නිදුලි..
බිම බලාගෙන උඩ රූම් එකට යන්න තිබ්බ අඩිය කෙල්ල පස්සට ගත්තෙ ඒ හඩට ගැස්සිලා..
නිදුලි එක පාරටම හැරුණෙ ෂොක් වෙලා
රනුක..
නිදුලි..ඔයා කොහද ගියෙ..යන තැනක් ගෙදර අයට කියලා යන්න දන් නැද්ද? ආ..
රනුක නිදුලි ලගට ඇවිත් හිට ගත්තා.
ර..රනුක..ඔයා කොයි වෙලේද ආවෙ..
මං ඇවිත් දැන් පැයක් විතර ඇති..
රනුකගෙ අම්මලා හිටියෙ හොදටම බල වෙලා ..නිදුලිට හිතාගන්න බැරිවුණා ඒ ඇයි කියලා..
නිදුලි මට තේ එකක් ඕනෙ.මේ ගෙදර මිනිස්සුන්ට මට තේ එකක් දෙන්නවත් මතක් වුණේ නැහැනෙ..
මං හදාගෙන එන්නම්..
නෑ කමක් නෑ..ඔයා චේන්ජ් කරගෙන හදන්න..යමු මාත් එන්නම්..
නිදුලිට මේ විපර්යාසෙ තේරුම්ගන්න බෑ..රනුකට මොකක් වෙලාද?
නිදුලි එක්කම රනුක කාමරේට එද්දි නිදුලි ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තා.
ඔයා එනවා කියලා මං දන් නෑ රනුක..අම්මලා කීවෙ නෑ..
හ්ම්…මට සීයාගෙ මරණෙට එන්න ටිකට් හදාගන්න බැරිවුණා නිදුලි..මට ගොඩක් කරදර වුණා..ඒවා වැඩක් නෑ..මං වොශ් එකක් දාගෙන එන්නද
හා..
රනුක වොශ්රූම් එකට ගියපු ගමන් නිදුලි ෆෝන් එක අරගෙන ගගුල්ට කෝල් එකක් ගත්තා
ඒත් ගගුල්ගෙ ෆෝන් එක වැඩ නෑ..
නිදුලි රනුකට තේ එකක් හදන්න පහළට ගියේ අදම රනුක එක්ක කතා කරලා තීරණයක් ගන්න හිතාගෙන.
රනුක රෑ වෙනකල්ම ගෙදර අයත් එක්ක බර සාකච්ඡාවක්.. නිදුලිව ඒවට ගාව ගත්තෙ නෑ..රෑ නිදුලි නිදන්න ලෑස්ති වුණේ රනුක එන පාටක් නැති නිසා.ඒ එක්කම ගගුල්ගෙන් මැසේජ් එකක් ආවා..
මට බලන්න ඕනෙ බැල්කනි එකට එන්න.
.
නිදුලි ඩිම් වෙලා බැල්කනි එකට ගියා..
ගගුල් ජිප් එකට හේත්තු වෙලා අත වනනවා.
නිදුලි බයවුණා..ගගුල් ඒ එක්කම කෝල් එකක් ගත්තා.
ගගුල්..පිස්සුද ඔයාට..
ඇයි
යන්න ඔතනින්..
ඇයි..මං යන් නෑ..මට හිතුණොත් එනවා රූම් එකට ..ඕවා මට සුළු දේවල්..
පිස්සුද ගගුල්..රනුක ඉන්නවා
මොකක්?
මං ඔයාට ගත්තා..ෆෝන් එක වැඩ කලේ නෑ එතකොට..මං එද්දි රනුක ඇවිත්
හදිසියේ..
ගගුල් මං රනුක එක්ක අදම කතා කරනවා.
මං එන්නම් දැන්..
එපා..එපා…ප්ලීස්..මං විසදගන්නම්..
හ්ම්..මට පිස්සු වගේ කෙල්ලෙ..
බය වෙන්න එපා..රනුක එනවා වගේ මං තියනවා..
නිදුලි කට් කරලා රූම් එකට ගියා.
රනුක කෝල් එකක හිටියෙ..
නිදුලි ඇදෙන් වාඩිවුණා.නිදුලි හිතුවෙ නැති විදිහට රනුක ෆෝන් එක ඕෆ් කරලා නිදුලි ළගින් වාඩි වෙලා කෙල්ලගෙ අතකින් අල්ල ගත්තා
නිදුලි ගැහෙනවා හොදටම
නිදුලි..
රනුක නිදුලිගෙ කම්මුල් ඉඹින්න පාත් වෙද්දි කෙල්ල කරන්ට් එකක් වැදුණා වගේ නැගිටලා පස්සට ගියා..
නිදුලි..ඇයි
රනුක අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි කෙල්ල පස්සට ගියෙ රනුකට මොනා වෙලාද කියලා හිතාගන්න බැරුව.
නිදුලි ..ඔයා මගෙ වයිෆ්..
රනුක බලෙන්ම කෙල්ලව අල්ලගෙන සිපගන්න හදද්දි නිදුලි රනුක පස්සට තල්ලු කළා..
පිස්සුද ඔයාට රනුක.. ඔයා පොරොන්දු වුණා සීයා මැරුණම මාව ඩිවෝස් කරනවා කියලා..දැන් මොකද්ද මේ වෙලා තියෙන්නෙ..
රනුක ඇදේ වාඩිවුණා.
මං කිව්වා තමයි..ඒත් දැන් ඒ තීරණේ වෙනස් කරනවා මං.. කැත්රිනා මාව දාලා ගියා.
නිදුලි..දැන් මං නිදහස් මිනිහෙක්..ඒ නිසා මං තීරණය කළා ඔයාටත් අසාධාරණයක් නොවෙන්න ඔයා එක්ක හොද පවුල් ජීවිතයක් ගත කරනවා කියලා..
නිදුලිට කලන්තෙ වගේ..රනුකගෙ අම්මලා බයවෙලා හිටියෙ ඇයි කියලා දැනුයි කෙල්ලට තේරුණේ.රනුක නිදුලි ළගට ඇවිත් කෙල්ලගෙ උරහිස් වලින් අල්ල ගත්තා
මට සමාව දෙනවා නේද?
නිදුලි ඒ අත් තරහින් ගසා දැම්මා.
පිස්සුද මනුස්සයෝ..තමුසෙ මහ පහත් මිනිහෙක්..
කැත්රිනා දාලා ගියාට පස්සෙද මාව මතක් වුණේ..මට කියලා ජීවිතයක් නැද්ද?මට ඩිවෝස් එක ඕනෙ..මං වෙන කෙනෙක්ට ආදරේ කරනවා..මට එයාව මැරි කරන්න ඕනෙ..
නිදුලි කියද්දි රනුකගෙ ඇස් කෝපෙන් කළු වුණා.
මොකද්ද උඹ කිව්වෙ..නිදුලි උඹ මගෙ කසාද ගෑණි..ඒක වෙනස් කරන්න බෑ කාටවත්.ඒ සම්බන්දෙ නතර කරනවා..
ඒක කවදාවත් කරනන් බෑ රනුක..ඔයා උගත් මනුස්සයෙක් නේද? ප්ලීස් මට පාඩුවෙ ඉන්න දෙන්න..මාව ඩිවෝස් කරන්න..
ඩිවෝස්..
රනුක නිදුලිව ඇදලා ඇදට දාගෙන ඒ ගතට බරවුණේ තරහින් පිපිරි පිපිරි…
මට දරුවෙක් ඕනෙ…ඊට පස්සෙ තමුසෙව ඩිවෝස් කරන්නම්
මොකද්ද?
රනුක කියන හතර බීරි කතාව නිදුලිට තේරුනේ නෑ..
බෑ..එපා..මට ඉන්න දෙනවා..
නිදුලි පොර කෑවා..
අනේ එපා..ගගුල්..ගගුල්..
නිදුලි යටි ගිරියෙන් කෑගැහැවෙ කීයටවත් රනුක කියන දේට කැමති වෙන්න බැරි නිසා..
🌹🌹🌹🌹
හෙට
🌹🌹🌹🌹
අනාථ ව මං ලොව සරද්දී
නුඹ මගේමයි නුඹ කියද්දී .
ඊට වැඩියෙන් සෙනේ දෙද්දී
යන්නෙ කෝමැයි නුබෙන් වෙන්වී
….නිදූ….
By-Nethuni .
🌹🌹🌹🌹
ලස්සනයි සුපිරි චන්ඩියා මගේ….
තරහ ගත්තාම පොඩ්ඩෙක් වගේ…
නපුරුකම් තරහව අස්සේ….
ආදරේ මහ ගොඩක් දැක්කේ…
ඔබේ දඟකාරකම් මැද්දේ…
දුක් සුසුම් අමතකව යන්නේ….
කෝලමයි නුඹ ආදරේ මගේ….
මගේ ළඟ නම් නුඹ කොයිවෙලේ….
එයම පමණයි සතුට මාගේ…
ආදරේ දීලා මහමෙරක් සේ…
ළඟම රැඳීයන් මගේ…
ජිවිතේ නුඹමයි මගේ වස්තුවේ…
❤❤❤❤❤❤
ආදර නිදූගෙන් ගඟුල්ට ආදරෙන් ❤
-dushanthi.perera
Tnx🌹🌹🌹🌹 දෙන්නටම
☠️කොපි කිරීම තහනම් ☠️