අදත් නැද්ද යාළුවා..
මලිත් ඇහැවෙ මිස්ටර් තකකූරා එවලා තිබුණු විද්‍යුත් තැපැල් පණිවිඩයක් බොහොම උනන්දුවෙන් කියවන තිශාදි ළගින් ඉදගන්න ගමන්..සනුකි අදත් නිවාඩු..
නෑ මලිත්..හෙට වාගෙ එයි..
අද තිශාදි තනියම ආවෙ මොකද? හිමන්ස නැද්ද?
මලිත් හොයන්නෙ ඇදයක්මයි..තිශාදිගෙ හිතට තරහක් ආවාට ඇය ඉවසුවා..සනුකිත් නැති අතරේ ප්‍රශ්න දාගන්න බෑ..එහා පැත්තෙ මිනෝලිත් ඉදගෙන උනන්දුවෙන් තිශාදි දිහා බලං හිටියා.එදා තිශාදි සදකුමාරි මගෙ මනාලි කියලා නර්තන රටා මවද්දි හිමන්ස වශී වෙලා ඒ දිහා බලං හිටපු හැටි මිනෝලිට මතකයි..ඔහු නිකම්වත් තමන්ව ගණනකට ගත්තෙ නෑ..මිනෝලිට ඒ මොහොත් දැනුනේ බලාපොරොත්තු කඩවුණු හැගීමක්..ඔහු වැනි කඩවසම් ප්‍රසිද්ධ තරුණයෙකුගේ ඇසුරක් තිශාදිට ලැබීම ගැන මිනෝලි පසුවුණේ ඊර්ෂ්‍යාවකින්..
නෑ..එයා ගමනක් ගිහින්..
තිශාදි දුන්නු උත්තරෙත් එක්ක මිනෝලිට අවස්ථාවක් ලැබුණා..
කොහෙද තිශාදි හිමන්ස ගිහින් තියෙන්නේ…එයාගෙ ගර්ල් කෙනෙක් එක්ක හොටෙල් එකක ඇති නේද?
තිශාදිගෙ කෝපාන්විත බැල්ම මිනෝලි දිහාට යොමු වුණා..තිශාදි මිනෝලිව කිසිම විටෙක ගණනකට ගත්තෙ නෑ..මිනෝලි ඒ ගැනත් හිටියෙ තරහින්..මිස්ටර් තකකූරා වැඩියෙන්ම හිතවත් තිිශාදිට..වගකීම් වැඩිපුරම පවරන්නෙ ඇයට..කිසිම දවසක ජපන් ප්‍රධානියා ඇයට කෑගහලා බැනලා නැහැ..ඇය එතරම්ම කාර්ය ශූර නිලධාරිනියක්..තිශාදි ඒත් නිහඩ වුණා..මොවුන් සමග වාද කර පළක් නැති බව ඈ දන්නවා..මලිත් කටකොනින් හිනාවුණා.
තිශාදි …හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළිපිට..
තිශාදි තදින් දෑස පියාගත්තා..ඔව්..මේ අපහාස චෝදනා සියල්ල..ඈ අසම්මතයක හිර වෙලා ඉන්න නිසා..
හිමන්ස මැරි කරන්නෙ ජෙම් බිස්නස් කරන මිස්ටර් වජිරගෙ දුවලු නේද?අප්සරා..සල්ලි ආකරයක්..
මිනෝලි මලිත්ට ඉගි කරන ගමන් කියනවා..අනුන්ගෙ වේදනාවකදි දුකකදි සතුටු වන හිනාවෙන පිරිස් කොහෙත් ඉන්නවා..තිශාදි නැගිට්ටේ තවත් අහගෙන ඉන්න බැරිනිසා..අප්සරා..මෙච්චර කාලයක් අමතක වෙලා හිටපු නමක් තිශාදිගෙ මනස අවුල් කලේ ක්ෂණිකව..අප්සරා..හිමන්ස ඈ සමග සම්බන්ධයක් තිබුණු බව තිශාදි දන්නවා..ධාරා සමගත්..ඔහුට සම්බන්ධයක් තිබුණා..ඒත් දැන් හිමන්ස ගැන වෙනත් යුවතියක් සමග සම්බන්ධ කරලා වචනයක්වත් අහන්න තිශාදි කැමති නෑ..ඈ දන්නවා ඔහු දැන් තමන් වෙනුවෙන්ම ..තමන් නමින්ම පේවී ඉන්න බව..
හිමන්ස අතඇරිය දවසක තිශාදිට අපි දිහාත් බලන්න බැරියැ
මේ මලිත්..කරුණාකරලා පාඩුවෙ ඉන්නවා.මං කැමති කෙනෙක් එක්ක මං යාළු වෙනවා..ඒක තමුන්ලා කාටවත් අදාල නෑ..ඒ වගේම මිස් මිනෝලි..තමුන්ට කොල්ලෙක් අල්ලගන්න බැරිවුණා කියලා අහක ඉන්න අපි පළි නෑ..
මිනෝලිගෙ මූණ බලං ඉද්දිම හැකිලුණා.තිශාදිගෙ කටේ සද්දෙට පැත්තක හිටපු කාර්යාලීය සගයිනුත් හැරිලා බලද්දි තිශාදි ආයෙත් පුටුවෙ ඉදගත්තා..මලිත් හෙමීට පැත්තකට ගියා..
ආඩම්බර මොණරි මගෙ..නින්ද ගියා මට..දැන් නැගිට්ටෙ..ඔයා ඔෆිස් ගියාද?
හිමන්සගෙන් ඒ මොහොතේ ආව කෙටි පණිවිඩය ..තිශාදිගෙ හිත ටිකක් සන්සුන් කළා..ඒත් අප්සරා ගැන අහපු වදන්..ඇගෙ හිත බිදලා දාලා..ඈ හිටියේ මහත් වේදනාවෙන්..හිමන්ස රිං කරනවා..ඒත් තිශාදි දුරකථනය දිහා ඔහේ බලං හිටියා..ඔහුගෙන් මගඇරුණු ඇමතුම් රාශියක්..හිමන්සට කතා කරන්න කියලා හිත බල කළත් ඇය දුරකථනය ක්‍රියා විරහිත කරලා දැම්මෙ කෝපයෙන්..දරන්න අමාරුයි..ඔහු කීවා හැම දුකක්ම වේදනාවක්ම ඔහුට දෙන්න කියලා..ඒත් මේ සියලු දුක් වලට හේතුව ඔහු නෙවෙයිද? වරු නිවාඩුවක් දාපු ඇය කාර්යාලයෙන් පිටවුණා.
~~~~~~~~~~~~~~~~~~~~
ඩැඩී…
අපි යන්නෙ නැද්ද?
හිමන්ස ඇහැවෙ බැරිම තැන..ඇගේ දුරකථනය දිගටම අක්‍රීයයි.කාර්යාලයට ඇමතුමක් ගත්තම ඇය නිවාඩු දාලා එයින් පිටවුණු බව දැනගත්තා..සනුකිගේ නිවසට ගත්තට ඇය තවමත් ඇවිත් නැහැ.හෙට උදේ ඇය වලව්වට යන බව කීවා..ඒ වෙනකොට රහී, ජාලි, ශිවා තුන්දෙනාම හිටියෙ හිමන්ස භාර දුනු වෙන වැඩක හිරවෙලා..ඒ නිසා එයාලාගෙ උදව් ගන්නත් හිමන්සට මේ මොහොතේ බැරිවුණා..
පුතා..අදත් ඉමු නේද?මමී බඩු ලෑස්ති කරගන්නත් ඕනෙනෙ..
ඩැඩී..මට හදිසි වැඩක් තියෙනවා..මං බානු එක්ක යන්නම්..ඔයාලා කැබ් එකක් අරන් එන්න එහෙනම්..
තේජන කලබලෙන් ඉන්න තමන්ගෙ පුතා දිහා බැලුවෙ කුතුහලෙන්..
පුතා ..මොකද්ද ප්‍රශ්නෙ..
ඩැඩී..මේ..තිශාදිගෙ ෆෝන් එක වැඩ නෑ..ඔෆිස් එකෙන් ගිහින්..තවම ගෙදර ගිහිල්ලත් නෑ..එයා හෙට උදේ කැන්ඩි යනවා..මට මීට් වෙන්න ඕනෙ..
තේජන හිමන්සගෙ පිටට තට්ටු කළා..
පුතා ඊයෙ අර කතාව කිව්වෙ ඇත්තටමද?
මොන කතාවද ඩැඩී..
ඔය ගෑණු ළමයා ගැන
ඔව්
ඒ කියන්නෙ පුතා අප්සරාට කැමති නෑ..
මං කලින්ම කීවනෙ ඩැඩී..
හ්ම්..මට වජිර ඊයෙ පෙරේදාත් කතා කළා..පුතා අප්සරාට හෝප්ස් දුන්නා වැඩියි..
ඩෑඩ්..මං අප්සාරට විතරක් නෙවෙයි එහෙනම් ගර්ල්ස්ලා කීයකට හෝප්ස් දීලා තියෙනවාද?මට ඔක්කොම බදින්නද කියන්නෙ.
හිමන්ස ඇහැවෙ නොසතුටු මුහුණෙන්..
පුතා..මං වජිර එක්ක කතා කරන්නම්
ඕනෙ නෑ ඩෑඩ්..මං අප්සරාට පැහැදිලි කරලා කියලා තියෙන්නෙ..ප්ලීස් ආයෙ ඔය ගැන ඩැඩී කා එක්කවත් කතා කරනන් ඕනෙ නෑ..අනික මං තිශාදිව ඉක්මණටම මැරි කරනවා.සමහර විට හෙට අනිද්දා වුණත්..හැබැයි අපි මැරි කරනකල් මේ ගැන කවුරුවත් දැනගන්න ඕනෙ නෑ..
වට්..පුතා..හදිසියේ ඇයි එහෙම..ඔයා මගෙ එකම පුතා..මේ තේජන ගජසිංහගෙ එකම පුතාගෙ වෙඩින් එක ලොකුවටම ගන්න ඕනෙ..
හරි ඩෑඩ්..ඒක ලොකුවටම සුපිරියටම ගමු..ඒත් ඊට කලින් මට ප්‍රශ්න ටිකක් තියෙනවා විසද ගන්න.එතකල් ප්ලීස් ..කාටවත් කියන්න ඕනෙ නෑ..හැබැයි ඩැඩී ඔයා රෙඩි පිට ඉන්න. මං සතියකට කලින් කිව්වම හැමදේම රෙඩි කරනගන්න වෙයි..ඕකේ..
තේජන හිමන්ස දිහා බැලුවෙ කටකොනින් හිනාවෙවී.
උඹත් මං වගේම තමා. පුතා දන්නවද .පුතාලාගෙ මමීව මං එක්ක ආවෙ කොහොමද කියලා..
කොහොමද ඩැඩී
වෙඩින් එක එයාට සර්ප්‍රයිස් එකක්..මං එක්ක ආවෙ යාළුවෙක්ගෙ වෙඩින් එකකට යනවා කියලා..සර්ප්‍රයිස් වුණා එදා හොදටම..
ඉතින් මං ඔයාගෙ පුතානෙ ඩැඩී..
හිමන්ස ඇහැක් ගහලා බානුව හොයන්න ඇතුලට ගියා..තේජන ඔහුට ආව දුරකථන ඇමතුම හා සම්බන්ධ වුණා.
~~~~~~~~~~~~~~~~~~~~
රෑ යහනේ තිශාදි සුසුම් හෙලනවා..මුළු සවස් වරුවම ඈ ගත කලේ වෙරළ තීරයේ කුඩා බංකුවක් උඩ..මලිත්..මිනෝලි.. කීව වදන් වලට ඈ සිත බොහෝ සේ රිදිලා..ඔහුත් නෑ..මේ පාළුව දරන්න බැරි තරම්..ඔහු අප්සරා හා විවාහ වෙයිද?ඒත් තමන්ට දුන් පොරොන්දු..තමන් විවාහකයි..ඉතින් ඔහු කොහොමද තමන් විවාහ කරගන්නෙ..ඇගේ හිස රිදෙනවා..ඔහු තමන්ට අමතන්න ඇති..ඒත් තිශාදි ආයාසයෙන් ඉවසා දරා සිටියා..ඔහු ගැන කියන කතා තාමත් එහෙමයි..
ඇයි අපි කාගෙවත් කීමකටඅපෙ හිත රිදවගන්නෙ..ඒ පෘථග්ජන මිනිසුන්ගෙ ස්වභාවය.කොච්චර හොද දේ අහන්න ලැබුණත් පුංචිම පුංචි නරක දෙයක් ඇහුණම හිතේ පැළ පදියම් වෙන්නෙ ඒ දේ..ඇය නින්දට වැටුණා..තිශාදි..කුරිරු ලෙස හිමන්සව අමතක කරන්න උත්සාහ කරනවා..ඊයේ රාත්‍රියේ ඔහුගෙන් ලද ආදර වදන් අද රාත්‍රියේ ඈ විසින්ම ප්‍රත්ක්ෂේප කරලා..
~~~~~~~~~~~~~~~~~~~~
පාන්දර පහට තිශාදිගේ පුංචි එලාම් එක හඩනැගුවේ ඇයට නැගිටින්න කියලා..සුපුරුදු විදිහට උඩරට මැණිකේ දුම්රිය ඇය එනතුරු බලං ඉන්න බව දන්න ඇය නුවර වලව්වට යාමට සූදානම් වෙලා සනුකිගෙ නිවසේ පහල මාලයට බැස්සා..එහෙත් ආලින්දයේ ඈ දුටුවේ විශ්වාස කරන්න අපහසු දසුනක්..සනුකිගේ මව සමග තේ පානය කරමින් පිළිසදරේ යෙදෙන්නෙ ඔහු..හිමන්ස..
ආ..මේ එන්නෙ..මං මේ දුවට ඇහැරවන්න යන්නත් හැදුවෙ..කොහෙද කතාවට අහුවුණානෙ..පුතා යාපනේ විස්තර කියද්දි ආසාවෙ බෑ දුව..මං ගිහින්ම නැහැනෙ..යුද්ධෙ ඉවර වෙලා කොච්චර කල්ද? දවසක යන්න ආසයි..
සනුකිගේ අම්මා තිශාදිට සිනහවක් පාලා කියද්දි තිශාදි තුෂ්ණිම්භූතව ඔහු දිහා බලං හිටියා..ඒත් හිමන්ස ඈට තිළිණ කලේ රැව්මක්..ඔහු ඇස් වලින් කිව්ව කතාව ඇයට හොදින් තේරුම් ගියා
යමුකො ..බලාගන්නම් උඹ ගැන
ඒ ඇස් වල තිබුණෙ එහෙම කතාවක්
ආන්ටි..අපි යන්නද ලේට් වෙනවා..මෙයාව ඉක්මණට ඇරලන්න ඕනෙ..
හරි පුතා..දූ පරෙස්සමින් යන්න.කෝල් එකක් දෙන්න ගිහින්..අද සනුකිත් එනවා කීවා
හරි ආන්ටි..
තිශාදි ඇයට සමුදීලා ඔහු පසුපසින් වැටුණා..රෝස පැහැ කොට ගවුමක් ඇදලා තමන් පිටුපසින් එන තිශාදි ගැන හිමන්ස මේ වෙලොවෙ ඉන්නෙ කෝපයෙන්..ඇගේ මුහුණ දුටුවිට කියන්න පුළුවන් ඇය කුමක් හෝ හංගගෙන දුක් විදන බව.ඔහු ඉවසුවා.සද්ද නැතිව ඇගේ බෑගය අතින් ගෙන පිටුපසට දාලා ඇයට නගින්න දොර ඇරලා දුන්නා.හිමන්ස ඈ දෙස බැල්මක්වත් හෙලන් නැතිව කාර් එක ඉදිරියට අරන් යනවා.තිශාදි කලබලෙන් වටපිට බැලුවෙ මේ යන්නෙ ඔහුගේ නිවසට යන පාරෙ බව වැටහුණු නිසා..ඒත් ඔහුගේ කෝපාන්විත මුහුණ දෙස බැලු ඇයට කියන්න ආපු දේත් අමතක වුණා..ඔහු වේගෙන් ගිය කාර් එක මිදුලෙ නතර කළා..බානු තත්පරේට දොර ඇරියා.
ඔහු බානු සමග නිවසට ආවෙ මීට පැයකට කලින්..දීර්ඝ ගමනකින් පස්සෙ දිගු විවේකයික් අවශ්‍ය නමුත් ඔහු බානුව නිවසට ඇරලවලා කෙලින්ම ගියේ සනුකිගේ නිවසට.තිශාදි බියෙන් ඔහු දිහා බැලුවා..ඔහු සුක්කානම තදින් අල්වාගෙන වියරු දෑසින් ඉදිරිය අරමුණකින් තොරව බලං ඉන්නවා..
තිශාදි..මං උඹව බලෙන් ඇතුලට ඇදගෙන යන්න කැමති නෑ..උඹ කැමැත්තෙන් මගෙ ගේ ඇතුලට ගිහින් උඩ මගෙ රූම් එකට ගියා නම් මගෙ තරහා ටිකක් හරි නිවෙයි..
තිශාදි හුස්ම අල්ලගෙන බලං හිටියෙ කිසිම චවනයක් කියාගන්න බැරුව..
තිශාදි..මං මේ අන්තිම පාරට කියන්නෙ..මං යාපනේ ඉදලා ආවෙ දැන් ටිකකට කලින්..උඹ මගෙ ඉවසීම පරීක්ෂා නොකර උඩ කාමරේට පලයන්..
ඔහු ගුගරද්දි.තවදුරටත් දරන්න බැරිවුණු ඇය කාර් එකෙන් බැහැලා ගේ දිහාට දිව්වා..ඇගේ කෙටි ගවුම තාලෙට නැලවෙනවා දකිද්දි ඔහුගේ කෝපය තරමක් දුරට අඩු වුණා..බානු දුවගෙන ගේ දිහාට එන රුවැත්ති දි හා බලං හිටියා.ඈ හඩමින් දිව එනවා..බානු පැත්තකට වෙලා ඇයට ගෙට යන්න ඉඩදුන්නා.ඈ තරප්පු පෙළ නැගගෙන ඉහලට යනවා..ඒත් බානු නිහඩයි..අප්සරාට දැමූ නීති ඇයට අදාල නොවන බව බානු දන්නවා..හිමන්ස කටකොනේ රැදි හිනාවෙන් නිවසට ඇතුලු වුණේ බානුට රවාගෙන..
බානු. උඹ නිදපන්..ඔය දොර ලොක් කරලා යතුර උඹෙ කාමරේට අරන් පලයන්..
සිය හාම්පුතුගෙ උපදෙස් අකුරටම පිළිපදින්න බානු බැදී ඉන්නවා..පඩිපෙලේ උඩට නගින ඇයටත් ඇහෙන්නම තමයි ඔහු ඒ වදන් කීවෙ..අද ඔහුගෙන් සමාවක් නොලැබෙන බව තිශාදිට හිතුණා..ඒත් ඔහුව අවිශ්වාස කරන්න කිසිම හේතුවක් ඇයට නැහැ..හිමන්ස ඉහලට එන අඩියක් අඩියක් ගාණෙ ඇගේ හද ගැහෙනවා.ඔහු පඩිපෙල කෙළවරේ බරාදයට අත තබාගෙන බිම බලාගෙන සිටින යුවතිය අසලට ළංවුණා..
මේ කාමරේද?අර තියෙන්නෙ කාමරේ යනවා..
තිශාදි හෙමින් කාමරේ දිහාට ගියා..ඈ දොරට අත තියලා ඔහු දිහා බැලුවා..ඔහු ඇය දිහා ගිනි පිටවෙන දෑසින් බලමින් ඈ දිහාට ආවා..දොර ඇරලා ඇයව කාමරේ ඇතුලට තල්ලු කරලා දොර වැහැවා.හිමන්ස සිය ගත රැදි කමිසය ගලවා ඉවත් කලේ තිශාදිගෙ දෑස ඔහුගේ කඩවසම් ගත පුරා දුවද්දි.ඔහු ඈ ළගට අඩියෙන් අඩිය එද්දි තිශාදිගෙ පපුව ඒ එන අඩියක් ගාණෙ ගිඩි ගිඩි ගාලා වේගෙන් ගැහෙනවා.ඔහුගේ බැල්ම …ඇයව මහත් අපහසුතාවයට ..නොසන්සුන්තාවයට පත්කරලා..හිමන්ස ඇයට හුස්ම වැටෙන දුරින් ළං වෙලා සෙමින් ඇගේ දෙතොල් අතගෑවෙ සිය සුරතේ අතගැලි වලින්..ඇගේ දෙතොල් සැලෙනවා බල බලම ඔහු රළු හාදුවක් ඇගේ දෙතොල් මත තිබ්බා..ඒ එක්කම ඔහු ඇයව ඇදගෙන යහනට ගියේ තිශාදි තුෂ්ණිම්භූතවෙද්දි..
කිසිම කතාබහකින් කොරව ඔහු ඈව පිටුපසින් තුරුළු කරගෙන නින්දට වැටුණේ විනාඩි දෙක තුනක් ඇතුලත.ඔහු සිටියේ ඒ තරම් වූ නිදිමතක..ගතට තාමත් වෙහෙසයි..රණමොණරි අදත් කූඩුවෙන් පැනලා යන්න කලින් ඔහු ඇයව අල්ලගෙන තමන්ගෙ කූඩුවේ හිර කරගත්තා.තිශාදි සෙමින් ඔහුගේ හැඩිදැඩි අතක් පිරිමැද්දා..ඔහුගේ ගැඹුරු හුස්ම සිය ගෙල මතට පතිත වෙනවා..ඒ උණුසුම ඇයටත් සුව නින්දක් කැන්දනවා..ඔහුගේ උණූසුමට ඈ හිත මහත් සේ ලොබ බදිනවා..ඔහු..තමන්ව හිර කරගෙන ඉන්නවා..තිශාදි යටිතොල හපාගෙන නොසෙල්වී හිටියෙ ඇහැරුණොත් ඔහුගෙන් බැනුම් අහන්න සිද්ද වෙන නිසා..හිමන්ස..කොහොමද මේ රෑ ආවෙ..යාපනේ ඉදලා..ඔහු නිවසට ආවෙ ඇයි?..ඇගේ සිතේ ප්‍රශ්න රාශියක්…ඔහු තමන් සමග ඉන්නෙ කෝපෙන් ..තමන් ඔහුව මගඇරියා..
~~~~~~~~~~~~~~~~~~~~
තිශාදි ඇස් ඇරියා..වෙලාව උදේ දහයාමාර බව ඔරලෝසුවේ සටහන් වෙලා..තමන් වලව්වට යා යුතුයි..ඒත් ඔහු තමන්ව අත්ගොබ වලට සිර කරගෙන හොදින් නිදි..තිශාදි හෙමීට දගලලා ඔහු දිහාට හැරුණා..හිමන්සගෙ ගැඹුරු හුස්ම ඇගේ මුහුණටම වැටෙනවා.තිශාදි හෙමින් වමත උස්සලා ඔහුගේ කඩවසම් මුහුණේ දැළි රැව්ල පිරිමැද්දා..යාන්තම් ඒ දෙතොල් අතගෑවා..ඔහු පුදුමාකාර තරුණයෙක්..දැන් ඉන්නෙ තමන් සමග දැඩි කෝපයකින්..ඒත් තමන්ව සිර කරගෙන..ඒ තුරුලෙන් පළා යයි කියලා…ඇගෙ වමත හෙමි හෙමින් ඔහුගෙ පිට මත ඇගිලි තුඩු ගෙනියනවා..තිශාදි හෙමිහිට ඔහුට ළංවෙලා ඒ දෙතොල් මත සියුම් සිපුමක් තැවරුවා..ඔහු තවමත් නිදි..
ඈ සෙමින් ඔහුගේ අත ඉවත් කරලා යහනෙන් බැස්සා..කාමරේ පුරාවටම ඈ දෑස යැව්වා.. සියලු පහසුකම් සහිත හුරුබුහුටි කාමරයක්..කාමරයේ මේසෙ ළගට තිශාදි හෙමින් අඩිය තිබ්බා..ඔහුගේ ඡායාරූප කිහිපයක් මේසේ උඩ..ඒ මේසෙ උඩ තිබුණු පුංචි ඩයරිය ඈ දිග ඇරියා..එහි තිබුණෙ ඇගේ ඡායාරූපයක්..කවදා කොහොම ගත්තද කියලා තිශාදි දන්නෙ නෑ..ඈ හිනාවෙන ඡායාරූපයක්..ඒ ඡායාරූපයේ පසෙකින් ඔහු යමක් ලියලා තිබුණා..
නුරා සුසුමක
රැදුනු කදුලක
රෝස සුවදක
දැවටිලා නුඹ..