ඔය ඇස් දෙක මාව පිස්සු වට්ටනවා අහස්‍යා..මට ඔය ඇස් දැක්කම මහ බයක් දැනෙන්නෙ ඇයි
ගගුල් හිතුවෙ මහ රෑම දියතලාවෙ යන ගමන්..කොල්ලා කලින් තීරණේ කරලා තිබ්බෙ එදා රෑ කොළඹ හොටෙල් එකක නැවතිලා පහුවදා යනවා කියලා..ඒත් අහස්‍යා නිසා ඒ තීරණේ ක්ෂණිකව වෙනස් කළා.
ගගුල්ගෙ හිත අවුල් වෙලා තිබ්බෙ ..අහස්යාගෙ හැසිරීමටවත්..අහස්යාගෙ රූපෙටවත්..අහස්‍යා කියපු දේවල් වලටවත් නෙවෙයි..ගගුල් බයවුණේ ඒ ඇස් දෙකට..
කොල්ලා එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් කොණ්ඩෙ අනිත් අතින් පීරගත්තා.ඔලුවත් පුපුරන්න වගේ..
නිදුලි..නිදුලි…මෙච්චර දවසක් සන්සුන් වෙලා තිබ්බ මනස..අද වංචල වෙලා..
නෑ..නිදූ..මං ඔයාගෙ විතරයි..කාටවත් බෑ..මගෙ හිත හොල්ලන්න..අයි ප්‍රොමිස් යූ..මැරෙනකල් මං ඔයාගෙ විතරමයි.
අහස්‍යා..මොකෝ..හනී මේ..
රෝස්මරී..අහස්යාගෙ ආච්චි ගෙට ගොඩ වෙලා ඒ ඇදුම පිටින්ම ඇදේ වැතිරිලා කොට්යෙක් බදාගෙන ඉන්න අස්යාගෙන් ඇහැවෙ පුදුමෙන්
හනී..වට්ස් රෝංග්
ඔයාට සනීප නැද්ද..අද ක්ලබ් ගියෙ නැද්ද?
මොකද ආච්චි දන්නවා අහස්‍යා මේ වෙලාවට වෙනදා ඉන්න තැන
නෑ මම්මා..
ඒක හොදයි..දැන් ඕවා නවත්තන්න වෙයි. ඩැඩී ලංකාවට ආවම ඔයාගෙ සෙල්ලම් ඉවරයි.
අනේ මම්මා..අද විතරයි ගියෙ නැත්තෙ.හෙට යනවා
හනී..ඔයත් ඔයාගෙ මමා වගේ..ඩැඩී කියන දෙයක් කනකට ගන් නෑ..
මමාත් එනවද මම්මා..
එයි එයි..
එහෙනම් මට අවුලක් නෑ..මං මමාත් එක්කම ක්ලබ් යනවා..
බලං ඉන්න..ඩැඩීගෙන් හම්බුවෙයි හොද කෑමක් දෙන්නටම
අහස්‍යා මෝඩ හිනාවක් පෑවා.
.ඩැඩී එන්න කලින් ගගුල්ව යාළු කරගන්න ඕනෙ..
කෙල්ල හිතුවෙ සංතෝසෙන්..අහස්‍යාට රෑ පුරා මතක් වෙන්නෙම ගගුල්..මෙච්චර කල් අහස්යාගෙ හිතේ හිටපු සිහින කුමාරයා..හැමදාම හීනෙන් පෙනුන රූපෙ.
.ඒත් කවදාවත් ඇහැරෙනකොට ඒ දැකපු මූණ මතක නෑ..ඒත් අද අහස්‍යාට විශ්වාසයි ඒ ගගුල් කියලා.
ගගුල්..ගගුල්..අයි ලව් යූ..ඔයා මාව පිස්සු වැට්ටුවා..එක දවසට ..එක මොහොතකට.
අහස්‍යා..උඹට ලැජ්ජා නැද්ද..අර සරණෙ අන්කල් අපිට ගහලා පන්නයි.
තිහාරාගෙ බැනුම් අහස්‍යා කනකට ගත්තෙ නෑ.
ආ..මේ අපෙ දුවගෙ යාළුවො නේද
සරණෙ අහස්‍යා දැක්ක ගමන් වාඩිවනේන කිව්වා.
කෙල්ලො දෙන්නා හිනා වෙලා ඇඹරෙනවා..තිහාරා නම් ලැජ්ජාවෙ පණ යන සයිස්..
අන්කල්..මේ… මං කෙලින්ම කාරණාව කියන්නම්කො..
මට මිස්ටර් ගගුල්ව මීට් වෙන්න ඕනෙ.
සරණෙ අහි බැමි ඉස්සුවා
ඇයි
මට එයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා..එයා කොහද ඉන්නෙ දැන්
බොස් ගියානෙ දුව
කොහෙද
ආපහු දියතලාවෙ.
ඊයෙ රෑම
ඔව්..මට මැසේජ් එකක් දාලා තිබුණා.
අනේ එහෙන්ම එයාගෙ ෆෝන් නම්බරේ දෙන්නකො අන්කල්.
සොරි දුව..බොස් කැමති නෑ ඒකට..ඒත් ඇයි එයා ගැන හොයන්නෙ.
මොකද මං එයාට කැමති නිසා.
අහස්‍යා සෘජුව කියද්දි සරණෙ බොහොම කලබල වුණා
පිස්සුද ළමයො..බොස් කොච්චර වැඩිමල්ද..අනික බොස් කවදාත් නිදුලි මිස්ව අමතක කරන්නෙ නෑ..බොස්ගෙ ජීවිතේ ඒ.
නිදුලි
අහස්‍යා පුදුම වුණා
නිදුලි කියන්නෙ එයාගෙ ගර්ල්ද
ඔව්..
එයා නැතිවුණේ කොහොමද
එයාට බ්ලඩ් කැන්සර් එකක් තිබුණා.
ගගුල් බොස් නිදුලි මිස් එක්ක පුදුම ආදරේකින් හිටියෙ බොස්ගෙ ජීවිතේ වෙනස් කලේ නිදුලි මිස්.
ඒ කිව්වෙ
දරුවො..ඔය විකාර අදහස අතඅරින්න..බොස්ට පාඩුවේ ඉන්න දෙන්න..ඔයාලා දන්නෙ නෑ ගගුල් බොස් කියන්නෙ කවුද කියලා ඇත්තටම
අහස්‍යා ඇස් හීනි කළා.
කවුද
ගගුල් බොස් මීට අවුරුදු ගාණකට කලින් පාතාලෙම හොල්ලගෙන හිටියෙ..නම කිව්වත් මිනිස්සු බයයි.හැබැයි මිනී මරලා නෑ.බොස්ගෙ දකුණු අත මං..බොස් ගැන මං තරම් දන්න වෙන කෙනෙක් දැන් නෑ..නිදුලි මිස් නිසයි බොස් වැරදි මාර්ගෙන් අයින් වුණේ..බොස්ව අල්ලගන්න කවදාවත් පොලිසියට බැරිවුණා
..මිස්ගෙ මරණෙන් පස්සෙ මිස්ගෙ වචනෙ නිසාම බොස් පොලිසියට බාරවුණා..
නිදුලි මිස්ව හම්බුනේ කොහොමද ..මට ආසයි ඒ ස්ටෝරි එක දැන ගන්න
අහස්යාගෙ වදෙන් බේරෙන්න බැරිකමට සරණෙ ඒ අතීත කතාව අහස්‍යාට කිව්වා.
අහස්‍යා සරණෙගෙ ගෙදරින් එළියට බැස්සෙ ලොකු අරමුණක් හිතේ තියාගෙන
ගගුල් එදත් පුරුදු විදහටම නිදුලි එක්ක ඇවිදපු කෝච්චි පාර දිගේ හෙමීට ඇවිදගෙන ගියා..හවස කෝච්චිය එනවා පෙනුනු නිසා කොල්ලා අයින් වෙලා බලං හිටියා.ස්ලෝ කරලා ස්ටේශන් එකේ නවත්වන්න යන කොච්චියේ එක් මැදිරියක හිටපු අහස්‍යා ඔලුව දාලා කෑ ගැහැවෙ ගගුල්ව දැක්ක ගමන්..
අහස්‍යාට සතුට නිමක් නෑ..මෙච්චර ඉක්මණට ගගුල්ව හොය ගන්න පුළුවන් වෙයි කියලා කෙල්ල හිතුවෙ නෑ..මම්මාගෙ බලවත් විරෝදෙ මැද අහස්‍යා දියතලාවෙ ආවෙ නිවාඩුවකට කියලා.
ගගුල්..හායි..
ගගුල් ඒ සද්දෙට කෝච්චිය දිහා බැලුවෙ පුදුමෙන්.ගගුල්ට හිතාගන්න බෑ
අර කෙල්ල නේද..ඒකි මොනවද මෙහෙ කරන්නෙ..
ගගුල් ආපිට හැරිලා රේල් වේ එකෙන් ඉවත් වුණා..
සෙනඟ අතරේ කලබලෙන් බැහැගත්තු අහස්‍යා ගගුල්ගෙ සිහියෙන් ආපු නිසා බෑග් එකත් අමතක කරලා..
ඔහ් නෝ..මගෙ බෑග් එක
අහස්‍යා ආයෙත් කෝච්චියට නැග්ගා
ඒ පමාවෙන් එළියට ඇවිත් රේල් වේ එක පැත්තට දිව්වට අහස්‍යාට ගගුල්ගෙ සේයාවක්වත් දකින්න ලැබුණෙ නෑ..
අනේ..කොයි එයා..මං දැක්කෙ මායාවක්ද?මටත් පිස්සුනෙ..හැමතැනම පේන්නෙ ගගුල්..
අහස්‍යා ඔලුවට මහපට ඇගිල්ලෙන් තට්ටු කළා.
කලින්ම බුක් කරපු හොටෙල් එකට කෙල්ල ගියේ වීල් එකක
ගගුල් ඉහළ මාලෙ ඕපන් කොටසේ හාන්සි පුටුවක ඉදගෙන එක තරුවක්වත් නැති හිස් අහස දිහා බලං හිටියා..රාත්‍රී අහස වගේම ගගුල්ගෙ ජීවිතෙත් අන්ධකාරෙ ගිලිලා..
මට හොල්මන් පේනවද?අර කෙල්ල ඇත්තටම එතන හිටියද?
ගගුල් දෝතින්ම මූණ වහගත්තා.
අහස්‍යා..උඹට ඔල්මාදෙ..උඹව සයිකො ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනෙ..අර ආයුෂ් උඹ නැතුව මෙතන වැළලෙන්න හදනවා
තිහාරාගෙ කටහඩ ෆෝන් එකෙන් එද්දි අහස්‍යා හොටෙල් රූම් එකේ ටීවි එකත් දාගෙන කෑම කනවා.
තිහා..මං එයාව දැක්කා තිහා..රේල් වේ එකේ හිටියා එයා
හොල්මනක් වෙන්න ඇති..උඹ තනි පංගලමෙ ඔහොම යන්නෙ..බය නැද්ද අප්පා..
නෑ..මයි හීරෝ ඉන්නවනෙ..මං හොයා ගන්නවා එයාව
උඹ ආයුෂ්ට කැමති වෙයං අහස්‍යා..ඒ කොල්ලා ඊයෙ උඹ නෑ කියලා සෑහෙන්න ඇඩුවා
ෂික් ..අඩන කොල්ලොන්ට මං කැමති නෑ..මගේ ගගුල් වගේ ගණං උස්සද්දිනෙ හලෝ මෙහෙම මැරීගෙන ට්‍රයි කරන්න හිතෙන්නෙ
චී අහස්‍යා..උඹ කෙල්ලෙක් නේද?
අහස්‍යා හිනා වෙවී ෆෝන් එක කට් කළා..කෙල්ලට ඕවා වගක් නෑ..අම්මා සුද්දියක් නිසා අහස්යාත් ඒ ආරෙට ඉන්නෙ.
ගගුල් පහුවදා හවසත් රේල් වේ එක දිගේ ඇවිද්දෙ පුරුද්දට..
ගගුල්..මං හිතුවා හරී..යේ..
පිටිපස්සෙන් ඇහුණු කෑ ගැහිල්ලට ගගුල් හැරිලා බැලුවා
කොට ඩෙනිම් ගවුමක් ඇදගෙන ගගුල් දිහා බලාගෙන කෝචිච පාර දිගේ දුවගෙන ආපු අහස්‍යා ගෙ කකුල පැටලිලා එතනම ඇදගෙන වැටුණේ කොල්ලා රවාගෙන බලං ඉද්දි.
ඊලග අකුණට
පරණ කතා ඒ ලෙස තිබුණාවේ…
මතක අස්සෙම ඇය සිටියාවේ.. පුංචි ඉඩක් මේ මට ලබුනාවේ…
මගේ අහසට නුඹ හඳක් වුනාවේ…. කඳුළු නොදී මම නුඹ රැකගන්නේ…
දැන් නම් නුඹ කොටසකි මගෙ දිවියේ…
මහ ලොකු පරතර ඔහේ තිබුණාවේ….
සසරේ පුරා නුඹ මගෙම උනාවේ…
අහස්‍යාගෙන්
Dushanthi perera
කතෲ අවසරයකින් තොරව කොපි කිරීම වෙනත් ගෲප් වල පළ කිරීම තහනම්
අකුණු