.ගගුල් ඉන්නෙ බලාපොරොත්තු කන්දක..ඒත් නිදුලි දන්නවා තමන්ගෙ ජිවිතේට වගේම ඒ බලාපොරොත්තු වලටත් වැඩි ආයුසක් නෑ කියලා. ගගුල් මදාවියෙක් වුණාට එයා කොයි තරම් ආදරණීයයිද? රනුකගෙන් කවදාවත් එහෙම දෙයක් නිදුලි බලාපොරොත්තු වුණෙත් නෑ ලැබුණෙත් නෑ..නිදුලිට මතක් වුණේ රනුක වෙඩින් එක දවසෙ රෑ කිව්ව කතාව
නිදුලි…
මට දෙයක් කියන්න තියෙනවා.. ඇත්තටම මේ මැරේජ් එක සම්පූර්ණෙන් සිද්ද වුණේ මගේ සීයගෙ උවමනාවට.. සොරි ඔයාගෙ හිත රිදෙනවා කියලා මං දන්නවා.. ඇත්තටම මට ඔයාට ආදරේ කරන්න බෑ.. මට කැනඩා වල ෆැමිලි එකක් තියෙනවා. .සීයා කැමති නෑ මං සුද්දියෙක් බදිනවට.ඒ නිසයි මේ සේරම..
සීයගෙ කෝටි ගාණක දේපළ මට ලැබෙන්නෙ මං සිංහල කෙල්ලෙක් මැරි කළොත් විතරයි..සීයා මට ප්‍රොමිස් වුණා මං ඔයාව මැරි කලාම මට දේපළ සේරම ලියනවා කියලා.
ඒකයි ප්‍රපෝසල් එකට මං කැමති වුණේ.. ඔයා බයවෙන්න එපා..මං ඔයාගෙ අතකින් වත් අල්ලන් නෑ..
මං සතියකින් ආයෙත් රට යනවා..සීයා ජීවත් වෙනකල් මේ රහස රැකෙන්න ඕනෙ..ප්ලීස්..ඔයා මට උදව් කරනවා නේද? සීයා නැති වුණාට පස්සෙ මං ඔයාව ඩිවෝස් කරනවා.
නිදුලි සුරංගනා කතාවක් වගේ එදා රනුක කිසිම කැතක් නැතිව කිව්ව ඒ කතාව අහගෙන හිටියා. කොයි තරම් මුලාවකද තමන් වැටුණෙ..ඒත් රනුක තමන්ගෙ සීමාවෙ හිටියා.මොකද රනුක ඒ සුද්දිට ඇත්තටම ආදරේ කරපු නිසා.
රනුක රට ගියාට පස්සෙ නිදුලි රනුකගෙ ගෙදර හිටියෙ වෙන කරනන් දෙයක් නැති නිසා.නිදුලි පොඩි කාලෙ ඉදලා හැදුනෙ අනාථ නිවාසෙක..ඒකෙ මැඩම් තමා නිදුලිට මේ කසාදෙ කතා කළේ. ඉතිං මේ අදුරු ජීවිතේට නිදුලි හුරුවුණා..
අද මේ අදුරු ජීවිතේට ආලෝකයක් වැටිලා.. ඒත් ආලෝකෙ තමන්ට ඇත්තටම උරුම නෑ .නිදුලි දෑස තදින් පියාගත්තෙ ගගුල්ගෙ රූපෙ හිතේ මැවෙද්දි.
නිදුලි දිග ලා නිල් පාට ගවුමකට උඩින් ස්වීටරේ දාලා හෙමීට ගගුල් ළගට ඇවිදගෙන ආවා..ගගුල් සන්ග්ලාස් එක ගලවලා කෙල්ල දිහා උඩ ඉදලා පල්ලෙහාට බැලුවා.
නිදුලි බිම බලාගත්තෙ ගගුල්ගෙ බැල්ම දරාගන්න බැරුව..
ගගුල් කෙල්ල ළගට ඇවිත් එච්චර වෙලා දකුණු අතෙන් අල්ලගෙන පිටිපස්සට කරලා හංගගෙන හිටිය බ්ලැක් රෝස් මල් පොකුරක් කෙල්ලගෙ ඉස්සරහට ගෙන ආවා..
කොල්ලා ඒ රෝස මලක් ඉඹලා නිදුලිගෙ දකුණු අත අරගෙන මල් පොකුර ඒ අත උඩ තිබ්බා.
මේ රෝස මල් වලට වඩා මගෙ නිදූ ලස්සනයි.
කොල්ලා හිතේ තියෙන ආදරේ හංගගෙන හිටියෙ නෑ..පුළුවන් හැම වෙලේම ආදරේ දුන්නා..උපරිමේටම පෙන්නුවා.
නිදුලි යාන්තම් හිනා වෙලා බිම බලාගත්තා.
දැන්වත් ඔය කට අරිනවද මැණිකෙ..මේක නිකම් වන් මෑන් ෂෝ වගේ..මං ඔහේ තනියම කියවනවා..සෝ බෝරිංනෙ..අඩුම තරමේ ටිකක් බනින්නකො මට.. ඒ බැනුමත් සතුටක් මට..එදා අපි මීට් වුණු පලෙවෙනි දවසෙ ඔයා මගෙ කම්මුට ගැහැවෙ..වාව්..මට නම් ඒක ෆැන්ටෑස්ටික්..මට ඔය සිනිදු අතින් මාව අතගෑවා කියලයි දැනුනෙ..
ගගුල් ඇක්ෂන් දදා අත් එහෙ මෙහෙ කර කර කියද්දි නිදුලිගෙ මූණට ආවෙ අපූරු හිනාවක්.
ගගුල් පපුවට අත් දෙත තියලා ටිකක් පිටිපස්සට නැමිලා මූණෙන් පෙන්නුවෙ ඒ හිනාවට වශීවුණා කියලා ඇක්ෂන් එකක්.නිදුලිට මේ ගගුල්ගෙ විකාර වලට හිනා නොවී ඉන්නම බැරිවුණා.
ඒ හැම ඉරියව්වකටම තමන්ගෙ හිත පුදුම තරම් ලෝබ වෙනවා කියලා..ඒවාට බැදෙනවා කියලා නිදුලිට දැන් තේරෙනවා..ගගුල් ඇහි බැමි උස්සන ගමන් ඔලුවෙන් පෙන්නුවේ ගේට්ටුව පැත්ත.
නිදුලි ඇහි බැමි උස්සලා ඇයි කියලා ඇහැවා.
පයින් යමු..මේ ළග ටවුන් එක තියෙන්නෙ..කමක් නැද්ද?
නිදුලි ඔලුව හෙල්ලුවා
ගගුල් කෙල්ලගෙ අතක් අල්ලගෙන පාරට ආවා.
මීදුම තවම පහ වෙලා නෑ.
🌹🌹🌹🌹
ඊලග කොටසට
🌹🌹🌹
සොදුරු රෑ තරු තිබුණේ නෑ නේද අහස් ගැබ….
සේපලිකාවෝ ඇහැරලා හිටියේ නෑ නේද තුරු සිරස…..
අනේ මං උඹේ උනා කුළුදුලේම….
අවනත උනේ කොහොමද මං නුඹේ දඟකාරකම් වලට….
ආදරෙයිද මන්දා මාත්
දඩබ්බර නුඹට….
Dushanthi perera
🌹🌹🌹
අසම්මතේ මුව දොර ලඟ
සීරුවට මං ඉඳියා
නුඹ දෙසම බලන්,,,,
දයාබර මතකයක්
නුඹ ගැනම පොදි බැඳන්
හුස්ම මගෙ වැටෙනවා
එක පෙලට නුඹ නමින්,,,,
ආදරෙයි රත්තරන්
හුස්ම ගන්නා තෙක්ම
එපා පියමන් වෙන්න
පණ මගේ නුඹයි දැන්,,,,,
ආදරේ ට❤ ආදරෙන්❤
සොදුරු පන්හිඳ
🌹🌹🌹🌹🌹
ලස්සන නිසදැස් දාන යාළුවො ඔක්කොටම ස්තුතියි..ඔක්කොම දාන්න වෙන්නේ නැහැ… තරහ වෙන්න එපා
☠️කොපි කිරීම තහනම්☠️