🌹අන්සතු රුවැත්තිය🌹- 14 කොටස

ගගුල් කොහෙද මේ යන්නෙ..

 

නිකම් මේ පාරෙ ඇවිදිමු..මහන්සිද නිදූ..

 

ම්හු…

 

මහන්සි නම් මං වඩා ගන්නම්..

 

පිස්සු..

 

දෙන්නම ඇවිදගෙන ආවෙ ටවුන් එකෙන් ටිකක් ඈතට..උඩට යන්න තිබුණු පාරක ඇවිදගෙන ගියාම කන්දක තැනිතලා භූමියකට අන්තිමේදි ආවා..එතනින් වටපිට ඈත පරිසරේ ලස්සනට පෙනුනෙ මීදුම අතරින්

 

නිදූ අර බලන්න..ඈත පේන්නෙ ගල් බංගලාවක්..

 

නිදුලි කොල්ලා පෙන්නපු දිහා බැලුවා..

 

ඒක  හරි ලස්සනයි..

 

අපි හෙට යමු..

 

හ්ම්.. සුද්දගෙ කාලෙ හදපු එකක් වෙන්න ඇති.

 

ඒක අමුතුයි නිදුලි…අර චර්ච් එක…මට ඒක හරි හුරුයි..

 

ගගුල් ඔයාට මොකද වුණේ එවෙලේ..

 

මං දන් නෑ..යමු..

 

ඊළගට දෙන්නා දවල්ට කාලා..රේල්වේ එක දිගේ ඇවිදගෙන ගියා..

 

ගගුල් එක එක ඒවා කියව කියව කෙල්ලව හිනස්සනවා.මගදි කඩේකින් ලොකු රෝස පාට තොප්පියක් අරගෙන කෙල්ලගෙ ඔලුවට දැම්මා.දෙන්නම විකාර කර කර සෙල්ෆි ගත්තෙ රේල් වේ එකේදි

 

නීදූ කෝචිචයක් එනවා..අයින් වෙමු.

.ගගුල් කෙල්ලව ඇදගෙන එහාට වුණා

 

කෝච්චිය යනකල් බලං හිටිය කෙල්ල ගගුල්ට ළං වුණා.

.

ගගුල්..අපි කෝච්චියේ යමුකො..අනේ ප්ලීස්..මං කවදාවත් ගිහින් නෑ..

 

ඔයා ගිහින් තියෙනවද?

 

ඔව්..

 

ළගදි

 

ළගදි..න්…න…නෑ..මට මතක නෑ..මං ගිහින් තියෙනවා..මෙතනින් නැග්ගෙ..බදුලු කෝච්චියට.

 

උත්තර දුන්නට ගගුල්ට ඒ ගැන හරි මතකයක් නෑ..තමන් කොච්චියේ ගියා  කියලා විතරයි මතක..ඒත් කවදද?කොහොමද?

කොල්ලා ඔලුව තද කරගත්තා.

 

ගගුල්..ඇයි..මීදුල වැඩි වෙනවා..අපි යමුද?

 

හ්ම්..

 

ස්ටේශන් එක ළගින් යන්න යනකොටම නිදුලිගෙ ඇගේ හැප්පුණේ බීපු මනුස්සයෙක්.

 

සොරි..

 

නිදුලි කිව්වෙ උඩ බලාගෙන හිනාවෙවී ආවෙ තමුන් නිසා වැරැද්ද තමන්ගෙ කියලා හිතාගෙන

 

පාර බලගෙන යන්න බැරිද?පාරෙත් ලව් කරන්නෙ..මෝඩ එළදෙන්නු..

 

බීපු මනුස්සයා නිදුලිට කෑ ගැහැවෙ ගගුල්ගෙ අත මිට මෙළවෙද්දි..නිදුලි ඒ අත තද කරලා අල්ල ගත්තා.

 

මං සොරි කීවනෙ

 

සොරි කීවම හරියනවද?

 

නිදූ අතඅරිනවා..ඌ හිතලමයි හැප්පුණේ

 

ගගුල් දත්මිට කනවා

 

රවී අයියා..මොකද්ද කේස් එක..

 

ඒ ඩිංගට එතනට තව සෙට් එකක් ආවෙ නිදුලි හොදටම බයවෙද්දි.

 

මල්ලිලා..මේ කොල්ලා මට රවනවා..මේ රවී අයියට රවනවා..හහහ්හාා..

 

කොල්ලො සෙට් එකම හිනාවුණේ නෝන්ඩියට

 

අපි යමු ගගුල්

 

නිදුලි ගගුලට මිමිණුවා

 

මේ කෙල්ල මගෙ ඇගේ හැප්පුණා..ඉතිං සොරි කියන්නෙ ඔහොමද මල්ලිලා

 

ගගුල්ගෙ කේන්තිය උපරිමයි.

 

මූ මොකද ඔරවන්නෙ..උඹ දන්නවද මේ රවී අයියා කියන්නෙ කවුද කියලා..උඹව අඩි හයක් යටට යවයි හිතන්නවත් ඉඩ නොදී..

 

එක කොල්ලෙක් කියද්දි රවි කියන මනුස්සයා කොලර් එක ඉස්සුවා.

 

ගගුල්ගෙ දැඩි බැල්ම ඒ කොල්ලා දිහට යොමු වෙලා ආයෙත් රවි දිහාට යොමු වුණා..නිදුලි ද්නනවා ඊළගට වෙන දේ..කරන්න දෙයක් නෑ..එයාලා ඉල්ලගෙනමයි කන්න යන්නෙ

 

මං සොරි කීවනෙ..අපි යන්නම්

 

නිදුලි කිව්වෙ රණ්ඩු වලට පැටලිලා පොලිසියට යන්න වුණොත් කියලා බයේ

 

එහෙම යන්න දෙන්න බෑ නංගි..රවී අයියගෙ ඒරියා එක මේක..වැදලා සමාව ගන්න ඕනෙ

රවී කියද්දි ගගුල් අත මිට මොළවලා දුන්නු කනේ පාරෙන් රවී එහෙමම පාර මැද පත බෑවුණේ කොල්ලො ටිකගෙ ඇස් නළලට යද්දි.

එක කොල්ලෙක් පාත් වෙලා..

 

රවී අයියා..කමෝන්

..එකායි දෙකායි තුනායි..රවී අයියා ඉවරායි

 

කියලා කෑ ගැහැවෙ නිදුලිගෙ මූණට හිනාවක් එද්දි..රවි ආයෙ නැගිට්ටෙ නෑ..

 

ගගුල්ගෙ දැඩි බැල්ම අනිත් අය දිහාට යොමු වුණා..

 

සෙට් එකම මෝඩ හිනාවක් පාලා රවීවත් ඇදගෙන එහාට ගියා..

 

නිදුලි ගගුල්වත් ඇදගෙන පිටත්වුණේ..ගගුල් ඔරවගෙන නිදුලිටත් ගස්සගෙන වේගෙන් ඉදිරියට යද්දි

 

ගගුල්ගෙ කේන්තිය කොච්චරද කියනවා නම් කොල්ලා ගෙදරට එනකල්ම කතා කලේ නෑ.ගගුල් යන වේගෙට කේලලට දුවගෙන යන්නත් බෑ..ඒත් නිදුලි කොහොමහරි කොල්ලා එක්කම ආවා.

නිදුලි හති අරිනවා..ගගුල් සාලෙ පුටුවට බරවුණා

 

නිදුලි වතුර බෝතලේ බීගෙන බීගෙන ගියේ තිබහා උපරිම වුණු නිසා

 

ගගුල්..මොක්දද වෙලා තියෙන්නෙ..

 

ගගුල් නිදුලිට රැව්වා.

 

නිදුලිත් ගස්සලා අහක බැලුවෙ ගගුල් එක්ක තරහා ගිය නිසා..

 

මොකද තමුසෙ ගස්සන්නෙ..

 

මොකද මට ඔරවන්නෙ..

 

තමුසෙ මොකද අරුන් එක්ක හුරතල් වෙන්න ගියෙ..

 

මං..

 

නැත්නම්..

 

සොරි කිව්වෙ මොකටද?පිස්සුද තමුසෙට..ඌ හිතලමයි ඇගේ හැප්පුණේ..

 

නිදුලි නිහඩව හිටිය..

 

මොකද සද්ද නැත්තෙ..වෙන එකක් කලත් ඔහොම සොරි කියයි තමුසෙම..

 

ගගුල්

 

නීදූ..තමුසෙව මං කොහෙවත් එක්ක යන්නෑ  ආයෙ..

 

මොකද්ද..ඇයි අනේ..

 

තමුසෙ එක එකා එක්ක මුකුළු කරන්න යනවනෙ

 

මං මුකුළු කළාද?

ගගුල් ඔය කේන්තිය නිවාගන්න..ඔහොම පුළුවන්ද?දැන් ඔයා ඒ මනුස්සයාට ගැහැවෙනේ..

මැරෙයිද දන්නෙ නෑ.

 

ඉතිං තමුසෙට දුකද?

 

ඔයා මහ නපුරුයි ගගුල්..මාව බලෙන් උස්සන් ඇවිත් මට දුක් දෙනවා..මං නොකරපු වරදකට මට බනිනවා..ඉහි ඉහි..

 

නිදුලි අඩාගෙන උඩ පඩිපෙළ නගින හැටි ගගුල් ඔරවගෙන බලං හිටියා..

 

ඕහ් ෂිට්

 

ගගුල් අත් දෙකින් කොණ්ඩෙ පීරගෙන සෙටියෙ ඔලුව තිබ්බා

 

මොකටද මං මෙච්චර කේන්ති ගන්නෙ..මට පිස්සු හැදිලද..ඇයි මං නිදුලිට කෑගැහැවෙ..පව් කෙල්ල.

 

ගගුල් කාමරේට ගියේ පැය බාගෙකට විතර පස්සෙ..නිදුලි රෑට කෑම ත් නොකා නිදාගෙන ඉන්න හැටි දැක්කම කොල්ලට මාර අප්සෙට්.

ඒත් නිදුලිගෙ සැප නින්දට බාධා නොකරපු කොල්ලා ආපහු සෙටියට ගියෙ ටිකක් තනිවෙලා කල්පනා කරෙන්න ඕනෙ වුණු නිසා.

 

🌹🌹🌹🌹

 

☠️කොපි කිරීම තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!