අකුණු – 03 කොටස

ලේඩීස් ඇන්ඩ් ජෙන්ග්ල්මන්ට් ..මේ අයි හෑව් යුවර් ඇටෙන්ෂන් ප්ලීස්..

අහස්යා මූණ පුරා හිනා වීගෙන ඩාන්සින් ෆ්ලෝ එක ළග ඉන්න මියුසික් ග්රූප් එකෙන් මයික් එක ඉල්ලගෙන අනවුස් කලේ හැමෝගෙම අවධානෙ තමන් වෙතට යොමු කරගනෙ..

තිහාරා සනූ දිහා බැලුවෙ සනූත් තිහාරා දිහා බලද්දි.සනූ හිතුවෙ මේ කෙල්ලන්ගෙ සර්ප්‍රයිස් එකක් කියලා.

අද අපේ ලව්ලි බ්‍රයිඩ් සනූ අක්කිගෙ ලයිෆ් එකේ හැප්ම ඩේ එක..ඉතිං..සනූ අක්කි වෙනුවෙන් සර්ප්‍රයිස් එකක් අපි ගානෙ නම් නෙවෙයි..

ගගලුගෙත් අවධානෙ ඒ දිහාට යොමු වුණේ ඒ හඩට

..අර කෙල්ල.

.ගගුල් අහක බලාගත්තෙ මේකි නම් පුදුමු විසේකාරියක් කියලා හිත හිත

සනූ අක්කි වෙනුවෙන් මේ ගීය ගැයෙන්නෙ ඔහුගේ ආදරණීය හඩින්..පිළිගන්න අපේ බොස් ගගුල්..

ගගුල් සන්ග්ලාස් එක ගලවලා අහස්යා දිහා බැලුවා..

මේකිට පිස්සුද?

ගගුල්ගෙ මූණ කෝපෙන් කළු වුණා.

අහස්යා ගගුල් දිහා බලන් ඉන්නවා..

එන්න මිස්ටර් ගගුල්..සනූ අක්කි වෙනුවෙන් ඔබේ රොමෑන්ටික් හඩින් සුභ පැතුමක් දෙන්න..ලස්සන සෝන්ග් එකක්ක කියන්න..මේක පොඩි චැලේන්ජ් එකක්

සරණෙ සනූ ගාවට ගියේ කලබලෙන්

දෝණි..ඒ කවුද?

තාත්ති..ඒ මගේ යුලුවෙක්..ඒ කෙල්ලො ඔහොම තමයි තාත්ති පිස්සු වැඩ කරන්නෙ

ඒ වුණාට මේක හොද දෙයක් නෙවෙයි

තාත්ති සොරි මං දන් නෑ

කමක් නෑ දෝණි.

සරණෙ විජහට ගියේ ගගුල් ළගට..

බොස්..සොරි බොස්..මේ අපෙ දුවගෙ යාළුවො ..පිස්සු කෙල්ලොනෙ..

ගගුල් එක එල්ලෙ බලං හිටියෙ අහස්යා දිහා

කමොන් මිස්ටර් ගගුල් දැට්ස් ද වැලේන්ජ්.

.

බොස් සොරි මං කතා කරන්නම්..

සරණෙ යන්න හැදුවෙ අහස්යා ගාවට

සරණෙ..

ගගුල් සරණෙව නැවැත්තුවා.

ගගුල් ඉස්සරහට යන හැටි සරණෙ බලං හිටියෙ ඇස් නළලෙ තියාගෙන.අහස්යාත් සතුටින් ඉපිළි ඉපිලි බලං හිටියෙ ගගුල්ට සිංදු කියාගන්න බැරුව චාටර් වෙන හැටි බලන්න.

ගගුල් අහස්යා ළගටම ඇවිත් කෙල්ලගෙ ඇස් දිහා කෙලින් බලාගෙන හිට ගත්තා..අහස්යා කොච්චර ලොකු කමට හිටියත් ඒ ඇස් දිහා බලද්දි කෙල්ලගෙ ඇස් නිකම්ම බිමට යොමු වුණේ ඒ ඇස් වල තිබ්බ වෛරය දරන්න බැරුව.

ගගුල් ඒ එක්කම මියුසික් ග්රූප් එක ළගට ගිහින් ගිටාර් එකක් අරගෙන පුටුවක් ඇදගෙන වාඩිවුණා.

අහස්යාගෙ ඇස් පුදුමෙන් මහත් වුණා..

අවුරුදු ගානකට පස්සෙ ගගුල් ගිටාර් එකේ කෝඩ්ස් ඇල්ලුවා..ඒ මතකය හිතට වද දෙනවා…ගගුල්ගෙ අතින් නාද රටා මැවුණේ එදා නිදුලිට ඇහුණු ඒ ගීතයේ..

මගෙ ජීවිතේ …සොදුරේ ඔබ පමණයි

.නෑ යන්නෙ හැරදා මා කිසිදා

සදු මිලින වෙලා ..

තරු නෑ අද මගෙ ලෝකේ..බොදවී

පැතුමන්..මා හඩවා..

ගැස්සෙන ඔය හදේ රිද්මයේ

සද්දෙට තුරුළු වී සැනසුනේ

.සුන්දර සිනහවක පැටලුනේ

සුරගන ඔබද මා සුරතලී.

අහස්යා බලං හිටියෙ විශ්වාස කරන්න බැරුව..හැමෝම ගීය රස වින්දෙ ආසාවෙන්..ගගුල්ගෙ හඩ හරිහ මිහිරියි..ඒත් ඒ මිහිරියාවෙ කැටැවුණු වේදනාව දැනගෙන හිටියෙ සරණෙ විතරයි.

ගගුල්ගෙ ඇස් ඉස්සරහා මැවිලා හිටියෙ නිදුලි..ගගුල් ඒ ගීය කිව්වෙ නිදුලිට..

නිදුලිගෙ ඒ ආකර්ෂණීය හිනාව දිහා බලාගෙන ගගුල් ගීය ගයනවා..අහස්යා හිටියෙ ඒ හඩට වගේම ඒ රුවටත් වශී වෙලා..තිහරාට කිව්වට නාකියි කියලා..දැන් නම් අහස්යාට ගගුල්ව පෙනුනෙ තරුණයෙක් වගේ..ඇත්තටම ගගුල්ගෙ තිබ්බෙ අවුරුදු තිස් පහක විතර පෙනුමක්.

වාව්..එක්සලන්ට්..

ගගුල් සිංදුව ඉවර කළාම අහස්යා කෑගැහැවා..හැමෝගෙම අත් පොලසන් මැද ගගුල් නැගිටලා අහස්යා ළගට ඇවිත් ගිටාර් එක කේලලගෙ අතට දීලා අහස්යා දිහාට වියරු බැල්මක් හෙලලා එතනින් යන්න ගියේ අහස්යා තුෂ්ණිම්භූතව බලං ඉද්දි..

ගගුල් ගෙනාපු සුදු රෝස මල් පොකුර නිදුලිගෙ සොහොන් කොත උඩ තිබ්බා..කොල්ලා හෙලුවෙ දීර්ඝ සුසුමක්.ගගුල් බිම දණ ගහගෙන සොහොන් කොත දිහා බලං හිටියා.

සුදු කොඩි මද සුළගට තවමත් එහෙ මෙහෙ ලෙලදෙනවා…සුසාන භූමිය තවමත් ඒ විදිහමයි.අවුරුදු ගානක් ගත වෙද්දි සුසාන භූමියේ සාමාජිකයො ගාණ වැඩි වෙලා ..එච්චරයි වෙනස..

සමාදානයේ සැතපෙන මේ තැන නිහඩයි නිසලයි….අදත් ඒ සීතල ගගුල්ව වෙලා ගන්නවා.

නිදුලි…

ඒක ආත්මීය බැදීමක්..ගගුල්ට ඒ මතකෙන් මිදෙන්න බෑ..කොල්ලා හවස් වරුවම නිදුලිගෙ සොහොන ළග ඉදගෙන හිටියා.රෑ වීගෙන එද්දි ගගුල් එතැනින් සමුගත්තා.

ගගුල්..ගගුල්…

රොනී හිනාවුණේ වියරුවෙන්..අවුරුදු විස්සකට පස්සෙ රොනී හිරෙන් නිදහස් වුණා.දඩුවම් කාලෙ ඉවර වෙනකල් රොනී හිටියෙ ඇගිලි ගැන ගැන

රොනී මහත්තයා..

රොනීගෙ දැන් ළගම හිතවතා නිමල් රොනීට ළං වුණා

නිමල්…උඹට තවම මතකයි මාව

රොනී මහත්තයා කරපු උදව් අමතක නෑ..

නිමල්…කොයි ඌ

කවුද

ගගුල්..මාව හිරේ යවපු ඒ යකා කොයි දැන්

මං දන් නෑ මහත්තයා..

නිමල්..මගෙ ජීවිතේ එක අරමුණයි දැන්…ගගුල්..ගගුල්ගෙන් මං මේකෙ පළිය ගන්නවා..ඌ දන් නෑ රොනී ගැන..එදා මට තිබ්බෙ ඌවත් මරලා දාන්න..ඒත් මං ඌව බේරලා ජීවිතේ දුන්නා..ඌ මට කලේ එසේ මෙසේ ද්‍රෝහි කමක් නෙවේ..මං ඌට හොද පාඩමක් උගන්නනවා..නිමල්..ගගුල් ගැන හොයනවා..

හරි මහත්තයා

රොනී බාගෙට වැවුණු රැවුල් කොට පිරිමැද්දා.

ඊලග කොටසට

ඉස්සරම නුඹ ළඟදී..

දඟ කළත් මං ගොඩක්..

නුඹ නැතුව මහ කලක්…

නිශ්චලයි තනිව මන්…

ජිවිතේ නුඹේ මතක එක්කමයි දැන්…

විටෙක නුඹේ මතකයන්

දවයි මා අළු කරන්…

මුළු හිතම වෙලාගෙන…

දඟ කරයි නුඹේ සුසුම්…

සොඳුරු ඒ මතකයන්…

සනසවයි මා නිතින්…

අනේ ආයෙත් ඇවිත්…

සනසපන් මගේ සුසුම්…

Dushanthi perera

කොපි කිරීම තහනම්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!