අවසන් රාත්‍රිය-15කොටස

‘‘රශ්වින් මේ කොළඹ පාර නෙවෙයිනෙ. ”

සදැසි ඇහැවෙ බලං ඉන්න බැරිම තැන.රශ්වින් මූණට කපටි හිනාවක් නංව ගත්තා.

‘‘මේ පාරෙනුත් කොළඹ යන්න පුළුවන්”

සදැසි වට පිට බල බල පහුවෙන බෝර්ඩ් කියවනවා.

‘‘රශ්වින්..බොරු කියන්න එපා.. මං දුප්පත් වුණාට මෝඩ නෑ”

‘‘සූ ..එහෙමද..එහෙනම් සුදුනෝනාට තේරෙන්න එපැයි මේ අපි යන්නෙ කොහෙද කියලා. ”

‘‘ අනේ කොහෙද රශ්වින්”

‘‘වෙන කොහෙද ඩාලිං. මං කිව්වෙ ඉස්සෙල්ලා

🎶කුල ගෙදරින් දුම්බර කදුවැටියේ

පති කුලයට අද

කැන්දන් යනවා

දුම්බර මැණිකේ🎶

 

කොල්ලා ඉස්සෙල්ලා වගේම සිංදුව කිව්වෙ තාලෙ අල්ල අල්ල.

‘‘ආ….පිස්සුද ඔයාට”

‘‘ඇයි. ”

‘‘පතිකුලේට”

‘‘නැත්තම්”

‘‘රශ්වින් ..අනේ මේක නතර කරන්න..මට බෑ එන්න. ”

‘‘ඇයි”

‘‘රශ්වින් පිස්සු නටන්න එපා”

‘‘සදැසි.ඔය දැඟලිල්ල නතර කරනවා. මං තමුසෙව කිඩ්නැප් කරගෙන යන්නෙ නෑ..මට ඒ තරම් පිස්සුවක් ඇත්තෙත් නෑ. තමුසෙ නැතුවට මට වෙන කෙල්ලෙක් හොයාගන්න අමාරුත් නෑ.මඟුල. ඒත් මට විසදගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි ටිකක් කතා කරන්න පුළුවන් තැනකට එක්ක යන්නෙ.බොරුවට කෑ නොගහ ඉන්නවා. ”

රශ්වින් තදින් කියද්දි සදැසි මූණ අකුළුවගෙන අහක බලා ගත්තා.

‘‘තමුසෙ ඔය මටද පුප්පන්නෙ”

‘‘ඇයි මට බනින්නෙ.මං මහත්තයාට ලොකු කම් පෙන්නන්නෙ මොකටද?මහත්තයාට මාව කොහොමත් ගැලපෙන් නෑනෙ.මං වගේ දුප්පත් වැඩකට නැති කෙල්ලෙක් මොකටද?මහත්තයා මට අනුකම්පා කරපු එකම මදිද?ඉහි ඉහි. ”

කෙල්ල හෝ ගාලා අඩනවා

‘‘යකෝ මං දැන් අඩන්න දෙයක් කිව්වද? ෂිට්”

කොල්ලා කිව්වෙ දත්මිටි කකා. මේ අඩන එක තමා කොල්ලට පේන්න බැරි

‘‘ඇයි ඔයා කිව්වෙ වෙන කෙල්ලෙක් හොයාගන්න අමාරු නෑ කියලා”

ඒ පාර නම් රශ්වින්ගෙ මූණට ආවෙ අපූරු හිනාවක්..එහෙනම් ඒකට තමා අඩන්නෙ

‘‘කෙල්ලෙ.මං තරහා ගියාට එහෙම කිව්වට මගෙ දියකිදුරිව විතරයි මට ඕනෙ. ”

රශ්වින් ආදරණීය හඩින් එහෙම කියනකොට සදැසිගෙ මූණට හිනාවක් ආවා.

‘මේක පුදුම මංගල්ලයක් තමයි. මේකි බදින්න කතා කරලා මනමාලයෙක් ඉන්නවා. මේකි මට කැමතියි. ඒත් මගෙත් එක්ක එන්නත් බෑ. ඒ වුණාට මං වෙන කෙල්ලක් ගැන කිව්වාම මැරෙන්න හදනවා.අපොයි රශ්වින් උඹෙ සිකුරට වයර් මාරු වෙලා.’

රශ්වින් හිතුවට කිව්වෙ නෑ.සදැසි ඒ පාර කට පියා ගෙන පාඩුවෙ හිටියා. රශ්වින් කාර් එක නතර කලේ මහවැලි ගග අද්දර කොන්ක්‍රීට්  බංකු ටිකක් දාලා තිබුණු තැනක.එතන හරි නිස්කලංකයි. ලොකු උණ පදුරු නිසා එතන හෙවණයි.සදැසි එක්ක බැහැලා ගිහින් කොල්ලා බංකුවක ඉදගත්තා.

‘‘රශ්වින්..මට අද වැඩට යන්න බැරිවෙයිද? ”

‘‘බැරිවුණාවයි”

‘‘එතකොට අද දවසෙ පඩිය කපනවනෙ. අපරාදෙ”

‘‘මං ඒක දෙන්නම්”

‘‘එපා”

‘‘එහෙනම් වෙන කෙල්ලෙක්ට දෙන්නම්. ”

‘‘මොනවද”

කෙල්ල ඇස් ලොකු කරනවා

‘‘කිස් එකක්”

රශ්වින් ඇහැක් ගහලා කෙල්ලගෙ අතක් ඇදලා ගත්තා.

‘‘ඔයාට පිස්සු රශ්වින්”

‘‘ඔව්..පිස්සු තමයි හොදටම.ඔයා මගෙ එක්ක ආවොත් පිස්සුව හොද වෙනවා.කියන්න එනවද?. ”

කොල්ලා හැගුම්බර විදිහට ඇස්දෙකට එබිලා කියද්දි කෙල්ල හොදටම බය වුණා..

‘‘කියන්න සදැසි ..ඔයා මගෙ වෙනවද.ආ”

‘‘රශ්වින්”

‘‘ආදරේ නේද මට.. ”

‘‘ඔව්. ”

‘‘එහෙනම් ඇයි මේ. ”

‘‘අප්පච්චිගෙ හිත රිද්දන්න මට බෑ රශ්වින්.එයා ගොඩක් දුක් විදලා අපිව හැදුවෙ.අම්මා නැතිවුණාට පස්සෙ අම්මගෙ යුතුකම් ඉස්ට කරන්න එයා කොච්චර මහන්සි වුණාද.මං ඔයාට ආදරෙයි රශ්වින්.ඒත් එහෙම කියලා මට ඔයා එක්ක එන්න බෑ..අප්පච්චිගෙ අකමැත්තෙන් මට ඔයාව බදින්න බෑ”

‘‘අර මනමාලයා ගැන මට හැංගුවෙ ඇයි”

‘‘මං කියන්න උත්සහ කළා ..ඒත් කියාගන්න බැරිවුණා .ඔයාගෙ ආදරේ දකිද්දි මට ලෝබ හිතුණා. ”

‘‘හ්ම්.අප්පච්චි මට කැමති වුණොත් අවුලක් නෑනෙ. ”

‘‘ඒක වෙන් නෑ රශ්වින්.අපි දුප්පත් වුණාට වචනෙ වෙනස් කරන් නෑ. ”

‘‘හරි.මං පෝසත්.ඒ වුණාට මාත් වචනෙ වෙනස් කරන් නෑ”

රශ්වින් කිව්වෙ සදැසිගෙ ඇස් දිහාම බලාගෙන.

‘‘ඇයි මහත්තයෝ තේරුම් ගන් නැත්තෙ. ”

‘‘තමුසෙ මට මොනවද තේරුම් කරන්න හදන්නෙ.මගෙ එක්ක තුරුල් වෙලා ඉදලා වෙන එකෙක් අස්සට යනකල් මං බලං ඉදියි කියලද හිතන්නෙ.තමුසෙට මාව අමතක කරලා වෙන එකෙක්ගෙ මනමාලි වෙන්න පුළුවන් ඇති.ඒ වුණාට මට වෙන කෙල්ලෙක්ව ළගට ගන්න බෑ.මං ආදරේ කරන්නෙ ආසා කරන්නෙ තමුසෙට”

කොල්ලා ඒ වචන ටික බොහොම පැහැදිලිව කිව්වෙ

‘‘ඇයි බනින්නෙ”

‘‘බනිනවා නෙවෙයි මෝඩියේ තේරුම් කරනවා.. මං අප්පචිචව කැමති කරව ගන්නම්.තමුසෙ එතකල් පාඩුවෙ ඉන්නවා. ”

‘‘ඔයා කොහොමද ඒක කරන්නෙ”

‘‘මැජික් එකකින් ..හරිනෙ..දැන් ටිකක් කෑ නොගහා ඉන්නවද? ”

‘‘ඇයි? ”

රශ්වින් වටපිට බලලා කෙල්ලව තුරුල් කරගෙන කම්මුල් සිපගත්තා.

‘‘පිස්සු ඔයාට..එපා මෙතන. ”

‘‘එහෙනම් කොතනද”

කොල්ලා එබුණෙ දෙතොල් වලට.සදැසි කොල්ලව තල්ලු කරලා දුවගෙන ගිහින් කාර් එකට නැග්ගා

‘‘අදට බේරුණා කියලා හිතාගන්නවා..මං අල්ලගන්නම්කො ළගදිම.වාඩුව ගන්නවා ඔක්කොටම”

කොල්ලා ඇවිත් කාර් එක ස්ටාර්ට්  කර ගත්තා

‘‘නපුරුයි ඔයා”

‘‘ලස්සන දියකිදුරි..අපෙ හනිමුන් එක දවසට සාරිය පිටින්ම වතුර බැරල් එකක ඔබලා ගන්නෙ මං. ”

‘‘ආ…හොදට හිටී.මට හෙම්බිරිසාව හැදෙයි.හචින් යයි. ”

‘‘මං ළග බෙහෙත් තියෙනවා ”

‘‘උකුණු බෙහෙත් ද”

සදැසි අතින් කට වහගෙන ඇහැවා.

‘‘ඔව්..එනවකො දවසක උකුණු බෙහෙත පෙන්නන්න. ”

‘‘ඔයා හොරට නේද ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තෙ. ”

ඒ පාර සදැසිගෙ කට ඇරිලා. කොල්ලා අප්පච්චිව කැමති කරව ගන්නවා කිව්වට පස්සෙ කෙල්ලගෙ හිතට සැනසීමයි..කොල්ලා කාර් එක ඩ්‍රයිව් කරන ගමන්ම කරන විකාර වලට සදැසිට හිනායන්නත් එනවා.වෙලාවකට කෙල්ලගෙ අතක් අරගෙන ඉඹිනවා. තවත් වෙලාවකට කොණ්ඩෙන් අදිනවා.කනෙන් අදිනවා.

‘‘මොකද්ද”

‘‘ ඔව්. අර ලියන්න තියෙනවා නේද ඉස්සෙල්ලම එක්සෑම් එකක්. ඒකෙදි ඔයා එහා පැත්තෙ හිටපු නංගිගෙන් කොපි කළා නේද? ”

‘‘මොකද්ද..එහා පැත්තෙ නංගි කෙනක් හිටියා කියලා තමුසෙ කොහොමද දන්නෙ”

‘‘නෑ ඉතිං.. ඔයා ඇහැක් ගහලා කෙල්ලව යාළු කරගෙන උත්තර ටික කොපි කරගන්න ඇති.කොල්ලෙක් හිටියා නම් බැහැනෙ. ”

‘‘තමුසෙත් අත්පණ්ඩිතයිනෙ ඕයි..ගොඩේ ටයිප් එකෙන් හිටියට ඕවා කොහොමද දන්නෙ”

‘‘අපෙ ගාමන්ට් එකේ අක්කා කෙනෙක් ඉන්නවා ස්කූටරේට  ලයිසන් ගන්න ගියපු. එයා කිවවෙ. ”

‘‘දැන් එතකොට මොකද්ද මං කඩ කරපු මාර්ග නීතිය”

‘‘අර සුදු ඉරි දෙකක් තියෙන්නෙ මැද..එතනින් ඉස්සර කළේ. ”

‘‘හරි හරි ඉතිං.ඕවා සාමාන්‍ය දේවල්නෙ.තමුසෙ හරියට ට්‍රැෆික් ඕඅයිසී වගේනෙ. ”

සදැසි දත් සෙට් එකම පෙන්නලා හිනාවෙනවා.

‘‘නිකම් මගෙ එහෙම පෙනුමක් තියෙනවද?.මරු නේ. ”

‘‘පිස්සි..ඔහොම හිනාවෙලා ඉන්නවකො. මටත් ෆුල් ෆිට්නෙ එතකොට.සතුරු හමුදාවක් එක්ක වුණත් ෆයිට් කරන්නම් පපුව ඉස්සරහට දාලා. ”

‘‘එච්චර මහන්සි වෙන්න එපා.අප්පච්චිව කැමති කරව ගන්න ”

‘‘කියනකල් හිටියෙ.තමුසෙත් ඕයි මාර ආඩම්බරයිනෙ.වෙන එකියක් නම් හා කියලා පැනගෙන එයි මගෙ එක්ක යන්න. තමුසෙ ඔහොම ගණන් උස්සනකොට මට හිතෙන්නෙම ෆුල් ගේමක් දීලා එක්ටැම් ගෙයින් රජ කුමාරි වගේ පන්නන් යන්න”

‘‘ඔයා මගෙ දුප්පත් කම හෑල්ලු කරනවා. ”

ඒ පාර කෙල්ල ආයෙත් ඇස් වලට කදුලු පුරවගත්තා.

‘‘ඕකනෙ බැරි..චුරු චුරුව.ෂිට්.ආ ලේන්සුව ..හොටු පිහිද ගන්නවා. ”

කොල්ලා සාක්කුව ඇදලා ලේන්සුවක් දිග් කළා.

‘‘එපා එපා..ලේන්සු ගන්න හොද නෑ”

‘‘ඇයි”

‘‘එතකොට තරහා වෙනවා. ”

රශ්වින් කටකොනක් ඇද කළා.

‘‘දැන් අරූගෙ නම මොකද්ද? ”

ගගේ මාළු රශ්වින්ගෙ ඇගේ නටනවා.මනමාලයා ගැන මතක් වෙද්දි.

‘‘කවුද? ”

‘‘තමුසෙගෙ මනමාලයා”

‘‘ආ.. ”

සදැසි ඇස් ලොකු කරගෙන බලනවා.

‘‘ඔය ඇස්..සදැසි වෙලාවක මගෙ අතින් මොනවා වෙයිද දන්නෑ ඔහොම බලනකොට..මට කන්ට්‍රෝල් නැති වෙනවා.ඔහොම බලලා මාව පිස්සු වට්ටන්න එපා ඕයි”

‘‘අනේ..මං හිතලා කළේ නෑනෙ.. ”

‘‘දියකිදුරි ඔය ඇස් දෙකට වශී වෙනවා මං..අරුත් වශී වුණාද? ”

‘‘අනේ..මං එයත් එක්ක කතා කලේ නෑ.. ”

‘‘එයා..එයා..ෂිට් මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න බෑනෙ. තාලෙට කියපු හැටි එයා. ”            රශ්වින්  රවනවා..

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!