🌹සුහුරු පෙම්වතා -Part 2🌹

 

 

 

ඒ එක්කම ගං ඉවුරට කඩාගෙන බිදගෙන ආවෙ ප්‍රාඩෝ එකක්. පිටිපස්සෙන් කළු වෑන් එකක්..ඒකෙන් බැස්ස සෙට් එක දැක්කම රනුද් වගේම නිරුෂ් මූණෙන් මූණ බැලුවෙ වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිවෙද්දි..කොල්ලො දෙන්නා හිටියෙ සිවිල් පිට..ආයුධ ළග තිබ්බෙත් නෑ….ඒත් බැස්ස සෙට් එකේ අත් පුරා ගන්..

 

හංසනාත් ඔලුව ඉස්සුවේ ප්‍රාඩෝ එකේ සද්දෙ අදුනගෙන..

 

මොකද මෙතන වෙන්නෙ..

 

ඩැඩාගෙ හඩ ඇහෙද්දි හංසනා රනුද්ගෙ ඔඩොක්කුවෙන් නැගිට්ටා.

රනුද් වගේම නිරුෂ් පුදුමෙන් කෙල්ල දිහා බැලුවෙ ඔච්චර වෙලා සිහි නැතිව හිටපු කෙල්ල එකපාරටම නැගිටිද්දි.

රනුද් හිටගත්තෙ හංසනා ඩැඩා ළගට ගියාට පස්සෙ..

 

රජින්ද මාලගුරු.හංසනාගෙ ඩැඩා..සුදු නැෂනල් එකක් ඇදලා හිටපු දේහධාරී පුද්ගලයා හංසනා දිහා බැලුවෙ කුතුහලෙන්..හංසනාගෙ පෙගිච්ච ඇදුම් එක්ක කොල්ලො දෙන්නා දිහා බලපු රජින්දගෙ ඇස් දැවුණෙ කෝපයෙන්

 

මුන් දෙන්නට වෙඩි තියනවා.

 

හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දුන්නු රජින්දගෙ අණට ගෝලයො  තුවක්කු මාන අල්ලද්දි හංසනා ඩැඩාගෙ අතේ එල්ලුණා.

 

අනේ එපා ඩැඩා…මං ගගට පැන්නා.එයාලා මාව බේරගත්තා.ඇත්තමයි..මට සවේන්ව බදින්න බැරි නිසයි මං එහෙම කලේ..ඩැඩා මං කියන දේ ඇහැවෙ නෑනෙ..මේ දෙන්නා පළි නෑ ඒකට

 

රජින්ද සුරත උස්සලා ඉගිකළා..කට්ටිය ගන් පාතට දැම්මා.

 

උඹ කසාදෙට කැමති වුණොත් හංසනා මුන් දෙන්නා බේරෙයි.

 

රජින්ද කුරිරු හඩින් කියද්දි හංසනාගෙ මූණ දුක්බර වෙච්චි හැටි  රනුද් වගේම නිරුෂ් හොදටම දැක්කා.

 

හා ඩෑඩ්..මං සවේන්ව බදින්නම්..මං ඒ මැරයාව බදින්නම්..මං විනාස වෙන්නම්..හා විනාස වෙන්නම්..ඔයාගෙ සතුට ඒක නම්..හා මං විනාස වෙන්නම්..

 

හංසනා කෑගහගෙන දුවගෙන ගිහින් ප්‍රාෙඩා් එකට නැග්ගා.ඒ එක්කම රජින්දත් නැග්ග ගමන් වාහන දෙකට දූවිලි වලාවක් නංවගෙන ඉවතට ගියේ යාළුවො දෙන්නා තුෂ්ණිම්භූත වෙලා බලං ඉද්දි.

 

මොකද්ද බං ඒ වුණු හරුපෙ..

 

නිරුෂ්ගෙ කට ඇරුණෙ එතකොට

 

ඊළඟ කොටසට

 

🌹🌹🌹🌹🌹🌹

ඔයාලා කැමති නම් දිගටම ලියනවා

 

©රුවනි ලියන්ගොල්ල©

 

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!