🌹අන්සතු රුවැත්තිය🌹- 13 කොටස

නිදූලි යමු..මට මෙහෙ ඉන්න බෑ..

 

ගගුල් එක පාරටම නැගිටලා එළියට එද්දි නිදුලිත් පිටිපස්සෙන් ආවෙ මොකුත් හිතාගන්න බැරුව.

 

එළියට ඇවිත් පාර දිගේ එද්දි ගගුල් නෝමල් වුණා.

 

කොල්ලා නිදුලිගෙ අතක් අල්ලගෙන තුරුල් කරගත්තා.

 

මේ මහ පාර ගගුල්..පිස්සුද ඔයාට

 

ඉතිං  මොකෝ..

 

මේ එංගලන්තෙ මහ පාරක් නෙවේ..හරිද?

 

ඔයා කැමති නම් මං මේක එංගලන්තයක් කරන්නම්..

 

.ගගුල් නිදුලිගෙ දෙතොල් දිහා බලලා ඉගිකළා.

 

පිස්සු ඔයාට..නිදුලි ඒ එක්කම දැක්කෙ ෆාමසියක්..

 

ගගුල්..

 

ම්ම්..

 

ගගුල් බලාගෙන හිටියෙ ඈත පේන පිට්ටනිය දිහා

 

ගගුල්..

 

ඇයි නිදූ

 

අර මේ..ෆාමසියට යමුද?

 

ගගුල් නිදුලි දිහා බැලුවෙ කුතුහලෙන්..

 

ඇයි..ඔයාට සනීප නැද්ද?ඔලුව රිදෙනවද?

 

නෑ..එහෙම දෙයක් නෙවේ..

 

නිදුලි එහෙට මෙහෙට ඇඹරුණා.කොහොමද කටක් ඇරලා ගගුල්ට කියන්නෙ..ඒ මෝඩයා මේක තේරුම් ගන්න එපැයි.

 

නිදුලිට ගගුල් එක්ක තරහා යනවත් එක්ක..කොහොමත් මේ ජීවිතේට තව කෙනෙක් එකතු කර ගන්න බෑ..එහෙම අලුත් ජීවයකට පණ දෙන්න නිදුලිට හයියක් නෑ..

 

ඇයි නිදූ

 

ගගුල්..ඊයේ…මේ..

 

ඔහ්…හරි බබා..මට තේරුණා. යමු මං ගන්නම්.

 

ගගුල් නිදුලි එක්කම ෆාමසියට ගිහින් ටැබ්ලට්ස් අරගත්තා..

නිදුලි යටි තොල හපාගත්තෙ හිතේ තියෙන අනිත් බෙහෙත ගන්න බැරුව..

 

ෆාමසියෙන් එළියට එනකොටම ගගුල්ට කෝල් එකක් ආවා.

 

ගගුල් මං වතුර බෝතලයක් අරගෙන එන්නම්.

 

නිදුලි කියනවත් එක්කම ගගුල් කාඩ් එක කෙල්ලට දිග් කරලා ෆෝන් එක ආන්ස්වර් කළා.

 

නිදුලි ෆාමසිය ඇතුලට ගියේ පපුව වේගෙන් ගැහෙද්දි.

 

නිදුලි බෙහෙත් වර්ගෙ නම කියලා ඉල්ලද්දි ෆාමසියෙ හිටපු ලේඩිගෙ ඇස් ලොකු වුණා

 

මිස් ..රිසිට් එකක් නැතුව ඒ බෙහෙත දෙන්නෙ නෑ..

 

අනේ..ප්ලීස්..ඔයා කැමති ගාණක් ගන්න මේකෙන්…

 

නිදුලි පින්සෙන්ඩු වුණේ වීදුරු දොරෙන් කෝල් එකේ ඉන්න ගගුල් දිහා බල බලම..

 

කොහොමහරි කෙල්ල බෙහෙත් කාඩ් එක අරගෙන ජර්සි එකේ සාක්කුවේ හංගගෙන වතුර බෝතලේ අරගෙන එළියට ආවා.

 

නිදුලි නහය ළග තිබ්බ දාඩිය පිහගත්තෙ සීතලේ වුණත් කරපු වැඩේ නිසා දාඩිය දාලා තිබ්බ නිසා.

 

සරනෙ උඹට කියන සිංහල තේරෙන් නැද්ද?. ලාරාගෙ මගුල මං බලාගන්නම් ආවම..උඹලා වෙන වැඩක් කරපල්ලකො….රොනී මහත්තයාට මං කතා කරන්නම්.උඹලා මළ වාත කේස්නේ බං..මට නිදහසේ එක දවසක්වත් ඉන්න දෙන් නෑනෙ..

 

ගගුල් කෝල් එක කට් කරලා නිදුලි දිහාට හැරුණා. නිදුලි ව්‍යාජ හිනාවක් පෑවා.

 

මොකද?මොකද්ද කරපු හොර වැඩේ..

 

ගගුල් අහද්දි නිදුලි හොදටම බයවුණා

 

ඇ…ඇයි..

 

එහෙනම් මෝඩ පාට් එකට හිනා වෙන්නෙ

 

මං හිනා වුණත් වැරදිද?

 

නිදුලි බිම බලාගත්තා..

 

හරි බබා..බිව්වද?

 

හ්ම්..

 

හැමදාටම ඔය වැඩේට මං කැමති නෑ හරිද? මැරි කලාම බබෙක් ඕනෙ මට..

 

ගගුල් පාරට බැස්සෙ කෙල්ලගෙ අත අල්ලගෙනම..

 

ඔයාට පිස්සුද ගගුල්..බබාගෙ උප්පැන්නනෙ පියාගේ රැකියාව අහනවා..එතකොට දාන්නෙ මැරයෙක් කියලද? බබාව ඉස්කෝලෙකට දාන්නෙ කොහොමද?ළමයි එයාට හිනාවෙයි

 

නිදුලි කියද්දි ගගුල් හිටි තැනම නැවතුණා..කොල්ලා ෂොක් වුණා.

නිදුලි කියන්නෙ ඇත්ත.

ගගුල් කවදාවත් එහෙම දෙයක් ගැන හිතලා තිබ්බෙ නෑ..

 

අනික මටයි බබාටයි ඉන්න වෙන්නෙ මරණ බයෙන්…ඔයාට මොකුත් වෙයිද?නැත්නම් බබාට මට මොකුත් වෙයිද?

කොයි වෙලේ වෙඩිල්ලක් වදියිද?..ඇත්ත ඒක නේද ගගුල්…අපෙ ජීවිත අන්ත අසරණයි.

 

ගගුල්ගෙ ඇස් බිමට බරවුණේ ඒ යථාර්තෙ දරාගන්න බැරුව.

 

ටිකකින් ගගුල් නිහඩවම ඉස්සරහට ගියේ හිතන්න යමක් ඉතුරු වෙද්දි.

 

ගගුල්..රනුක මට ඩිවෝස් එක දෙයිද කියලා මං දන්නෑ..ඒ පේපර්ස් ඔක්කොම තිබුණෙ එයා ළඟ.. සීයා ජීවත් වෙලා ඉන්නකල් ඔයාට මාව ළං කරගන්න බෑ..

 

එහෙනම් සීයට නිවන් සුව පතමු..

 

ගගුල් කිව්වෙ කටකොනෙන් හිනා වෙවී..

 

ගගුල්

 

නිදුලි කෑ ගැහැවා

 

කෙල්ල ගගුල්ගෙ ළගට ඇවිත් ජර්සි එකේ එල්ලුණා..

 

නිදුලිගෙ මූණ කළු වෙලා කේන්තියට.

ගගුල් ඒ දිහා බලං හිටියෙ පුදුමෙන්

 

ගගුල් ඔයා එහෙම කිසිම දෙයක් කරන් නෑ….තේරුණානෙ..කිසිම දෙයක්..මීට පස්සෙ ඔයා කාටවත් කරදර කරන්න බෑ..

 

නිදුලි කොල්ලගෙ දකුණූ අත අරගෙන එයාගෙ ඔලුවෙ උඩින් තියා ගත්තා

 

දිව්රන්න එහෙම කරන් නෑ කියලා..ගගුල්..මගෙ ඇස් දිහා බලන්න

 

නිදුලි පිස්සු නටන්න එපා…මිනිස්සුත් බලනවා

 

ගගුල් දිව්රන්න..

 

ගගුල් යටිතොල හපාගෙන කෙල්ල දිහා බැලුවා.

 

ඔයාගෙ කාටවත් මගෙන් කරදරයක් වෙන් නෑ..දැන් හරිනෙ

 

ගගුල් අත අහකට ගත්තා

 

හැමෝම මගෙ අය තමයි.අපි ඔක්කොම රජවරු..ඔක්කොම වැසියෝ..

තුන් සිංහලයම නෑදෑයෝ..

 

නිදුලි තාලෙට කිව්වෙ ගගලුගෙ බාහුවක එල්ලෙන ගමන්.

 

ගගුල් හිනාවෙවී කෙල්ල එක්ක හෙමීට ආයෙත් එන්න පිටත් වුණා.නිදුලිට රනුකගෙ ගෙදර අය මතක් නොවුණා නෙවෙයි..ඒත් සීයාගෙන් ඇරෙන්න අනෙක් අයගෙන් නිදුලිට මහලොකු ආදරයක් ලැබුනෙ නෑ..අනාථ නිවාසෙ ඉන්නකොටත් හරි හමං ආදරයක් නොවිදි කේලල කසාද බැන්දෙ ආදරේ මහ හුගක් බලාපොරොත්තුවෙන්..ඒත් ඒ හොයපු ආදරේ ලැබුණෙ නෑ..

 

අද…ගගුල්ගෙන් ලැබෙන මේ ආදරේට රැකවරණෙට නිදුලි ලෝභ වෙලා..ජීවිත කාලෙම අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් සහෝදරයෙක්ගෙන් නොලැබුණු ආදරේ….කාගෙන්වත් නොලැබුණු ආදරේ ගගුල්ගෙන් ලස්සනට ලැබෙනවා.

🌹🌹🌹🌹

 

ඊලග  කොටසට

🌹🌹🌹🌹

 

හීනයක් වගේ නුබෙ ආදරෙ

හද දරන්

දැන් යන්න බෑ ඉතින් ලග ඉන්න

ඉඩදියන්

රෝස දෙකපුල් පුරා

ආදරෙ තවරපන්

ජීවිතේ ඇති තුරා මං ලගම දැවටියන්….

 

නිදුලි

By-

Battichhi nethumi

 

☠️☠️කොපි කිරීම තහනම් ☠️☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!