🌹අන්සතු රුවැත්තිය🌹- 18 කොටස

ගගුල් ඉස්සිලා ජීප් එකෙන් බැස්සෙ යකා වගේ..

 

නිදුලි බයටම කෑගැහෙන්න ගියාම කට දකුණු අතින් වහගත්තා.

 

කොල්ලා ජීප් එකේ දොර දඩාස් ගාලා වහගෙන ඉස්සරහට ගියා

 

ලාරා..උඹ ගේමට ආවෙ දුරු කතර ගෙවාගෙන මොකද?කිව්වා නම් මං ‍ෆේස් ටු ෆේස් එන් නැද්ද?

 

ලාරා කට කොනින් හිනා වුණා..ගැන්සියේ දහයක් විතර එතන..ලාරාගෙ රිදී පාට මහත චේන් එක දිලිසෙනවා.

 

මං දන්නවා ගගුල්..උඹ එක්ක නිදහසේ කතා කරන්නයි ඕනේ වුණේ..රොනී එක්ක බෑනෙ..ඌ උඹට ගැලවෙන්න දෙන්නෙම නෑනෙ..

 

කියනවා..මොකද්ද කාරණේ..එදා කේස් එක නම් ඒක උඹලා විහින් නාගත්තෙ

 

ඒක මං පිළිග්නනවා..

 

මොකද්ද මගෙ කාලෙ කන් නැතිව කියනවා..

 

ඇයි මොකද හනිමුන් එක ඉවර නැද්ද තව.

 

ගගුල් බෙල්ල ඇල කළා.කොල්ලගෙ මස්පිඩු වේගෙන් නටනවා.මුන් කොහෙමද නිදුලි ගැන දන්නෙ.ගගුල් ලාරා ළඟටම ඇවිත් මුහුණට මුහුණලා හිටගත්තා.කොල්ලා කිසිම විදිහකින් බය වුණේ නෑ.

 

අදාල දේවල් විතරක් කතා කරනවා ලාරා

 

නැත්නම්

 

නැත්නම් උඹ දන්නවනෙ දහයක් මට වැඩි නෑ…

 

බලමුද එහෙනම් ..කාලෙකින් සටන් ජවනිකාවක් බලන්නත් බැරිවුණා..

 

ලාරා එහෙම කරලා ඉගි කළා විතරයි කොල්ලො දෙන්නෙක් ගගුල් දිහාට කඩං පැන්නා.

 

ගගුල් තියුණු ඇස් වලින් බලං හිටිය නිසා ඒ පහර වල් ක්ෂණිකව නවත්තගෙන දෙන්නාගෙම අත් ඇඹරුවා..ඒ එක්කම ඔක්කොම පැන්නා..සෑහෙන වෙලාවක් කොල්ලා ෆයිට් කළා.. කොල්ලා අත ඇරියෙ නෑ..ඒත් ලාරා ගහපු පාර කම්මුලට වැදුනු නිසා ගගුල් බිම වැටුණා

 

ගගුල්..

 

නිදුලි ඔක්කොම හොරෙන් බලාගෙන හිටියෙ..කෙල්ල කෑ ගහගෙන පැනලා දුවගෙන ආවෙ ගගුල් බිම වැටුනම..

 

ලාරාගෙ ඇස් නිදුලි දිහාට යොමු වුණේ ක්ෂණිකව..

 

ගගුල් අරං ගියපු කේලල මෙච්චර සුන්දර බව ලාරා හිතුවෙ නෑ..

 

අම්මට සිරි..රෝස මල් යායක් වගේනේ.

..

ලාරාගෙ කටින් කියැවෙද්දි.බිම වැටිලා හිටපු ගගුල් දත්මිටි කාගෙන නැගිටලා ලාරාගෙ කම්මුලට අතමිට මොළවලා පාරක් ගැහැවෙ ලාරාගෙ අවධානෙ කෙල්ල දිහාට තිබ්බ එකෙන් ප්‍රයෝජන අරගෙන.

 

ගගුල් ඉතුරු වෙලා හිටපු දෙන්නටත් ගැහැවෙ බිම වැටෙන්නම.

 

ලාරා ආයෙත් නැගිටලා නිදුලි දිහාට ඇවිත් ගන් එක කෙල්ලගෙ ඔලුවට තිබ්බෙ කෙල්ලගෙ අතින් ඇදගෙන

 

ඒයි..මේ රෝස මල කුඩු කරනවා

 

ගගුල් කොල්ලො දෙන්නව අතඇරලා පියවරෙන් පියවර කෙල්ල දිහාට ආවා..

 

ඉතිං කුඩු කරපං..වෙඩි තියපං..

 

ගගුල් කෑ ගැහැවා..

 

නිදුලි කට කට ගාලා ගැහෙනවා..ගගුල් වෙඩි තියන්න කියන්නෙ ඇයි…

 

මෙච්චර ඉක්මණට මැරෙන්න වෙයි කියලා කෙල්ල හිතුවෙ නැහැ..

 

ලාරා ..උඹ අත තිබ්බෙ මගෙ කෙල්ලට…උඹ දන්නවා මං ගැන..මං කුපාඩියෙක් නෙවෙයි උඹ වගේ..හොද හිතින් ඔය කෙල්ලව අතඇරපං..උඹට ඕනෙ මොනවද කියපං.මට පුළුවන් නිදුලි වෙනුවෙන් මුළු ලෝකෙම අතඅරින්න.ඒ වගේම මරාගෙන මැරෙන්න…

 

උඹලටත් පවුල් පන්සල් තියෙනවා..රොනී වගේම සරණෙ ජීවත් වෙනවා මං මැරුණත්.. උන් උඹෙ පවුලෙ හත්මුතු පරම්පරාවම ඉවර කරන්න දෙපාරක් හිතන් නෑ..උඹ කාටත් වඩා මං ගැන දන්නවා..ගගුල් වචනයක් දුන්නොත් ඒක වෙනස් වෙන් නෑ..

 

ගගුල්ගෙ හඩ ගිගුරුම් දුන්නෙ කට්ටියම ත්‍රාසයට පත් කරලා..කොල්ලෙක් එ‍හෙම සිරා කතාවක් කියනවා ඇහැවමයි..

 

ලාරාත් ගැස්සිලා ගියා..ලාරා කේලලව අතඇරලා පිස්තෝලෙ පහලට දැම්මා..

 

හරි ගගුල්..මට වෙන්න ඕනෙ මෙච්චරයි.. උඹ මගෙත් එක්ක එකතු වෙන්න ඕනෙ..හවුල් බිස්නස්

 

එ්ත් ඇයි මං එහෙම කරන්නෙ.

 

මොකද මට රොනීගෙන් පළිගන්න ඕනෙ නිසා.

 

පළිගන්න..ඒ මොකටද?

 

ගගුල් පුදුම වුණා..

 

ගගුල් උඹ දන්නෙ නෑ රොනී ගැන..ඕකා මහ එපා කරපු එකෙක්..ඌ මගෙ නැන්දව කසාද බදිනවා කියලා රවට්ටලා තියෙනවා තරුණ කාලෙ…නැන්දා මට කීවෙ ළඟදි..

 

හරි…මං ඒ ගැන හිතලා බලන්නම්..දැන් උඹලා මෙතනින් ගියොත් හොදයි.ආමි කෑම්ප් එකක් ළග තියෙනවා..ආමි එක නිතරම එහෙ මෙහෙ යනවා.

 

ලාරා නිදුලි දිහා බැල්මක් හෙලලා ගගුල්ගෙ උරහිසට තට්ටුවක් දාලා වෑන් එකට නැග්ගා..වෑන් එක ගියාම නිදුලි අඩාගෙන ඇවිත් ගගුල්ට තුරුල් වුණා..ඒත් නිදුලි හිතුවෙ නැති විදිහට.ගගුල් නිදුලි තල්ලු කරලා දැම්මා.

 

ගගුල්..

 

නිදුලි පුදුමෙන් කොල්ලා දිහා බැලුවා.

 

කොල්ලා නිදුලිගෙ ඔලුවට ගන් එක තියලා බෙල්ලෙන් අල්ලගත්තා.කොල්ලගෙ මුන මුන තරහින් කළු වෙලා දාඩිය බේරෙනවා

 

උඹට මැරෙන්න ආසද?..ආ..මැරෙන්න ආසද?

 

ගගුල්..

 

නිදුලිට හුස්ම ගන්නත් බැරි තරම්.

 

මං උඹට කීවෙ මොකද්ද..ආ..බහින්න එපා කියලා නේද?උඹ මොකටද මෙතෙන්න කඩාගෙන බිදගෙන දුවගෙන ආවෙ..මං මැරුණද බලන්නද?

 

ග් …ගගුල්..රිදෙනවා..මට

 

ගගුල් කෙල්ලව අතඇරියා..

 

උඹට රිද්දන්න මට බෑ නිදුලි..ඇයි උඹ මාව කේන්ති ගස්සන්නෙ..උඹට මොකුත් වුණා නම් මං මොකද කරන්නෙ..

 

ගගුල්…

 

කතා කරන්න එපා..නගිනවා ජීප් එකට..

 

🌹🌹🌹🌹🌹

 

ඊළඟ කොටසට

🌹🌹🌹🌹🌹

 

සුසුම් වැල් මැද හද සැලෙන්නේ..

ආදරේ හින්දයි නුඹේ…

ජිවිතේ නුඹම පමණයි මගේ….

කඳුල සිනහව දෙකම අතරේ…

සතුට බීතිය දෙකම මැද්දේ…

බිය නොවී හිටපන් අනේ…

දුකක් දෙන්නෑ පණ මගේ…

පණයි නුඹ මේ මගේ…

රකින්නම් වස්තුව මගේ…

දියන් ඔය ආදරේ…

සතුට එය වෙයි මගේ…

වෙයන් මගේ ජිවිතේ…

බෙදා ගමු ජිවිතේ….

❤❤❤❤❤

අපූරු පද වැල-dushanthi perera

 

☠️කොපි කිරීම තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!