🌹අන්සතු රුවැත්තිය🌹- 17 කොටස

සිස්ටර්.. රෝසිව හොයා ගන්න ඕනෙ මට එයා කොහෙටද යැව්වෙ..

 

ගගුල් ඇහැවෙ නොඉවසිල්ලෙන්..

 

නිදුලිගෙ ඇග සීතලේ වුණත් උණුසුම් වෙලා ගියේ සිස්ටර් ඊළඟට කියපු දේත් එක්ක

 

රෝසි යැව්වෙ මාරියා අනාථ නිවාසෙට කොළඹ

 

නිදුලි කෙළ පිඩක් ගිල්ලා…

 

ඒත් ගගුල් ඔයා දැන් රෝසිව හෙව්වා කියලා ඇති වැඩක් නෑ..

 

ඇ..ඇයි සිස්ටර්

 

මොකද රෝසි නැතිවුණේ ඒ කාලෙදිමයි

 

මො..මොකද්ද

 

ගගුල්ගෙ ඇස් වල කදුලු පිරිලා.

 

ඔව් මයි සන්..රෝසි අසනීප වෙලා..එහෙදිි නැති වෙලා.. අපිටත් ආරංචි වුණේ පස්සෙ..

 

ගගුල්ට ඒ ෂොක් එක දරා ගන්නත් බැරි තරම්..

නිදුලිගෙත් ඇස් වල කදුළු…

 

ගගුල් පුතා.දැන් අතීතෙ ගැන හෙව්වට වැඩක් නෑනෙ..කොහොමද ඔයාගෙ දෙමව්පියෝ සනීපෙන් ඉන්නවද?

 

දෙමව්පියෝ..

 

ගගුල්ට ඊටත් වඩා කම්පනයක් දැනුනා..දෙමව්පියෝ ගැන කිසිම මතකයක් ගගුල්ට නෑ..ගගුල් දන්න එකම නෑයා රොනී මහත්තයා විතරයි.

 

සිස්ටර්…මාව හදාගන්න ගත්ත අය ගැන මට කිසිම දෙයක් මතක නෑ..

 

ඒත් ඒක වෙන්නෙ කොහාමද ගගුල්..ඔයා දැන් ඉන්නෙ කොහෙද?ඔයාව බලාගත්තෙ කවුද

 

ඉන්න් තැන ගැනවත් හදාගත්ත කෙනා ගැනවත් කියන්න ගගුල්ට පුළුවන් කමක් නෑ.

 

සිස්ටර්..මට එයාලා ගැන ඩීටේල්ස් දේනන පුළුවන්ද?මට දැනගන්න ඕනෙ ඔයාලාට මොකක් වුණාද කියලා

 

මයි සන් ඒක ලොකු ප්‍රශ්නයක්..ඔයාගෙ නමට කෝටි ගාණක දේපළ තියෙනවා.අනික ඒ අය බොහොම වැදගත් අය..

 

සිස්ටර්..ප්ලීස්.මං හොයාගන්නම්..

 

හරි මං ළඟ පරණ ෆයිල් එකක් තියෙනවා..මං දෙන්නම්..

 

සිස්ටර්..පුළුවන් නම් රෝසිගෙ ෆොටෝ එකක් තියෙනවා නම් දෙන්න..ප්ලීස්..මගෙ මතකෙ යාන්තම් එයාගෙ රූපෙ තියෙනවා..එයා ගොඩක් පුංචියි..එයා නැතිවෙලා කියලා මට විශ්වාස කරන්නත් බෑ.

 

සිස්ටර් ඇතුලට ගියා..

 

ගගුල් සෙටියට හේත්තු වෙලා කල්පනා කරන්න පටංගත්තා

 

ගගුල්

 

නිදුලි කොල්ලට කතා කළා.ඒත් ගගුල් නිහඩයි..

 

ගගුල්..ඔයා රෝසි හිටියා නම් මාව රිජෙක්ට් කරනවා නේද? මේ තත්පරේට ඔයා මාව නිග්ලෙක්ට් කළා.

 

නිදුලි වේදනාවෙන් නැගිටලා එළියට දුවගෙන ගියේ කෙල්ලට මේවා තවත් දරන්න බැරි නිසා..නිදුලි තේරුම්ගත්තා එයා කොච්චර ගගුල්ට ආදරේ කරනවද කියලා..ගගුල් රෝසි වෙනුවෙන් අඩද්දි තමා කෙල්ලට ඒක දැනුනෙ.

 

නිදූ..

 

ගගුල් නිදුලි පිටි පස්සෙන් එළියට දිව්වා.

 

නිදූ මේ අහන්න

 

ගගුල් කෙල්ලගෙ අතකින් ඇදලා තුරුල් කරගත්තා.

 

මට මොකුත් අහන්න ඕනෙ නෑ..මාව ගෙදරට ඇරලවන්න..නැත්නම් මාව අතඇරලා දාලා ඔයා යන්න..ඔයා කෝටිපතියෙක්…රෝසි හිටියා නම් ඔයාට එයාව මැරි කරන්න තිබ්බා..

 

නිදු ෂට් අප්..මොනවද කියවන විකාර. ඔයාට අඩන්න තරම් දෙයක් වුණාද?

 

ඔයා මාව නොසළකා හැරියා

 

පිස්සි..එහෙම නෑ..මගෙ ඔලුව අවුල් වෙලා ඒකයි..මං ආදරේ ඔයාට නිදූ ඒක වෙනස් වෙන් නෑ.

 

ගගුල් නිදුලිගෙ නළල මත දෙතොල් තිබ්බා.

 

ඒ එක්කම සිස්ටර් ආව නිසා දෙන්නම ඈත් වුණා..සිස්ටර් ෆයිල් එක ගගුල් අතට දුන්නා..ඒකෙ විස්තර ඔක්කොම තිබ්බා..ඊළගට දුන්නෙ දුර්වර්ණ වුණ ඡායාරූපයක්..නත්තල් උත්සවේ දවසෙ නත්තල් ගහක් ළග පොඩි උන් දෙන්නෙක් හිනා වීගෙන ඉන්නවා..ගගුල් රෝසි..

 

ගගුල්ට ෆොටෝ එක දැක්කම දැනුනෙ පුදුම සතුටක්.ඒ වගේම දුකක්..

නිදුලි බලං හිටියෙ ඒ රෝසි දිහා..කෙල්ල යටිතොල හපාගත්තා.

 

සිස්ටර්ගෙන් සමු අරං දෙන්නම ආයෙත් එන්න පිටත් වුණා..කොල්ලා මගදි ජීප් එක නතර කරලා නිදුලිව ළගට ඇදගත්තා..ඒ කොටසේ සම්පූර්ණයෙන් තිබ්බෙ ෆයිනස් කැළයක්. පාර පාළුයි.

 

ගගුල් ඇයි..

 

ආදරෙයි මං..

 

ගගුල්ගෙ නොඉවසිලිමත් සුසුම් නිදුලිගෙ කම්මුල් ගෙල පුරා රටා මවනවා..

 

ගගුල්..මේ පාර…මග ඇයි මේ..

 

මට තමුසෙ නැතිව බෑ..ඇයි මගෙ ආදරේ අවිශ්වාස කරන්නෙ..පොඩි කාලෙ එහෙම වුණාට ලොකු වුණාම වෙනස් වෙනවා.

 

නෑ ගගුල් ඔයා වෙනස් වෙලා නෑ..

 

නිදුලි කිව්වෙ හිතේ වේදනාව දරාගෙන. කෙල්ල කොහාමද මේ ඇත්ත කොල්ලට කියන්නෙ..ගගුල් හිතන්නෙ රෝසි මැරිලා කියලා…එහෙමම හිතාගෙන ඉන්න එක හොදයි. ගගුල්ගෙ මේ ආදරේ පොඩි කාලෙ ගැන කිසිම මතකයක් නැතිව වුණත් නිදුලිට දැන් දැනෙනවා.. ගගුල්ගෙ රෝසි නිදුලි කියලා ගගුල්ට කියන්න පුළුවන් නම්…ඒත් ඇයි ගගුල්ව තවත් දුකට දාන්නෙ..

 

ගගුල්..රෝසි ජීවත් වුණා නම්..ඔයා මාව අතඅරිනවද?

 

බාලාංශ ප්‍රශ්න අහන්න එපා ඕයි..දැන් මේ කියලා කට ගන්න ලැබුණද?

 

නිදුලි ඈත් වෙලා බුම්ම ගෙන එළිය බලාගත්තා

 

රෝසි හිටියා කියලා  ආයෙ වැඩි වෙනවැයි..දෙන්නවම තියාගන්නවා..ගගුල්ට රජ සැප එතකොට..

 

කොල්ලා නිදුලිව කේන්ති ගස්සන්න හිතාගෙන කිව්වා.

 

ගගුල් ආයෙත් ජීප් එක පාරට දැම්මා.ඒත් එක්කම  ඉස්සරහින් ආපු වෑන් එකක් ගගුල්ගෙ ජීප් එක හරස් කළා.ඒකෙන් සෙට් එකක් බැස්සෙ වෙඩි වරුසාවක් තියාගෙන..වින්ඩ්ස්ක්‍රීන් එක බිදුනෙ තත්පරේට.

 

ආහ්..

 

නිදුලි කෑගහද්දි ගගුල් කෙල්ලව පාත් කරලා එයත් පාත් වුණේ ක්ෂණිකව..ඒ එක්කම කොල්ලා ගන් එක අරගෙන නිදුලිව පාත්ම කරන ගමන්ඉ ස්සරහට වෙඩි තියන්න පටංගත්තා…තත්පරේකට පස්සෙ ඔක්කොම නිහඩ වුණේ නිදුලි මරණ බයෙන් වෙව්ලද්දි..

 

ගගුල් නිදුලි දිහා බලලා දබර ඇගිල්ල කටට තියාල නිශ්ශබ්ද වෙන්න කියලා පෙන්නුවා.

 

ගගුල් ….දැන් ෂූට් කරන එක නවත්තමු..අපිට උඹව ඕනෙ පණ පිටිං..

 

ලාරා..

 

ගගුල්ට යක්ෂාවේශ වුණා

 

නිදූ ..ඔයා ඔහොමම ඉන්න.මොන දේ සිද්ද වුණත් ජිප් එකෙන් බහින්න එපා..

 

ගගුල් බහින්න ලෑස්ති වුණා.

 

අනේ ගගුල් එපා..උන් ඔයාව මරයි..

 

උන් මාව මරන් නෑ..මැරුවොත් උන් සදා අනාථයි.

🌹🌹🌹🌹🌹

 

ඊළග කොටසට

🌹🌹🌹

 

නොසිතු මොහොතක දුටුව දෙනෙතක් කෙලෙස අමතක කරන්නෙම්

නුපුරුදුම ඔබ හුරුපුරුදු ලෙස දැනුනෙ කෙලෙසද සිතන්නෙම්

කොහේ හෝ සිට පැමිණිමුත් ඔබ මගෙම යැයි මට හැඟේනම්

කෙදින ඇරඹුණු පෙම් කවක්දැයි තවම නොදනිමි මැණික මං ❤️❤️

 

by…Deepthi  nirupika

 

☠️කොපි කිරීම තහනම්..☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!