ඒයි රනුද්…අර කෙල්ල ගගට පනින්න යන්නෙ ..අම්මෝ ෆිගර් එක…පිස්සු හැදෙනවා..
නිරුෂ් කෑ ගැහැවෙ රනුද්ගෙ පිටට පාරක් ගහලා.යාළුවො දෙන්නා හිටියෙ පාලම උඩ
ඔහෙ පැනපුවාවෙ..
රනුද් ෆෝන් එකෙන් දෑස ඉවතට නොගෙනම කිව්වා.කොල්ලා හිටියෙ බයික් එකට හේත්තුවක් දාගෙන..පාලම පාළුයි..ඒ අතරෙදි එහා පැත්තෙන් ආපු කෙල්ල ගැන අවධානෙන් හිටියේ නිරුෂ් විතරයි.සුදු පාට සල්වාර් එකක ඇදගෙන හිටපු කෙල්ලගෙ ශෝල් එක සුලගෙ ලෙලදනවා
දිවි නසාගන්න යන්නෙ මචං..යමංකො බේරගමු.
උඹ පලයං..
රනුද්..ඒ ජීවිතයක්..
මැරෙන්න හදන එවුන් මැරුණාවේ
ඒ් රනුද්ගෙ තියරිය
ඒකි මාර ලස්සනයි බං..ඒ…යි..ඉවරා..යි
ජබෝස්
නිරුෂ්ගෙ කෑ ගැහැල්ලයි වතුරට බරැති යමක් වැටෙන සද්දෙයි ඇහුණෙ එකපාරටම..
ඒ සැනෙකින් රනුද් ඔලුව ඉස්සුවා..
රනුද් දඩි බිඩි ගාලා පාලමේ වැට අද්දරට දිව්වා..
ගෑණු ළමයා ගිලෙන්න යන හැටි කොල්ලට පෙනුනා..
ඔහ් ෂිට් ..නිරුෂ් උඹ කිව්වෙ ඇත්තටමද
රනුද් ෆෝන් එක නිරුෂ් අතට දීලා බයික් එක ස්ටාර්ට් කරගත්තෙ නිරුෂ් අන්දුං කුන්දුන් වෙද්ශි..තියරිය අමතක වෙලා රනුද් ප්රායෝගික ලෝකෙට ඇවිත් ඒ් පාර..
නිරුෂ්වත් දාලා රනුද් බයික් එකෙන්ම ආවෙ ගං ඉවුරට..
නාස්ති කරන්න කාලයක් තිබුනෙ නෑ..කොල්ලා එහෙමම බයික් එක නවත්තලා කලු පාට ටීෂර්ට් එකත් ගලවලා විසි කරන ගමන් ගගට පැන්නෙ පුළුවන් වේගෙන් පීනන්න බලාගෙන..නිරුෂ් කෑගහගෙන බයික් එක ගිය දිහාට දුවද්දි රනුද් ගග මැදට පීනලා මැරෙන්න හදපු කෙල්ලව ඇදගෙන ගොඩට ආවා.
.
කොල්ලට හති..ඒත් කොල්ලා කෙල්ලගෙ පපුවට අත තියලා පෙවිලා තියෙන වතුර අයින් කරන්න පටන් ගත්තා..ඒ එක්කම කොල්ලා කෘතිම ස්වසනේ දෙන්න පටං ගත්තා..
නිරුෂ් ආවෙ ඒ වෙලාවෙ..
ඔහ් ෂිට්..
නිරුෂ් ඇස් දකුණු අතින් වහගෙන අනිත් පැත්ත හැරුණා..
යකෝ රනුද්..උඹ ඔය තත්පරේට ඔය කෙල්ලව කිස් කරන්න පටං ගත්තද? ඇඩල්ස් ඔන්ලි පෙන්නන්නද හදන්නෙ.
රනුද් ඔළුව ඉස්සුවා..
ගල් මූසලයො..මං කෘතිම ස්වසනේ දුන්නෙ..උඹට ඔල්මොරොන්දම්ද. මේ කෙල්ල පණ අදිනවා..උඹ මෙතන මගුලක් කියවනවා..
නිරුෂ් හැරිලා හෙමින් ඇඟිලි ඈත් කරලා සීන් එක බැලුවා
අවුලක් නෑ..
නිරුෂ් තත්පරේට ළගට දුවගෙන ආවා..
මචං පට්ට කෑල්ලක්නෙ..මං කිව්වෙ..අම්මෝ මාර ෆිගර් එක..සිරාවටම .. සුන්දරත්වෙ….මචං කෝමල රේඛා..
නිරුෂ්..උඹෙ බයිලා නවත්තපං..
රනුද් කෑ ගැහැවෙ නිරුෂ්ගෙ වර්ණනාව අහලා ඇති වෙලා..නිරුෂ් ඔය කියන ඒවා කිසිදෙයක් රනුද් මේ වෙනකල් දැක්කෙ නෑ..කොල්ලාගෙ අරමුණ වුණේ කෙල්ලගෙ ජීවිතේ බේරගන්න එක විතරයි.
කොල්ලා ආයෙත් ඒ දෙතොලට බරවෙලා කෘතිම ස්වසනේ දෙන්න පටං ගත්තා.
මචං මාත් උදව් කරන්නම්..
රනුද් ඔලුව උස්සලා නිරුෂ්ට රැව්වා..
න්..නෑ උඹම කරපං..නිරුෂ් මෝඩ හිනාවක් පෑවා.
රනුද් ආයෙත් කෘතිම ස්වසනේ දෙන්න පටං ගත්තා..
මචං මේකි මැරිලද..උඹටයි මටයි පොලිසි ගාණෙ යන්න වෙයි..ෂුවර් එකට මේකිගෙ බඩේ දරුවෙක් ඇති..මොකෙක් හරි අපතයෙක් මේකිව රවට්ටන්න ඇති..පව් බං..ලෝකෙට මූණ දෙන්න බැරුව මේකි ගගට පනින්න ඇති..ඉහි ඉහි..මට තියෙන දුක..
නිරුෂ්ගෙ කියවිල්ල නතර වෙන්නෙම නෑ..ඒ එකක්ම කෙල්ලට සිහිය ආවා
ඇ..කැහැ..
කටින් වතුර එළියට පනින ගමන්ව කෙල්ල ඔලුව ඉස්සුවා..
රනුද් කෙල්ලගෙ ඔලුව ඔඩොක්කුවේ තියාගත්තා.
කෙල්ල හොදටම කලබල වෙලා වේගෙන් ඒ පපුව උස්පහත් වෙනවා..හුස්ම ගන්නෙ පුදුම තරම් වේගෙන්..
ඒත් කේලල ඇස් අරින්නෙ නෑ..
රනුද් ඒ මූණට තට්ටු කළා..
ඒයි..ඒයි..ඇහුණද.. ඇස් අරින්න
හංසනා ඇස් ඇරියෙ ඒ කටහඩට
ඇස් ඉස්සරහා කඩවසම් තරුනයෙක් ඉන්නවා දකිද්දි කෙල්ලට හිතාගන්න බැරිවුණා..ඒ එක්කම හංසනාගෙ අවධානෙ නිරුෂ් දිහාට යොමු වුණා..
ඇත්තටම හංසනා හොදටම බයවුණා..මැරෙන්න හිතාගෙන පැන්නට කෙල්ලට තේරුණා තමන්ව බේරගෙන කියලා..ඒත් දැන් මොනවද කරන්නෙ..ආයෙත් ඒ අපායට යන්න බෑ..කෙල්ල එහෙමම ඇස් පියාගත්තෙ කරන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව..
රනුද් .. මචං කෙල්ලට ආයෙත් සිහි නැතිවුණා
රනුද් තුෂ්ණිම්භූත වුණා..
ඒයි..ඇස් අරින්න..කෙල්ලෙ ඇස් අරින්න..
රනුද් කතා කළාට හංසනා ඇස් ඇරියෙ නෑ..හංසනාට දැනුනෙ පුදුම තරහක්.
.මේ බූරුවො දෙන්නා මොකටද මාව බේරගත්තෙ..බේරගත්තා නම් දැන් මං ගැන බලන්නත් වෙයි..හංසනා තරහින් හිතුවෙ සිහි නැති විදිහටම ඉදලා.
රනුද්..අපි දැන් මොකද කරන්නෙ..
මංදා බං..අපි මේ කෙල්ලව හොස්පිට්ල් ඇඩ්මිඩ් කරමු..
පිස්සුද බං..අපිට හිරේ යන්න වෙයි..මේකි බඩදරු නම්..අපි තල්ලු කළා කියලා හිතයි..
පිස්සුද බං..
අද කාලෙ හැටි ඔහොමයි බං..වෙන විකල්පයක් බලමු..
විකල්ප නෑ..මේකිව මෙහෙමම දාලා යමු අපි..සිහිය ආපුවම නැගිටලා යන්නෙ නැතෑ..
පව් බං..මේකිගෙ බඩේ දරුවෙක් ඉන්නවා නම්..උඹත් තාත්තා කෙනෙක් වෙන්න නේද ඉන්නෙ.
මොකක්?
රනුද් නිරුෂ්ට රැව්වා..
මට ටිකක් කල්පනා කරන්න දීපං නිරුෂ්..උඹේ ඔය හැකර කට වහගනින්..කියන තැනකට වදින්නම්.
රනුද් නළල අල්ලගෙන ඇස් තදින් පියාගත්තා
…
මචං අපි ඩියුටි යන් නැද්ද? කර්නල් කාරයා මරාගෙන කයි..තව පැයකින් ඩියුටි ඉන්න ඕනෙ..
නිරුෂ්ට කට වහගෙන ඉන්නම බෑ.
කර්නල්..ඒ වචනෙ ඇහුණ ගමන්ම හංසනා හිටියටත් වඩා බය වුණා..මේ කට්ටිය ආමිද එතකොට..අයියෝ..ඩැඩා ආවොත් මං නිසා මේ අයියලත් මැරෙයි…හංසනාට සිතිවිලි වල වැඩි වෙලාවක් ඉන්න බැරිවුණා.
~~~~~~~®uwani liyangolla-~~~~~~
ඒ එක්කම ගං ඉවුරට කඩාගෙන බිදගෙන ආවෙ ප්රාඩෝ එකක්. පිටිපස්සෙන් කළු වෑන් එකක්..ඒකෙන් බැස්ස සෙට් එක දැක්කම රනුද් වගේම නිරුෂ් මූණෙන් මූණ බැලුවෙ වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිවෙද්දි..කොල්ලො දෙන්නා හිටියෙ සිවිල් පිට..ආයුධ ළග තිබ්බෙත් නෑ….ඒත් බැස්ස සෙට් එකේ අත් පුරා ගන්..
හංසනාත් ඔලුව ඉස්සුවේ ප්රාඩෝ එකේ සද්දෙ අදුනගෙන..
මොකද මෙතන වෙන්නෙ..
ඩැඩාගෙ හඩ ඇහෙද්දි හංසනා රනුද්ගෙ ඔඩොක්කුවෙන් නැගිට්ටා.
රනුද් වගේම නිරුෂ් පුදුමෙන් කෙල්ල දිහා බැලුවෙ ඔච්චර වෙලා සිහි නැතිව හිටපු කෙල්ල එකපාරටම නැගිටිද්දි.
රනුද් හිටගත්තෙ හංසනා ඩැඩා ළගට ගියාට පස්සෙ..
රජින්ද මාලගුරු.හංසනාගෙ ඩැඩා..සුදු නැෂනල් එකක් ඇදලා හිටපු දේහධාරී පුද්ගලයා හංසනා දිහා බැලුවෙ කුතුහලෙන්..හංසනාගෙ පෙගිච්ච ඇදුම් එක්ක කොල්ලො දෙන්නා දිහා බලපු රජින්දගෙ ඇස් දැවුණෙ කෝපයෙන්
මුන් දෙන්නට වෙඩි තියනවා.
හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දුන්නු රජින්දගෙ අණට ගෝලයො තුවක්කු මාන අල්ලද්දි හංසනා ඩැඩාගෙ අතේ එල්ලුණා.
අනේ එපා ඩැඩා…මං ගගට පැන්නා.එයාලා මාව බේරගත්තා.ඇත්තමයි..මට සවේන්ව බදින්න බැරි නිසයි මං එහෙම කලේ..ඩැඩා මං කියන දේ ඇහැවෙ නෑනෙ..මේ දෙන්නා පළි නෑ ඒකට
රජින්ද සුරත උස්සලා ඉගිකළා..කට්ටිය ගන් පාතට දැම්මා.
උඹ කසාදෙට කැමති වුණොත් හංසනා මුන් දෙන්නා බේරෙයි.
රජින්ද කුරිරු හඩින් කියද්දි හංසනාගෙ මූණ දුක්බර වෙච්චි හැටි රනුද් වගේම නිරුෂ් හොදටම දැක්කා.
හා ඩෑඩ්..මං සවේන්ව බදින්නම්..මං ඒ මැරයාව බදින්නම්..මං විනාස වෙන්නම්..හා විනාස වෙන්නම්..ඔයාගෙ සතුට ඒක නම්..හා මං විනාස වෙන්නම්..
හංසනා කෑගහගෙන දුවගෙන ගිහින් ප්රාෙඩා් එකට නැග්ගා.ඒ එක්කම රජින්දත් නැග්ග ගමන් වාහන දෙකට දූවිලි වලාවක් නංවගෙන ඉවතට ගියේ යාළුවො දෙන්නා තුෂ්ණිම්භූත වෙලා බලං ඉද්දි.
මොකද්ද බං ඒ වුණු හරුපෙ..
නිරුෂ්ගෙ කට ඇරුණෙ එතකොට
ඊළඟ කොටසට
🌹🌹🌹🌹🌹🌹
ඔයාලා කැමති නම් දිගටම ලියනවා
©රුවනි ලියන්ගොල්ල©
☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️