සසල පතිනී🌹-03 කොටස

අ..නේ …. අසින්ත     මාව අරන් යන්න… අසින්ත… බයයි මට…

වේලාව මධ්‍යම රාත්‍රී 12 පසුවී ඇත.. මලින්ද ගැස්සී ඇහැරුනේ  සංජනාගේ දෙඩවීමෙනි..

අසින්ත..ඉහි..ඉහි..එපා..

මලින්ද විදුලි බල්බයේ ආලෝකයෙන් සන්ජනා දෙස බැලුවේය..ඇගේ හිසරැදි කොට්ටය පෙගී ඇත..මලින්ද  වහා නළලට සුරත තැබුවේය..

සීතල වතුර යට සිටි ඇයට උණ ගැනී ඇත..

අසින්ත  මැරෙයි… මැරෙයි ..

ඈ නන් දොඩවයි..

සන්ජනා..නැගිටින්න..

මලින්ද කතා කලද  ඇය අවදි වන පාටක් නැත.. මලින්ද  වහා ඇඳෙන් බැස ඔහුගේ ගමන් බෑගයේ තිබූ පැනඩෝල් කාඩ් පත අතට ගත්තේය..  වතුර වීදුරුවක් සමගම ඇය අසළට ගිය ඔහු යළි ඇය අවදි කරන්නට විය..

සන්ජනා නැගිටිනවා.. මේ පෙනඩෝල් දෙක බොනවා.. තමුසෙට උණ  හොඳටම..

සන්ජනා අපහසුවෙන් දෑස හැරියාය..

වීදුරුව ට පහර දුන් ඇය

පැනඩෝල් කාඩ් පතද  උදුරා විසි කර දැමුවාය..ඇය මලින්ද ගේ පපුවට පහර පිට පහර දුන්නේ වියරුවෙන් මෙනි..

මට වහ ටිකක් ගෙනත් දෙනවා නපුරා.. මගේ අසින්ත පව්..

ඈ උණ විකාරයෙන් සිහිනයෙන් දුටුවේ මලින්ද අසින්ත පහරදෙන දර්ශණයකි..

අසින්තගේ  මුහුණ පුරා රතු පැහැයෙන් රුධිරය නැහැ වී තිබුණි.. සන්ජනා ගේ මනස වූයේ ව්‍යාකූලව ය ..මලින්දගේ සිතට නැගුණේ දැඩි කෝපයකි.. ඔහුගේ දකුණු අත එස වුණේ ඉබේමය.   එහෙත් ඔහු ක්ෂණිකව සිතුවිලි පාලනය කරගෙන අත පහතට දැමුවේ  තමා කෙරෙහිම උපන්  කළකිරීමෙනි.

ඔහුගේ සුරත දෙස බලා සිටි ඇය යහනෙහි අනෙක් පස වැතිරී හඬන්නට විය ..ඉකි බිඳුමට උස් පහත් වන ඇගේ උරහිස දෙස බලා සිටි  මලින්ද  සිටියේ තුෂ්ණිම්භූතවය..

ඇය යහනෙන් ඇද දැමීමට ඔහු සිත බල කරයි..ඈ තමන් දුටු නපුරු සිහි සිහිනයක් බව සිතට ඒත්තු ගැන්වීමට ඔහු උත්සාහ කරයි..  ඈ නිවසට ඇරලීම… ඔව්… ඔහුට ඇති එකම විසඳුම..

එහෙත් සිය නෑදෑ පරම්පරාව ….  අම්මා.. තාත්තා ආච්චි සීයා… නංගී මල්ලී …ඔහුට ඇත්තේ විසල් පවුලකි.. ඔහු ඉහළ පෙළේ පුද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකරුවෙකි..

සමාජය ඉදිරියේ ඔහුගේ තත්ත්වය…

රෙහන්සා.. ඔහුගේ සිතට එබුණේ ඒ සමගම ය ..ඔහු ගැන මහත් බලාපොරොත්තු තබා ගෙන තවමත් සුසුම් හෙලන ඇය.. තමන්ගේ හිත කිසිවිටෙක රෙහන්සා වෙත ඇදී නොගියේ පූරුවේ පවකට බව දැන් දැන් ඔහුට සිතේ ..රෙහන්සා රූමත්ය.. උගත් බුද්ධිමත් ය ..යමක් කමක් ඇති පවුලේ  එකම දරුවාය..

ඇයට කිසිදු පාඩුවක් නැත ..එහෙත් තම සිත ඇය අසල නතර  නො වුනි.. ඇගේ සංකර ගති පැවතුම් එයට හේතු හේතුවන්නට ඇත..

ඉහි..ඉහි…ඊ..ඊ..ඊ..ඊ…

මලින්දගේ කල්පනා ලොව බිඳ වැටුනේ  සන්ජනා ගේ  ඉකිබිඳුම් හඬ එවර වේගයෙන් නැගෙන බැවිනි

ඔහු බිම මත පා තැබුවේ හරි හමන් සිහියකින් නොවේ…

අහ්..

වීදුරු කටුවක් යටි පතුල සිදුරු කර ඇත..

ශිට්..

මලින්ද   එය ඉවත් කර අනෙක් වීදුරු  කැබලිද එකතු කර පසෙකින් තැබුවේය ..

ඇය තවමත් ඉකිබිදී…..ඇයව සනසන්නට ඔහුට හැකියාවක් නැත.. ඇයට ඇති තරම්  හඩන්නට  ඉඩ දී ඔහු බැල්කනිය වෙත ගියේය.. තාරුකා ද අද  අහසේ ඉකි බිදින  සෙයකි..

අසල වූ පුටුවට බර දුන් මලින්ද දෙනෙත් පියා ගත්තේය.

🌹🌹🌹🌹🌹🌹

~~~~~~~~~~®uwani Liyangolla-~~~~~~

මේ කිසිම දෙයක් එපා  මට…මොකටද මේ බඩු මුට්ටු මේ සල්ලි වැඩක් නෑ ..මේ costume.. එකක්වත් එපා ..

කාමරය පුරා අතට හසුවන සෑම දෙයක් ම පොළොවේ ගසමින් ඇය වියරුවෙන් කෑ ගසයි..  මේ කිසිවකින් දැන් අයට වැඩක් නැත..

රෙහන්සා දැරනියගල  … මලින්ද කෙරෙහි බැඳි සිත මුදා ගනු නොහැකිව ඈ.. ඉකිගසයි.

සුදු මැණිකේ එපා එපා.. ඕක නතර කරන්න.. ලොකු මහත්තයා ආවොත් විසුමක් වෙන් නෑ..

මාලා ඈ වැලකීමට උත්සහ දරයි…

එයා  මාව  තඹේකට ගණන් ගත්තෙ නෑ.. හැමදාම මට කිව්වේ මම පේන්නේ එයාගේ පොඩි නංගී වගේ කියලා ..අනේ ඒත් මං කොහොමද එයාව අමතක කරන්නේ.. නැහැ

සුදු පැහැ ඇද ඇතිරිලි බිමට ඇද දමා ඒ මත ම බිම වැතිරී  රෙහන්සා හඬන්නට විය ..

මං  අමතක කරන්නේ කොහොමද.. එයා.. එයා.. මං හිතුවෙ එයා බදිනවා කීවේ විහිළුවට කියලා ..ඒත් ඒක ඇත්ත වෙලා ..මං රට ගිහින් එන ටිකට එයා කසාද බැඳලා ..

රෙහන්සා මලින්ද රාජකාරි කළ පුද්ගලික ආයතනයේ  අයිතිකරු ගේ දියණිය යි..  එසේ යැයි කියා මලින්ද ට ඒ පිළිබඳ කිසිදු විශේෂත්වයක් නොවිණි .. ඔහුට ඇය තවත් දගකාර කටකාර කෙල්ලක් පමණි.. ඔහු සෙවූ තැන්පත් බව හමුවූයේ සන්ජනා අසලදී පමණක් වන්නට ඇත ..

🌹🌹🌹🌹🌹🌹

උදෑසන හිරු කිරණ හෝටල් කාමරය තුළට එබිකම් කරයි..සන්ජනා දෙනෙත් විවර කළේ කලේ කාමරයේ දොරට තට්ටු කරන උස් හඬිනි.

.පුතා..පුතා..මලින්ද ..දොර අරින්න..

සන්ජනා තැති ගත්තේ මුවැත්තියක විලසිනි.. ඒ මලින්දගේ ලොකු නැන්දාගේ හඩය…මලින්ද  කොහිද..සන්ජනා වහා වටපිට බලා නාන කාමරය  දෙසට දිව ගියාය..එහෙත් මලින්ද  එහි නොවිනි..බැල්කනියට දිව ගිය සන්ජනා දුටුවේ පුටුවේ සන්සුන්ව නිදනා මලින්දයි..

ඒයි..මේ ඇහුනද..මලින්ද  නැගිටින්නකො..

මලින්ද  උඩගොස් බිම දැටුනාක් මෙනි..ඔහු දෑස පොඩි කලේ ඈ දෙස පුදුමයෙන් බලමිනි..

ඇහුනද..ඔයාලගෙ ලොකු නැන්දා ඇවිත්..දොරට ගහනවා..

What

මලින්ද සන්ජනාව පෙරළා ගෙන නැගී සිටියේය.. ඔහු ද හොඳටම බිය වී ඇත.. පරම්පරාවේ පුරාජේරු සොයනා ලොකු නැන්දාගෙන් ගැලවෙන්නේ කෙසේද

Oh god… දැන් මොකද කරන්නේ..

අනේ ඇයි එයාලා ඇවිත් තියෙන්නෙ

තමුසේ මහ බබක්නෙ සන්ජනා..

ඇගේ පිලිතුරු බලාපොරොත්තු වී පලක් නැත…මලින්ද සන්ජනාව ඇදගෙන ගොස් ඇදට දමා ඉහින් කනින් රෙද්දක් පෙරවූවේය..

සද්ද නැතිව ඉන්නවා හරිද…නිදි විදිහටම ඉන්නවා..හරිද..මං මේක බේරගන්නකල්..ඇහුනද..

හා

මලින්දගේ ක්ෂණික  තීරනයට එකගවීම ඇරෙන්නට ඇයට විකල්පයක්  නොවිනි..

ඈ තදින් දෑස පියාගත්තීය..

මලින්ද  දොර අරිනු ඇසුනි..

ආ..ලොකු නැන්දා..අම්මා.එන්න..

මොකද ලමයො තව නිදිද…අපි ආවෙ මනමාලි බලන්න..

මලින්ද.. ඔලුව කසන්නට විය….

ආ..මේ  එයා නිදි අම්මා.

ඒ මොකද ලොකු පුතා..

ලොකු නැන්දෙ කෑ ගහන්න එපා..එයාට උණ හොදටම ඊයෙ රෑ..රෑ වෙලා නෑව නිසා වෙන්න ඇති..රැ පුරාම කෙදිරි ගෑවා..නිදි නෑ..දැන් පාන්දර තමා නින්ද ගියේ..

අම්මත් ලොකු නැන්දාත් මූනෙන් මූන බලනු පෙනුනි..

ඒකත්   එහෙමද..බෙහෙත් ටිකක් ගන්න යමු එහෙනම්..

තව ටිකක් නිදපුවාවෙ අම්මා..ඇහැරුනාම මං එක්ක යන්නම්..කොහොමත් අද නයිට් පාර්ටියට ආවොත් ඇතිනෙ..

මලින්ද  කීවෙ ගනනකට නැතුවය.

.එහෙනම් අපි යමු අක්කා..

ඔවුන් පිටව ගිය පසු මලින්ද දොර වසා දොරට හේත්තු වී සුසුමක් පිටකලේ සැනසීමෙනි..සන්ජනා හොරෙන් එක් ඇසක් විවර කර බලනු ඔහුට පෙනුනි..

ලැස්ති වෙනව බෙහෙත් ටිකක් ගන්න යන්න.

.

මලින්ද  පැවසුවෙ ඇදේ කොනක අසුන් ගනිමිනි..

මට එපා..

සන්ජනා තමුසෙ මාව යකෙක් කරගන්න එපා

..

මං ඔයාට කැමති නෑ

සන්ජනා දරදඩුය..මුරන්ඩුය..හිතට එන ඕනෑම දෙයක් මූනටම කියා දමයි..

කට උල් කර ඈ කියන අයුරු හුරතල්ය….ඒ දුටු

මලින්ද ඒ වතට බරවී ඒ දෙතොල් සිපගත්තේ ක්ෂණික වය.. ඇය ඉදිරියේ ඔහුගේ සිත නොසන්සුන්‍ ය..

කියවන අය මාව ඇඩ් කරගන්න කතාව පෙන්නයි එතකොට .ඉතින් කතාව හොඳද කියන්න

ඊලග කොටසට—

කියවන අය මාව ඇඩ් කරගන්න.. කතාව හොඳද කියන්න..

©රුවනි ලියන්ගොල්ල©

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!