🌹අන්සතු රුවැත්තිය🌹- 21 කොටස

නිදූ..මං පස්සෙ ගන්නම්.

 

හා..

 

ගගුල් සරණෙට ආයෙත් රවාගෙන ජීප් එකට නැග්ගා.

 

සරණෙ දන්නවා දැන් බොස්ව මෙල්ල කරන විදිහ..නිදුලිගෙ නම ඇහුණත් ඇති..

 

එදා හවසම ගගුල් සරණෙ එක්ක සිස්ටර් ස්ටෙලා දුන්නු එඩ්‍රස් එක හොයාගෙන ගියා.

 

ඒ ගෙදර දකිද්දිම ගගුල්ට ආයෙත් ඔලුව රිදෙන්න පටං ගත්තා.

 

බොස්..ඇ.යි..

 

සරණෙ කලබල වුණා..බොස් කැමති වුණේ නැහැ සරණෙ ඇරෙන්න වෙන කොල්ලෙක් එක්කගෙන එන්නත්

 

අවුලක් නෑ සරණෙ..අද නම් මේ ප්‍රශ්නෙ විසදගන්නම ඕනෙ.යමු ගෙට..

 

ඒ ගේ තට්ටු තුනක විශාල ගෙයක්. බැලූ බැල්මට කවුරුවත් නෑ වගේ.

 

දෙන්නම ගේට් එක ලඟට ගිහින් බැලුවා..ඒත් ගේ වටේට වල් වැවිලා..කාලෙකින් සුද්ද කරලා නෑ වගේ

 

සරණෙ ලග ගෙදරට ගිහින් කතා කළා.

ගගුල් නළල මිරිකුවේ මොනවදෝ මතක් වෙවී අමතක වෙනවා දැනෙද්දි..මේ ගෙදර හොදට පුරුදුයි..සරණෙ එහාට ගිය අතරෙදි ගගුල් ගේට් එකේ එල්ලිලා ඇතුල බැලුවා..

 

ඔංචිල්ලා පුටුවක් තියෙනවා සුදුපාට..

ඒ ඔංචිල්ලා පුටුවෙ ඉදගෙන පොතක් කියවන පොඩි පිරිමි ළමයෙක්..ඔව්..එදා සිස්ටර් පෙන්නපු ෆොටෝ එකේ හිටපු පිරිමි ළමයා..දෙපැත්තෙන් කාන්තාවක් එක්ක පිරිමි කෙනෙක් කණ්ණාඩි දාපු.. ඒ රූප බොද බොඳවෙලා මැකිලා යනවා

 

අහ්..මමී…ඩැඩී…

 

ගගුල් ගේට් එක දිගේ පහලට රූටලා බිම ඉදගෙන කෑ ගහගෙන අඩන්න පටං ගත්තා.

සරණෙ එතනට  ආවෙ හොදටම බයවෙලා

 

බොස්..බොස්…

 

ඒ එක්කම අල්ලපු ගෙදර නෝනත් එතෙන්න ආවා..සරණෙ ඒ වෙනකොට එයා එක්ක කතා කර කර හිටියෙ..

 

යමු දරුවො අපෙ ගෙට..එන්නකො…මේ දරුවට මොකද වුණේ..

 

ඒ නෝනා හරිම කරුණාවන්තයි..

 

ගගුල්ව එක්කගෙන ගිහින්  ඒ ගේ සරණෙ වාඩි කළා.

සෑහෙන වෙලාවකට පස්සෙ ගගුල් පියවි සිහියට ආවා..

 

රොස්ලින් ආන්ටි..

 

ගගුල් අමතද්දි නෝනා පුදුම වුණා.

 

පුතා මාව දන්නවද?

 

රොස්ලින් ආන්ටි..මං ගගුල්..ඔයාට අදුනන්න බැරිද?

 

රොස්ලින් පපුව අල්ලගත්තා

 

මයි ගුඩ්නස්.

 

මේක කොහොමද වෙන්නෙ

 

රොස්ලින් නෝනා අවතාරයක් දැක්කා වගේ බයවුණා..

 

ආන්ටි…බය වෙන්න එපා ..මං ගගුල්..ඇත්තටම මට මතක නෑ මොනවත් හරියට..ඒත් මොනවා හරි මතකයි..මං කවුද?අර ගෙදරද මං හිටියෙ..මගෙ දෙමව්පියො කෝ.මං හදාගන්න ගත්ත අය..

 

රොස්ලිස් නෝනා දාඩිය පිහිද ගත්තා.

 

ගගුල්…මේක විශ්වාස කරන්නත් බෑ..අපි හිතුවෙ ඔයත් මැරෙන්න ඇති කියලා එදා

 

කවද්ද

 

පුතා..ඔයා පොඩියි එතකොට..ඔයා හරි සන්තෝසෙන් ඒ ගෙදර හිටියෙ..ඒත් මට මතකයි ඔයා  හැමදාම රෝසි කියලා නමක් කියව කියව අඩනවා..වෙන කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ ඔයාට..

එක දවසක්  මංකොල්ලකාරයො ඒ ගෙට පැනලා. ඔයාගෙ..

 

රොසලින් නෝනා හීල්ලුවා

 

මොකද වුණේ ආන්ටි

 

ඔයාගෙ දෙමව්පියෝ මරලා..එදා අපිත් ගෙදර හිටියෙ නෑ..

ඔයාවත් පැහැරගෙන ගිහින්..අපි හිතුවෙ ඔයාව මරන්න ඇති කියලා..ලක්ෂ ගාණක රත්තරං බඩු එක්කම..ඔයාගෙ ඩෑඩි පහුවදා බිස්නස් එකකට ගෙනත් තිබුණු කෝටි දෙකහමාරක සල්ලියි..ගෙදර වටින බඩු මුට්ටුයි ඔක්කොම කොල්ල කාලා.

අදටත් ඒක අභිරහසක්.

 

ගගුල්ගෙ ඇස් ඉස්සරහා සිද්දිය මැවුණා..

එදා මේසෙ යටට වෙලා ඒක බලං හිටපු පුංචි ගගුල්ව මංකොල්ලකාරයෙක් අල්ලගත්ත හැටි..බයටම සිහි නැත්වෙච්චි හැටි…..ඇස් අරිද්දි ..කිසිම දෙයක් මතක තිබුණෙ නෑ..අතීතෙ අමතක වෙලා..කම්පනේට..ඒත් දැන් ගගුල්ට හැමදේම මතකයි.

 

මං ඌව මරනවා..මරන එක මරනවා..සරණෙ ගනිං ජීප් එක.

 

ගුගල් එකපාරටම කඩාගෙන බිදගෙන එළියට ගියේ සරණෙට තරු පෙනෙද්දි.රොස්ලින් නෝනා බයවෙලා බලං හිටියා.

 

බොස්..බොස්..ප්ලීස්..මොකද වුණේ කියන්න.

 

සරණෙ ගගුල්ව ජිප් එකට නගින්න යද්දි අල්ලගත්තා.

 

සරණෙ රොනී තමයි එයාලාව මැරුවෙ..ඌ මාව රැවැට්ටුවා.මට ඔක්කොම  අමතක වෙලා තිබ්බෙ..කම්පනේට.දැන් මතකයි..ඌ රජ සැප වින්දෙ මගෙ අහිංසක දෙමව්පියොන්ගෙ සල්ලි වලින්..උඹ දන්නවද මේ දේපළත් මගෙ…ඌ කවදාහරි මාවත් මරලා මේවත් අයිති කරගයි..උගෙ වැඩ වලට විතරයි මාව තියා ගත්තෙ..

 

බොස්..බොස්..කියන  ඔක්කොම ඇත්ත…ඒත් කලබල වෙලා බොස් ගේමට යන එක හොද නෑ…මං බොස් එක්ක ඉන්නවා..අපි රොනීට පාඩමක් උගන්නන්න ඕනෙ..ඒත් ඔහොම ගිහින් ඌව මැරුවට ඌට විදවීමක් නෑ..ජීවිත කාලෙම විදවන්න හදන්න ඕනෙ..කරපු පව් මතක් වෙන්න..

 

ගගුල් කල්පනා කළා..

 

උඹ හරි සරණෙ.. අද ඉදන් මං මේ වැඩ නවත්තනවා..නිදුලි කිව්වා වගේ හොද එකෙක් වෙනවා…ඒත් රොනීව අතඅරින් නෑ..

 

බොස්ට තේරෙනවානෙ මං කියන දේ…මං බොස් එක්ක ඉන්නවා..අපි හොද ප්ලෑන් එකක් ගහලා රෝනීට ඇප නැතිවෙන්නම වැඩක් දෙමු.

 

සරණෙ දිග් කරපු අත ගගුල් අල්ල ගත්තා.

 

🌹🌹🌹🌹

 

මළගෙදර වැඩත් ඉවර වුණා. නිදුලි දවස් ගාණක් බලං හිටියට ගගුල් කෝල් කළේ නෑ.ගගුල්ට කෝල් කළාට ඒ ෆෝන් එක වැඩ කලෙත් නෑ…

 

ගගුල් කිව්වා කොහෙ හරි යනවා නම් එයාට කියලා යන්න කියලා..ඒත් හෙට මං ඩොක්ටර් ළඟට යන්න ඕනෙ..ඒක කියන්නෙ කොහොමද..එයා දැනගයි ඔක්කොම..මට එයාගෙ අනුකම්පාව කොහොමත් ඕනෙ නෑ..මං හොරෙන් යනවා.

 

නිදුලි තනියම කල්පනා කලා හෙට දවසෙ කරන ඒවා ගැන.

 

🌹🌹🌹🌹

 

බොස්..

 

ගගුල් එයාගෙ රූම් එකේ ඉදගෙන කල්පනා කර කර හිටියෙ..

 

නිදුලි මිස් ගැන ඩීටේල් හම්බුණා.

 

හ්ම්..මොනවද?

 

බොස්..නිදුලි මිස්ගෙ දෙමව්පියෝ නෑ..එයා හැදිලා තියෙන්නෙ අනාථ නිවාසෙක..මේ තියෙන්නෙ ඒකෙ ඩීටේල්ස්..

 

ගගුල්ගෙ මූණ එළිය වුණා.

 

අපි මෙතනට දැන්ම යමු සරණෙ.

 

ගගුල් සරණෙ එක්ක ඒ අනාථ නිවාසෙට ගියා..ඒත් හිතුව තරම් ඉක්මණට විස්තර ගන්න බැරිවුණා.අන්තිමේදි ගගුල් හැමදේම හොයා ගත්තා..නිදුලිගෙ පොඩි කාලෙ කොන්සට් එකේ ෆොටෝ එකක් දැක්කම ගගුල් තේරුම්ගත්තා රෝසි කියන්නෙ නිදුලිම තමයි කියලා..

 

රෝසිට ගොඩක් ලොකු අසනීපයක් හැදිලා එයා මරණෙන් බේරිලා..ඒත් සිසටර් ස්ටෙලාට අර විදිහට ආරංචි වෙලා.

 

ඒත් ඇයි නිදුලි මට ඇත්ත කිව්වෙ නැත්තෙ..එයා ෆොටෝ එක දැක්කා..එයාට පුංචිවට හිටපු නිසා අමතක ඇති..ඒත් ෆොටෝ එකෙන් එයා කියලා අදුනගන්න ඇතිනෙ..ඇයි ඒ..

 

ගගුල් කල්පනා කළාට උත්තරයක් ලැබුණෙ නෑ.

 

🌹🌹🌹🌹

 

නිදුලි ඩොක්ටර් මීට් වෙලා පාරට ආවෙ වීල් එකක් තියෙනවද බලන්න..ඒත් එක පාරටම බ්‍රේක් කරපු ජීප් එක දැක්කම නිදුලිට තරු පෙනුනා.

 

ගගුල් රවාගෙන බලං හිටියා.

 

නගිනවා

 

නිදුලි වට පිට බලලා ජීප් එකට නැග්ගා.

ගගුල් ජීප් එක නතර කලේ එයාගෙ තැන

 

තමුසෙ මට තව කීයක් දේවල් හංගනවද?ආ

 

ගගුල් අහද්දි නිදුලි ගැස්සුණා..

 

මට නොකියා කෙහෙද මේ ගියේ..

🌹🌹🌹🌹

 

ඊලග  කොටසට

 

🌹🌹🌹🌹

 

සොඳුරු අහසක කිරිල්ලක මෙන්…

නිදහසේ අත් තටු සලන්නට….

නොසිතු ලෙස තටු සදා දුන්නම….

මගේ ලෝකෙට පෑයුවා

ඉර…

දරා ගන්නම් දෙයක් ඕනෙම…

දෙනවා නම් නුඹ ළඟ රැදෙන්නට…

ආදරෙයි මන් සත්තකින්ම….

 

Dushanthi  perera

🌹🌹🌹💙

 

☠️කොපි කිරීම තහනම් ☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!