ඕන දේ කිව්වට වැඩක් නෑ . ඔයා ගෙනත් දෙන්නෙ නෑ
එවර ඇය කෘෘර ලෙස ඔහු හද රිදවීය.මෙතෙක් වේලා සැනසුමෙන් සිටි ඔහුගේ සැනසීම නැතිවුණි.
එහෙත් ඔහු නිහඩ විය.
මලින්දගේ මුහුණ වෙනස් වනු දුටු සන්ජනාට දැන්නේ කුරිරු සතුටකි.ඔහු සතුටින් සිටිනු දකින්නට ඇය කැමති නැත.මලින්ද වෙළදසැලක් ඉදිරියේ කාරය නැවැත්වූයේ ලොකු නැන්දාගේ නිවසට ගෙන යන්නට යමක් මිලට ගැනීමටය.
ඇයි නැවැත්තුවෙ
සන්ජනාට මුව වසාගෙන සිටීමට අපහසුය.
ඒ ඇගේ ස්වරූපය වේ..මලින්ද ඈ ගණනකට නොගෙන රියෙන් බැස්සේය.
ඩෙනිම් කලිසමකට කළු පැහැ ටීෂර්ටයක් හැද වෙලදසැල වෙත පිය මනින ඔහු දෙස සන්ජනා බලා සිටියේ කෝපයෙනි.
ඔහු තමන්ව නොසලකා හරී.මලින්ද අයිසින් කේක් පෙට්ටයක්ද රැගෙන යළි රියට ගොඩ වුණේය.බුම්මාගෙන සිටි සන්ජනාගේ ඔඩොක්කුව මතට ඔහු දැම්මේ ලොකු චොක්ලට් එකකි.ඒ දුටු සන්ජනාගේ මුහුණ ඔපවැටුණේ මලින්ද බලාසිටියදීමය..
ඈ කෑම සමග තරහා පිරි මහන්නේ නැත.ඉන්පසු ගමන අතරතුර චොක්ලට් එකට පින්සිදු වන්නට ඇගේ හඩ ඇසුණේ නැත.එහෙත් එක් චොක්ලට් පෙත්තක්වත් මලින්ද වෙත දිගු නොකිරීමට තරම් අකාරුණික ඈ කෙරෙහි මලින්ද කෝප ගත්තේ නැත.ඔහුට චොක්ලට් අවශ්‍ය නැත.ඔහුට අවශ්‍ය ඇගේ සැළකීමයි.
~~~~~~~®uwani Liyangolla~~~~~~
ලොකු නැන්දා සන්ජනා දෙසට විමසුම් බැලුම් හෙළයි.සන්ජනා මලින්ද අසලින් හෙලවෙන්නේවත් නැත.ලොකු නැන්දා හා ඇගේ දියණියන් දෙදෙනා නව යුවළට සළකන්නේ සතුටිනි.ඔවුන් විවිාහ වී වෙන වෙනම පදිංචිව සිටියද අද දින මහ ගෙදරට පැමිණ ඇත.
ඔවුන්ගේ ප්‍රශ්න වලට සන්ජනා විටින් විට පිළිතුරු බදියි.අළුත් මනාලියගේ හද ගැහේ.ඇයට මේ සියල්ල නුහුරුය නුපුරුදුය.එක්වරම සිය නෑදෑයින්ගෙන් වෙන්වී නව නෑදෑ පරපුරක් වෙත යුවතියක බැදෙන්නේ අපහසුවෙනි.පිටතට නොපෙන්නුවාට මොහොතක් මොහොතක් පාසා ඇගේ ඇතුලු හද දැවේ.
මෙය විවාහ වූ අලුත යුවතියක මුහුණ දෙන පොදු ගැටළුවකි.ඇයට සිටින එකම සවිය තම ස්වාමියාය.මලින්ද සන්ජනා වෙනුවෙන් සැම විටම පෙනී සිටියත් ඇගේ අවාසනාවට මලින්ද කෙරෙහි කිසිදු සුහදත්වයක් ඈ සිත තුල ජනිත නොවිණි.
නවකතාවක මෙන් ඈ සිටියේ ඔහු තමා මුලා කර ගැන්මට තැත් දරන බවය.
පුතා අද ඉදලා යමු
අනේ බෑ නැන්දෙ .හෙට ඔෆිස් යන්න ඕනෙ..නැන්දා සන්ජනාට අයිස්ක්‍රීම් දෙන්න එපා රෑ වෙලා..
මලින්ද කී විට සන්ජනා ඔහුට රැව්වේ නොසතුටිනි.
ඇයි පුතේ
එයාට උණ තිබ්බා ..යන්තම් අඩු වුණා විතරයි.සීතල කාලා වැඩිවුණොත් එහෙම
කමක් නෑ මං ටිකක් කන්නම්..
සන්ජනා කී විට මලින්ද නිහඩ විය..ඈ මුරණ්ඩුය..තර්ක කරන්නට ගොස් ඉතිරි වන්නේ කණගාටුවක් පමණි.
~~~~~~®uwani Liyangolla~~~~~~
හචිං..හචිං
රාත්‍රී අදුර මැදින් කාරය ඉදිරියට ඇදෙයි.සන්ජනා කිවිසුම් හරින්නේ හිසේ බර ගතියත් සමගය.මලින්ද මුවින් නොබැන සිටියේ අසීරුවෙනි.
ඔයාට සතුටු ඇති..මං අයිස්ක්‍රීම් කෑවට හොද වැඩේ කියනවා ඇති හිතින්.
සන්ජනාට උවමනා ඔහු අවුස්සා ගැන්මටය.
හචිං
නිවසට යන තුරු සන්ජනා නොයෙකුත් වදන් කීවද මලින්ද නිහඩය.රාත්‍රී නින්දට යහනට පිවිසි ඔහු සන්ජනාව තුරුළු කරගත්තේය.
හචිං..හොද වැඩේ ඔයාට අද..මාව ඉඹින්න බෑනේ..හචිං යනවනේ..
සන්ජනා නහය වසාගෙන කීවේ මලින්ද තරවටු බැල්මකින් බලා සිටියදීය.
මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි
මලින්ද කීවේ ඇගේ නාසය මත රැදි ලේන්සුව ඉවතට කරමිනි.ඔහු පෙරදා සේම ඈව මුදු ලෙස සිපගත්තේය.සන්ජනා ඔහුගේ බාහු කොනිති ගහමින් විරෝධය පෑවාට පලක් නොවිණි.
අද අසනීප නිසා මේ ඇති..දැන් නිදන්න
ඔහු ඈ දෙතොල යලි මුදු ලෙස සිපගෙන ඈ තුරුළු කරගෙනම දෑස පියාගත්තේය.
සන්ජනා දත් තබා සිය ළය තදින් සපනු ඔහුට දැනේ..ඈ විටින් විට ඇගේ උල් නිය වලින් ඔහුගේ පපුතුර සූරයි..එහෙත් මලින්ද නිහඩය.අවසානයේ ඇයම හෙම්බත් වී නින්දට වැටෙනු ඔහුට දැනුනි..
ඔහු ඈ හිස සිම්බේ ඈ කෙරෙහි දයාවෙනි.තම සිත ඇයට මෙතරම් බැදෙන්නේ ඇයි.ඈ මුරණ්ඩුය..නපුරුය..හිතුවක්කාරය.ආත්මාර්ථකාමීය..එහෙත් මලින්ද ඉවසා දරා සිටී..ඇගේ කම්මුල් සිඹින විට ඔහුට දැනෙන්නේ ඈ කෙරෙහි පුදුමාකාර සෙනෙහසකි. ඈ වෙනස් වේ යැයි ඔහු විශ්වාස කරයි..එහෙත් අනාගතය අවිනිශ්චිත බව ඔහු සිතන්නේ නැත.ඇගේ සිත තවමත් අසින්ත කෙරෙහිය.
~~~~~~~~~~~~~~~~~
සන්ජනා අවදි වන විට මලින්ද පෙනෙන්නට සිටියේ නැත.වේලාව උදෑසන නවය පසුවී ඇත
නංගි අයියා කොයි
තුසාරා කට ඇද කළාය
අයියා ඔෆිස් ගියා..ඔයාට කීවෙ නැද්ද
ම්හු..
එයා උදෙන්ම ගියේ..
මලින්ද සුපුරුදු ලෙස සූදානම් වී රාජකාරියට ගියේ වේලාසනින්මය.. ඔහුට ඇදුම් සූදානම් කර දීමට, කෑම වේල සකසා දීමට අලුත් මනාලියට අමතකව ඇති හැඩය.විහාරා ද මේ පිළිබද විමසුම් කළත් මලින්ද සිය මව මග හැරියේය.
සන්ජනා දවසම ගතකලේ කම්මැලි කමෙනි.තුසාරා සිටි නිසා පාළුව මදක් මග හැරිණි.
~~~~~~~~~~~~~~~~~~~
මලින්ද.. අලුත් මනමාලයා..හනිමුන් ගියේ දවසයිද..සතියක්වත් නිවාඩු ගන්න එපැයි..
රෙහන්සා මලින්දගේ කාර්යාල කාමරයට කඩා වැදුනේ කුණාටුවක් විලසිනි.
මිස් රෙහන්සා මට නිවාඩු දුන්නේ නෑනෙ බොස්..නෙක්ස්ට් මන්ත් එකේ සතියක් ලීව් ඇපෘෘ කලා.මේ දවස් වල අලුත් ප්‍රොජෙක්ට් එකනෙ..
හ්ම්..මලින්ද හවස මොකද කරන්නෙ
ඇයි
දෙන්නම එන්න ඩිනර් එකට අපේ ගෙදර..මං ආවෙ ඉන්වයිට් කරන්න..
ඒත්
මේ ඩැඩීගෙ අණ..එන්නම ඕනෙ
රෙහන්සා පිටවුූයේ මලින්දගේ සිතෙහි බරක් ඉතිරි කරමිනි.. ඔහු මේවාට කැමති නැත..එහෙත් නොයා බැරිය.
~~~~~~~~~~
අක්කි අන්න අයියා එනවා..අද කලින් ඇවිත්..අය්යෝ
මිදුලේ ජෑම් පේර ගසේ උඩ අත්තක සිටි තුසාරා කලබලයෙන් බිමට බැස්සද සන්ජනා තවමත් සිටි අයුරින්ම සිටී.ඇගේ වමතේ ජෑම් පේර අහුරකි.ඇය රස කරමින් ජෑම් පේර හපයි.
ඇයි ඔයා බයයිද එයාට ..මං නම් බය නෑ
ඔයා ඉවරයි අක්කි..අන්න එනවා
මලින්ද කාරයෙන් බැස තුසාරා අසලට ආාවේ ගස උඩ සිටි සන්ජනා දෙසට රවමිනි.තුසාරා දසන් පෙනෙනා ලෙස මෝඩ හිනාවක් පෑවේ ඔහු දෙස බලාය..ඇයට හිමිවුණේ රැවුමකි.ඔහු ගෙතුලට පිවිසියේය.
අක්කෙ බහින්න බිමට ..ඔයා ඉවරයි..වේවැල ගේන්න ගියේ අන්න
මොකද්ද
සන්ජනා ගහෙන් බහින විටම මලින්ද වේවැල රැගෙන සන්ජනා දෙසට පැමිණෙත්ම ඇය වේගයෙන් ගෙතුලට දිව ගියේ මලින්දගේ පෙනුම අද රුදුරු වී තිබුණු නිසාවෙනි.
තමුසෙ එන් නෑ පැත්තට ..හරිද පොඩී..
මලින්දට යකා නැග ඇත..
තුසාරා මීට පෙර ගසට නැග වේවැල් පාර කා ඇත.ඇය සිතුවේ මලින්ද අද ප්‍රමාද වනු ඇති බවයි.අද ඈ බේරුණේ සන්ජනා නිසාවෙනි..මලින්දගේ පූර්ණ අවධානය යොමුව ඇත්තේ ඇයටයි.
සන්ජනා දොර අරිනවා..
සන්ජනා දොර අගුලු දා නියපොතු හපමින් කල්පනා කරයි.
සන්ජනා කිව්වම දොර අරිනවා..
බෑ..බෑ ඔයා මට ගහනවා වේවැලෙන්
නෑ මං ගහන් නෑ ගස් නැග්ගට
ප්‍රොමිස්
හා ප්‍රොමිස්
සන්ජනා දොර ඇරියාය.මලින්ද ඒ විගස කාමරයට පිවිස දොර වැසුවේය.සන්ජනා ඇද සිටි දණහිසින් අගල් හතරක් පමණ උස කොට කලිසම දෙස මොහොතක් බලා සිටි මලින්ද ඇයට සිත්නන්ටවත් ඉඩ නොදී ඇගේ දණහිසට උඩින් පාදයට තදින් වේවැල් පාරක් ගැසුවේය.
ඌයි..ඔයා හොද නෑ..බොරුමයි කියන්නෙ..ඉහි ඉහි..
සන්ජනා හඩන්නේ වේදනාවෙනි.
සන්ජනා ගහට නැගීම සපුරා තහනම් හරිද?ආයෙ අහුවෙන්න එපා මට.දැන් ගැහැවෙ ගහට නැග්ගට නෙවෙයි ..කොටට කොටේ ඇදගෙන ඉන්නවට.කොට ඇදුම් ඇදගෙන.. තව ඒ මදිවට ගහ උඩ..තමුසෙ නටන්න හදන්න එපා හරිද මා එක්ක.පොඩීටත් මං දෙන්නම් පාරක්..දැන් ඇඩිල්ල නවත්තලා ලෑස්ති වෙනවා..ඩිනර් එකට අවුට් යනවා අපි
ඊලග කොටසට—
©රුවනි ලියන්ගොල්ල©
☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️
සල පතිනී❤️