ඒයි..කෙල්ල නැගිටිනවා..ඔහොම නිදනවද ගෑණු ළමයි.ඔක්කොම උඩ දාගෙන..හැටි.. ඉර එළිය වැටිලා කොච්චර වෙලාද
ගගුල් කෑගැහැවෙ නිදුලිව ඇහැරවන්න සීට් එක අදින ගමන්..
ආ..
නිදුලි නිදිමරගාතෙ නැගිට්ටෙ ගගුල්ට හිතින් බනින ගමන්..
අරෙහෙට යනවා නපුරු ගගුල්..මට පේන්න නෑ තමුසෙව..මං පොලිසියට අල්ලලා දෙනවමයි..මගෙ නින්දත් කැඩුවා..මදාවියා..
නිදුලි කොට්ටයක් ඇරගෙන ගගුල්ගෙ ඔලුවට පහර දෙන්න පටං ගත්තා
ඒ..ඒයි..ස්ටොපිට් නිදූ..
මෝඩ ගගුල්..මහලොකු මදාවියා..බලෙන් කෙල්ලන්ව උස්සගෙන ඇවිත් කරදර කරනවා..
ඒ්..ඒයි..නවත්ත ගන්නවා..මං බලෙන් උස්සන් ආව එක හරි..ඒත් කරදර කලේ නෑ..ලොකු නෝනා කැමැත්තෙන්ම හිටියෙ..පූසි පැටියෙක් වගේ
ගගුල් කොට්ටෙ අල්ලගෙන විසික් කරලා නිදුලිව තුරුළු කරගෙනම ඇදේ ඉදගත්තා
මමයි මෝඩි..මං අහුවුණා තමුන්ට..හැන්ඩ්සම් නිසා..
ආයෙත් අහුවෙන්නකො..
ගගුල් කට කපලා හිනා වෙනවා..
එන්න එපා මගෙ ළඟට..යනවා අහකට..
හරි එහෙනම් මං යනවා..මං දැන් යන්නෙ අර බංග්ලෝ එකට
මොන…
වැඩක් නෑනෙ..මං යනවා..
ඔයා ඊයෙ කිව්වනෙ මාව කොහෙවත් එක්ක යන්නෙ නෑ කියලා..මට ගෙදර යන්න දෙන්න..
හරි අදට එක්කං යනවා..කැමති නම් ලෑස්ති වෙනවා.
නිදුලි බිමට පැන්නෙ බොහොම සන්තෝසෙන්..
🌹🌹🌹🌹
නිදූ..තරහද?
ගගුල් ඇහැවෙ ජීප් එක ඩ්රයිව් කරන ගමන්.
ඔව්..
ඇයි
මට බැන්නෙ ඊයෙ..ඔයා හිතන්නෙ මං නරකයි කියලා.. ඔයා එක්ක මෙහෙම ඉන්න නිසා..මගෙ හස්බන්ඩ්
ඒයි..ඔය ගස්බන්ඩා ගැන කියලා තමුසෙ මගෙ සිහිකල්පනාව නැති කරන්නද හදන්නෙ..
හරි හරි..ඉතිං ඇත්තනෙ කිව්වෙ..
ගගුල් මේ පාරෙන්ද බංගලාවට යන්නෙ.
.නිදුලි ඇහැවෙ ගගුල් එකපාරටම අතුරු පාරකට ජීප් එක දැම්ම නිසා.
ඔව්.
.ඔයා දන්නවද?..කාගෙන්වත් ඇහැවෙ නෑනෙ..ගූග්ල් මැප් එක ඕන් කරගෙනත් නෑ..
ගගුල් ඒ පාර වට පිට බැලුවා..කොල්ලටත්
හිතා ගන්න බෑ ඇයි මේ හැරෙව්වෙ කියලා..
අ..අනේ.මන්දා..නිදූ…මට හිතෙනවා මේක තමා පාර කියලා..අපි ගිහිල්ලම බලමු..
නිදුලි ගගුල් දිහා බැලුවෙ කුතුහලෙන්..ගගුල්ට සැරෙන් සැරේ එන ඉසේරදේ එක්ක..මේ මොකද්ද හිටපු ගමන් අමුතු කතා කියන්නෙ කියලා නිදුලිට ආවෙ සැකයක්..ඒත් කේලල නිහඩව හිටියා.
ඇතතටම ඒ අතුරු පාර කෙළවර වුණේ ගල් බංගලාවෙන්..තට්ටු දෙකට හදලා තිබ්බ ගල් බංගලාව සුද්දගෙ කාලෙ හදපු එක්ක කියලා බැලූ බැල්මට පේනවා..
චර්ච් එකක් හැඩයක් ගත්ත බංගලාව තිබ්බෙ තරමක් උස් භූමියක..මීදුමත් එක්ක ඒ දර්ශනේ හරිම අපූරුයි..බංගලාවෙ වත්ත වටේට ලස්සන මල් වර්ග වවලා..රෝස්,බේබි රෝස්,කානේශන්,ජෙරමි,බාබන්ඩේසියා..පුදුම ලස්සනක්..නිදුලි ජිප් එකෙන් බැස්සෙ ඒ මල් වලට වශී වෙලා.
ගගුල් ළඟට ඇවිත් නිදුලිගෙ කරට අත දාගෙන කම්මුල ඉඹිනකල් කෙල්ලට වගක් නෑ මල් දිහා බලාගෙන ඉන්නවා..
රෑට ෆ්රෙශ් මල් තොගයක් ගෙනල්ලා රූම් එකෙන් තියන්න ඕනෙ..
ගගුල් ඇගට පතට නොදැනී කිව්වෙ අහස දිහා බලන ගමන්..
නිදුලි කොල්ලා දිහාට හැරුණා.
.
ඒ මොකටද?
නෑ ඉතිං වගක් නෑනෙ එතකොට..මල් දිහා බල බල ඉදියි..මට පුළුවන් නිදහසේ මගේ මලේ සුවද විදින්න..
ෂිට් ..කිව්ව හැටි..ඔහොම කලාකාමී අදහස් කොහෙන්ද ඔයාට..ආ…
ඔයාගෙ ආදරේ නිසා..
මං ආදරේ කියලා නෑ..
නිදුලි කිව්වෙ තියුණු ඇස් දෙකෙන්..
කියන්න ඕනෙත් නෑ..මට ආදරේ ඕනෙ නෑ..ළඟ හිටියොත් ඇති..
ඔයාට පිස්සු ගගුල්..මේක සෙල්ලමක් කරගෙන ඔයා..දන්නවද ගගුල් ඔයාට මේ බැදීම වේදනාවක් විතරයි..අපි දෙන්නා සමාන්තර රේල් පීලි දෙකක් වගේ.අපිට එකතු වෙන්න බෑ..
කවුද කියන්නෙ..බැරි දේවල් කරන එක තමා ගගුල්ගෙ ඩියුටිය..
නිදුලි ගගුල්ව අත ඇරලා ඉස්සරහට ගියා
..
ගගුල් ඔයා දුක් විදියි.
මං විතරද?
මට කොහොමත් දුක හුරුයි..
ඔයා හිතන්නෙ මං සැප විදිනවා කියලද?..ඔයා කිසි දෙයක් දන්නෙ නෑ නිදූ..මගෙ ජීවිතේ මං සතුටක් වින්දා නම් වින්දෙ ඔයා නිසා..මේ ටික දවසට මට දැනුනා මං ජීවත් වෙනවා කියලා..මොකද මං මෙච්චර කල් ජීවත් වුණේ මට ඕනවට නෙවේ.ඒත් දැන් ජීවත් වෙන්නෙ මට ඕනෙ නිසා..
ගගුල් ඈත බලාගෙන හැගුම්බරව කියද්දි නිදුලි ගගුල් ළගට ආවා.ඩෙනිම් කලිසමට සුදුපාට අත්දිග ජර්සි එකක් ඇදලා ඊට උඩින් කළු ජැකට් එක දාලා ඉන්න ගගුල් දිහා නිදුලි ඇසිපිය නොහෙලා බලං හිටියා..
හායි..මයි චයිල්ඩ්..
පිටිපස්සෙන් ඇහුනු සද්දෙට දෙන්නම හැරිලා බැලුවා..
නිදුලි සිස්ටර්ව අදුනගත්තා..
සිස්ටර්..මේ ඔයානේද? ඊයෙ මීට් වුණේ
යස් මයි චයිල්ඩ්
ගගුල් සිස්ටර් දිහා බැලුවෙ කුතුහලෙන්..කොල්ලගෙ ඔලුව රිදෙන්න ගත්තෙ පුුදුම විදිහට.ගගුල් ඊයෙ සිස්ටර්ව දැක්කෙ නෑ..මොකද ගගුල් ඔලුව උස්සනකොට සිස්ටර් එතනින් ගිහින්.
ආව්…
නිදුලි ගගුල්ව අල්ලගත්තා.
ගගුල්.
ඔහ් ගෝඩ්..අරං එන්න ඩෝටර්..යමු ඇතුලට
නිදුලි ගගුල්ව වත්තම් කරගෙන බංගලාවට ඇතුලු වුණා..
🌹🌹🌹🌹
ඊලග කොටසට
💙💙💙💙💙💙
☠️කොපි කිරීම තහනම්☠️