සසල පතිනී🌹-09 කොටස

නපුරු මලින්ද ඉහි ඉහි

මලින්ද කාමරයෙන් එළියට ගියේ සන්ජනාට රවමිනි.ඔහුගේ මුහුණේ නපුරු පෙනුමට සන්ජනා මහත් සේ බිය වූවාය.

මොහොතකින් මලින්ද  කාමරය තුලට ආවේ විසල් බෑගයක්ද අතැතිවයි.

වැඩක් නැති වෙලාවට කියවන්න පොත් තියෙනවා මෙතන

ඉවර වුණාම මට කියනවා..

සන්ජනා එදෙස බැල්මක්වත් නොහෙලා ඇදමත ඉදගෙන සිටි..ඇගේ මුරණ්ඩුකම වැඩි වී ඇති සෙයකි.

ඔහු තමන්ට පහර දුන්නේය.

ඔහු විනය කඩකරන සිසුන්ට දඩුවම් දෙන  විදුහල්පති වරයෙක් මෙනි.

මලින්ද කමිසයේ බොත්තම් ගලවමින් ඈ අසලින් ඉදගත්තේ ඇගේ නිරාවරණය වී ඇති දෙපා දෙස නෙත් යොමු කරමිනි.

මේ ලස්සන මං දැක්කම ඇති

සන්ජනා වහා ඇද ඇතිරිල්ලෙන් දෙපා වසාගත්තාය.

මලින්ද ඇගේ කම්මුලක් සිප නාන කාමරයට වැදුණි.

~~~~~~®uwani Liyangolla~~~~~~

අද සන්ජනාගේ කට වැසී ඇත.ඇගේ බුම්මාගත් මුහුණ දෙස වරින් වර බලමින් මලින්ද රෙහන්සාගේ නිවස වෙත ඈ රැගෙන ගියේය.

හිනාවෙලා ඉන්නවා මට ලැජ්ජා නොකර..නැත්නම් ගුටි කන්න ලෑස්ති වෙනවා

ඔහු අද නපුරුම නපුරු වී ඇත.යන්නේ කොහේදැයි අය විමසුවේ නැත.

රෙහන්සා දුටු විට ඈ කලබල විය

කම් කම් ඩාලිං

රෙහන්සා මලින්දවත් සන්ජනාවත් වළදගත්තේ එකවරමය.කෙටි අත්කොට ගවුමක් ඇදි ඈ දෙස සන්ජනා බලා සිටියේ අපුල හැගීමකිනි.මලින්දත් සිටියේ පැමිණි ගොන්කම පිළිබද තමන්ටම දොස් තබාගනිමිනි.සන්ජනා ඔහු දෙස බලන්නේත් අමුතුවටය.

ඔයාලා ටූ ලේට්නේ..ඩැඩී..මමී..මෙන්න ඇවිත් දෙන්නා

මාලාට නම් රෙහන්සා ගැන අදහා ගත නොහැක..ඇය කුමකට හෝ අර අදින බව මාලාට වැටහෙයි..එහෙත් තම ස්වාමි දුවට විරුද්ධ වීමට බැරි තරමට මාලා අසරණය..

රාත්‍රී ආහාරයෙන් පසු මලින්ද රෙහන්සාගෙ පියා සමග කතාවට වැටුණි

සන්ජනා යමු මගෙ රූම් එකට අපි ටිකක් කතා කරමු..

සන්ජනා රෙහන්සා පසුපස වැටුණි.

රෙහන්සාගෙ කාමරය ඉතා සුවපහසුය.සන්ජනා පුදුමයෙන් ඒ දෙස දෑස යවයි. මලින්දත් සමග සැසදූ විට රෙහන්සා කුමරියක මෙනි..ඔහුට මේ තරම් පහසුකම් නැත.එහෙත් ඔහුද යමක් කමක් ඇති අයෙකි.එහෙත් තමා නම් මොවුන් අසලින්වත් තැබිය නොහැකි දුප්පත් කෙල්ලකි.

ඉතිං සන්ජනා කොහොමද ඔයාලගෙ ලයිෆ් එක.මලින්ද ඔයාට ලව් නේ ගොඩක්

සන්ජනා මද සිනහවක් පෑවාය.

ඔයත් එයාට ආදරෙයිද

සන්ජනා ගොලුවී සිටියාය.

දන්නවද සන්ජනා අපි ආදරේ කරන අය අපිට ආදරේ කරන්නෙ නෑ..අපිට ආදරේ කරන අයට අපි ආදරේ කරන්නෙ නෑ.

රෙහන්සා තනිව කියවයි..

ඔව් ඒක නම් ඇත්ත

සන්ජනාගේ මුවින් ඒ වදන් ගිලිහුණේ සුසුමක්ද සමගිනි.

රෙහන්සාගේ විමසුම් දෑසට  සන්ජනාගේ මුහුණේ වූ වෙනස හසුවුණි.

ආ..ඇයි සන්ජනා..ඔයාලා මැරි කලේ ප්‍රපෝසල් එකකින්නෙ..මලින්ද ඔයාට ආදරේ නැද්ද?

නෑ එහෙම නෙවේ..මේ..නිකම්..

ඔයාට කලින් එෆෙයාර් එකක් තිබිලා නැද්ද

සන්ජනා තුෂ්ණිම්භූත විය.

සන්ජනා..පේන විදිහට ත්රූ ලව් එකක් තිබිලා තියෙනවා

රෙහන්සා ඉලක්කය බලා පරහ එල්ල කළාය

මේ..ඇත්තටම තිබුණා රෙහන්සා..

ෂා ..කවුද ඒ

අසින්ත..එයා දුප්පත්..ඒ නිසා ගෙරදින් කැමති වුණේ නෑ..

එසේ අරඹි ඇගේ ප්‍රේමවෘත්තාන්තය පියඹා ගියේ  නිදහසේ අත්තටු සලාය.

සන්ජනාගේ මූණ ඔපවැටෙනු ..දෑස් දැල්වෙනු රෙහන්සා නිරීක්ෂණය කලේ සූක්ෂම දෙනෙතිනි.

සන්ජනාගේ අනුවණකම රෙහන්සාට සුභ සිහිනයක මග කියනු පෙනිනි.

🌹🌹🌹🌹🌹

තම ළයට තුරුළු වී සන්ජනා සුව නින්දකය.මලින්ද සෙමෙන් ඈ ඈත් කර ඇගේ රෑ ඇදුම මදක් ඔසවා බැලුවේ ඔහු පරහ දුන් පාදය දෙසය.කෝටු පාරට සිනිදු සම රතු වීඇත.ඔහු සෙමින් පහත් වී මුදුව එතැන සිපගෙන ෆාමසියෙන් ගෙනා බෙහෙත් ටියුබය ගෙන එහි ආලේප කලේය.

දැන් ඔහුට දුකය..තමන් ඉක්මණ් වුණා වැඩිය..ඇයට මුල් වරට අවවාද කරන්නට තිබුණි..ඈ  තමන්ගෙන් තවත් ඈත් වනු ඇත..ඔහු පසුතැවේ..සන්ජනා ඇහැරුණේ පාදයට දැනුනු  සිසිලස හේතුවෙනි.

ඇ..ඇයි ඔය..

සොරි සන්ජනා .. රිදෙනවද තවම

ඔයා මට රිදවලා සතුටු වෙනවා

ඇගේ චෝදනා බරපතලය..

එහෙම නෑ

එහෙම තමයි..නපුරුයි ඔයා..

එහෙනම් මං රිදවලා සතුටු වෙන්නද?

මලින්ද ඇගේ අතක් ගෙන තදින් සිඹ කීවේ රැවුල් කොට එහි තවරමිනි.

නරකයි ඔයා

ඔව් නරකයි මං..තමුන්ව ළග තියාගෙන සිල් ගත්තා වගේ ඉන්න මං නරකයි තමයි..

ඔහු ඇයව තුරුළු කරගෙන සිපගත්තේ සන්ජනාට  රිදෙන අයුරිනි..සන්ජනා ඉකිගසයි

ඒ සැනින් මලින්ද ඈ මුදාහලේය.

සන්ජනා ..ඔයාට මාව මේ තරමට එපාද?ආ..මං මෙච්චර ආදරෙන් සළකලත් ඔයාට මාව එපාද?මගේ වෙන්නෙම නැද්ද ඔයා..

ඔහුගේ හඩ හැගුම්බරය.ඔහු සන්ජනා ඇදේ හාන්සි කරවා දෙතොල් සිපගත්තේ ආදරයෙනි.ටිකෙන් ටික උමතු වන රළු වන ඔහුගේ පහස සන්ජනා විදගත්තේ අසීරුවෙනි..ඈ ඔහුට කැමති නැත.ඔහු මොනවා කලත් ඇයට වගක් නැත

මලින්ද ඇගේ රෑ ඇදුමේ පටිය එහෙ මෙහෙ කලේය.

ඔයා ලස්සනයි සන්ජනා..මලක් වගේ මං ආදරෙයි ගොඩක්..

ඈ ගෙල මත දෙතොල් තවරවමින් මලින්ද මුමුණන්නේ උමතුවෙන් මෙනි.

හැමදාම සතුටින් තියනවා ..මං පොරොන්දු වෙනවා..

මලින්දගේ ස්පර්ශය ඇයට ගෙනාවේ තරහකි.

සන්ජනා ආදරෙයි මං..ගොඩක්  ආදරෙයි..මගෙ මැණික

ප්‍රේමයෙන් අනුරාගයෙන් ආතුරව මුමුණන මලින්දගේ නොසන්සුන් සුසුම්ගත පුරාම දිව යන විට සන්ජනා තදින් දත්කූරු සපාගත්තාය.ඇගේ සිතුවිලි පුරා මැවුණේ අසින්තය.

මලින්ද තමන්ගේ ස්වාමි පුරුෂයා බවත්..ඔහුට තමන් අවනත විය යුතු බවත් ඇගේ අරුමැසි මායාකාරී ප්‍රේමය විසින්  ඇගෙන් වසන් කර ඇත.

සන්ජ…නා..ආදරෙයි මං..

මලින්ද මුමුණන්නේ සැබෑම ආදරයෙනි..ඇගේ මුදු පහස ඔහුට ගෙන දුන්නේ මිහිරකි

මට බෑ..බෑ..අසින්තව අමතක කරනන් බෑ..මට එපා ඔයාව..ඉහි ඉහි..

සන්ජනාගේ වදන් ඇසුණු සැනින් මලින්ද ඈවෙත හෙලුවේ රුදුරු බැල්මකි.තමන් මෙතරම් ආදරණීය ලෙස හැසිරුණද ඈ තමන්ව නොතකන්නේ ඇයි

සන්ජනා..මට තමුසෙව ඕනේ..තමුසෙට මාව මොකෙක් වගේද පේන්නේ..ආ…

මලින්දගේ කෝපය මුසු හඩට ඇය සසල වූවාය..

අනේ එපා මලින්ද…මට බයයි..අනේ එපා..ඔයා හොදයිනෙ..මට ඉන්න දෙන්න..ප්ලීස්..

එවර සන්ජනා ඔහුගේ පපුව පිරිමදිමින් හඩන්නේ ඔහුගේ අනුකම්පාව යදිමිනි..

මලින්ද ඈ අතැර බැල්කනියට පිවිසියේ මහත්වූ කළ කිරීමෙනි..ඔහුට දැන්  තිත්තය.සියල්ල මායාවකි.තනිවූ තරුවක් අදද අහසේ ඉකිබිදියි..

🌹🌹🌹🌹🌹

..මේ ඇහුණද.

මලින්ද රාජකාරියට යාමට සූදානම් වේ..අද සන්ජනා උදෑසනම අවදි වී ඇත.මලින්දගේ ඇස් දෙකද අදුරු වී ඇත..ඔහු රාත්‍රිය ගත කලේ බැල්කනියේය..ඔහුට නින්දක් නොවිණි.මලින්ද සන්ජනා දෙස බැල්මක් හෝ හෙලුවේ නැත.

මලින්ද..

සන්ජනා බිම බැලුවේ ඔහු අමනාප වී ඇති බව දැනුනු හෙයිනි..වෙනදා ඔහු මෙසේ නැත.මලින්ද කණ්ණාඩියෙන් බලමින් ටයි ගැටය සකසයි.

මම..මං යාළුවෙක්ගෙ ගෙදර ගිහින් එන්නද අද..අද නංගිත් ක්ලාස් යනවා කීවා..මට පාළුයි.. පොත් කියව කියව ඉන්නත් බෑනෙ දිගටම.

මලින්දගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත.

අනේ යන්නද?දවල් වෙලා..

මලින්ද කාමරයෙන් පිටවුණි..සන්ජනා ඇද මත ඉදගත්තේ කළ කිරීමෙනි.ඔහු තමන්ව නොතකයි..ඊයේ රාත්‍රියෙන් පසු ඔහු වෙනස් වී ඇත.ඔහු කෝප වූ බව ඈ දනී..එහෙත් තමන්ට ඒ පිළිබද කරන්නට දෙයක් නැත..

අක්කී..

තුසාරා කාමරයට පිවිසියේ සන්ජනා  නවකතා පොතක් අතට ගත් විටයි.

නංගා

අක්කී..අයියා කීවා ඔයා එක්ක යන්න කියලා ..යාළුවෙක්ගෙ ගෙදරක යන්න ඕනෙ කිව්වා කීවෙ..යමු මං එක්කම..මං කැබ් එකක යන්නෙ..ඔයාව යාළුවගෙ ගෙදරින් දාගෙන යන්නම්..අයියා හවස එයි එක්ක යන්න..

සන්ජනාට දැනුනේ සතුටකි..

ඇත්තටම අයියා මට යන්න කීවද

ඔව්.. ලෑස්ති වෙන්නකො..මට දවල් ක්ලාස් තියෙන්නෙ..අපි ෂොපින් යමු උදේ..අයියා සල්ලි දුන්නා..අක්කිට ඕන දෙයක් අරන් දෙන්න කීවා..

ඒත්..අම්මා මොනවා කියයිද?

අම්මාටත් කියලා ගියේ අයියා..අයියා කැබ් එකක් එවනවා කිව්වා නවයහමාර වෙද්දි..

සන්ජනාගේ මුවේ සිනහවකි..ඔහු මෙතරම් තමන් ගැන  සිතන එක ගැන ඇයට සතුටුය..එහෙත් ඒ එක්කම ඇයට දැනුනේ නොරුස්නා හැගීමකි..මේ සිතිවිලි ඇයට තේරුම් ගැනීමට නොහැක.

ඩේටා ගොඩක් කැපෙනවද ළමයි like comment දැම්මම🤔🤔🤔🤔

…..ඊලගට

©රුවනි ලියන්ගොල්ල©

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!