අසින්ත.ඔයා එන්නෙ නැද්ද..මාව අරන් යන්නෙ නැද්ද?ඔයා පොරොන්දු වුණා මාව අමතක කරන්නේ නෑ කියලා.මට මලින්ද එක්ක ඉන්න බෑ.එයා නපුරුයි.රිදවනවා මට..මාව ගිලින්න වගේ බලන්නෙ.මට බය හිතෙනවා.
සන්ජනාගේ බොළද හීන වලට තටු දෙන්නට කාලයක් නොවිණි.නාන කාමරයේ දොර ඇරිණි.ඈ යළි නිදි ලෙස රඟපෑම ඇරඹුවාය.සුළු මොහොතකින් මලින්ද ඈ අසල වැතිරගනු දැනිනි.
ඈ පොරවා ගෙන සිටි පොරෝනය ඔහු සෙමින් ඇගේ ගතින් ඉවත් කලේය.සන්ජනා හුස්ම හිරකරගෙන මෙන් ඇය දරාගෙන සිටියේ අපහසුවෙනි.ලා නිල් පැහැ රෑ ඇදුමෙන් සුන්දරව පෙනෙන ඇගේ රුව දෙස මොහොතක් බලා සිටි මලින්ද දැනෙන නොදැනෙන ගාණට ඇගේ කම්මුල් දෙතොල් ගෙල සිපගත්තේය.
ඔහුට ඉවසුම් නොදේ.ඈ වතින් නික්මෙන්නේ බේබි කොලොන් සුවදකි.
ඇගේ කුස මතද සිපුමක් තැබූ මලින්ද සෙමින් ඈ නළලත දෙතොල් තබා තුරුළු කරගෙනම පොරෝනය දෙදෙනාම වැසී යන සේ සකසා ගෙන නින්දට වැටුණේය.
කරන්නට දෙයක් නැති තැන සන්ජනා ඔහුගේ පපුතුරේ උණුසුමේදී නිදි දෙව්දුව වැළදගත්තේ ගිලිහී යන්නට වෙර දරන කදුලු බිදු සිරකරගෙනය.
~~~~~~~®uwani Liyangolla~~~~~~
සන්ජනා.. නැගිටින්නකො..හොදටම දවල් වෙලා..
මලින්ද ඇහැරී බොහෝ වේලාවකි.ඒත් ඔහු නොසෙල්වී උන්නේය.ඇගේ පයක් ඔහුගේ ඇග උඩය.ඈ සුරතින් ඔහු බදා සුව නින්දකය.
අයියා..කන්න එන්නලු අම්මා..ඕං මං කීවා..මං ගියා
පොඩි නංගී කෑගසාගෙන දොරට තට්ටු කර ගිය හඩ ඇසුණු පසු මලින්ද අකමැත්තෙන් වුවත් සන්ජනා අවදි කරන්නට සිතුවේය.
සන්ජනා නැගිටින්න
ම්..බෑ..අනේ..තව ටිකයි..
සන්ජනා සිහිනෙන් දොඩවයි.
මොනවද ටික…..ම්…
කතාව..අන්තිම ටික…කියවන්නෙ..
පිස්සි ..හීනෙනුත් පොත් කියවනවද?
නැගිටින්නකො..අම්මා අඩගහනවා..නැත්නම් තව ටිකකින් එයි කාමරේට..
මලින්ද ඇගේ නළලත තදින්
සිපගත්තේය..සන්ජනා දෙනෙත විවර කලේ එවිටය.
මලින්දගේ සිනහව දුටු ඇය කලබල විය.
..ඔ…ඔයා හරි නරකයි..
ඈ නැගිට කොට්ටයක් ගෙන මලින්දගේ හිස දෙසට පහරක් ගැසුවාය.මලින්ද කොට්ටය අල්ලා ගෙන ඉවත් කලේය.
මොකද මේ සන්ජනා..මොකද්ද මං කරපු නරක වැඩේ..
මට ළං වෙන්න එපා ..මං කැමති නෑ..
මං ළං වුණේ නෑ
බොරු..මං දන්නවා..ඔයා මට නින්ද ගියාට පස්සෙ කරපු දේවල්..
මලින්ද ඇදේ ඉදගෙන ඇගේ දෑසට එබුණේය.
මොනවද මං කලේ..මං මොකුත් කලේ නෑ..
කියන ලස්සන බොරු..මාව ඉඹලා බදාගෙන නිදලා තව බොරුත් කියනවා..චී..ලැජ්ජා නැහැනෙ
මලින්දගේ කට කොනට ආවේ විරල ගණයේ හිනාවකි.
මං එහෙම කලේ නෑ..ඔයයි මගේ ඇග උඩට නැගලා මාව බදාගෙන නිදාගත්තේ.
සන්ජනා දෑස විසල් කලේ පුදුමයෙනි..
අම්මෝ කියන බොරු..අපායක් හදන්න වෙයි ඔයාට..මං නිදි කියලා හිතලා සීට් එක අයින් කරලා මගෙ කම්මුල් බෙල්ල ඔක්කොම කිස් කරලා..දැන් කියනවා මංලු එයාව බදාගත්තෙ
.
හහහහ්හ්හ්්හා
මලින්දට සිනහව නතර කර ගත නොහැකි විය.
නපුරු මලින්ද..හිනාවෙන හැටි.
ඔයාට තව තැන් ටිකක් අමතක වෙලා සුදු නෝනා..මං මෙතනත් කිස් කළා
මලින්ද ඇගේ කුස මතට අත තැබුවේය.
ගන්නවා අත අහකට.ඒකනෙ මං කීවේ ..හරිම නරකයි ඔයා කිසිම හැදියාවක් නෑ..
අහ්ම්
මලින්ද අසීරුවෙන් සිනහව පාලනය කරගෙන සන්ජනාගේ කම්මුලක අත තැබීය.
එතකොට තමුන්ට මහලොකු හැදියාවක් තියෙන නිසාද මං ඉඹිද්දි නිදි වාගේ සද්ද නැතුව හිටියෙ.මාව රිජෙක්ට් නොකර දැන් බොරුවට බයිලා කිව්වට පාඩුවේ හිටියෙ කැමති නිසානෙ
සන්ජනා සුරතින් කට වසා ගත්තාය.
තමන් කොතරම් අනුවණද?ඇගේ දෑස ලැජ්ජාවෙන් බිමට බරවෙනු ඔහුට පෙනිනි.
හරි හරි කමක් නෑ..හැමදාම මං එහෙම කිස් කරනවා නිදි වගේ ඉන්න එක තමුන්ගෙ ඇගට ගුණයි.
ඔහු යලිත් සයනයේ වැතිරී දෑස පියාගත්තේය.
ඈ තවමත් ළද බොළදය.තමන්ගේ දිවියට සවියක් වීමට…සිය පවුල හා උරෙන් උර ගැටී වගකීම් ඉටු කිරීමට තරම් පුහුදුන් මනසක් නැත.
එහෙත් ඈ අතැර දැමීමට වත් ඈ දුරස් කිරීමටවත් සිය සිතට නොහැකි බව ඔහුට දැන් තදින්ම දැනෙයි.
ඇගේ උණුසුම තමන්ට අවශ්‍යය.
ඇයට විදවීමට රිදවීමට මග සලසන බව කීවත් ඇයව පෙලීමෙන් තමන්ට සතුටක් නොදැනේ.
ඇගේ එක් සිනහවක් වෙනුවෙන් තමන්ට බොහෝ දේ කළ හැකි බව මලින්දට සිතේ..
උන්මාදිනියේ..
මා ළයේ වැගිරුණේ
ස්නේහයයි
මලින්දගේ හිත සැහැල්ලු වී ඇත.ඔව් ඈ උමතුවක්..ඔහුගේ හද ආගන්තුක ස්නේහයෙන් පුරවන..විටෙකන වියරුවෙන් සනහන.එහෙත් ඈ දුරයි ..බොහෝ දුරයි..
~~~~~~®uwani liyangolla~~~~~~
කිරි පුතේ ලේලි දුව කන්නෙ ඇබිත්තක් නොවැ.ඔහොම කාලා ඇතිද හැදෙන ලමිස්සියන්ට.දැන් දෙන්නා තුන්දෙනා වෙනකොට ඇතැයි ඔය පංගුව
මලින්දට උගුරට ගත් බත්පිඩ හිර විය.
කැහැ..ඇහැ..
තුසාරා මලින්ද අසලට වතුර වීදුරු ළං කළාය.
සන්ජනා තුෂ්ණිම්භූතව මලින්දගේ ආච්චි දෙස බලා උන්නාය.
ඒක් ඇත්ත දුව තව ටිකක් බෙදා ගන්න..
සීයාද සුපුරුදු පරිදි ආච්චිට සහය දක්වයි.වයසක ජෝඩුව කොයි වේලේත් එකටය.ආච්චි කියනා දේ සීයා පිළිගනී..සීයා කියන දේ ආච්චි පිළිගනී..වයස්ගත වුවත් ඔවුන් ආදරෙන් සමගි සමාදානෙන් බණක් භාවනාවක් කරගෙන නිදහසේ කල් ගෙවති.
ආච්චි අම්මා මොනවද මේ කියවන්නෙ…අක්කිගේ මූණත් රතුවෙලා..
තුසාරා සන්ජනාට ඉගි කරමින් පැවසුවේ මලින්ද දෙස ද නෙත් කොනකින් බැලුමක් හෙලමිනි.
කිරි දුව උඹේ නැටිලි මේ දැරුවටත් උගන්නලා හරි යන් නෑ..
මොකද්ද ආච්චි අම්මා කොහෙන් ගියත් මං තමයි මේ ගෙදර වැරදි
තුසාරා බුම්මාගෙන කීවේ තරහිනි.
හා හා දැන් සද්ද නැතිව කෑම කන්න
මලින්දගේ පියාගේ විධානයට කවුරුත් හිස නමයි.
සන්ජනාට මේ සියල්ල ආගන්තුකය.ඈ ඇගේ නිවසේදී කිසිවිටෙක පවුලේ අය සමග ආහාර ගන්නේ නැ.ඈ රූපවාහිනිය කියවමින් හෝ පොතක් කියවමින් තනිව ආහාර ගනී.මෙලෙස සමගියක් ඇගේ නිවසේ තිබුණේද නැත.කුඩා කල සිටම හිතුවක්කාර ඇගේ නිවසේ සිටි සතුරා ඇගේ සොහොයුරා විය.ඇගේ මුරණ්ඩුකම් නිසාම ඔහු ඇයව අතැර දමා සිටි සෙයකි.
පුතා අද ලොකු නැන්දලාගෙ ගෙදර ගිහින් එන්න.නැන්දා උදෙන්ම කතා කලා..එනවද ඇහැවා..මං කීවා රෑ කෑමට එවන්නම් කියලා..දැන් කොහොමත් දවල් වෙලානෙ.
අදම යන්න ඕනෙද අම්මා..
යන්න පුතේ හෙට ඉදන් පුතා ඔෆිස් යන්න එපැයි..
මලින්දගේ පියාගේ එකම සොයුරියට පවුලේ කවුරුත් ගරු කරයි.එහෙත් මලින්ද ඇයට කැමති නැත.ඇගේ කතා බහ මලින්දට හිසරදයකි.එහෙත් ඔහු ඒ පිළිබද අදහස් පළ නොකරයි.
හරි අම්මා..
මලින්ද කවදත් කීකරුය.
සන්ජනා ගේ දෙනෙත් සෙලවෙනු ඔහුට පෙනෙයි..ඈ දැනටම බිය වී ඇත.
~~~~~®uwani liyangolla~~~~~~
කිරි පුතා
කාරයට නැගී නිවස පසුවද්දීම සන්ජනා සුරතින් කට වසාගෙන හිනැහනේනට පටන් ගත්තාය.
මලින්ද ඈ දෙස බලා මද සිනහවක් පා නැවතත් මාර්ගය දෙසට අවධානය යොමු කලේය.
කිරි පුතා
ඈ මලින්ද දෙස බලා හිනැහෙයි..
ඒයි මොකද නෝන්ඩියට හිනාවෙන්නෙ..මං ආච්චි අම්මාගෙ කිරිපුතා ..තමුන්ට මොකද ඉතින්..
එයාලාට පිස්සු..කිරිපුතා නෙවෙයි..කහට පුතා..ඔයා කළුනේ..
ඔහ් එහෙමද සිංහලයො තළෙලුයි..ඇයි දන් නැද්ද? කළු වුණාට මං හැන්ඩ්සම්නෙ..
කවුද කියන්නෙ ඔයාගෙ ආච්චිද හීහී..
සන්ජනාට එය අපූරු විහිළුවකි.
තමුන් ඔය හිනාවෙන්නෙ මගෙ ආච්චිටයි සීයටයි නේද? පව් හලෝ..වයසට ගියාම අපිටත් ඔහොම වෙයි.තමුසෙ නම් හරිම නරකයි සන්ජනා..වැඩිහිටියෙක්ට ගරු කරන්න දන්නෙ නැද්ද?
නෑ මං දන්නෙ නෑ..මං නරක නිසා මාව ඩිවෝස් කරලා හොද කෙනෙක් බැදගන්න පුළුවන් ඔයාට.
ලා කොළ පැහැ ගවුමක් ඇද ගිරවියක සේ දොඩමළු වන ඇය ඔහුට රසදුනකි.
බෑ..මං ජීවිතේටම කසාද බදින්නේ එකපාරයි.
සන්ජනා එවර නිහඩ විය.
සන්ජනා ලොකු නැන්දා මොනවා කීවත් හිත රිදවගන්න එපා හොදද? ඒ එයාගෙ හැටි..අපිට ආදරෙයි ගොඩක්
හ්ම්
ඔයාට මොනවා හරි අරං ඕනෙද ..බෙහෙත් බීවම බඩගිනි වෙනවනේ..ෂෝටීස් මොනවා හරි කාලා යමුද?
එපා
ඔහු ඈ ගැන වදවෙයි..
ඕන් දෙයක් මට කියන්න හොදද
ඕන දේ කිව්වට වැඩක් වෙන් නෑ..ඔයා ගෙනත් දෙන් නෑ..
ඈ එවර කෘෘර ලෙස ඔහු හද රිදවීය.
©රුවනි ලියන්ගොල්ල©
☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️
කිරීම තහනම්☠️