සන්ජනා..ඇයි
ඔයාගෙ කකුල රිදනවද..මං අතගෑවා..
රෝස පැහැ රෑ ඇදුමක් ඇදි ඇය අද රෝස කිරිල්ලියක බදුය..ඇගේ දිගු වරලස සවස දිය නෑම නිසා මුදාහැර ඇත..
ඔලුව රිදෙනවා..පුළුවන් නම් අතගානවද?
හා..
සන්ජනාගේ සිනිදු අතැගිලි ඔහුගේ හිස කෙස් අතරින් යද්දී මලින්ද දෑස පියාගත්තේ හිසට දැනුනු සුවදායී බව නිසාමය.
ඇගේ මුදු වතින් නික්මෙන රස්නය ඔහුට දැනේ..
හරි සනීපයි සන්ජනා..
ඇයි ඔලුව රිදෙන්නෙ..
දන් නෑ..
සොරි මලින්ද
ඇයි
මං නිසා එහෙම වුණේ..ඇයි ඔයා මාව බේරගත්තෙ..
ඔහු දෑස විවර කලේය..ඇගේ සුසුම් ඔහුගේ නළලතට දැනේ..ඒ සිනිදු කෙහෙ රැල්ලක් ඔහුගේ කම්මුලක් සිපගයි.මලින්ද සුරත ඉහලට ඔසවා ඇගේ කම්මුලක් ස්පර්ශ කලේය.
ඔයාට මොනවා හරි වුණා නම් ..සන්ජනා ..මගෙන් වැඩක්ද එහෙනම්..
සන්ජනා ඉවත් බැලුවේ ඒ දෑසේ කාන්තිය දරන්නට බැරිවය.
ඒ වුණත්
ස්ස්..ඒ ගැන ආයෙ කතා කරන්න එපා..
මලින්දගේ අතැගිලි ඇගේ දෙතොල් මත දග කරයි..
තනියමද රෑ නිදාගත්තෙ.
හ්ම්
.පොඩීව එක්ක ගන්න එපැයි..
ගාණක් නෑ..
මලින්ද ඈ සුරත ගෙන ළයට තද කරගත්තේය..මදකින් ඔහු ඒ සුරත සිපගත්තේය..
ඇයි රෑ වෙලා නෑවෙ..ම්..සීතලයි නේද?
ගාණක් නෑ..ආච්චි කීවා තුවාලෙ වේලුණාම සිංහල බෙහෙත් කරමු කියලා..වෙද මහත්තයෙක් ඉන්නවලු දන්න
හ්ම්..බලමුකො..
සන්ජනා සෙමෙන් ඔහුගේ පපුතුරේ හිස තැබුවේ මලින්ද පුදුමයට පත් කරවමිනි. සුලු මොහොතකින් ඔහුගේ පපුතුරට ඇගේ කදුලක උණුසුම දැනුනි..ඇය හඩයි..ඔහු සෙමින් ඇගේ හිස අතගෑවේය.
ඇයි සන්ජනා..ඇයි මේ..
ඒත් සන්ජනා නිහඩය.කතා කරන්නේ කදුල පමණි.
සන්ජනා…ඇයිමේ ..කියන්න..මොකද්ද වුණේ..ආ
සන්ජනා තදින් යටිතොල සපාගත්තාය..ඈ හැඩුම වළක්වා ගැනීමට උත්සාහ කරයි..
සන්ජනා..ඇයි..මොකද්ද වුණේ..ඔයාට කවුරුහරි මොනවා හරි කීවද..ආ..සන්ජනා….මාව කේන්ති නොකර කියනවා
ඔහු කෝප ගැන්වී ඇත..ඇගේ හඩ සෙමෙන් සෙමෙන් ඔහුට ඇසේ..
ඔ..ඔයාට මීට කලින් ..කිසිම කරදරයක් සිද්ද වෙලා නෑලු..අපි බැදපු අලුත මෙහෙම වුණේ මගෙ කේන්දරේ අපල තියෙන නිසාද දන් නෑලු..ආයෙත් කේන්දර බලන්න ඕනෙලු..ම..මං..ඔයා ගැන හොයනවා මදිලු..
උදෑසන ඇගේ කනට වැටුණු වචන ටික ඈ නොනවත්වා කියවා ගෙන ගියාය..
කවුද එහෙම කීවෙ
ලො..ලොකු නැන්දා
මං කියලා තියෙවා නේද ඔයාට එයා කියන ඒවා ගණං ගන්න එපා කියලා..ම්ම්..
තුසාරා විතරයි ඔයා නැති වෙලාවට මට ඉන්නෙ..
එහෙම හිතන්න එපා සන්ජනා..හැමෝම ඔයාට ආදරෙයි..
සන්ජනා නිහඩව ඔහුගේ පපුව මත ඇගිල්ලකින් ඉරි අදී..මලින්ද සෙමෙන් ඇගේ පිට හිස පිරිමදියි..රිදෙන්නේ ඔහුගේ හිසයි..එහෙත් ඔහු දැන් අතගාන්නේ ඇගේ හිසයි..ඇගේ හිත සුවපත් කිරීමට ඔහු වෙර දරයි..ප්‍රේමය යනු අමුතුම ආකාරයේ මායා ලෝකයකි..ඔහු සිරවී ඇත..මේ බැදීම තුල සිරවී ඇත.. මලින්ද දෑස පියාගත්තේය..
~~~~~~~®uwani Liyangolla~~~~~~
සන්ජනා..සන්ජනා..නැගිටින්න
උදෑසන හිරුකිරණ කවුළුවෙන් එබිකම් කරයි. ඈ තවමත් ඔහුගේ පපුව සුව නින්දේය.
සන්ජනා..
ම්..
ඈ හෙමින් හිස ඔසවයි..
මට වොශ්රූම් යන්න ඕනෙ..නැගිටින්නකො..
සො..සොරි..
දැන් ඈට දැනුනේ ලැජ්ජාවකි..තමන් ඔහු පපුතුර අයිතිකරගන්නේ සිතා මතා නොවේ..
තාත්තාට කතා කරන්න
එපා..මං උදව් කරන්නම්..
ඔයාට බෑ සන්ජනා..
පුළුවන්..
ඇය ඔහුට නැගිට නානකාමරය වෙත යාමට උපකාර කලේ කැමැත්තෙනි..ඇගේ මේ වෙනස ඔහුට කුතුහලයකි..එහෙත් මලින්ද සුපුරුදු නිහඩවත් පිරුවේ එසේ හෝ ඈ ළංවීම ඔහුට සතුටක් වූ බැවිනි.
~~~~~~~~~®~~~~~~~~
කිරි පුතා..මයෙ අම්මට දැන් හොදයි නේද?
ඔව් ආච්චි..සෑහෙන්න හොදයි දැන්..සීයා එක්ක ගිය වෙද මහත්තයා හරි කරුණාවන්තයි..කතා කළත් ඇති..
සතියක් ගත වූ තැන මලින්දගේ පය වෙද ගෙදර ප්‍රතිකාර නිසා සුව අතට හැරෙමින් තිබිණි. සන්ජනා වැඩි කතාබහක් නැතිව වුවද ඔහුට අවශ්‍ය උපකාර කරන්නීය..මලින්දට ඇගේ හැසිරීම පුදුමයකි..ඈට සාමාන්‍යෙයන් නිහඩව සිටීමට නොහැකි බව ඔහු දනී..
ඈ තැන්පත් වී ඇත..දගකාර බව අඩුවී ඇත.මලින්ද සෑම රාත්‍රියකම නින්දට යන විට ඈ සිපගනී..දැන් ඇය ඔහුට විරෝධය පාන්නේ නැත..එහෙත් මලින්ද ඈව පපුවට ගෙන නිදාගන්නේ සතුටිනි.
අන්න සීයා එනවා
ගෙවත්තේ බංකුවක ඉද සිටින ආච්චි හා පුතා දෙස බලාගෙන සීයා පැමිණෙන්නේ මලින්දගේ ගිටාරයද අතැතිවයි..
සීයෙ..
ගොඩ දවසකින් පුතාගෙ සිංදුවක් ඇහුණෙ නෑ බැන්දත් හරි පුතා සිංදුවක් කීවෙම නෑ.
ඔව්..ඔහුට නිරවුල් මනසක් ඒ සදහා තිබුණේ නැත..ඒ බැව් සීයාට කියන්නට මලින්ද ඉක්මණ් නොවිණි.ඒ සමගම සන්ජනා පැමිණෙනු පෙනුනි..
ආ..දුව ආපු එකත් හොදයි..ඔන්න කිරිපුතා සිංදුවක් කියන්න හදන්නේ.. ඉදගන්නකො
සන්ජනා එහා බංකුවේ අසුන් ගත්තීය..
ආච්චි මලින්දට කිරිපුතා කියන හැම විටම සන්ජනාගේ මුහුණේ මැවෙන සරදම් හිනාව මෙවරද මලින්දගේ දෑසට හසුවිණි..ඔහු ඈ දෙස හෙලුවේ තරවටු බැල්මකි.
සිංදු කියන්න මූඩ් එකක් නෑ සීයෙ..
එහෙම බෑ..කියන්නම ඕනෙ..
මලින්දට වයසක ජෝඩුවගෙන් බේරිල්ලක් නැත..ඔහු ගිටාරට අතට ගත්තේය..සන්ජනා ඔහු දෙස බලා සිටී….ඈ දිය නා වරලස මුදාහැර ඇත.නිල් පසුබිමේ සුමු ලොකු මල් වැටුණු ගවුමට ඈ දිස්වන්නේ අරලිය මලක් මෙනි..මලින්දගේ දෑසේ ආකර්ෂණය ඈ හිත ගස්සයි.
ම්….ම්…ම්…….
නුරා දෑස මගේ
සොයයි පහස ඔබේ
රෝස කොපුල් දිගේ
ගලන කදුල ඇගේ
ළයට තුරුළු…. වෙන කුසුමිය..
මගෙ උරුමය… ඔබ පමණය..
සිහින් සරින්… ඉකිබින්දද…
සිර කර ඇත… ඔබ මුදුවක..
දෙතොල් සිඹිමි… ආදරෙන්…
ඔබෙ නෙත් ඇත… සීරුවෙන්…
රැයෙහි දවන… හැගුම් සරන…
ඔබ සුවදකි …රෝස කුසුම.
නුරා දෑස මගේ
සොයයි පහස ඔබේ
රෝස කොපුල් දිගේ
ගලන කදුල ඇගේ
ගීතය පුරාම මලින්දගේ සියලු හැගීම් කියැවී තිබුණි..සන්ජනා බිම බලා සිටියේ එවර ඔහුගේ දෑසේ කාන්තිය දරා ගත නොහැකි වූ බැවිනි..ඔහුගේ ගී හඩ සිය හදවත අමතනු ඇයට දැනේ..ඔහු කතා කරන්නේ සිය ආත්මයට නොවේද?
හරි ලස්සනයි පුතේ..ඒත් එහෙම සිංදුවක් මං අහලා නෑනේ මීට කලින්..අලුත් එකක්ද?
ආච්චි මලින්දගේ හිස අතගායි..
ඔව් ආච්චි..අලුත්ම අලුත් එකක්..
මලින්ද ගිටාරය පසකෙ තබමින් කීවේ සන්ජනා දෙස විමසුම් දෑසින් බලමිනි..එහෙත් ඈ ඔහු දෙනෙත් මග අරියි..
නෝනේ..අපි යමුද ඇතුලට මන්දාරම ගලනවා..මේ දෙන්නට කතා කරන්නත් දේවල් ඇතිනේ..
සීයාට යමක් තේරුම් ගොස් ඇති සෙයකි.. මලින්දගේ දෑස ගීය ගයද්දී ශෝකයෙන් බර වෙනු අයුරු සීයාට පෙනිනි..
සන්ජනා..මෙතනට එන්න
සන්ජනා පාෂාණිභූතව සිටියදී මලින්ද ළගට අඩගැසුවේය..දෙමහල්ලන් නිවසට ඇතුලු වනු පෙනිනි..මලින්ද ඒ දෙස බලා සිටියේ සතුටිනි..තම සීයා ආච්චි කිසිදිනෙක බහින් බස් වී හෝ දොස් කියාගෙන නොමැත. දෙදෙනා ජීවත් වන්නේ පුදුමාකාර බැදීමකිනි..අම්මාත් තාත්තාත් විටෙක වාද විවාද කළත් ඔවුන් සීයා හා ආච්චි කිසිදින එසේ කර නැත.තමන්ටත් අවැසි එවැනි ප්‍රේමයක් බව මලින්ද සිතයි.
සන්ජනා ඔහු අසලට පැමිණ ඇත.ඇගේ වතින් නික්මෙන්නේ සැවැන්දරා ෂැම්පු සුවදකි.
සන්ජනා..බලන්න මගෙ දිහා..
ම්හු..බෑ..
ඈ ඉවත බලාගෙන සිටී..ඔහු වට පිට බලා ඇගේ සුරත ගත්තේය..
එදා මං මැරුණා නම් ඔයාට හොදයි නේද?
©රුවනි ලියන්ගොල්ල©
☠️