මං හොට් නේ? පිස්සු වැටෙනවා නේ?
අහස්‍යා දකුණු අත ඉනට තියලා කොණ්ඩෙ ගස්ස ගස්ස ටිකක් ඇදවෙලා අමුතු ඇක්ෂන් එකක් දැම්මා.
ගගුල් සන්ග්ලාස් දාගෙන රවාගෙනම ආයෙත් අවධානෙ ෆෝන් එකට යොමු කළා.
අහස්යාගෙ මූණ හැකිලුණා..
ඒත් අහස්‍යා කියන්නෙ ලේසියෙන් පරාජය භාර ගන්න කෙල්ලෙක් නෙවෙයි.ඇත්තටම අහස්‍යාට වයස අඩු වුණාට තිබුණෙ අවුරුදු විසි දෙකක වාගෙ පෙනුමක්. අහස්යාගෙ අම්මා පිටරට..තාත්තා ලංකාවෙ..ඒ නිසා අහස්යාගෙ පෙනුම අමුතුයි..බටහිරට හුරුයි.. ආකර්ෂණීයයි..සුන්දරයි..කෙල්ලට ප්‍රේමාරාධනා නිමක් නෑ.
වැඩිපුරම හිටියෙ යාළුවො විදිහට කොල්ලො..ඒත් අහස්‍යා හැමෝම ආශ්‍රය කලේ ගාණට
හායි ..අයිම් අහස්‍යා..නයිස් ටු මීට් යූ..
අහස්‍යා ඒ පාර ගගුල්ට අත දිග් කළා. ඒත් ගගුල් ඒ අත දිහා බලලා ආයෙත් අවධානෙ ෆෝන් එකට යොමු කළා.
අහස්‍යා හැරිලා තිහාරා දිහා බැලුවා..
තිහාරා වැඩේ බලාගෙන..තිහාරා දිව දිග් කරලා අහස්‍යාට ඇද කළා.
අහස්‍යා ගස්සලා ගගුල් දිහාට හැරිලා ළඟ තිබුණු පුටුවෙන් වාඩිවෙලා කොල්ලගෙ අත බලෙන්ම අල්ලගෙන හිනාවෙලා ඇහැක් ගැහැවා. ගගුල් අහස්‍යා දිහා බැලුවෙ මොකුත් හිතාගන්න බැරුව..කොල්ලගෙ මූණ තරහෙන් කළු වුණේ ක්ෂණිකව.
අහස්යාගෙ අත අත ඇරලා දාපු ගගුල් පුටුවත් මහ සද්දෙන් තල්ලු කරගෙන නැගිටලා එළියට යන හැටි අහස්‍යා බලං හිටියෙ පුදුමෙන්..
ගගුල් ආවෙ එළියෙ බැල්කනි එකට..බැල්කනි එකේ අත්වාරුව අල්ලගෙන කොල්ලා ඒ අත දිහා බලං හිටියෙ අප්‍රසන්න හැගීමකින්.
.නිදුලි විතරක් ඇල්ලුව මේ අත අද වෙන කෙල්ලෙක් ඇල්ලුවා..ඒ කෙල්ල මේ අත අල්ලද්දිම දැනුනෙ කරන්ට් එක යනවා වගේ හැගීමක්..ගගුල්ට තමන් ගැනම පුදුම තරහක් දැනුනෙ.
මට ඒකිගෙ කනට එකක් ගහන්න බැරිවුණානෙ..ෂිට්..නැහැදිච්ච කෙල්ලො.
.ගගුල් දත්මිටි කෑවා.
අහස්‍යා තාමත් ගල් ගැහිලා බලං ඉන්නවා..ඒ අතේ උණුසුම අහස්‍යාව වෙනම හීනලෝකෙකට අරං ගිහින්….තත්පර කිහිපයක් වුණත් අහස්‍යාට දැනුනෙ ඒ කල්පයක් වගේ
අහස්‍යා..
මොකද වුණේ උඹට..පළවෙනි පාරට නේද එච්චර රෙස්පෙක්ට් මෑන් කෙනෙක් දැක්කෙ
තිහාරා ළගට ඇවිත් පිටට ගහනකොටයි අහස්‍යා මේ ලෝකෙට ආවෙ..
ආ….තිහාරා…
මොකද මෑන් කිව්වෙ
තිහාරා ඇහැවෙ සරදම් හිනාවක් මූණෙ රදවගෙන.
අහස්‍යාට දැනුනෙ වස ලැජ්ජාවක්..ඇයි ඉතිං කවදාවත් වෙච්චි දෙයක්ද මේ..
තිහාරා..උඹ මට නෝන්ඩියට හිනාවෙන්නෙ..උඹ නිසානෙ මං පොරට කතා කළේ.
දැක්කද එයා කොච්ර වැදගත්ද? උඹව සත පහකට ගණං ගත්තෙ නෑ..මයි හීරෝ..
තිහාරාට ඕන වුණේ කෙල්ලව ටිකක් අවුස්සන්න
උඹ හිතාගෙන හිටියෙ උඹ ඇහැක් ගැහැවම ඕන කොල්ලෙක් පස්සෙන් එනවා කියලනෙ..ඇද්ද උඹට..උඹව ගණං නොගන්න කොල්ලොත් මේ ලෝකෙ ඉන්නවා.උඹට හොද වැඩේ..
අහස්යාගෙ මූණ කෝපෙන් කළු වුණා..අහස්‍යා නැගිටලා ගගුල් ගිය දිහාට ගියේ වෙඩිල්ල වගේ..
නිකිතා මොකද මේ..නැගිටින්න..මිනිස්සුත් බලනවා.
සරණෙ තමන්ගෙ ඉස්සරහා වැද වැටෙන ආදරණීය බිරිදව නැගිට්ටවගෙන ඔලුව අතගෑවා..
සරණෙ අයියා..ඔයාට පිං..ගොඩක් පිං..අද මගෙ දුව ලස්සන මනමාලියක් වෙලා..මට මේ සතුට දරාගන්න බෑ..
නිකිතා..ඔයාගෙ විතරද දුව…. මගෙත් දුව ඒ..
වෙන කෙනෙක්ගෙ දරුවෙක් වෙලත් ඔයා කවදාවත් වෙනස්කමක් කලේ නෑ..මගෙවත් දුවගෙවත් හිත වචනෙකින්වත් බැල්මකින්වත් රිද්දෙව්වෙ නෑ..
නිකිතා කිව්වෙ අතීතෙ මතක් කරගෙන..
නිදුලිගෙ මරණෙන් පස්සෙ ගගුල් පොලිසියට බාරවුණාට පස්සෙ දවසක් සරණෙ ගගුල්ව බලන්න ගිහින් එනකොට මගදි දැක්කෙ ගෑණු කෙෙනක් පොඩි දරුවෙකුත් අරගෙන පාලමෙන් ගගට පනින්න ලෑස්ති වෙන හැටි..සරණෙ ඉක්මණට ගිහින් ඒක නැවැත්තුවා..
ඒ තමයි නිකිතා
නිකිතාගෙ මහත්තයා හදිසියේ ලෙඩකින් මැරිලා..නිකිතාට වෙන කවුරුවත් මේ ලෝකෙ හිටියෙ නෑ.රස්සාවකුත් නෑ.. පුංචි සනූ අරගෙන ජීවන සටන ගෙනියන්න බැරිව ලතැවුණූ අසරණ වුණු නිකිතා අන්තිමේදි ගත්තෙ මේ තීරණේ..ඒත් එදා සරණෙ නිකිතාට වගේම සනූටත් අලුත් ජීවිතයක් දුන්නා..නිකිතාව කසාද බැදලා සනූට තාත්තා කෙනෙක් වුණා..
අද සනූට මල්ලි කෙනෙකුත් ඉන්නවා.ඒත් සරණෙ තාමත් වැඩපුරම ආදරේ සනූට..සනූ වෙනුවෙන් හැම යුතුමක්ම සරණෙ ඉටු කලේ ගොඩක් ආසාවෙන්.
නිකිතා..මට වැඩිය ඔයා පිං දෙන්න ඕනෙ කෙනෙක් ඉන්නවා …මං හැමදාම කියන්නෙ නිදුලි මිස්..එයා නිසයි මේ සරණෙ වගේම ගගුල් බොසුත් මනුස්සයෝ වුණේ..
අපි හවසට යමු මිස්ගෙ සොහොනට..
අද අපිට යන්න බෑ නිකිතා..අද බොස් හවස් වරුව ඉන්නෙ එතන..මං දන්නවා බොස්ගෙ හැටි.
තාත්ති..
සනූ ඇවිත් සරණෙට තුරුළු වෙද්දි නිකිතා කදුලු පිහිද ගත්තා
ගගුල් හිත සන්සුන් කරගෙන ආයෙත් වෙඩින් හෝල් එකට ඇතුලු වෙන්න දොරට අත තිබ්බා..ඒ එක්කම වේගෙන් විවර වුණූ දොරෙන් එළියට වෙඩිල්ල වගේ ආපු අහස්‍යා එකපාරටම ගගුල්ගෙ ඇගේ හැප්පුණේ කෙල්ලගෙ සමබරතාවය ගිලිහෙද්දි..
ගගුල්ගෙ අත ඉබේම කෙල්ලගෙ බද වටා ගියේ ක්ෂණිකවමයි.අහස්‍යාව අල්ලගත්ත ගගුල් එවෙලේ සන්ග්ලාස් දාගෙන හිටියෙත් නෑ..ගගුල්ගෙ හුස්ම කෙල්ලගෙ මූණට වැදෙනවා..අහස්‍යා ඒ ඇස් දිහා බලං හිටියෙ වශී වෙලා වගේ..ගගුල්ටත් අහස්යාගෙ ඇස් වල ආකර්ෂණෙන් මිදෙන්න බැරිවුණා..
විනාඩියකට විතර පස්සෙ ගගුල් මේ ලෝකෙට ඇවිත් අහස්‍යාව අත ඇරියා..
අහස්‍යා ඒත් කොල්ලගෙ බ්ලේසරේ එල්ලිලා ඉන්නවා.
ගගුල් ඒ අත් අල්ලගෙන ඉවත් කරලා එතනින් ගියෙ අවුල් වුණු හිත බොහොම අමාරුවෙන් පාලනය කරගෙන..
අහස්‍යාට වෝල්ට් බර ගාණක කරන්ට් එකක් වැදුණා වගේ..ගගුල්ගෙ ඇස් දිහා බලං ඉද්දි ඒ බාහුවෙ වෙලිලා ඉද්දි දැනුනු හැගීම කවදාවත් දැනිලා නෑ..ගගුල්ගෙ අත වැදුනු බද කොටස කෙල්ල අතගාලා බැලුවා..පිච්චිලා වගේ.
අම්මෝ..අහස්‍යා හිස දෙපැත්තට වනලා ආයෙත් හෝල් එකට අතුළු වුණා.
අහස්‍යා වටපිට බැලුවෙ ගගුල්ව හොයන්න..ගගුල් ඒ වෙනකොට හිටියෙ සරණෙ එක්ක..සරණෙ ගගුල්ට වෙනම ටේබල් එකක් ලෑස්ති කරලා කෑම කන්න..
බොස් හොදට කන්න ඕනෙ..
ඉතිං උඹත් වාඩි වෙනවා සරණෙ
එහෙම හොද නෑනෙ බොස්.
අනේ මේ මගුල..වරෙන්..
සරණෙ එක්ක කෑම කන ගගුල් දිහා බලං හිටපු අහස්‍යා තිහාරා ළගට ආවා..
අහස්‍යා..මොකද උඹට වුණේ..
තිහා..අර පොරගෙ මාර ගණංනෙ..වැඩක් කරමුද?
මොකද්ද?
අහස්‍යා තිහාරාගෙ කනට හෙමීට පොඩි ප්ලෑන් එකක් මිමිණුවා. තිහාරාගෙ ඇස් උඩ ගියා..
අහස්‍යා ඇහැක් ගහලා කපටි හිනාවක් පෑවා.
උඹ නම් හැදෙන් නෑ අහස්‍යා..උඹ කොල්ලොන්ට දෙන ගින්දර පත්තු වේවි දවසක..අර ආයුෂ් මැරෙන්න හදනවා උඹට..වගක් තියෙනවාද?උඹමයි ඌට බලාපොරොත්තු දුන්නෙ..
තිහා උඹ දන්නවා..මං ආයුෂ්ව ආශ්‍රය කලේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට කියලා..
අපොයි ඔව්..උගෙ ගෙදරත් ගිහින් ආන්ටිලාටත් කතා කලේ යාලුකමට වෙන්න ඇති..
ෂටප් තිහා..
ඕකේ..
අන්න හැන්ඩි මෑන් නැගිට්ටා..කාලා ඉවරයි..
අහස්‍යා තිහාරාවත් ඇදගෙන සනූ ඉන්න දිහාට ගියේ තිහාරා මූණෙන් අප්‍රසාදය පළ කරද්දි.
සනූ අක්කි..ලස්සන අපේ බ්‍රයිඩ්ගේ..
තෑන්ක්ස් නංගා..
අහස්‍යා වටපිට බැලුවා..
සනූ අක්කි..අර ඉන්නෙ කවුද ඔයාගෙ රිලේෂන් කෙනෙක්ද?
කවුද නංගා.
අර
අහස්‍යා පෙන්නපු දිහා සනූ බැලුවා.
ආ..ඒ ගගුල් අන්කල්නෙ..අපෙ තාත්තිගෙ බොස්.
ඔහ් එහෙමද?
එයා හරි හොදයි නංගා..
එයා හැන්ඩ්සම්නෙ අක්කි..අපි ඉතිං නිකමට බැලුවා
පිස්සියො දෙන්නා..එයා තාත්තිට වඩා ගොඩක් බාලයි බොස් වුණාට..
මැරි කරලද?
පිස්සුද අනේ..එයා කවදාවත් මැරි කරන් නෑ..
සනූ ළගට එයාගෙ හස්බන්ඩ් ඇවිත් සනූව එක්ක ගෙන ගිය නිසා කතාව නැවතුණා
ම්..ගගුල්..මාර ලස්සන නමක්නෙ.
තිහාරා ඉගි කළා..
ඒකනෙ..තිහා..ඔන්න බලාගන්න මිස්ටර් ගගුල්ගෙ ගෑස් බස්සන හැටි..ලස්සන කෙල්ලෙක්ට සළකන්න ඕනෙ කොහොමද කියලා ගගුල් අද ඉගෙන ගනී..
අහස්‍යා එපා..මං උඹට ආයෙත් කියනවා..
මං උඹ කියන දේ අහන් නෑ කියලා දන්නවනෙ තිහා..අනික උඹමයි මේ සෙල්ලම පටං ගත්තෙ..දැන් මං ඒක නවත්තන් නෑ..
අහස්‍යා ඉස්සරහට යන හැටි තිහාරා බලං හිටියෙ ඩිම් වෙලා..
ඊළග කොටසට
අහස්‍යා මොකද කරන්න හදන්නෙ..
ඉතින් යාළුවො මට උදවුවක් කරන්න ..මගේ page එකට like කරන්න කියලා ඔයාලගෙ යාලුවන්ටත් invite කරන්න..
කතාව කියවන පිරිස වැඩි වුණාම තමයි ගොඩක් ලියන්න හිතෙන්නේ
සතුට සැනසුම සෑම අරන්….
නුඹ ගිහින් මහ දුරක්…..
නුඹේ මතකය ඇවිත්….
රකී මගේ පණ හෙමින්…
අතීතේම මං තවත්….
නුඹව සොයමින් දුකින්….
ආයේ ආදරේ අරන්….
බැරිද එන්නට සොයන්….
සිත කියයි නුඹ මා ළඟයි…
සිහිනයක මා සිතින්…
නුඹ ඒවී මා සොයන්….
අනේ හැකිනම් වරෙන්..
නුඹ නැතිව මං දුකින්…
Dushanthi perera
මතකයන් සිහිවෙද්දි
දැනෙන දුක මහගොඩක්..
දකින හැම හීනෙකම
නුබ ඉන්නෙ මා ලගින්..
තියෙන තුරු අපේ මතක
මගේ හිතේ තෙරපෙමින්…
ගෙවන්නම් මේ දිවිය
මියන තුරු ඔබේ නමින්…
Hashee gamage