🌹අන්සතු රුවැත්තිය🌹- 12 කොටස

අතුරු පාරෙන් හැරුණ ගමන් තිබ්බෙ ටවුන් එක . ගගුල් නිදුලිව එක්ක ගියේ පොඩි රෙස්ටුරන්ට් එකකට

 

මොනවද කන්නෙ

 

ගගුල් ඇහැවෙ මෙනූ එක බලන ගමන්

නිදුලි වටපිට බැලුවෙ බයෙන් වගේ

ආමි එකේ කට්ටියක් ළග ඉන්නවාත් කෙල්ල දැක්කා. නිදුලි අහලා තියෙන විදිහට මේ ළග ආමි කෑම්ප් එකක් තියෙනවා.ගගුල්ට ගාණක් නෑ.

 

නිදූ..මං ඇහැවෙ ඔයාගෙන් මොනවද කන්නෙ..

 

නිදුලි ගගුල්ට ඇහෙන් ආමි සෙට් එක ඉන්න පැත්ත පෙන්නුවා..

 

ගගුල් ඒ පැත්ත බලලා ඇහි බැමි උස්සලා ඇයි කියලා ඇහැවා..

 

නිදුලි ටිකක් පාත් වෙලා හෙමීට ගගුල්ට කතා කලේ සැකෙන් බයෙන්

 

ආමි එකෙන් ඉන්නවා ඔයාට බය නැද්ද..ඔයා අහුවෙයි.

 

කොල්ලගෙ කට කොනට හිනාවක්  ආවා

.

ඔයා කෑ ගැහැවොත් අහුවෙයි…කැමති නම් කෑ ගහලා මාව අල්ලලා දෙන්න.

 

නිදුලි ඇස් ලොකු කළා.

 

ඇයි.ඊයෙ කිව්වා නේද මාව පොලිසියට අල්ලලා දෙනවා කියලා.

 

නිදුලි බිම බලාගත්තා.දැන් නම් ගගුල් ව පොලිසියට අල්ලලා දෙන්න කේලලට කොහොමත් භෑ..ගගුල් ගැන හිතට දැනෙන්නෙ අනුකම්පාවක්.ගගුල් පව්..ඇයි මං එහෙම හිතන්නෙ..

 

නිදුලි කල්පනා කරන අතරෙ ගගුල් ඉදිඅප්ප ඕඩර් කළා.

 

කාලා ඉවර වෙලා අත හෝදගෙන ගගුල් නැගිට්ටෙ නිදුලිට මොකුත් නොකියා. කෙල්ල ඇස් විසල් කරගෙන බලං ඉද්දි ගගුල් ආමි එකේ සෙට් එක ළගට ගියේ නිදුලිගෙ හුස්ම හිරවෙනවා වගේ දැනෙද්දි..

 

ගගුල්ට පිස්සුද ඇත්තටම

 

කොල්ලා ආමි සෙට් එකත් එක්ක ෆිට් එකේ කතා කළා. ආමි සෙට් එක කොල්ලට ඈත පාර පෙන්න පෙන්න මොනවදෝ විස්තර කරනවා.කොල්ලා අන්තිමේදි එක්කෙනෙක්ගෙ පිටටත් තට්ටුවක් දාලා නිදුලි ළගට ආවා.

 

නිදුලිගෙ අතින් අල්ලගෙනඑළියට ආවෙ අර සෙට් එකට අතත් වනාගෙන.

 

ගගුල් ඔයා මොකද්ද ඒ කලේ..

 

ඇයි..

 

ආමි එක ඒ.

 

ඉතිං

 

ඔයා ළගට ගියේ..

 

මං ගියේ පාර අහන්න..මෙහෙ බලන්න තියෙන්නෙ මොනවද කියලා අහන්න.

 

නිදුලිගෙ ඇස් උඩ ගියා..

 

ඔයාට බය හිතුන් නැද්ද?

 

නෑ…

 

එයාලා දැනගත්තා නම් ඔයාව අල්ල ගනී..

 

කෙල්ලෙ..මාව කාටවත් අල්ලගන්න බෑ..මංම හිතලා බාර වුණොත් මිසක්..ඔයා ඒක හොදට මතක තියාගන්න..

 

ඇයි ..ඔයා එච්චර ලොක්කෙක්ද?

 

ඒ පාර නිදුලිගෙ කට ඇරිලා.

 

ඔව්..මං ගගුල් නෙ.

 

නිදුලි කට ඇද කළා.

 

සුදු මැණිකේ..මේ ළඟ චර්ච් එකක් තියෙනවලු..යමුද බලන්න.

 

හ්ම්..

 

දෙන්නම ආවෙ චර්ච් එක බලන්න.

චර්ච් එකට ඇතුලු වෙනවත් එක්කම ගගුල්ගෙ ඇස් ගියෙ අල්තාරෙ දිහාට. ඒ එක්කම ඇහුණෙ ගීතිකා හඩක්

🎶🎶🎶

රොනට වඩින

බිඟු ඔබයි

කැකුළු මල මමයි

මලට සුවඳ

ටික ඔබයි

සිඟිති පෙති මමයි

ජේසු දෙවියනි

ජේසු දෙවියනි

ජේසු දෙවියනි

ජේසු දෙවියනි

 

🎶🎶🎶

 

ඒ එක්කම  කොල්ලා ඔලුව  අල්ලගත්තෙ..නිදුලිගෙ අත අත ඇරෙද්දි.

 

ගගුල්

 

නිදුලිට කෑ ගැහුණා.

 

ගගුල් බිත්තියට හේත්තු වෙලා ඔලුව ගහගද්දි එතනට දුවගෙන ආවෙ සිස්ටර් කෙනෙක්

 

අනේ ගගුල් ඇයි..එන්නකො

 

නිදුලි ගගුල්ව ළගම තිබ්බ පුටුවක වැඩි කරවලා කොල්ලගෙ ඔලුව ඔඩොක්කුවේ තියාගෙන අතගාන්න පටං ගත්තා.

 

ඇයි මයි චයිල්ඩ්..මොකද වුණේ

 

සිස්ටර් කරුණාවෙන් අහද්දි නිදුලි ඔලුව ඉස්සුවා

 

අනේ සිස්ටර් ..මෙයාගෙ ඔලුව රිදෙනවලු..මොනවා වුණාද දන්නෑ..

 

ෆාදර් එයි දැන් .අපි කියමු මොනවා හරි ශාන්තියක් කරන්න කියලා..

 

සිස්ටර් එතනින් ගියේ ෆාදර් එනවද බලන්න

 

අහ්…

 

ගගුල්ට එහෙමම නින්ද ගියේ නිදුලිගෙ ඔඩොක්කුවේ උණුහුම වගේම මුදු අතැගිලි වල පහසට දැනුන සනීපෙ නිසා.

 

ටිකකින් ෆාදර් ආවෙ සිස්ටර් එක්කමයි.

 

ෆාදර් ගගුල්ගෙ ඔලුවට අත තියලා සෙත් ප්‍රාර්ථනා කළා.

නිදුලි ඒ විදිහටම හිටියා..

ෆාදර් එක්ක සිස්ටර් චර්ච් එකේ ඇතුලට ගියා.

 

ගගුල්…නැගිටින්නකො..

 

නිදුලි විනාඩි පහළවකට විතර පස්සෙ කොල්ලට කතා කළා..

 

ගගුල් ඇස් ඇරියෙ නිදුලිගෙ ඔඩොක්කුවේ ඉද්දිමයි..කොල්ලා ඔලුව උස්සලා වටපිට බැලුවා.

 

ගගුල් ඇස් පොඩි කර කර නිදුලි දිහා බැලුවා

 

නිදූ…මට මොකද වුණේ..ඇයි මං ඔයාගෙ ඔඩොක්කුවේ හිටියෙ..

 

ඔයාගෙ ඔලුව රිදුණා ගගුල්..මං ඔලුව අතගෑවා..ෆාදර් ඇවිත් ඔයාට සෙත් ප්‍රාර්ථනා කළා..අර ඈත ඉන්න සිස්ටර්ත් උදව් කළා

..

ඒත් ඇයි..

 

ගගුල් වටපිට බැලුවා.කොල්ලට දැනුනෙ පුදුම හුරු පුරුදු ගතියක්

 

ඒ ගීතිකාව..

 

ගගුල්ගෙ ඇස් ඉස්සරහා මැවිලා පෙනුනෙ..පොඩි පිරිමි ළමයෙක් පොඩි ගෑණු ළමයෙක්ගෙ අතින් අල්ලගෙන මේ චර්ච් එක ඇතුලෙම ඒ ගීතිකාව ගයන දර්ශනයක්.

කොල්ලගෙ ඔලුවෙ පැත්තක් ආයෙත් රිදීගෙන ආවා

 

🌹🌹🌹🌹🌹

 

හමු වෙමු

🌹🌹🌹🌹🌹

 

අසම්මතේ මුව දොර ලඟ

සීරුවට මං ඉඳියා

නුඹ දෙසම බලන්,,,,

දයාබර මතකයක්

නුඹ ගැනම පොදි බැඳන්

හුස්ම මගෙ වැටෙනවා

එක පෙලට නුඹ නමින්,,,,

ආදරෙයි රත්තරන්

හුස්ම ගන්නා තෙක්ම

එපා පියමන් වෙන්න

පණ මගේ නුඹයි දැන්,,,,,

 

ආදරේ ට❤ ආදරෙන්❤

 

By…සොදුරු  පන්හිඳ

 

🌹🌹🌹🌹

භයක්‌ තිබුණා හිතේ

අන්සතුයි නුඹ කියා…

අකීකරු හිත මගෙ

නුඹ ළඟම දැවටුණා…

සීත මීදුම් අස්සේ

සීමාවන් පහු උනා

අහිංසක හා පටික්කිත් ඔහේ අවනත උනා…

අනේ නුඹ මගේමයි

නෑ නේද අසම්මත….

දුක හිතෙන කතාවක් ඇති…

හිත නුඹේ පරානා….

කැමති නම් කියාපන්

නොකීවත් නෑ තරහ…..

ඉදන් මා තුරුල්ලේම සෙනෙහෙ මට පුදාපන්…

කඳුළු දෙන් නෑ නෙතට

ආදරෙයි මං නුඹට….

 

By.. dushanthi  perera

❤❤❤❤❤❤❤

 

☠️කොපි කිරීම    තහනම් ☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!