🌹අන්සතු රුවැත්තිය🌹- 16 කොටස

ගගුල් ඇස් ඇරියේ ඔලුවෙ පැත්තකුත් අල්ලගෙන.

 

ගගුල්..ඔයාට හොදයිද දැන්..මේක නම් බලාන ඉන්න හොද ලෙඩක් නෙවෙයි..ඉක්මණට බෙහෙත් ටික්ක ගන්න ඕනෙ..

 

නිදුලි කිව්වෙ සිස්ටර් ස්ටෙලා දිහා බල බල..

 

ගගුල්ට සිහිය එනකල් සිස්ටර් එක්ක නිදුලි කතා කළා.

 

ගගුල් සිස්ටර් දිහා බැලුවා

 

මයි සන්..ඩෝටර් කියන එක හරි ..ඉක්මණට බෙහෙතක් කළොත් හොදයි..

 

වයස අවුරුදු හැටට කිට්ටු පෙනුමක් තිබුණු කාරුණික සිස්ටර් කිව්වෙ ගගුල්ට මද සිනාවක් පාලා.

 

ඔහොම ඉන්න..මං බොන්න මොකුත් ලෑස්ති කරගෙන එන්නම්..

 

සිස්ටර්  හැරුණෙ ඇතුලට යන්න

 

මදර් තෙරේසා..

 

ගගුල් එක පාරටම කියද්දි.සිස්ටර් ස්ටෙලා එතනම ගල් ගැහුණා..ඒ වියපත් මූණෙ සංකීර්ණ හැඟීම් රාශියක් ලියැවුණා..

සිස්ටර් ස්ටෙලා ආපහු හැරුණෙ පුදුමෙන්..

 

මදර් තෙරේසා..

 

ගගුල් ආයෙත් කිව්වෙ සෙටියෙ ඉදගෙනමයි..

 

සිස්ටර් ස්ටෙලා වික්ෂිප්ත වුණා..ඒ නමින් තමන්ම ඇමතුවේ එකම එක්කෙනයි..ඒ මීට අවුරුදු විස්සකට විතර කලින්.. අනාථ නිවාසෙ පුරාම දුව පැන ඇවිදපු ..ඒ අපූරු කොලුගැටයා…මදර් තෙරේසාගෙ කතන්දරේ කියලා දුන්නු දවසෙ ඉදලා  තමන්ව ඇමතුවෙ ඒ නමින්..අවුරුදු ගාණකට පස්සෙ ඒ නම ඇහෙද්දි සිස්ටර් ස්ටෙලා පුදුම නොවී කොහොමද?

 

නිදුලි බලං හිටියෙ ගගුල්ගෙ ඇස් වල පිරිලා තියෙන කදුළු කැට දිහා..

 

ගගුල්..

 

සිස්ටර් කිව්වෙ ගගුල්ගෙ ළගට ඇවිත් .ගගුල් හිටගත්තෙ ඒ එක්කම..

 

මදර් තෙරේසා…මං ඔයාව දන්නවද?

 

ගගුල් එහෙම අහද්දි  සිස්ටර් තවත් පුදුමයට පත්වුණා..

 

මයි සන්..ගගුල්..ඔයාමද මේ…

 

සොරි..මං දන් නෑ සිස්ටර් ගැන..ඒත් මං ඔයාව කවදාහරි දැකලා තියෙනවා.ඔයාගෙ නම ඒකද?

 

සිස්ටර් නිදුලි දිහා බැලුවා..

 

වාඩි වෙන්න පුතා…අපි වාඩි වෙලා කතා කරමු..මං හිතන්නෙ අපිට කතා කරන්න වෙයි.

 

සිස්ටර්ගෙ අණ නිසා දෙන්නම වාඩිවුණා..පැත්තකින් ඉදගත්තු සිස්ටර් කතා කරන්න් පටංගත්තා.

 

මට මදර් තෙරේසා කියලා කිව්වෙ එක්කෙනයි..ගගුල්..මේ බංගලාව මීට අවුරුදු විසි ගාණකට කලින් අනාථ නිවාසෙකට දීලා තිබ්බෙ..ඒ මගේ තරුණ කාලෙ..ගගුල් මං මෙහෙට එද්දිත් හිටපු දරුවෙක්.

 

සිස්ටර් කියද්දි ගගුල් කලබල වුණා..

 

මො..මොකද්ද..මං අනාථ නිවාසෙක හිටියා..

 

ගගුල්ට ඒක විශ්වාස කරන්නත් බැරි තරම්..මොකද කොල්ලා දැනගෙන හිටියෙ මැර ප්‍රහාරෙකින් එයාගෙ දෙමව්පියෝ මැරුණා කියලා..රොනී මහත්තයා තමා ගගුල්ව හදාගෙන තියෙන්නෙ.ගගුල්ට ඒ ළමා කාලෙ ගැන ලොකු මතකයක් නෑ.

 

ඔව්..පුතේ ඔයාට මතක නැද්ද? ඔයා හිටියෙ මෙහේ..ඔයාව අපි කොහොම අමතක කරන්නද?  ඔයා මගෙ එක්කමයි හිටියෙ..දවසක් නිවාසෙට අරං ආවෙ පොඩි දැරැවියක්..අවුරුදු තුනයි..ගගුල්ට එතකොට අවුරුදු හයයි.

 

අපි ඒ බබාට කිව්වෙ රෝසි කියලා..රෝස මලක් වගේ..එයාගෙ දෙමව්පියෝ ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා..බලාගන්න කවුරුවත් නැතිව අපිට දුන්නා..එයා ගෙනාපු වෙලේ ඉදලා කලේ අඩන එක අපි කාටවත් නලව ගන්න බැරිවුණා..ඒත් අන්තිමේදි වුණේ හරි පුදුම දෙයක්..ගගුල් පොඩි කමට රෝසිව වඩාගෙන කම්මුල් දෙක  ඉම්බා.. එතකොටම රෝසිගෙ ඇඩිල්ල නැවතුණා..

 

එදා ඉදලා රෝසිට ගගුල්ව නැතිවම බැරිවුණා..ගගුල්ටත් එහෙමයි..මේ බංගලාව පුරාවටම එයාලා සෙල්ලම් කළා..

ගගුල් නැතිව රෝසි කෑම කෑවෙත් නෑ..රෝසි අඩන ඕනෙ වෙලාවක ගගුල් කම්මුල් කිස් කළාම ඒ ඇඩිල්ල නතර වෙනවා..

අවුරුද්දක්ම කාලෙ ගෙවුණා..ඒත් අවුරුදු හතෙන් පස්සෙ අපිට ගගුල්ව තියාගන්න පුළුවන් වුණේ නෑ..මොකද ලොකු වෙනකොට අපි එයාලාව වෙන තැන් වලට යවනවා.. නැත්නම් දරුකමට හදාගන්න දෙනවා..

 

ගගුල්ව දරුකමට හදාගන්න කොළඹ ලොකු තැනකින් ඉල්ලුවා..ඒ මහත්තයයි නෝනයි..ගගුල්ගෙ නමට එයාලගෙ සේරම දේපළ ලියලයි ගගුල්ව මෙහෙන් අරං ගියේ..ගගුල් යන්න බෑ කියලා පෙරළි කළා… ඒත් අන්තිමේදි යන්න වුණා..

ගියාට පස්සෙ ්‍තමා අපි ඊළඟ  ප්‍රශ්නෙට මූණ දුන්නෙ

 

..රෝසි අපිට පාලනය කරන්නම බැරිවුණා..ගගුල්ව ඉල්ලලා එයා පුදුම විදිහට හිතුවක්කාර වුණා..කෑම කෑවෙත් නෑ..බලාගෙන ඉද්දි කෙට්ටු වුණා..අසනීප වුණා..අන්තිමේදි අපි තීරණේ කළා එයාගෙ පරිසරේ මාරු කරන්න..ඒ නිසා එයාව වෙන නිවාසෙකට යැව්වා…

 

ලොමු දැහැ ගැන්වෙන ඒ කතා පුවත දෙන්නම අහගෙන හිටියෙ ඈත ලෝකෙක පාවි පාවි…

——————-

 

🌹🌹🌹🌹🌹

ඊළඟ කොටසට

—————-

☠️කොපි කිරීම තහනම්..☠️

—————-

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!