🌹අන්සතු රුවැත්තිය🌹- 24 කොටස

⚡⚡⚡⚡⚡⚡⚡

 

නිදුලි පොර කෑවා..

 

අනේ එපා..ගගුල්..ගගුල්..

 

නිදුලි යටි ගිරියෙන් කෑගැහැවෙ කීයටවත් රනුක කියන දේට කැමති වෙන්න බැරිනිසා..

 

පල්ලෙහා හිටිය ගගුල්ට ඒ සද්දෙ ඇහුණෙ කොල්ලා තාමත් ගියේ නැති නිසා.ගගුල්ට ඉවෙන් වගේ හිතා ගන්න පුළුවන් වුණා සිද්ද වෙන දේ..කොල්ලා මේක කොහොමත් අනුමාන කරලා තිබ්බෙ..රනුක ගැන හොයා ගත්තු දේවල් වලට අනුව රනුක කොහොමත් හොද එකෙක් නෙවේ..

 

එක පාරටම කාමරේ ග්ලාස් එක වෙඩි හඩක් එක්කම සල බලාං ගාලා කුඩු වෙද්දි රනුක නිදුලිගෙන් ඈත් වෙලා ඒ දිහා බැලුවා.

 

නිදුලි රනුකව තල්ලු කරගෙන කාමරේ දොර ඇරගෙන එළියට දිව්වා…ඒ එක්කම සාලෙ දොරන් ඇතුලු වුණේ ගගුල්..ගෙදර අය බිරාන්ත වෙලා බලං ඉද්දි නිදුලි ගගුල් ළගට ගිහින් ගගුල්ව තරයේ වැළද ගත්තා..රනුක පහලට ආවෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුව..

 

නිදුලි..මොකද්ද මේ නාඩගම

 

රනුක ගගුල්ගෙ පිස්තෝලෙ දිහා බල බල ඇහැවා..

 

නිදුලි අඩනවා හොදටම..

 

ගගුල් නිදුලිගෙ නළල සිපගෙන රනුක දිහාට පිස්තෝලෙ එල්ල කලේ මරන්නම හිතාගෙන

.

එපා ගගුල්

 

නිදුලි හිමීට මිමිණුවා..

 

රනුක..නිදුලි මගේ..මගේ වෙලා ඉවරයි..උඹ ඩිවෝස් එක දෙන්න  ඕනෙ

 

පිස්සුද? උඹ කවුද..නිදුලි..අපි වැදගත් මිනිස්සු

 

වැදගත් නිසාද එහෙ පවුල් තියාගෙන මෙහෙ අහිංසක කෙල්ලො රවට්ටන්නෙ..

 

මං පොලිසියට කෝල් කරනවා..

 

ඊට කලින් උඹලා පරලොව යනවා..

 

ගගුල් පිස්තෝලෙ කැරකුවා

 

එපා ගගුල්..

 

නිදුලි  නීතියෙන් ඔයා අයිති මට..ප්ලීස්.ඔයා මේ මිනිහට රැවටිලා..මං කීවනෙ අපි හොද ජීවිතයක් ගත කරමු කියලා.

 

ඔව් නිදුලි දුව අපිටත් ආසයි මුණුබුරෙක්ගෙ මූණ බලන්න

 

රනුකගෙ  අම්මා කියද්දි නිදුලි උඩ බිම බැලුවා..රනුකත් කිව්වෙ ඒ කතාවමයි..

 

ඇයි එක පාරටම එහෙම කියන්නෙ.

 

නිදුලි අහද්දි රනුක අහක බැලුවා..

 

මං දෙන්නම් උත්තරේ නිදූ..

සීයා දේපළ ලියලා තියෙන්නෙ රනුක නමට නෙමෙයි..ඔයාගෙ දරුවාට

 

ගගුල් කියද්දි රනුක ගගුල් දිහාට කඩං පැන්නා..ඒත් ගගුල්ගෙ එක පාරින් රනුක බිම..

 

උඹ කොහොමද ඒවා දන්නෙ

 

.රනුක කම්මුලක් අල්ලගෙන නැගිට්ටා

 

නිදූ මං නිකම් හිටියා කියලද ඔයා හිතන්නෙ..මගෙ වැඩ අස්සෙ මං මේවත් හෙව්වා…

 

චී..රනුක..තමුසෙ මහ ජරා මිනිහෙක්..

 

මම විතරද ජරා..

තමුසෙ ජරා නැද්ද..තමන්ට පවුලක් ඉද්දි.වෙන මිනිහෙක් එක්ක යන්නෙ

 

රනුක නිදුලිට කියද්දි නිදුලිට  දැනුනෙ මහ ලැජ්ජාවක්..

 

ඒක තමුන්ටත් අදාලයි ලොක්කා..

 

ගගුල් කට කොනින් හිනා වුණා.

 

මං නිදුලිව අරං යනවා..උඹ ඩිවෝස් එක දුන් නැත්තං කරදර වෙයි.

 

ඩිවෝස් එක දෙන්න මගෙ දේපළ මට ඕනෙ..

 

රනුක එහෙම කියනකොටම නිදුලි ක්ලාන්ත වෙලා වැටෙන්න ගියා..ගගුල් කෙල්ලව අල්ලගද්දි නිදුලිගෙ කටින් ලේ ගැලුවෙ ගගුල්ව හොදටම බය කරලා..

 

නිදූ..

 

ගගුල් ඔක්කොම අමතක කරලා නිදුලිව හරහට වඩාගෙන එළියට ආවා..සරණෙ ජිප් එක ළග හිටියා..

 

නිදුලිව හොස්පිට්ල් ඇඩ්මිඩ් කලේ ගගුල්ව තුෂ්ණිම්භූත කරවලා.

 

නිදුලිට මොකක් වුණාද?

 

බොස්..දැන් ආරංචිය ආවා..රොනී ගෙ ගේ වටකරලා..පොලිසියෙන්..අපේ ප්ලෑන් එක වැඩ කරලා..

 

සරණෙ කියන ඒවා රෝහල් බංකුවේ  ඉදගෙන ඉන්න ගගුල්ට වැඩක් වුණේ නෑ..නිදුලි ඇයි අසනීපෙන්…

 

ලාරා බොස්ව අහනවා..මං කීවා කතා කරන්න බෑ කියලා..

 

සරණෙ..නිදූට ඇයි මේ…

 

අපි බලමු බොස්..

 

ඩොක්ටර් එළියට ඇවිත් කිව්ව දෙයින් ගගුල්ට උන්හිටි තැන් අමතක වුණා..

 

මොකද්ද මිනිහො උඹ කිව්වෙ..උඹ හදන්නෙ අඩි හයක් යටට මෙච්චර අඩු වයසෙන් යන්නද? මගෙ කෙල්ලට බ්ලඩ් කැන්සර් එකක් තියෙන්නෙ කොහොමද..ඒකි හවසත් නට නට හිනා වෙවී හිටියෙ..

 

බොස්..

 

සරණෙ පොර කාලා ගගුල්ව ඈත් කරගත්තා

.

සොරි ඩොක්ටර්..සොරි…

 

සරණෙ බැගෑපත්ව සමාව ඉල්ලුවා..

 

මට තේරෙනවා වයිෆ් ගැන එහෙම ලෙඩක් කියද්දි තත්වෙ… ඒත් මේ ලෙඩේට   මේ ගර්ල් සෑහෙන කාලයක් තිස්සෙ ප්‍රතිකාර අරං තියෙනවා..ඇතුලෙ ඉන්නවා එයාට ට්‍රීට් කරපු  ස්පෙශලිස්ට්..

 

ඩොක්ටර්  ..ප්ලීස්..නිදුලිව බේරගන්න

 

අපි උත්සහ කරනවා..ඒත් එයාට අමාරුයිි.

 

ඩොක්ටර් ඇතුලට ගියා..

 

ගගුල් එහෙමම පුටුවට කඩං වැටුණා.

රනුකත් පවුලෙ අයත් එක්ක ආවෙ එතකොට.. සරණෙ ඒ අයටත් තත්වෙ පැහැදිලි කළා.

දවස් හතරක් නිදුලි හොස්පිට්ල් එකේ අයිසීයූ එකේ හිටියා..

 

ගගුල් ඒ ටිකේම හොස්පිට්ල් එකේ හිටියා. සරණෙත් හෙවණැල්ල වගේ හිටියා.නිදුලිට සිහිය ආවෙ හතරවෙනි දවසෙ..නිදුලි ඩොක්ටර්ට කිව්වා ගගුල්ට කතා කරන්න ඕනෙ කියලා.

 

ගගුල් නිදුලි ළගට ඇවිදගෙන ගියේ හීනෙන් වගේ..

කොල්ලා ඇද උඩ තිබ්බ නිදුලිගෙ අතක් අල්ලගත්තා.

 

ගගුල්..

 

ගගුල් ඒ අත අල්ලගෙන  ඉකිබිදුම නවත්තගන්න උත්සහ කලා..

 

මං ගොඩක් ආදරෙයි ගගුල්.නිදුලි කිව්වෙ අමාරුවෙන්..

 

නිදූ  මාව දාලා යන්න එපා..මට ඉන්න බෑ ඔයා නැතුව..

 

මට යන්නම වෙනවා ගගුල්..

 

ඇයි මගෙන් හැංගුවේ..

 

ඔයාට දුක හිතෙයි කියලා..

 

නිදූ මට බෑ මෙහෙම ඔයා දකිද්දි..මගෙ පව්කාරකම් වලට ඔයයි වන්දි ගෙවන්නෙ..

 

නෑ ගගුල්..මේ මං කරපු පවක්..ඔයා නිසා නෙවෙයි…

 

රනුකත් ඇතලට ආවෙ ඒ වෙලාවෙ..

 

සොරි නිදුලි..මට සමාවෙන්න..මට හිතාගන්න බෑ..ඇත්තටම මං ඒ රටේ ඩොක්ටර් කෙනෙක්ට කතා කළා.ඔයාව සනීප කරගන්න පුළුවන් වෙයි එහෙ ගියොත්..නිදුලි ඇත්තටම එදා මං ඔයාව බැන්දෙ නෑ..එදා හිටියෙ බොරු රෙජිස්ටාර් කෙනෙක්..ඔයා තාමත් අන්මැරීඩ්..මං මේක කිව්වෙ  නැත්නම් මට මේ හර්ද සාක්ෂියෙන් කවදාවත් ගැලවෙන්න ලැබෙන් නැති නිසා

 

..අනික කැත්‍රිනා එක්ක තමයි මං තවම ඉන්නෙ..අම්මලා තමා දේපළ ගැන දැනගෙන මට කතා කරලා මෙහෙම කරන්න කීවෙ..මට සමාවෙන්න..

 

රනුක කියද්දි නිදුලි අමාරුවෙන් හිනාවුණා..

 

ඔයා යන්න රනුක..ගගුල් ඉන්නවා මට..අනික මං දන්නවා කොහෙ අරං ගියත් මාව සනීප කරන්න බෑ කියලා…එහෙම පුළුවන් නම් ගගුල් මාව මෙලහකට අරං ගිහින්..අපි කාටවත් ඉරනමෙන් ගැලවෙන්න බෑ..

 

රනුක එළියට ගියා..

 

ගගුල්..මහත්තයෝ…ඔයා සතුටින් ඉන්න ඕනෙ..

 

බෑ මට සතුටින් ඉන්න බෑ..

 

ඔයා මාව අමතක කරන්න ඕනෙ

 

බෑ මට ඔයාව අමතක කරන්න බෑ.

 

ඔයා කසාද බැදලා හොද ජීවිතයක් ගත කරන්න ඕනෙ

 

බෑ මට බෑ

 

ඔයා මේ වැඩ වලින් ඈත් වෙන්න ඕනෙ

 

ඔයා  නැතුව බෑ..

 

ගගුල්..මගෙ අන්තිම කැමැත්ත ඒක…

 

නිදූ..මගෙ රෝසි…..

 

ගගුල් කෑගහලා ඇඩුවා

 

මං දැනගෙන හිටියා මේ ගැන..ඒත් මෙච්චර ඉක්මණට යන්න වෙයි කියලා හිතුවෙ නෑ ගගුල් ඇත්තමයි..ඔයාත් එක්ක ටික කාලයක් ඉදලා ඔයාගෙන් ඈත් වෙලා යන්න..ඔයාට දුකක් නොදැනෙන විදිහට..දන්නවද ඔයා එක්ක  හිටපු කාලෙදියි මං සතුටින් හිටියෙ…මට පුංචි කාලෙ ගැන මතකයක් නෑ..

 

ඒත් මං ඔයාගෙ රෝසි කියලා දැනගත්තම මට දැනුනෙ පුදුම සතුටක්..මං ඒ ඇත්ත නොකීවෙ ඔයා ආයත් දුක් වෙයි කියලා මං මැරුණම..මේ ටික කාලෙ මගෙ ජීවිතේ ලස්සනම කාලෙ..ඔයාට පිං මහත්තයෝ මට සතුටක් දුන්නට..

 

නිදූ ප්ලීස්..මං ගොඩක් ආදරෙයි..

 

ඒත් නිදුලි ඇස් පියාගත්තා.

 

ආයෙත් කෙල්ල ඇස් ඇරියෙ නෑ..

 

🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️🌩️

 

…අවුරුදු හතරක් ගෙවිලා ගියා..වැලිකඩ බන්ධනාගාරෙන් එළියට එන පුද්ගලා පිළිගන්න සරණෙ ඉස්සරහට ගියා

 

බොස්..

 

බොස් නෙවෙයි සරනෙ ගගුල්..

ගගුල්

 

සරණෙ එක්ක සරණෙගෙ නෝනයි බබයි ඇවිත් හිටියා..

 

ගගුල් නිදුලිගෙ මරණෙන් පස්සෙ පොලිසියට බාරවුණා..ගගුල්ගෙ යහපත් හැසිරීම නිසා දඩුවම් කාලෙ අඩුවෙලා කලින් නිදහස් වුණා.

 

කොල්ලා හවස ගියේ නිදුලිගෙ සොහොන ළගට..

 

අතේ තිබ්බ සුදු මල් පොකුර එතනින් තියලා කොල්ලා බිම ඉදගත්තා.ඒ අතීත මතක අදත් හිතේ ජීවමානයි..නිදුලිගෙ හීන ගොඩක් ඇත්ත වෙලා..ගගුල් හොද කෙනෙක් වෙලා..සරණෙ කසාද බැදලා..ඒත් නිදුලිගෙ අනිත් හීනෙ කවදාවත් හැබෑ වෙන් නෑ…

 

ගගුල් ..

 

ගගුල්ට ඒ මතකෙන් මිදෙන්න බෑ..කවදාවත් බෑ. ඒක සාමාන්‍ය ආදරයක් නෙවෙයි.හද පත්ලෙන් නැගුණු ගැඹුරු ආදරයක්.. ගගුල්ට විශ්වාසයි..නිදුලි කොහෙහරි ළඟ ඉදගෙන බලා ඉන්න බව..ගගුල් එනකල් කොහෙවත් නොයන බව. ඊළඟ බවේට නිදුලිටත් එක්ක පිං පුරන්න කොල්ලා හිතාගත්තා..

 

සීතල මදනළක් හමාගෙන සොහොන් කොත ළග තිබ්බ සුදු මල් හෙලවෙන්න පටංගත්තා.

 

ගගුල්ගෙ සිරුරට දැනුනෙ අමුතුම සීතලක්

 

ගගුල්..

 

ඒ හුළං රටා මිමිණුවෙ ගගුල්ගෙ නම..

 

මගෙ නිදූ…

 

ගගුල් රහසින් මිමණුවා..

 

🌹🌹🌹🌹🌹

 

අවසන්

🌹🌹🌹🌩️

 

💙ඔබේ නමින් මුළු ජීවිත කාලයම ගෙවන්නම් සොඳුර

 

බොහොම  ආදරේ කරන්නෙමි නුඹට

ඔබ මගේ ප්‍රේමයයි 💙

 

🎶

 

tere naam .

hum ne jiya hai

jeevan apna sara sanam

O….

jeevan apna sara sanam  .

 

pyara bohoth karthe he thumse

 

Ishq hai thu hamara sanam

O….

Ishq hai thu hamara sanam

 

🎶🎶

🌹🌹🌹🌹💦💦💦💦💦💦

 

🌹🌹🌹🌹💙💙

 

සෞම්‍ය සඳ කිරණ

දඟ කරයි….

සීත සුළඟක් හමයි….

නුහුරු සුසුමක් වැදී

හිත බයයි…

අනේ මා රැකගනින්….

මා නුඹේම පමණයි

-Dushanthi  Perera

ස්තුතියි  හැමදාම  දුන්නු වදන් පෙලට

 

🌹🌹🌹🌹💙💙

 

ඔන්න දිග කොටසකින්ම කතාව ඉවර කළා.. හැමදාම ඔයාලා චෝදනා කලානේ කතාව පොඩ්ඩයි කියලා. මං දන්නවා මේ අවසානයට කවුරුවත් කැමති වෙන්නේ නෑ කියලා. ඒත් මුලින්ම මං මේ ගැන ඉඟි කරලා තිබ්බේ.. සිතේ ඇඳුනු කතාව ඒ විදිහටම ලිව්වා..

 

මගේ මහන්සියට ලැබෙන වටිනාකම ඔයාලගේ likes ඒ වගේම අදහස් විතරයි..

🌹🌹🌹

 

ගගුල්ගේ කතාව ඉවර ද?? නැහැ ඉවර නැහැ..

හෙට ඉඳලා ගගුල්ගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නවා…

සමහර විට ඒ වෙනසට ඔයාලා කැමති වෙයි… නැත්නම් අකමැති වෙයි..

ඔයාලා නොහිතන දෙයක් සිද්ධ වෙයි..

 

🌩️⚡⚡⚡අකුණු⚡⚡ 🌩️

 

හෙට ඉඳලා කියවන්න

 

🌹🌹🌹🌹🌹🌹

 

කියවන හැමෝම like comment කරන්න….ඒ වගේම ස්ටිකර් කමෙන්ට්  ගොඩාක් දෙන්න.. මොකද කතාව පෙන්නන්නෙ නෑ කියලා ගොඩක් අය කියනවා..

 

එහෙනම් හැමෝටම ස්තූතියි💙💙💙💙

 

❤❤❤❤❤

 

☠️copy කිරිම සපුරා තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!