🌹අන්සතු රුවැත්තිය🌹- 20 කොටස

නිදු..මේ මගෙ නම්බර් එක..බැරිවෙලාවත් හදිසියේ මගෙ නම්බර් එක වැඩ නොකලොත් සරණෙට ගන්න..ඒකත් තියෙනවා.

 

ගේ ළගින් වංගුවෙන් නිදුලිව බස්සපු ගගුල් කිව්වෙ නිදුලිගෙ කම්මුලක් අතගාන ගමන්.කොල්ලට මාර දුකයි නිදුලිව ආපහු යවන්න..ඒත් සති දෙකක් යනකල් මේ ප්‍රශ්න ටික විසදගන්න කල්.නිදුලිව යවන්න කොල්ලා තීරණේ කලේ. රෑ දවල් නැතිව මේ වැඩ වලට හිර වෙන බව දන්න නිසා.

 

නිදූ..මට  රනුකගෙ නම්බර් එක එවන්න..මං කතා කරන්නම් එයාට…ඔයාට අවුලක් නොවෙන්න ඩිවෝස් එක මං කතා කර ගන්නම්.

 

නිදුලි බිම බලාගත්තා.

 

නිදූ ඔයා දුකෙන්ද?

 

ගගුල්..

 

නිදුලි අඩාගෙන ගගුල්ගෙ පපුවට වාරු වුණා.පාන්දර ඉර නැගගෙන එනවා. අන්ධකාරෙ දුරුවෙනවා.

 

ගගුල් කෙල්ලගෙ හිස අතගෑවෙ වාහනේට හේත්තු වෙලා. සරණෙ පැත්තක  හිටගෙන බලාගෙන හිටියා.සරණෙ දැක්කෙ ඒ ළගම සුදු කොඩියක් ලෙල දෙන හැටි..ඒ එක්කම එතන කණුවක ගහලා තිබ්බ මරණ දැන්වීම..

 

බොස්..

 

සරණෙට  කෑ ගැහුණා

 

ගගුල්  එක්ක නිදුලිත් සරණෙ දිහා බැලුවා

 

බොස්..මේ මිස්ලාගෙ සීයා නේද? එයා නැතිවෙලා.

 

ඔහ් ගෝඩ්..

 

ගගුල් නිදුලි එක්ක කණුව ළගට ගියා..

 

අනේ ගගුල්..මේ රනුකගෙ සීයා..එයා නැතිවෙලා..භූමදානෙ අද නේද?අයියෝ.

 

නිදුලි ආයෙත් අඩාගෙන කොල්ලගෙ පපුවට බර වුණා.

 

නිදූ අඩන්න එපා..ඔයා එදා කිව්වා නේද සීයා මැරුණම ඔයාට ඩිවෝස් එක ලැබෙනවා කියලා.ඒ කතාව මට පැහැදිලි නෑ..ඔයා කිව්වෙ ඇයි එහෙම.

 

නිදුලි ඔලුව ඉස්සුවා

 

ගගුල් ඔයා සීයව මැරුවද?

 

පිස්සුද හලෝ…මට ඒක මතක් වුණෙත් දැන්.

 

ඇත්තමද?

 

ඔයා පල්ලා කෙල්ලෙ..එදා කතාව මට පැහැදිලි නෑ.

මං ආයෙ ඒක ඇහැවෙත් නැත්තෙ ඔයාට දුක හිතෙයි කියලා.

 

නිදුලි දිග සුසුමක් හෙලුවා.

 

ගගුල්..ඇත්තටම මගෙ කසාදෙ උනේ  රනුකගෙ සීයාගෙ උවමනාවට..රනුකට රට පවුලක් තියෙනවා කියල සීයා දන් නෑ..රනුක රට කෙල්ලෙක් ගැන කියද්දි සීයා කියලා සිංහල කෙල්ලෙක් බැන්දොත් විතරයි දේපළ දෙන්නෙ කියලා.ඒකයි මාව බැන්දෙ

 

ඌ බල්ලෙක්නෙ.

 

ඒ වුණත් රනුක ඔක්කොම මට කීවෙ වෙඩින් එක දවසෙ රෑ. එයා මට ළංවුණෙත් නෑ..

 

නිදුලි කියද්දි ගගුල් ඔක්කොම පැහැදිලි කර ගත්තා.

 

රනුක පොරොන්දු වුණා සීයා නැතිවුණාම මාව ඩිවෝස් කරනවා කියලා.දැන් සීයා එයාට දේපළ ලියලා තියෙන්නෙ.

 

හ්ම්..

ඒහෙමද?එහෙනම් දැන් ප්‍රශ්නයක් නෑනෙ..මං රනුක එක්ක කතා කරන්නම්..

 

එපා ගගුල්..එයා ආවම මං කතා කරන්නම්..දැන් ඩිවෝස් එකට ප්‍රශ්නයක් නෑනෙ..මට එයාගෙ දේවල් මොකුත් ඕනෙත් නෑ..

 

මොකද කරන්නෙ දැන්..ඔයා යනවද ගෙදරට..මං එන්නද

 

එපා.එපා..ගගුල් අවුල් කරගන්න බෑ මොනවත්..ඔයා යන්න දැන්..

 

මට දකින් නැත්ව නම් ඉන්න බෑ සුදු මැණිකෙ.

 

පිස්සු..ඔයා ගිහින් ඔය වැඩටික කරගන්න..ඔයාව හදාගත්තු දෙමව්පියන්ට වුණේ මොකද කියලා දැනගන්න..පව් එයාලා.

 

හ්ම්..ඒ වගේම මට රෝසි ගැනත් හොයා ගන්න ඕනෙ..

 

නිදුලි ගැස්සුණා

 

ඇ..ඇයි..එයා මැරිලනෙ..

 

මගෙ හිත එහෙම කියන්නෑ..මට සැකයක් තියෙනවා..ඒක තහවුරු කරගන්න ඕනෙ

.

ඇයි එහෙම කියන්නෙ..

 

ඒවා වැඩක් නෑ..ඒක නෙවේ..මට ඔයාගෙ පේරන්ට්ස්ලාට කතා කරන්න ඕනෙ..මට එයාලාගෙ එඩ්‍රස් එක දෙන්න.

 

ගගුල් අහද්දි..නිදුලි හොදටම බයවුණා..

 

මේ..මේ..එයාලා ලංකාවෙ නෑ ගගුල්..

 

නිදුලි කිව්වෙ බොරුවක් කියලා ගගුල්ට සීයට සීයක් ෂුවර්

 

මං යන්නම් ගගුල්..මිනිස්සු පාරෙ වැඩි වෙන්න කලින්.

 

නිදුලි යන හැටි ගගුල් සරණෙ එක්ක බලං හිටියා..

 

සරණෙ

 

බොස්..

 

අද හවස් වෙද්දි අපි හොයා  ගන්න ඕනෙ නිදුලිගෙ ඇත්ත කතාව..

 

ඒ කිව්වෙ බොස්..

 

උඹ කීවනෙ එයා ගැන ඩීටේල් මොකුත් නෑ කියලා..එහෙම වෙන්න බෑ..එයා කොහෙන්ද ආවෙ..ගෙවල් දොරවල්..ඒ ගැන විස්තර හොයාගන්න

 

හරි බොස්.

 

අපිට තව වැඩ ගොඩක් තියෙනවා සරණෙ..යමු දැන්..ඉස්සෙල්ලම කසුනාගෙ වැඩේ ඉවර කරමු.

 

ඌ බයවෙලා බොස්..

 

බය වෙන්නම ඕනෙ.

 

🌹🌹🌹🌹

 

නිදුලි දකිද්දිම රනුකගෙ අම්මා ගස්සගෙන ගෙට ගියා

 

නිදුලිගෙ ඇස් වලට කදුලු පිරුණා.

 

මොකද තමුන් අතුරුදහන් වෙලා ඉදලා ආයෙත් ආවෙ..

 

ඒ රනුකගෙ පුංචි අම්මා.

 

නිදුලිට පුදුමයි..මේ අය කලින් තමන්ට මේ තරම් නරක විදිහට සලකලා නෑ..ඒත් දැන්..

 

පුංචි..මං යාළුවෙක්ගෙ ගෙදරක හිටියෙ..මළගේ දැනගෙන ආවෙ..

 

දැන් නම් ඉතිං නිදුලි මෙහෙ හිටියට වැඩක් නෑ..සීයා ඔක්කොම රනුකට දේපළ ලියලා …රනුක ඉක්මණට එයි..අපි හිතාගෙන ඉන්නෙ මේ දේපළ ඔක්කොම විකුණලා රට යන්න.

 

නිදුලිට පල නොකියා පලා බෙදද්දි කේලල අසරණ වුණා..

 

පුංචි..ඔයාලා යනකල් මං මෙහෙ ඉන්නම්

.

හ්ම්…ආයෙත් අනාථ නිවාසෙ කතා කරගන්න.

 

මෙහෙමත් ආත්මාර්ථකාමී මිනිස්සු ලෝකෙ ඉන්නවනෙ..එයාලාගෙ වැඩේ කෙරුණම කෙල්ලව වැඩක් නෑ..

 

නිදුලි සීයාගෙ දේහේ ඉස්සරහා දණ ගැහැවා..

 

නිදුලි දුව. දුව බොහොම අහිංසකයි..දුවට වරදින් නෑ..

 

සීයා දවසක් එහෙම කියලා ඔලුව අතගෑවා නිදුලිට මතකයි.

 

අපි පොලිසිත් ගිහින් ඇන්ට්‍රියක් දැම්මා.මොකටද ආයෙ ආවෙ.

 

රනුකගෙ අම්මා අහද්දි නිදුලි ගැස්සිලා නැගිට්ටා.

 

අම්මෙ..මං..

 

ආවා නං පාඩුවෙ ඉන්න..රනුක ඩිවෝස් එක දුන්නම යන්න..අපිට කරදර නොකර

 

ඇයි අම්මෙ එහෙම කියන්නෙ..ඔයාම නේද එදා මේ මගේ ලේලි කියලා අතින් අල්ලගෙන මාව ගෙට ගත්තෙ.

 

ඒ සීයා හිටපු නිසානෙ..

 

මළගෙදරට කට්ටියක් ආව නිසා කතාව නැවතුනා.

 

ගගුල් ඇයි ඔයා මාව ආපහු එව්වෙ..මොන දේ වෙන්න වුණත් ඔයාට මාව තියාගන්න තිබ්බා..ඔයා දන්නෙ නෑ මං විදින දුක..

 

නිදුලි කදුලු පිහ පිහ කාමරේට ගියා.

 

🌹🌹🌹

 

ගගුල් සරණෙ එක්ක කසුන්ලාගෙ ගෙදරට ගිහින් කසුන්ට හොදට සැලකුවා

 

අනේ බොස්..සමාවෙන්න..මං සල්ලි ඕනවටයි එහෙම කලේ..බොස්ට වැඩිය ලාරා මට සල්ලි දුන්නා

 

ඈ.කසුනො..උඹට ඉල්ලුවා නම් මං සල්ලි දෙන් නැද්ද?

 

බොස්..

 

උඹ ඉවරයි කසුනා..

මං මේ වෙනකල් කාවවත් මරලා නෑ..ඒ වුණාට අද ඒක කරනවා

 

අනේ බොස්..එපා බොස්..

 

ගගුල් පිස්තෝලෙ කසුන්ගෙ ඔලුවට තිබ්බෙ..කසුන්ගෙ අම්මා විලාප තියද්දි.

 

සරණෙටත් ගගුල්ව කන්ට්‍රොල් කරගන්න බැරිවුණා.

 

නිදුලි හිටියා නම් ගගුල්ව ශේප් කරගන්න  පුළුවන් වෙනවා කියලා සරණෙ දන්නවා.

 

බොස්..නිදුලි මිස් කෝල් කරනවා…

 

සරණෙට ගණදෙවි නුවන පහල වුණා..නිදුලිගෙ ෆෝන් නම්බරේ ළග තිබ්බ නිසා සරණෙ කෝල් එකක් අරගෙන ගගුල්ට දිග් කළා.

 

නිදුලිගෙ නම ඇහුණා විතරයි ගගුල් මෙල්ල වුණා..

 

කාටවත් කරදර කරන් නෑ කියලා පොරොන්දු වෙච්චි හැටි මතක් වුණා.

 

කොල්ලා කසුන්ව අත ඇරලා ෆෝන් එකත් අරගෙන එළියට ආවා.

 

නිදූ..

 

ගගුල්..

 

ගගුල්ගෙ කේන්තිය නිවුණා.

 

ගගුල් ඇයි හදිසියේ ගත්තෙ.

 

මං..මං ගත්තද?

 

ගගුල් සරණෙ දිහා බැලුවා.

 

සරණෙ මෝඩ හිනාවත් පෑවා..ගගුල් හිතා ගත්තා වෙච්චි දේ

 

ආ..ඔව්..පැටියො..මට මතක් වුණා.කොහොමද ..අවුලක් නැහැනෙ

 

නෑ..

 

කොච්චර අවුල් තිබ්බද ගගුල්ට ඒවා කියන්න නිදුලිට බෑ.

🌹🌹🌹

 

ඊලග කොටසට

 

🌹🌹🌹🌹

 

ඔය නපුරු දෑසට පෙම්බැදි

අසම්මත පෙම්වතිය,

මමම වෙමි රත්තරං ….

හිත යටට එබෙන ඔය

සොදුරු නෙත් බැල්ම

බර වැඩී නෙත් තෙමන්..

අද මෙන්ම හෙට දිනත්

පතමි පැතුමන් තවත්

ලග ඉන්න නැති උනත්

පෙම් බදිමි

ගව් ගනන්……❤️❤️❤️❤️ආදර නිදූගෙන්❤️❤️❤️jeewanthi senarathna.

 

💙ලස්සන නිසදැස් දෙන යාලුවෝ ඔක්කොටම ස්තුතියි…ඔක්කොම පළ කරන්න බැරි වෙන එකට තරහ වෙන්න එපා 💙

 

☠️කොපිකිරීම තහනම් ☠️

 

කියවන අය page එකටත් අනිවාර්යෙන් ලයික් කරන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!