ගගුල්…
කතා කරන්න එපා..නගිනවා ජීප් එකට..
කොල්ලා..සාක්කුවෙන් ෆෝන් එක අරගෙන කෝල් එකක් ගන්න ගමන් ජීප් එකට ගොඩවුණා..
සරණෙ…ලාරාගෙ ගැන්සිය මට ඇටෑක් කළා.උඹ වරෙන් දැන්මම වාහනයක් අරං.මං ප්ලේස් එක එවන්නම්..කසුන්ගෙ ගේ වට කරපං…වෙන එකෙක් නෑ මං ගැන ඔත්තුව දෙන්න..මගෙ සැකේ හරි..ඌ තමයි ඉන්න ගුණමකුවා.
බොස්..බොස්ට අවුලක් නෑ නේද? නිදුලි මිස්?
අව්ලක් නෑ..එයාගෙ ජීවිතේ අනතුරේ වැටෙනවා බං…මට විසදගන්න කේස් ටිකක් තියෙනවා..
බොස්..ලාරා මොකද කියන්නෙ
ඒක මටත් පැහැදිලි නෑ..අපි බලමු..රොනී මහත්තයාට දැනගන්න තියන්න එපා මොකුත්..අපිට හොයා ගන්න දෙයක් තියෙනවා..
හරි බොස්..මංම එන්නම්..
ඒක හොදයි..ජීප් එක හදවගෙන අරං යන්න ඕනෙ..තව එකෙක් දාගෙන එනවා.
හරි බොස්..
————————
කොහොමත් සරණෙ එද්දි රෑ වෙනවා.ගගුල් ටිකක් සෙටියෙ නිදාගෙන ඇහැරෙද්දි නිදුලි පේන්න නෑ..කෙල්ල මගින් ගත්තු පාන් කාලා ගගුල් නිදි නිසා බෙහෙත් පෙති ටික අතට ගත්තා.ඉක්මණට ඒවා බීලා කවරෙ පොඩි කරලා විසික් කළා.ඒ එක්කමයි ගගුල් කාමරේට ඇතුළු වුණේ.
නිදුලි ගැස්සුණාට ඒක නොපෙන්වා ජනෙලේ ළගට ගියා..ගගුල් පිටිපස්සෙන් ඇවිත් කෙල්ලගෙ බද වටේ අත දාගෙන තුරුළු කරගත්තා.
නෑවද? ම්….
හ්ම්..
සුවදයි..
හ්ම්..
සරණෙ එන්න රෑ වෙයි
හ්ම්..
තරහද?
හ්ම්
ගගුල් කෙල්ලව දෝතට අරගෙන කම්මුල් සිප ගත්තා.
මං යාළු කරගන්නම්.
කොල්ලාගෙ තරහා නිවිලා දැන්..ඒත් නිදුලි ඔරවගෙන ඉන්නවා.ගගුල් නිදුලිව ඇදෙන් තියලා නහය මිරිකලා.කට දෙපැත්තට කලේ හිනා මූණක් මැවෙන විදිහට..නිදුලි විරිත්තුවා.
විරිත්තද්දිත් ලස්සන වැදිරියක් වගේ..
හ්ම්..
මොකද කතා කරනන් බැරිද?ආ..
කොල්ලා ඇහැවෙ කෙල්ලගෙ දෙතොල් මහපට ඇගිල්ලෙන් පිරිමදින ගමන්.
හ්ම්
මං ගෙදර ඇරලවන්නද එහෙනම්..
ආ…
නිදුලිගෙ කට ඒ පාර ඇරුණා..
කොන්දේසියක් තියෙනවා.. මං කතා කළාම එන්න ඕනෙ..මං කියන වෙලාවට කියන තැනට..
ගගුල්ගෙ ඇස් කෙල්ලගෙ වත පුරාම දිව යනවා.කොල්ලා මොනවද ඒ පාර කරන්න යන්නෙ..නිදුලිට හිතා ගන්න බෑ..
ගගුල් කම්මුලක් මත දෙතොල් තිබ්බෙ නිදුලිගෙ ලොකු ඇස් වල ආකර්ශනේට නතු වෙලා.
ගගුල්..ඇයි ඔයාට මාව එපා වුණාද?
පිස්සි…තේරෙන් නැද්ද? අද ඔයාගෙ ජීවිතේ මං නිසා අනතුරේ වැටුණා.මේ දෙවනි පාර..ආයෙ එහෙම වෙන්න දෙන්න බෑ..මට තියෙන මේ ප්රශ්න ටික විසදගන්නකල් ඔයා ගෙදර ඉන්න.ඒක ආරක්ෂිතයි
ඒත් මං කොහොමද ආයෙත් ගෙදර යන්නෙ.එයාලට මූණ දෙන්නෙ.
කෙල්ලෙ..ඔයා කියන්න රනුක නිසා එපා වෙලා ගියා කියලා..යාළුවෙක්ගෙ ගෙදරක හිටියා කියන්න..දැන් ආයෙත් ආවා කියන්න.
බොරු කියන්න උගන්නන ලස්සන..දහම් පාසලකට තියා පන්සලකටවත් ගොඩ වෙලා නැද්ද? බොරු කියලා මිනිස්සු රවට්ටන එක පාපයක්..ඔයා නිසා මං මේ පුරවගත්ත පව් මදිද?
එහෙනම් කියනවා ගගුල් කිඩ්නැප් කළා කියලා.. පස්සෙ තමුන්ගෙ කැමැත්තෙන් ගගුල් එක්ක ගියා කියලා. ..තව… ගගුල් මෙහෙම තුරුළු කරගෙන කිස් කළා කියලත් මතක ඇතුව කියනවා..
ගගුල්.
නිදුලි කෑ ගැහැවෙ තරවටු හඩින්..
ඒත් ගගුල්ට ඒවා ඇහුණෙ නෑ..කොල්ලා නිදුලිගෙ ගෙල දිහාට වියරු සුසුම් ගෙනගියා.
———————-
සරණෙ වෑන් එකේ පිටි පස්සෙ ඉන්න ජෝඩුව දිහා නොබලා ඉන්න වෙහෙසුණා..ඒත් මැද කණ්ණාඩියෙන් පේනවා.
ගගුල් කෙල්ලගෙ කම්මුල් ඉඹින්න හදනවා..නිදුලි තල්ලු කර කර කොනිත්තනවා.කොල්ලා හිනා වෙනවා නනස්ටොප්..
ගගුල් ඇති ඔය විකාරෙ ..පිස්සු ඔයාට
නිදුලි රහසින් මුමුණනවා..
සරණෙ බලන් නෑ..
පිස්සු එයා බලනවා..
මං උගෙ ඇස් දෙක ගලවනවා..
මොනවද කියන නරක කතා..ඔයා කියන ඒවටයි කරන නරක වැඩ වලටයි යන්න අපායක් හදන්න වෙයි.
ඔයා සුරදූතියක් වෙලා මාව අපායෙන් ගලව ගන්න
ගගුල්..තමන් වැරදි කලොත් කාටවත් ගලව ගන්න බෑ..තමන්ටම තනියෙන් විදවන්න වෙනවා..
ඉතිං ඔයා මට මොකද කරන්න කියන්නෙ..
මේවයින් ඈත් වෙන්න..පොලිසියට බාර වෙන්න..දඩුවම් විදලා එළියට ආපු දවසක හොද මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න.සමාජෙ පිළිගත්තු කෙනෙක් වෙන්න..ඔයා එහෙම හොද කෙනෙක් වෙනවා දකින එක තමයි මගෙ අන්තිම කැමැත්ත..
නිදුලි ඒක කිව්වෙ සීරියස් කියලා කොල්ලට තේරුණා.කෙල්ලගෙ ඇස් වල කදුළු පිරුණා.
එදාට ඔයා මං වෙනුවෙන් ඉන්නවද?ආ
ජීවත් වෙලා හිටියොත් මං ඉන්නවා ගගුල්
ඇයි එහෙම කියන්නෙ..ආ…
අපේ ජීවිත ගැන විශ්වාස කරන්න බෑනෙ…ඒකයි එහෙම කිව්වෙ..
මට බබාලා දෙන්නෙක් ඕනෙ.
මො..මොකද්ද?
ගගුල් එකපාරටම කතාව මාරු කළා.
බබාලා ..යූ නෝව්..බේබි..
නිදුලි අහක බලාගත්තා.
එක්කෙනෙක් දුවෙක් අනිත් එක්කෙනා පුතෙක්..දුවගෙ නම රෝසි කියලා තියමු.
ගගුල් දකින හීන වලට කවදාවත් පණ ලැබෙන්නෙ නෑ..නිදුලිට ඒක විශ්වාසයි..ඒත් ගගුල්ට වෙන කෙනෙක් බැදලා ඒ හීනෙ හැබෑ කරගන්න පුළුවන්..නිදුලි ඉවසුවා…
කොහෙන් ගියත් රෝසි තමා.
ඒයි ඉරිසියා කරන්න එපා හලෝ..මං ආදරෙයිනෙ..
කෑ ගහන්න එපා.අර සරණෙට පිස්සු හැදෙයි..මේ විකාර වලට..
ඒ සරණෙ..උඹ දන්නවද අපි දැන් කතා වුණේ මොකද්ද කියලා..
ගගුල් කෑ ගැහැවා.
නිදුලි කොල්ලගෙ කට වහන්න දැගලුවාට කොල්ලා නිදුලිගෙ අත ඈත් කලා
බොස්..
උඹව මාමා කෙනෙක් කරන්න..කන්ග්රැජුලේෂන් මචං..
බොස්..
සරණේට හිනාව නවත්තගන්න බැරිවුණා.
මෙයාට පිස්සු සරණෙ අයියා..
නිදුලි පළවෙනි වතාවට සරණෙව ඇමතුවා..ඒ ආදරණීය ආමන්ත්රණේ සරණෙගෙ පපුවටම වැදුණා.
මිස්…අපෙ බොස් ඔහොම සතුටින් ඉන්නවා දැක්කමයි මං..බොස්ගෙ සතුට තියෙන්නෙ මිස් අතේ.
සරණෙ කිව්වෙ ඇස් වලට පිරුණු කදුළු හංගගෙන.සරණේ ගගුල්ට හරි ආදරෙයි..සරණෙට කාත් කවුරුවත් නෑ..ගගුල් විතරයි හැමදාම හැමදේටම හිටියෙ.
සරණෙ අපෙ පොඩි එවුන්ව මොන්ටිසෝරි අරං යන්න ඕනෙ උඹ..
එකෙන්ම බොස්..
පිස්සදු ගගුල්..සරණෙ අයියා කසාද බදින් නැද්ද?ඔයාගෙ වැඩ කර කර හිටියම හරි යනවද?
ගගුල්ගෙ කට වැහුණා..ඇත්තටම සරණෙ ගැන එහෙම දෙයක් ගගුල් කවදාවත් හිතලා නෑ.
සරණෙත් එහෙම දෙයක් ගැන හිතලා නෑ..මොකද සරණෙගෙ ජීවිතේම මේක.
මොකද දෙන්නම නිශ්ශබ්ද..ගගුල් ඔයා වගේම සරණෙ අයියත් දවසක කසාද බදින්න ඕනෙ.මං කොහෙ හිටියත් ඔයාලා සතුටින් හොදින් ඉන්නවා බලලා සතුටු වෙනවා..මේ ජරා ජීවිතෙන් ඈත් වෙන්න ඕනෙ..
ගගුල් නිදුලිගෙ අතක් අල්ලගත්තා.
මොනවද තමුසෙ සැරෙන් සැරේ කියවන්නෙ..තමුසෙව ගෙදර ඇරලවන්නෙ නෑ මං..හිතාගෙන ඉන්නෙ රනුක ළගට යන්නද?
ආ..
විකාරද?
එහෙනම්..
මං වැරදි දෙයක් කිව්වෙ නෑ..
සරණෙ මේකිව ගෙදර එක්ක යන් නෑ මං..අපි ළඟම තියාගමු..
ඔව් ..අර ලාරා ද කවුද ඇවිත් වෙඩි තියලා මාව මැරුවම බොස් එක්ක ගෝලයා එකතු වෙලා වලලන්න මාව.
මේකිගෙ කට නම් සරණෙ..ඇත්තමයි මට..
බොස් රිලැක්ස්..මිස් විහිළු කරන්නෙ..
සරණේ අයියෙ..ඔයා දන්නවද රෝසි තමා මෙයාගෙ පොඩි කාලෙ ගර්ල් ෆ්රෙන්ඩ්..මාර ලව් එක ආ..
නිදුලි කිව්වෙ හිතේ දුක අමතක වෙන්නත් එක්ක
නිදු කට වහනවා..
ඈ
..
සරණෙ පුදුම වුණා
ඔව් සරණෙ අයියෙ. මෙයා එයාව දකින දකින සැරේට කිස් කරනවලු.
නිදූ..කට වහනවා
ගගුල් කෑ ගැහැවා..
මාර ලව් එකක් ඒක.
ගගුල් නිදුලිට හිතන්න වත් නොදී දෙතොල් සිපගත්තෙ කෙල්ල කට වහන් නැති නිසා.කොල්ලා කට කොනින් හිනා වුණා
නිදුලි රතුම රතු වෙලා.
කෙල්ල ඒ පාර කට වහගෙන අහක බලාගත්තා
ගගුල් බක බක ගාලා හිනා වුණා.සරණෙ ප්රාර්ථනා කලේ මේ ජෝඩුවට තමන්ගෙ ඇස් වහ වත් වදින්න එපා කියලා.
🌹🌹🌹🌹
ඊළග කොටසට
☠️කොපි කිරීම තහනම්☠️
දුක් සුසුම් මට හොඳට පුරුදුයි….
ජීවිතේ මගේ ඒ තමයි…
සතුට සැනසුම් නුපුරුදුයි…
අරන් ආවේ නුඹ තමයි…
නුඹ ගෙනා ලොව හරිම සොඳුරුයි….
දරාගන්නත් බෑ වගෙයි…
දැනෙනවා මට නුඹත්දැන් නම් ආදරෙයි…
මන්ද…
❤❤❤❤❤❤❤
මගේ කරදරේ නුඹත් දැන් හරි කලබලයි…
අනේ ඒත් සොඳුරිය කලබලය හරි අනතුරුයි…
එක නිමේෂෙක නුඹට කරදර….
මාව පාලනයෙන් තොරයි…
නපුරු වෙන්නේ නුඹේ කරදර ගැන බියයි….
නුඹව රැකපන් නුඹ මගේ පණයි…
එකතුවූ පව් පස්සේ ඒවී…
ඒවගේදි ඈතින් ඉඳින්…
කොතෙක් කරදර කොහොම ආවත්…
නුඹට නපුරක් ලං නොවේවි…
කොතෙක් කරදර කොහොම ආවත් දාලා යන් නෑ නුඹව මන්…
හෙවනැල්ල මෙන් ළඟින් ඉඳපන්…
සතුට සැනසුම නුඹ ළඟයි…
මහ මෙරක් ආදරේ දීපන්…
රකින්නම් දෑසේ තියන්…
❤❤❤❤❤❤❤❤
Dushanthi perera
🌹🌹🌹🌹🌹