කොල්ලගෙ ඔලුව පුපුරන්න වගේ
අහස්‍යා..මොකක් වුණත් දැන් අහස්‍යාව අතඅරින්න බෑ.අසරණ කරන්න බෑ..ගගුල් එළියට එනකොට අහස්‍යා නෑ.
මං ගෙදර යනෝ..ලව් යූ ඩාලිං..හවස එන්නම්
..ඩැඩී එනවා අද
අහස්‍යා පොඩි කොළ කෑල්ලක ලියලා තිබුණා.
ගගුල් ඒ කොලේ විසි කළා.. කොල්ලා කෙලින්ම ආවෙ නිදුලිගෙ සොහොනට.. නිදුලිගෙ සොහොන් කොත ළඟ දණ ගහගෙන ගත්ත කොල්ලගෙ ඇස් වලින් කඳුළු කැට බේරෙනව..
මට සමාවෙන්න නිදූ.. මං ඔයාට ද්‍රෝහි වුණා..අසිහියෙන් වුණත් මං අහස්යට ලංවුණා.. ඒ ඇස් ඔයාගේ වගේමයි … දැන් මේ පුංචි කෙල්ලගෙන් මිදෙන්න මට බෑ…ඒක දැනෙනවා.. මං එයාට ඔයාට වගේම ආදරෙයි.. ඔහු පිස්සුවෙන් වගේ ආදරෙයි… මං මුල ඉඳලම එයාව රිජෙක්ට් කලා.. ඒත් එයා මාව අත්හැරියේ නෑ.. එච්චර කාලයක් නෑ.. ඒත් හොඳටම ලං වුණා.. නිදු මට සමාවෙන්න
ගගුල් එදා දවසම කෑමක් බීමක් නැතිව සොහොනට වෙලා හිටියා . මහ රෑ මහ වැහි වැටුනා..අකුණු ගැහැවා .. ඒත් කොල්ලට වගක් නෑ ..ඉදගෙන හිටියා.
ගඟුල් ගඟුල් නැගිටින්න …
අහස්‍යා හොටෙල් එකට ගියාට කොල්ල හිටියේ නෑ .බලන් ඉඳලා බැරිම තැන මෙතෙන්ට ආවෙ නිකමට වගේ..
ගගුල්..
කෙල්ලත් හොදට තෙමෙනවා .
අහස්‍යා . තමුසේ ඇයි ආවේ..
මට ඕනේ නිසා.. යමු.. නැගිටින්න.
මට බෑ
නපුරා එහෙනම් මං යනවා ක්ලබ් එකට ආයුෂ් ඇති ඇවිත් ..
ගඟුල් කෙල්ලෙක්ගෙ අතකින් ඇද්දා..
මැරෙන්න ඕනේද.. ආයෙ ක්ල්බ් යන් නෑ…
කොට ඇදුම් අදින්න නෑ.. මං ආයුෂ් ගැන බලා ගන්නම්..
අහස්‍යා හිනා උනා.
. ඒ කියන්නේ අපි මැරි කරනවා
ඔව්..
අහස්‍යා එක්ක ගඟුල් ආයෙත් ආවෙ හොටෙල් එකට.. ගඟුල් කෙල්ලව ගෙදර දාන්න හැදුවට කෙල්ල කැමති වුණේම නෑ..අහස්‍යා බලෙන්ම ගගුල්ට කැව්වෙ ..කොල්ලා බඩගින්නෙ කියලා තේරුණු නිසා ..
දැන් මං කෑවානෙ.. යමු ඔයාව ඩ්‍රොප් කරන්නම්
බෑ මං අදත් ඉන්නවා
පිස්සු වැඩ කරන්න එපා අහස්‍යා ..
කොල්ලගෙ ගෙල වටේ අත දාගෙන අහස්‍යා දෑසට එබුණා
තමුසෙගෙ කිසිම හැදියාවක් නෑ
කමක් නෑ
ගඟුල් ඒ මුදු වත අතගෑවා..
පස්සේ මට දොස් කියන්න එපා
.. ගඟුල් ඒ දෙනෙත් හෙමින් සෙමින් සිප ගත්තා..
අහස්‍යා ගගුල්ගේ ජීවිතේම කොටසක් වුනේ දවස් තුන හතරක් ඇතුළත.. ගගුල් ගේ හිතේ නිදුලි හැමදාම ජීවමානයි ..අහස්යගෙ ලංවීම ගගුල්ටත් අදහන්න බෑ..
අහස්‍යා එක්ක ගඟුල් ඔහේ ඇවිදිනවා.. කෙල්ල තවමත් ලාමකයි ..පොඩි එකෙක් වගේ.. කඩවල් ගානේ ඇවිද ඇවිද විසිතුරු බඩු එකතු කරනවා.. එක එක කෑම ජාති ඉල්ලනවා
පාරේ ඔහේ ගගුල්ගේ අතේ එල්ලිලා කියව කියව යනවා..
ගඟුල් ඔයා අපෙ ඩැඩාව මීට් වෙන්න එනවද
යමු අද අද වුණත්
අද එපා වෙන දවසක..
ඩැඩී දුව මට දෙන එකක් නෑ ..මට kidnap කරන්න වෙන්නෙ..
ඒ මොකටද.. මං පැනලා එනවනේ
අහස්‍යා තමුසේ නම් හැදෙන්නේ නෑ.. ඔය කට නම් ..
අහස්‍යා මහ සද්දෙන් හිනා උනා
අහස්‍යා
අහස්‍යා ආපහු හැරුණේ ඒ හඬ ආපු පැත්තට..
අහස්‍යා හොඳටම බයවුණා.. ගඟුල් ගේ ඇසුත් ඒ දිහාට යොමුවුණා
රනුක
ගඟුල්ට රනුක අඳුරගන්න අමාරු උනේ නැහැ.. ඒ වගේම රනුකටත්.. දෙන්නම ශොක් උනා..
රනුක දුවගෙන ඉස්සරහට ඇවිත් ගගුල් ගෙ කොලර් එකෙන් අල්ල ගත්තා
මොකක්ද මිනිහෝ මේ නටන නාඩගම .නිදුලි මැරුණු නිසා උඹ මගේ දුවව අල්ලගත්තද
අහස්‍යාගේ ඇස් උඩ ගියා ..
ඩැඩී කොහොමද ගගුල් ව අඳුනන්නේ
අහස්‍යා නඟිනවා කාර් එකට.. මමා ඇති කාර් එකේ
ඩැඩා
අහස්‍යා මගේ යකා අවුස්සන්න එපා . යනවා
රනුක ගොරවපු පාර අහස්‍යා ගස්සගෙන කාර් එකට ගියා..
එතකොට උඹ.. මගේ දරුවගෙන් ඈත් වෙලා ඉන්නවා . හොඳින් කියන්නේ.. අහස්‍යා ගැන එක එක ආරංචි ආවට මං හිතුවෙ නැහැ මෙහෙම දෙයක් ..අහස් යව මං ඉක්මනට ආයුෂ්ට බන්දනවා..
රනුක යන හැටි කොල්ලා බලන් හිටිය.. ගගුල්ට මේක හිතාගන්න බෑ.. ඒ තරමට ශොක් වෙලා..
අහස්‍යා රනුකගෙ දුව වෙන්නෙ කොහොමද..
කොහොම වුණත් උනත් මට අහස්ය ඕනෙ..
ගඟුල් සරනෙ හොයාගෙන ගියා..
ගඟුල් ගේ හැඩි වුණු ඉරියව් දැකලා සරණෙට හිතාගන්න බැරි වුණා .. ගඟුල් කියන ඒවා ඔක්කොම සරණෙ අහගෙන හිටියේ පුදුමෙන්..
මං මේ ගැන හොයලා බලන්නම් ..බොස් මොකුත් අවුලක් හිතන්න එපා . බොස් විවේක ගන්න .
ගඟුල් ආයෙත් හොටෙල් එකට ආවා.. කොල්ලට දැනුනේ පුදුම පාලුවක් අහස් යට කෝල් කරන්න මතක් උනේ එතකොට.. ෆෝන් එක ගද්දිම අහස්‍යා අඬනවා.
අනේ ගඟුල් .
අහස්‍යා තමුසෙ මාගේ.. තමුසේ මගේ .
අනේ ගඟුල් ඩැඩා මැරෙනවා කිව්වා.. මං ආයුෂ් බදින් නැත්නම්.. මට ඔයා ලඟට එන්න බැහැ
අහස්‍යා තමුසෙට පිස්සු හැදිලද ..මාව පිස්සෙක් කරන්නද හදන්නේ
..
දන්නවද මං කොච්චර ආදරේද කියලා
අනේ ගඟුල්
තමුසෙ මට මොකටද ලං උනේ.. මාව අතරමං කළේ ඇයි.. මගේ හුස්ම ටික තමුසෙ දැන්.. නිදුලි ගේ මතකෙත් එක්ක ජීවත්වුණු මාව මෙහෙම දුකකට ඇදලා දැම්මේ ඇයි .
අනේ මට සමාවෙන්න ගගුල්..ඩැඩා ෆෝන් එකත් ගන්නවා කිව්වා ..අනේ..
තමුසේ හදන්නේ මාව පරණ ගඟුල් කරන්නද ආයෙත
අහස්‍යා ෆෝන් එක කට් කරා.. ගඟුල් අතේ තිබ්බ තිබුණු ෆෝන් එක පොළවේ ගැහුවා.. කොල්ලට මේක ඉවසන්න බෑ..
පහුවදා හවස සරනෙ හොටෙල් එකට එනකොටත් ගඟුල් ඊයේ ඇඳුම පිටින්ම බිම ඉඳගෙන හිටියා..
මොකද මේ..බොස්..
සරණේ උඹ ආවද ..
බොස් ඩීටේල් ලැබුණා .. මේක මහ පුදුම කතන්දරයක් ..නිදුලි මිස් මැරිල අවුරුද්දකින් තමා අහස්‍යා ඉපදිල තියෙන්නෙ.. රනුක කැත්රිනා එක්ක ඇවිත් ලංකාවට.. නිදුලි මිස් මැරුණට පස්සේ… අහස්‍යා පොඩි කාලෙම ලංකාවේ තියලා ඒ දෙන්නා ආයෙත් රට ගිහින්.. සැරෙන් සැරේ ඇවිත් බලල ගිහින්..
සරනෙ.. ඇයි බං ඒකි මගෙ පස්සෙන් ආවෙ මේ හැටි
මටත් ඒ ගැන සැකයක් තියෙනවා බොස්.. අපේ නෝනා දන්න තැනක් තියෙනවා ..අපි එහෙට යමුද ..උපාසක මහත්තයෙක් .ඔය වගේ කාරණා ගැන පැහැදිලි කරනවා.
මට තේරෙන්නෙ නෑ බං
කොහොමහරි සරනෙ එක්ක උපාසක මහත්තය හිටපු වන අරණට ගියපු ගඟුල්ට අහන්න ලැබුණේ මහ පුදුම කතාවක් .
උපාසක මහත්තයා භාවනානුයෝගීව ඉඳලා ඇස් ඇරියෙ ගඟුල් දිහා එක එල්ලේ බලා ගෙන.. බොහොම ශාන්ත දාන්ත පින් පාට උත්තමයෙක්
ඒ දරුවා එදා මියගියාට ඔබව දාලා ගිහින් නෑ පුතා .ඔබ ලගට ආයෙත් එන්න විදියක් හොයද්දි යම් අපැහැදිලි හේතුවක් නිසා ඒ දරුව ජීවත් වුණු තැනම උප්පත්තිය ලබලා.. ඔබ ගැන ඒ දරුවාගේ හිතේ සෙනෙහසක් තියෙන්නෙ ආත්මගත බැඳීමක් නිසා..