I love ගගුල්.. ඔව් මං එයාට ආදරෙයි .. ආදරෙයි
තිහාරා බිබී හිටපු තේ එක ඉස්පොල්ලෙ ගියා
අහස්යා එකපාරටම කිව්ව දෙයින් තිහාරා ශොක් වුණා
අහස්යා පිස්සුද ..ඒ පාර නටන්ඩ හදන නාඩගම මොකක්ද
තිහාරා මං ඇත්තටම කියන්නේ මං ගඟුල්ට කැමතියි .. කොහොමද එයා.. මාර හැන්ඩ්සම් නේ
අහස්යා මේ උඹමද කතා කරන්නේ ..එයා අංකල් කෙනෙක්..උඹමනෙ කීවේ නාකියි කියලා
නෑ …ඒ උනාට එහා මං එයාට කැමතියි
අහස්යා පිස්සු නටන්න එපා අදමයි දැක්කෙ
තිහාරා මට එයාගෙ විස්තර හොයාගන්න ඕනේ සනු අක්කිගේන් ඇහැවා නං කියයි නේද
අහස්යා සනුට කෝල් එකක් ගන්න ගමන් කීවා ..ඒත් සනු ගෙ ෆෝන් එක වැඩ නෑ
අයියෝ ෆෝන් එක වැඩ නෑනේ
වැඩ කර යිද.. උන් දෙන්න හනිමුන් ගියා විතරනේ.. උඹට මොළේ අමාරුවක්
සනූ අක්කිලා නැවතුණේ රීජන්ට් හොටෙල් එකේ නේද?
ඒයි අහස්යා..දැන් උඹ කියන්න යන්නෙ ඒ හොටෙල් එකට යමු කියලනම් මම නම් එන්නෙ නෑ..
උඹ එනවාමයි..
.
අහස්යා තිහාරාවත් බලෙන්ම ඇදගෙන එයාගෙ ස්කූටරේට නංගගත්තා..මග දිගට තිහාරා බනිනවා.දැන් රෑ වීගෙනත් එනවා..
අහස්යා උඹට මොකද වෙලා තියෙන්නෙ..උඹ අද ක්ලබ් යන් නැද්ද?
ආයුෂ් බලං ඇති.
.ආයුෂ්ට තරු පෙන්නන්නම් මං..ගගුල් තමයි මයි හීරෝ..
උඹට එක පාරටම මොකද ගගුල්ට හිත ගියේ..
මං දන් නෑ..ඒ ඇස් දෙක දැක්කම මට මොනවදෝ වුණා..
මොකක්ද ළගදි බලපු ෆිල්ම් එක..
තිහා කෑ නොගහා එනවද?
කෙල්ලො දෙන්නා සනූ නැවතිලා හිටපු හොටෙල් එකට එනකොට හයහමාරයි..
මගදි අහස්යා රතු රෝස මල් පොකුරක් ගත්තෙ තිහාරා කටත් ඇරගෙන බලං ඉද්දි.
අහස්යා හොටෙල් එකට ගිහින් රිසෙප්ෂන් එකට කියපු කතාව ඇහුවම තිහාරාට හිනාව නවත්තගන්න බැරිවුණා..
මිස්..අද ආපු හනිමුන් කපල් එක සනූ කියලා මිස් කෙනෙක් ඉන්නෙ මොන රූම් එකේද? අපි එයාගෙ යාලුවො..අපිට සර්ප්රයිස් එකක් තියෙනවා මේ…
ඒත්
ප්ලීස් මිස්..අපි මේක දුන්නා ආවා..
රිසෙප්ෂන් එකෙන් රූම් නම්බරේ කිව්වම අහස්යා තිහාරා එක්ක රුම් එක හොයා ගෙන ගියා
උඹට පිස්සු අහස්යා..සනූගෙ හස්බන්ඩ් අපෙ ඔලුව කයි..
තිහාරා කුටු කුටු ගගා බනිනවා
ආනේ..අහස්යා..ඔයාලා
සනූ දොර ඇරියෙ පුදුම හතෙන් එකක් දැක්කා වගේ
හායි සනූ අක්කි. අපි ආවෙ මේ මල් බොකි එක දෙන්න
සනූ හොදටම පුදුම වෙලා
අක්කි අයියා කෝ
එයා වොශ්රූම් නංගා
එහෙනම් හොදයි
මොකක්?
අක්කි ප්ලීස් හෙල්ප් මී
අහස්යා සනූගෙ අතට මල් පොකුර දීලා අතින් අල්ල ගත්තා
කියන්න නංගා..
අක්කි ගගුල් එයා කොහෙද ඉන්නෙ..අයි ලව් හිම්..මට දැන්ම එයාව මීට් වෙන්න ඕනෙ..
සනූට තරු පෙනුනා..මොකද්ද මේ වුණේ..සනූ දන්නවා අහස්යා අමුතුම ජාතියෙ කෙල්ලෙක් කියලා..
. කොච්චර කොල්ලො යාලු වෙන්න ඇහැවත් අහස්යා කාවවත් ගණං ගත්තෙ නෑ කියලත් සනූ හොදටම දන් නෑ.
සනූ අක්කි මේ අහස්යාට පිස්සු මං කිව්වට වැඩක් නෑ..
තිහාරා කිව්වෙ කළ කිරීමෙන්..
එන්නකො ඇතුලට
බෑ බෑ.. කියන්නකො අක්කි
නංගා..ගගුල්..අපෙ තාත්තිගෙ බොස් ..මං කිව්වෙ..මං ද්නන විදිහට එයා මැරි කරලා නෑ..එයාගෙ ගර්ල් මැරිලා අසනීප වෙලා..ගොඩක් ඉස්සර..තාමත් එයා ඉන්නෙ තනියම. එයා ඒ ගර්ල්ට ගොඩක් ආදරේ කරලා..මං අහගෙන තාත්ති දවසක් අම්මි එක්ක කියනවා.එහෙම ආදරයක් දකින්න ලැබෙන්නෙ කලාතුරකින් කියලා.
ගගුල් ඉන්නෙ දියතලාවෙ..මගෙ වෙඩින් එකට ආවෙ..
අනේ..ඒ කියන්නෙ එයා දියතලාවෙ යන්න ඇතිද?
තවම නෑ මං හිතන්නෙ.. අම්මි කීවා එයා අද ඒ ගර්ල්ගෙ සොහොන ළගට යයි කියලා.
අහස්යා සොහොන තියෙන තැනත් අහගෙන ආපහු හැරුණෙ ජයග්රාහී මූණෙන්
අහස්යා..මට බෑ සොහොන් ගාණෙ එන්න..මාව මගින් දාලා යනවා.
තිහාරා අහස්යා මොකුත් කියන්නත් කලින් කීවෙ යාළුවාගෙ හැටි දන්න නිසා.
ගගුල් නැගිට්ටෙ දැන් ගොඩක් රෑ වෙලා නිසා..නිදුලිගෙන් සමු අරං සෙමෙට්රි එකේ ගේට් එක දිහාට ගියා..එක පාරටම ගගුල් දැක්කෙ ගේට් එක ළග හිටගෙන ඉන්න යුවතියක්.
හොල්මනක්ද?
නෑ. ඕහ් ගෝඩ්..මේ අර කෙල්ල නේද?
ගගුල් ඔලුව දෙපැත්තට වැනුවෙ අප්රසාදයෙන්.තවමත් අහස්යා වගේම ගගුල් ඉන්නෙ වෙඩින් එකට ඇදපු ඇදුම් පිටින්මයි..අහස්යා මේ කලබලේ ගගුල්ව හොයාගෙන ආවෙ එයාගෙ ක්ෂණික තීරණේ දැනුම් දෙන්න
සොහොනෙ වෙන කවුරුවත් නෑ.
ගගුල් පාඩුවෙ යන්න හැදුවා..ඒත් අහස්යා ගගුල්ගෙ අතක එල්ලුණේ ගගුල්ගෙ ඇස් කේන්තියෙන් රතුවෙද්දි
අයි ලව් යු ගගුල්
අහස්යා ගගුල්ගෙ මූණටම එබිලා අඩ අදුරෙදි කිව්ව ඒ දෙයින් ගගුල් ඇස් හීනි කරලා කෙල්ල දිහා බැලුවා..විදුලි පහන් වල ආලෝකයෙන් මුළු සොහොනෙම සොහොන් කොත් පේන්නෙ අවතාර වාගේ..මේ වාගෙ වෙලාවක..මේ වගේ තැනක ආදරේ ප්රකාශ කරන මේ පුංචි කේලල ගැන ගගුල්ට දැනුනෙ මහ විකාර හැගීමක්
මොකක්?හහහහහ්හා..
ගගුල් ඈත් වෙලා හයියෙන් හිනාවෙන්න ගත්තෙ අහස්යාව ගගුල්ට තවත් බැදෙද්දි..ඒ කඩවසම් හිනාව එළියට පැන්නෙ අවුරුදු ගාණකට පස්සෙ..
ගගුල්ට මේක විහිළුවක්..ඒ එක්කම නිදුලිව මතකෙට නැගෙද්දි ගගුල් හිනාව ගිලගෙන අහස්යාගෙ මූණට එබුණා.
පිස්සුද හැටිද ?මගෙන් ඈත් වෙලා ඉන්නවා..තමුසෙට යහපතක් වෙයි..
ගගුල් දත්මිටි කාගෙන කියලා ඉවත් වෙලා යන්න හැදුවා..ඒත් අහස්යා ගගුල්ගෙ හැඩි දැඩි අතක එල්ලුණේ කොල්ලාගෙ අත මිට මෙළවෙද්දි
මං දන්නවා ඔක්කොම ඔයා ගැන..මට ඒවා ප්රශ්න නෙවෙයි.. අතීතෙ වැඩක් නෑ මට.
ගගුල් ආපහු හැරුණා.
මොකද්ද නම කිව්වෙ
අහස්යා
අහස්යා..මේක හොදට අහගන්නවා..අතන සොහොනෙ නිදාගෙන ඉන්නෙ මගෙ ආදරේ..මගෙ පපුව මැරෙනකල්ම පිරිලා තියෙන්නෙ ඒ ආදරෙන් . එයාගෙ ආදරේ මට කිසි අඩුවක් තිබුණෙ නෑ..
තමුසෙ තවම පුංචි කෙල්ලෙක්..බොරුවට ජීවිතේ නාස්ති කරගන් නැතිව තමුන්ගෙ වයසට ගැලපෙන කොල්ලෙක් හොයා ගන්නවා.තමුසෙගෙ දාංගලේ කොහොමත් වැඩියි.මං නිසා තමුසෙ බේරෙයි ..වෙන එකෙක් නම් මෙලෙහකටත් තමුසෙව කොහෙට හරි ඇදගෙන ගිහින්
ඉතිං ඔයත් ඇදගෙන යන්නකො..
අහස්යා ගගුල්ගෙ මූණට ළං වෙලා කියද්දි ගගුල් ඔලුවෙ අත ගහගත්තා
..මේකිට මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවා..සයිකො ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නම් හරි
ගගුල් හිතුවෙ එහෙම
අහස්යා ෂට්අප්..බලනවා දැන් ගොඩක් රෑ වෙලා..තමුසෙ මොන ජාතියෙ කෙල්ලෙක්ද?
මට ඕනෙ ඔයාව ගගුල්..
අහස්යා ගගුල්ගෙ බෙල්ලෙ එල්ලුණේ ගගුල්ට තවත් තුරුළු වෙන ගමන්
කෙල්ලෙක් හින්දා මං ඉවසන්නෙ අහස්යා අයින් වෙනවා.
ගගුල් අහස්යාව තල්ලු කරලා ගේට් එකෙන් එළියට ගියා
මිස්ටර් ගගුල්..ඔයා මගෙ හස්බන්ඩ් වනවා කවදා හරි.. අපි බබාලා තුන් දෙනෙක් හදමු..අයි ලව් යූ..
අහස්යා කෑ ගැහැවෙ සොහොනෙ නිහඩබව බිදිමින්.
ගගුල් කට කොන ඇද කරගෙන ජීප් එකට නැග්ගා.මෙහෙම පිස්සු හෝන්තුවක් දැක්කමයි.
ඊලග අකුණට
හිතුවේ නුඹ බියෙන් හැකිලෙයි කියා මන්…..
ඒ නිසයි අබියෝග ගෙන ආවේ මන්….
අන්තිමේ භය උනේ නුඹ නෙවෙයි මන්…
මිහිරි මී පැණි වගේ
හරිම හරි ආදරෙන්….
ඒ ලෙසට නුඹ ගැයුවේ කා වෙනුවෙන්….
නුඹේ දෙනෙත් කොහේ හෝ පෙමින්…
නතර වී සිටියා දුටුවානෙ මන්….
ඒ කවුරු වෙනුවෙන්ද ගැයුවේ එලෙසින්…
ඒ හඬින් වශී වෙලා මේ මන්…..
අහස්යාගෙන් ගඟුල්ට
Dushanthi perera
එදා වගේමයි අදත් මතකයන්
හිත පතුලේ රැදිලා…
ගැයූ ගීතයන් ඔබ වෙනුවෙන්මයි