙ නෑ කිව්වේ ඔයාමයි. අනික මං මගේ වඳ කෙල්ලෙක් කසාද බැඳගන්න පිස්සු හැදිලද ඔයාට
අන්තිම ටික කියද්දි කෙල්ලගේ හඬ බිදුනා.
මට දැන් එ්වා ප්‍රශ්න නෙමෙයි.
ඔයාව වලව්වට ගන්නෙ නැති වෙයි.
මට වලව්වෙන් වැඩක් නෑ. මට ඕනේ ඔයාව විතරයි.
විහංග පිස්සුවෙන් වගේ යෙහංසාව ඉඹින්න පටන් ගත්තා.කොල්ලගෙ නොඉවසිලිමත් සුසුම් වල බර දරාගන්න කෙල්ලට සිද්ධ වුණා .ඒත් එකපාරටම විහංග යෙහංසාගෙන් මිදුණෙ බෙඩ් ෂීට් එකත් මිරිකගෙන දත් දත්මිටි කාගෙන.කොල්ලා නැගිටලා බිත්තියට පහර දී ගෙන යන හැටි යෙහංසා බලන් හිටියේ පුදුමෙන්.
තමුන් වගේ නාස්තිකාර කොල්ලෙක් ගෙදරට වැඩකුත් නෑ. පවුලට වැඩකුත් නෑ. ගමට වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. ජාතියට වැඩකුත් නෑ. අඩුම තරමේ බදින කෙල්ලටවත් වැඩක් නැති වෙයි. කිසිම වැදගම්මකට නැති වගකීමක් නැති මනුස්සයෙක්
එදා යෙහංසා කිව්ව වදන් විෂ කටු වගේ කොල්ලගෙ හිතේ ඇනිලා තිබ්බා .මේ අවිනිශ්චිත මොහොතේ ඒ වදන් එක පාරටම හිතට ආවේ විහංගගෙ හිතේ ඇති වුණු හැම හැඟීමක්ම මරාදාලා.
විහංග ඇයි මේ… නතර කරන්න ඕක. ඔයාට තුවාල වෙයි
යෙහංසා කොල්ලගෙ අතේ එල්ලුණා. විහංගගෙ රුදුරු ඇස් වල බැල්මට යෙහංසා පස්සට විසි වුණා.
මගේ දුක සැප හොයන්නේ නැතුව තමුසෙ නිදාගන්නවා.ඔය ලොකු ඇස් දෙක මාව පිස්සු වට්ටනවා. හෙට උදේ නැගිටලා ලෑස්ති වෙනවා රෙජිස්ට්‍රාර් ළඟට යන්න
අනේ මට බෑ විහංග
විහංග කෙල්ලගේ බාහුවකින් තදින් අල්ලලා මූණට එබුනා.
මොනවද දොඩවන්නේ. තමුසේ මගේ එක්ක රැයක් එළි වෙනකම් ඉඳලා ආපහු ගෙදර ගිහින් ලෝකෙට මුහුණ දෙන්නෙ කොහොමද ?
යෙහංසා බිම බලා ගත්තා.
යෙහංසා අපි දෙන්නා අතර කිසි දෙයක් වුනේ වුණේ නෑ කියලා කවුරුවත් විශ්වාස කරන එකක් නෑ. ඒ නිසා හොඳ කෙල්ල වගේ හෙට සද්ද නොකර රෙජිස්ටර් වෙමු.
ඒත් මං වද
කිව්වනේ සැරයක් දැන්. තමුසෙ ආයෙත් ඔය වද කතාව මට ඇහෙන්න කියලා තිබ්බොත් වෙඩි තියනවා හරිද ? කොයි මගෙ ගන් එක
යෙහංසා හොර බැල්මකින් ඇස් එහෙ මෙහෙ ගෙන ගියා
ඒයි ..කියනවා… කොයි මගේ ගන් එක? තමුසෙ හැංගුවා නේද ?
යෙහංසගේ මුහුණට ආවේ දඟකාර හිනාවක්.
මං මොකුත් කළේ නෑ.
විහංග කෙල්ලව හරහට දෝතට ඇරගෙන ඇඳෙන් තියලා තුරුළු කරගෙන ඇස් පියා ගත්තා.
මාත් මොකුත් කලේ නැහැ ඕං
යෙහංසාට කිති කවන ගමන් කොල්ලා කිව්වේ යෙහංසා මහ සද්දෙන් හිනා වෙද්දි.
වලව් පුතා
විහංගට නින්ද යාගෙන එද්දී යෙහන්සා කුටු කුටු ගගා බනිනව ඇහුණා.
යෙහංසා ඇස් ඇරියෙ කුරුලු නාද ඇහෙද්දි. නුපුරුදු තැනක නුපුරුදු උණුහුමක ගුලි වෙලා ඉද්දි කෙල්ලට සිදුවුණු හැමදේම මතක් වුණා .ඊයෙ දවස ජීවිතේම වෙනස් කළා. විහංග පුදුම කොල්ලෙක්. විහංග තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද ?
යෙහංසාට තවමත් ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බවුනේ නෑ. යෙහංසා හිතාගෙන හිටියේ විහංග තමන්ව ලන් කර ගන්න හදන්නේ ආසාවට කියලා. ඒත් ඊයෙ මුළු රෑම තුරුළු කරගෙන හිටියට විහංග යෙහංසාට ළං වුණේ නෑ. කොල්ලා ඒ හැඟීම් පාලනය කර ගත්ත හැටි යෙහංසාට ගෙනාවෙ පුදුමයක්.
විහංග ඇත්තටමද ආදරේ කරන්නෙ? වලව් පුතෙක්ගෙ ඒ වගේ ආදරයක් විශ්වාස කරන්න පුලුවන්ද? එක පාරක් රැවටුණා.ඒ විහංගගෙම අයියා නිසා. ඒත් එතකොට ඒ වලව් කාරයෙක් කියලා යෙහංසා දැනගෙන හිටියෙ නෑ. නිමේෂ් එක්ක කතාබහ කළාට නිමේශ් එක පාරක් හෝටලේදි අතින් ඇල්ලූවාට විහංග එක්ක වගේ බැඳීමක් ඇතිවෙලා නෑ.විහංග ඇස් ඇරියෙ යෙහංසා නොසිතූ මොහොතක. විහංග යෙංහසාගෙ මූනට වැටිලා තිබ්බ කෙස් රොදක් ඉවත් කළා.
මොනවද ඔය හැටි බලන්නේ. වලව් පුතා හැන්ඩ්සම් කියලද?
යෙහංසා උත්තර නොදී ඇදේ ඉදගත්තා.
යන්න ලෑස්ති වෙන්න. අපි අටහමාර වෙද්දි එතැන ඉන්න ඕනේ.
විහංග ෆෝන් එක ඇරගෙන එළියට ගියා. විහංග යෙහංසාට ගානට හරියන්න ඕනේ ඇඳුම් ඔක්කොම අරං ඇවිත් තියෙනවා දකිද්දී කෙල්ලට ලැජ්ජා හිතුනා. නිල් පාට දිග ගවුම ගානට මැච්වුණා.
යෙහංසාට තවම මේ ගැන විශ්වාස කරන්න බෑ. ඇත්තටම කසාද බඳිනවා ද? ඒත් ඇයි ?මං වගේ දුප්පත් කෙල්ලෙක් එයා වගේ වලව් පුතෙකුට මොකටද ? එයා ඇත්තටම මට ආදරෙයිද ?
යෙහංසා සාලේ ඉඳගෙන ඉද්දි විහංග ජීප් එකේ යතුර අරන් යෙහංසා ලඟට ආවා.කෙල්ල පුටුවෙන් නැගිට්ටේ තවමත් මේ තමන්ගේ බොස් කියන හැඟීමෙන්.විහංගගෙ හිතේ තිබ්බෙ ලොකු බරක්. කොල්ලා මේ තීරණය ගත්තේ දවස් ගානක් කල්පනා කරලා .යෙහංසාගෙ මේ කතා කරන ඇස් අස්සේ කොල්ලා හොයන්නෙ ආදරේ…යෙහංසා නොදෙන්නෙත් ආදරේ. කෙල්ල එදා කියපු ඒ වචන ටික විහංගගෙ පපුවටම වැදුණේ විහංග වෙනම මනුස්සයෙක් කරවලා.
තව අවුරුදු ගාණකට යෙහංසාව දකින්න නොලැබෙන බව මතක් වෙද්දි විහංගගෙ පපුව හූරගෙන යන වේදනාවක් මතුවුණා.ඒත් මේ තීරණේ ගන්නම ඕනේ. ඊයෙ යෙහංසාගෙ උණුසුම විද විද හිත පාලනය කර ගත්තේ ඒ නිසා. මොකද ඊයේ දුර ගියා නම් හෙට මේ දුර ගමන යන්න බැරි වෙනවා.
විහංග සෑහෙන වෙලාවක් යෙහංසා දිහා බලන් හිටියා. යෙහංසා කවදාවත් නැතිව ඒ ඇස් වල බැල්මට වශී වෙලා බලන් හිටියා.
යෙහංසා මට දෙයක් කියන්න තියෙනවා. මං හෙට ඉඳන් ඔයාගෙන් ලොකු දුරකට යනවා. මට ආපහු එන්න හුඟක් කල් යයි. කවද්ද කියන්න බෑ.ඔයා අපි අතර තියෙන මේ බැඳීමට නමක් ඉල්ලුවා. ඒ නම අද දෙනවා මං .ඔයා මගේ වයිෆ් වෙනවා.
කවමදාකවත් අහලා නැති නිවුණු කටහඬින් තැන්පත් ස්වරූපෙන් විහංග කියද්දී යෙහංසාට විශ්වාස කර ගන්නත් බැරි තරම්
මං සැරෙන් සැරේ ඔයාට රිද්දුවා. බලපෑම් කළා. තාමත් එහෙමයි. දන්නෙ නෑ මට වුණු දේ. ඒත් මට ඔයාව ඕනේ. ආයෙ මං ඔයා ඉස්සරහට එන්නේ ඔයාගේ සිතුම් පැතුම් වලට ගැලපෙන කෙනෙක් වෙලා. ඔයා මට අකමැති ඇයි කියලා මං දැන් දන්නවා . සමහර විට එහෙම වෙන්න බැරි වෙයි මට. ඒත් මං උත්සාහ කරනවා ඔයා හිතුවේ මං ඔයා පස්සෙන් ආවෙ සෙල්ලක්කාරකමට කියලා. ඔව් …මමත් මුලින් හිතුවේ එහෙම. ඒත් යෙහංසා ඔයා ගැන මට මේ දැනෙන හැඟීම සාමාන්‍ය නෑ. ඔයා ලග ඉද්දි මං ඉන්නේ පුදුම සතුටකින්. මං තරහා අරගෙන ඔයාට බැන්නත් ඒක සතුටක් මට. වලව් පුතා කියලා ඔයා මට බනින කොට මට සතුට උපරිමයි. ඔයාගේ ඔය රතු වෙන කම්මුල් ඉඹලා මං පුදුම තරම් සතුටක් ලබනවා. මං දන්නවා ඔයාට මේවා දරන්න අමාරුයි කියලා. ඒත් මට ඔයා නැති ව බෑ. අමාරුවෙන් මේ තීරණය ගත්තෙත් ඔයා නිසාමයි.
විහංග යෙහංසාව කිටි කිටියේ තුරුළු කරගත්තා. යෙහංසා හිටියේ ෂොක් වෙලා.
වි..විහංග ඔයා කොහෙද යන්නෙ ?
අහන්න එපා
ඇ.. ඇයි
කියන්නේ නෑ මං..
ඇයි
ආදරෙයි මං.
විහංග ඒ නළල්තලේ මත දෙතොල් තද කළේ හිතට දැනෙන දරාගන්න බැරි තරම් ආදරෙන්.යෙහංසාට මේ ආදරේ නොදැනෙන්නෙ තමන්ගෙ පව්කාරකමට කියලයි කොල්ලාට හිතුණෙ.
මං නපුරු ඇති. ඔයාට නපුරුකම් කරලා ඇති. මං නරුමයෙක් වෙන්න ඇති. ඒත් මගේ ආදරේ ඇත්තක්. මං ඒක තේරුම් ගත්තෙ ලඟදි. වෙන කෙල්ලෙක් ලග නොදැනෙන හැඟීමක් මට ඔයා ළඟදි දැනෙනවා. මගේ හැඟීම් ඔයාට වදයක් වෙන්න ඇති. කරදරයක් වෙන්න ඇති. ඒත් මට මේවා කියන්නම ඕනේ. සමහර විට ආයෙ මං කවදාවත් මේ මාතෘකාව කතා කරන එකක් නෑ.
විහංග යෙහංසාගෙ මුහුණ දෝතට ගත්තා. යෙහංසාගෙ දෑස කඳුලින් කඳුළින් තෙත් වෙලා .විහංගගෙ දෙතොල් වල උණුසුම කම්මුල් වලට දැනෙද්දි යෙහංසා ඇස් පියාගෙන කවදාවත් නැතිව අද ඒ උණුසුම වින්දෙ ආසාවෙන්.යෙහංසාගෙ දෑත ඉන වටේ පැටලෙද්දි ඒ දෑත පිට පුරා යද්දි… ඒ ලැබුණු අනුබලය එක්ක විහංග තව තවත් කෙල්ලව තදින් තුරුලු කර ගත්තේ ආයෙ මේ උණුහුම කවදාවත් විඳින්න බැරි වෙයි කියන හැඟීමෙන්.
යමු බබා තව හිටියොත් මට මොනවා වෙයිද දන්නෑ
යෙහංසාට කෑ ගහලා අහන්න ඕන වුණා විහංග මේ වෙනස් වෙලා ඉන්නේ ඇයි කියලා. ඒත් යෙහංසා හිටියේ ගොලුවෙලා. කොල්ලගෙ පපුවේ හදගැස්ම යෙහංසාට ඇහෙනවා. මේ ආදරේ ඇත්තක්මද?
යමු
එකපාරටම යෙහංසාව අතහැරලා දාලා කොල්ලා ඉවතට ගියා.