🌹අන්සතු රුවැත්තිය🌹- 22 කොටස

තමුසෙ මට තව කීයක් දේවල් හංගනවද?ආ

 

ගගුල් අහද්දි නිදුලි ගැස්සුණා..

 

මට නොකියා කොහෙද මේ ගියේ..

 

ඔයාගෙ ෆෝන් එකට ගත්තා වැඩ කලේ නෑ..

 

ඉතිං සරණෙට ගන්න තිබුණනෙ..

 

මට බෑ කියලා හිතුණා.

 

ඇයි මට ඇත්ත නොකීවෙ..

 

ගගුල් ඇහැවෙ නිදුලිගෙ සුන්දර වත දෝතට අරගෙන..

 

ඇත්ත..මොකද්ද ගගුල්..

 

ඔයා මගෙ රෝසි..මං දන්නවා හැමදේම…

 

නිදුලි පුදුම උනා .

 

පුදුම වෙන්න එපා..

 

ගගුල් ඒ කම්මුලක දෙතොල් තිබ්බා.

 

ගගුල්..

 

අද මං එක්ක ඉමු..යන්න දෙන් නෑ..

 

අනේ…. මට යන්න ඕනෙ..

 

කීවනෙ බෑ..

 

අර පොඩි උන් පව් ගගුල්..එයාලා අද එනවා මියුසිල් ක්ලාස් එකට.ප්ලීස්…

 

ගගුල් නිදුලිව අතඇරලා එහෙමම ජීප් එක හරවගත්තා.එක පාරක් කීවම අහන් නැති වුණාම ගගුල්ට යකා නගිනවා.

 

ගේ හරියට එනකල් කොල්ලා බුම්මගෙන ඇවිත් කෙල්ලව දාලා ගියා..

 

නිදුලි කතා කළාට ගගුල් වචනයක් කතා කලේ නෑ..

 

දවස් ගාණක් යනකල් නිදුලිගෙ කෝල් වලට කොල්ලා ආන්ස්වර් කළේ නෑ..

 

ඇයි ගගුල් ඔච්චර නපුරු..ඔයා මට ආදරේ නම් මෙහෙම කරයිද?

 

නිදුලි සරණෙට ගත්තෙ බැරිම තැන

 

නිදුලි මිස්..කියන්න

 

සරණෙ අයියා..අර රෝමියෝට මොකද වෙලා තියෙන්නෙ.

 

සරණෙගෙ මූණට හිනාවක් ආවා.

 

ඇයි මිස්..

 

එයා මගෙත් එක්ක තරහා වෙලා..මාව එපා නම් කෙලින්ම කියන් නැතිව තරහා වුණාම හරිද?

 

මිස්..මං දැක්කා බොස් දැනුත් මිස්ගෙ ෆොටෝ බල බල හූල්ලනවා..මං ඇහැවට මොකුත් කිව්වෙත් නෑ..මට හිතුණා මොකක් හරි වෙලා ඇති කියලා.මේ දවස් වල බොස්ට වැඩත් වැඩියි  ටිකක්.

 

අනේ.සරණෙ අයියා යාළු කරලා දෙන්නකො..

 

මට කන පලාගන්න වෙයිද දන්නෑ.

 

අනේ ප්ලීස්..

 

හරි හරි මං මොකක් හරි බලන්නම්කො.

 

🌹🌹🌹🌹

 

නිදුලිට සරණෙගෙන් ඇමතුමක් ලැබුණෙ හවස් වරුවක. නිදුලි ගෙදර හිටියට පිට කෙනෙක් වගේ.රනුක කතා කරයි කියලා හිටියට කතා කලෙත් නෑ..කෙහොමත් රනුක කවදාවත් කෙල්ලට කතා කරලත් නෑ..රනුක ගැන ඇහැවම රනුකගෙ ගෙදර අයගෙ මූණු ඇඹුල් වෙනවා..

 

නිදුලි තීරණේ කලා මේ ගැන ගගුල්ට කියන්න..ඒත් ගගුල් තරහා වෙලා.

 

සරණෙ අයියා..

 

නිදුලි මිස්…පොඩි කාරණයක් තියෙනවා..මිස්ට පුළුවන්ද අප හවසට චිල්ඩ්‍රන් පාර්ක් එකට එන්න..

 

සරණෙ කියද්දි කෙල්ලට පුදුමයි..

 

ඇයි ඒ..

 

මිස් අද බොස්ගෙ බර්ත්ඩේ එක..බොස් අනාථ නිවාසෙක ළමයි ටිකක් ගෙන්නලා ට්‍රීට් එකක් දෙනවා චිල්ඩ්‍රන් පාර්ක් එකේ..

 

ෂෝක්නෙ..අනේ සරණෙ අයියා එයා මට නිකම්වත් කිව්වෙ නෑ..බර්ත්ඩේ එක දවසෙත් මගෙත් එක්ක තරහයි..

 

අපි බොස්ව සර්ප්‍රයිස් කරමු..මිස් එනවද?

 

මං එන්නම්..තෑන්ක්ස් අයියා.

 

නිදුලි සතුටින් උඩ පැන්නා.

 

මෝඩ ගගුල්..මාර ලොකුකමක්නෙ ඔයාගෙ තියෙන්නෙ..මං ඔය ලොකුකම බස්සන්නම්කො..හැබැයි ඔයා අද යාළු නොවුණොත් මං ආයෙ කතා කරන්නෙම නෑ..එදා මං ඉන්න බෑ කීවා කියලා මෙච්චර තරහා වෙන්න ඕනෙද?

මයි හීරෝ නම්බර් වන්.

 

නිදුලි කණ්ණාඩියට ඇහැක් ගැහැවා.

🌹🌹🌹🌹

 

එක එක වයස් වල පොඩි ඈයො ගගුල්ව වට කරගෙන.ගගුල් අද සුදු අත්දිග ෂර්ට් එකක් ඇදලා..කළු ඩෙනිමකට..මැරපෙනුමක් ඇත්තෙම නෑ.

 

ගගුල් පොඩි අයට තෑගි බෙදනවා. .කේක් බෙදනවා..සරණෙ වට පිට බල බල හිටියෙ නිදුලි තවම නැති නිසා.

 

සරණෙගෙ මුණෙ හිනාවක් ඇදුනෙ.කොට ඩෙනිම් ගවුමක් ඇදලා සයිඩ් බෑග් එකක් දාගෙන නිදුලි චිල්ඩ්‍රන් පාර්ක් එක ඇතුලට ආවම..කෙල්ලගෙ අතේ ලොකු නිල් පාට ටෙඩියෙක්.

 

ඒ පාර ගගුල් පොඩි එවුන් එක්ක ඩීජේ එකක් දාගෙන නටනවා…නිදුලි උඩ පැනගෙන දුවගෙන ගිහින් නැවතුනේ ගගුල්ව හග් කරගෙන..

 

හැපි බර්ත් ඩේ මයි ඩාලිං ගගුල්

 

ඒ ආපු වේගෙට ගගුලුත් එක්ක කෙල්ල විසිවුණා..

 

මොකද ඕයි

 

ගගුල් කෑ ගැහැවා..

 

නිදුලි ගගුල් අතට ටෙඩියා දීලා ගගුල්ගෙ කම්මුල් වලින් මිරිකගෙන හැපි බර්ත්ඩේ කියලා කෑගැහැවා ආයෙත්.

 

ගගුල් රවනවා එකසිය ගාණට..

 

මේකිට ඔල්මොරොන්දම්.. මං බබෙක්ද මේ ටෙඩියෙක් උස්සගෙන ඇවිත් තියෙන්නෙ..

ගගුල් ටෙඩියව හතරඅත කරකව්වා..

 

නිදුලි ගගුල් දිහා බල බල හිනා වෙනවා..

 

තමුසෙ කොහෙමද මෙහෙට ආවෙ.

 

නිදුලි සරණෙ හිටපු පැත්ත බැලුවා.

 

ගගුල් සරණෙටත් රැව්වා..සරණෙ අහක බැලුවා.

 

දැන් යාළු වෙන්නකො ඉතිං..අද මං යන් නෑ..ඔයා එක්ක ඉන්නවා..

 

ගගුල් ටෙඩියව පැත්තකින්  තියලා හැරිලා පැත්තකට ගියා..

 

අනේ ගගුල්..ඔයා මගේ හීරෝනෙ..

 

විකාරද..යනවා ගෙදර?හිතුවක්කාර එවුන් මට ඕනෙ නෑ..

 

එහෙමද?

 

ගගුල් ගස්සගෙන පොඩි එවුන් ළගට ගියා..නිදුලි මූණ අකුළුවාගෙන ටිකක් කල්පනා කරලා ඩීජේ මල්ලි ළගට ගියා..සෑහෙන වෙලාවක් ඩීජේ මල්ලි එක්ක කියව කියව ඉන්න නිදුලි දිහා ගගුල් හොර ඇහෙන් බලනවා..ටිකකින් නිදුලි ගගුල් ළගට එනකොටම ප්ලේ වුණේ හින්දි මියුසික් එකක්..පරණ හින්දි සිංදුවක්..

 

නිදුලි ගගුල්ගෙ බෙල්ල වටේ අත් දෙක දාගෙන ඇහැක් ගහද්දි ගගුල් සරණෙ දිහා බලලා ඔරවනවා.

 

නිදුලි ගගුල් වටේ ඩාන්ස් කරන්න පටං ගත්තෙ පොඩි අයත් හිනා වෙවී උඩ පනිද්දි.

 

🎶🎶🎶🎶

සෝනා කිත්නා සෝනා හේ සෝනී ජේසා තේරා මන්

සුන්දර සුන් ක්‍යා කෙහෙතී හේ දීවානී දිල්කී ධර්කන්

තූමෙරා තූ මෙරා තූමෙරා තූ මෙරා

හීරෝ නම්බර් වන්..

තූමෙරා තූ මෙරා තූමෙරා තූ මෙරා

හීරෝ නම්බර් වන්..

🎶🎶

 

නිදුලි දිහා බල බල ගගුල් සරණෙට තර්ජනාත්මක බැලුම් හෙලනවා..මේ සරණෙගෙ වැඩක් කියලා කොල්ලට ෂුවර්..ගගුල් නිදුලිව ගණං නොගෙන යන්න හැදුවට කෙල්ල ඉඩ දුන් නෑ..

🎶🎶

අන්දර් කිත්නී ගර්මී හේ

පාහර් කිතනී සර්තී හේ

තූ නේ මේ දර්දී මේරේ

හාලත් කිතනී කර්තී හේ.

දීවානි යාර්..කෙහෙතාහෙ ප්යාර්

අච්චා නහී දිවානා පල්

 

තූමෙරා තූ මෙරා තූමෙරා තූ මෙරා

හීරෝ නම්බර් වන්..

 

🎶🎶

 

නිදුලි ගගුල්ව හොලව හොලව පිස්සු විකාරයක් වගේ නටද්දි ගගුල්ට තරහා අමතක වුණා..

කොල්ලාත් පොඩි එවුන් එක්ක ඩාන්ස් කලේ නිදුලිට ටොක්කක් ඇනලා..

 

නිදුලි සරණෙට අත වන වන හිනාවුණා..

 

ගගුල් නිදුලිව ඇදගෙන ජීප් එකට ආවෙ සරණෙට පොඩි එවුන් බාර කරලා..නිදුලි ටෙඩියාවත් උස්සගෙන ජීප් එකට නැග්ගා..

 

ජීප් එකට නැග්ග ගමන් කෙල්ලගෙ කම්මුලක හාදුවක් තවරලා කොල්ලා හිනා වුණා.

 

මං පොඩි එකෙක්ද ටෙඩියෙක් ගේන්න

 

ඔයාට පාළු නෑනෙ ටෙඩී ඉන්නකොට මාව මතක් වෙයි හැමවෙලේම..

 

අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑනෙ නිදූ.

.

බොරු..තරහා වෙලා හිටියෙ..

 

ඒ නිකම්..

 

හීරෝ නම්බර් වන්..

 

ෂුවර්ද?

 

ඔව්..දැක්කනෙ අර මැරයොන්ට ගහපු හැටි..මරු ෂොට් එක ..වා..වා….අල්ලු අර්ජුන් වගේ..

 

කවුරු..

 

ගගුල් ජීප් එක පාරට දැම්මා..

 

අද කෙල්ල මගෙ එක්කනෙ ඉන්නෙ.. අද බලාගමු ..

 

මොනවද?

 

යමුකෝ..හොටෙල් එකක ඉමු..

 

ඒත් එහෙම කිව්වට ගගුල් නිදුලිව ඇරලුවේ ගේ ළගට. නිදුලි පුදුම වුණා..

 

නිදූ..අද මට රොනී එක්ක මීටිං එකක් තියෙනවා..මං ඔයාව වෙන දවසක එක්ක යන්නම්..හික්කඩුව පැත්තෙ යමු රවුමක් දාලා වැල්ල පාගලා එන්න..හාද

 

හා..ඔයාගෙ කැමැත්තක්..

 

නිදුලි ගෙට ඇතුළු වුණෙ ගගුල් ගැන හිත හිතම..

 

නිදුලි..

 

බිම බලාගෙන උඩ රූම් එකට යන්න තිබ්බ අඩිය කෙල්ල පස්සට ගත්තෙ ඒ හඩට ගැස්සිලා..

 

🌹🌹🌹🌹

ඊළඟ කොටසට

🌹🌹🌹🌹

 

නුහුරු මතකයන් අස්සේ….

පුරුදු බවකි මට දැනුනේ….

නුඹමද මන් ඒ සෙව්වේ….

දෛවය නුඹ මුණගැසුවේ…

මටම හිමි නිසයි සොඳුරේ….

සීමාවක් නෑ සෙනෙහේ….

නුඹමයි මගේ ලෝකේ…

රැක ගන්නම් නුඹ පණ සේ….

මගෙමයි නුඹ රත්තරනේ….

❤❤❤❤❤❤

ගඟුල්ගෙන් නිදුලිට……

 

Dushanthi  perera

🌹🌹🌹🌹

☠️ කොපි කිරීම තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!