ගගුල් නිදුලිව වටයක් කැරකුවේ නිදුලි හිනාවෙලා ගගුල්ගෙ බෙල්ලෙ එල්ලෙද්දි.
මගෙ ජීවිතේ සොදුරේ ඔබ පමණයි
ගගුල් තාලෙට කිය කිය කෙල්ලව දෝතෙ තියාගෙනම කම්මුලක් ආයෙත් සිපගත්තා.
.
දියතලාව අහසෙ තරු පේන්නෙ ඉදහිට..මුළු අහසම වහගෙන මීදුම් වළාකුළු රජ කරනවා. ඒත් අද තැනින් තැන තරු කැටයක් දෙකක් එබිකම් කරනවා.
කොල්ලා එහෙමම නිදුලිව කාමරේට අරං ගිහින් ඇද උඩ තිබ්බා.
කාමරේ තිබ්බ අඩ අදුරත් එක්ක ගගුල්ගෙ ඇස් වලට පිරෙන මත් බව නිදුලිව ගෙනගියේ අමුතුම ලෝකෙකට. කොල්ලා සෑහෙන වෙලාවක් කෙල්ලගෙ මූණට ළංවෙලා බලාගෙන හිටියා.ගගුල් ආදරණීය විදිහට කෙල්ලගෙ නළල සිපගද්දි නිදුලි ඒ උණුසුමට නතුවුණා.
ගගුල් කෙල්ලගෙ අතැගිලි අල්ලගෙන මුදුව සිපගත්තා. ටිකෙන් ටික ඒ මුදු සිපගැනීම් රළු වෙද්දි නිදුලිත් ඒ පහසට මත්වුණා. නිදුලිගෙ දෑත් කොල්ලගෙ මූණ පුරා ගියේ ගගුල්ට හැගීම් පාලනය කරගන්න බැරිවෙද්දි.
🌹🌹🌹🌹🌹🌹
කුරුළු නාදයක් ඇහෙනවා.සීතලට යමක් නළලෙ ඉදලා පහලට ඇදෙන බව දැනෙද්දි නිදුලි ඇස් ඇරියා.
ඇස් ඉස්සරහා ගගුල් හිනාවෙලා බලං ඉන්නවා.
කොල්ලා උදෙන්ම මිදුලෙන් කඩාගත්තු බ්ලැක් රෝස් එකක් කෙල්ලගෙ මූණෙ ඉදලා පහලට ගාවගෙන යනවා.නිදුලිගෙ දිගු ඇස් පියන් ලතාවට ඇරිලා ආයෙත් වැහෙද්දි ගගුල් ළං වෙලා ඒ ඇහිපියන් සිපගත්තා.
නිදූ…ඇස් අරින්න..
රැයේ විදපු මිහිරත් එක්ක ගගුල්ගෙ හිතේ කෙල්ල ගැන තියෙන ආදරේ දෙගුණ තෙගුණ වෙලා.
සුදු මැණිකේ..ඇස් අරින්නකො.ලැජ්ජා වෙන්න එපා.. මංනේ…
නිදුලි යටිතොල තදින් හපාගත්තා.
නිදුලිගෙ සිතිවිලි දැන් හොදටම විසිරිලා..
දෙයියනේ මොකද්ද මට වුණේ.. මං මහ මෝඩියෙක්..මං එයාට අහුවුණා..ඒත් එයා බලෙන් නෙවෙයි ළංවුණේ..මාත් හිටියෙ කැමැත්තෙන්..අනේ ගගුල් මං ගැන මොනවා හිතුවද? දෙයියනේ..මං කළේ කොච්චර ලොකු වැරැද්දක්ද?ගගුල් මං ගැන ඇත්ත දැනගත්තොත්…
නිදුලිගෙ සිතිවිලි නිමා වුණේ ගගුල් කෙල්ලගෙ දෙතොල් තදින් සිපගත්ත නිසා..
කෙල්ලෙ මං දෙපාරක් කියන් නෑ කියලා දන්නවනෙ..දැන් නැගිට්ටෙ නැත්නම් ආයෙත් ඊයේ වගේ වෙයි ඕං..
කොල්ලා කට කොනින් හිනාවෙවී කියද්දි නිදුලි තත්පරේට නැගිටලා ඇස් ඇරියා..
ගගුල් ලෑස්ති වෙලා හිටියෙ ඩෙනිමකට ඈශ් කලර් ජර්සි එකක් ඇදලා.
ගගුල් නිදුලිගෙ ජර්සි එකේ තොප්පිය කෙල්ලගෙ ඔළුවට දාලා කෙල්ලව දෝතට ගත්තෙ වටයක් කරකවන්න හිතාගෙන. ඒත් ඇද උඩ ෂීට් එකට කොල්ලගෙ ඇස් යොමු වුණේ ක්ෂණිකව.ගගුල්ගෙ හිත ගැස්සුණේ ඒ දිහා ඇස් තියුණු කරලා බලද්දි
.නිදුලිත් ගගුල්ගෙ දෑස යොමු වෙලා තිබ්බ දිහාට දෑස යොමු කළා.කෙල්ල කෙළ පිඩක් ගිල්ලෙ දැන් ගගුල් අහන ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් හොයා ගන්න බැරුව.
කොල්ලා නිදුලිව ආයෙත් ඇද උඩින් තිබ්බා.
ගගුල් ඒ ඇස් වලට එබෙද්දි නිදුලි ඇස් හංගගත්තා.
ගගුල්ගෙ හිතට කිසිම අදහසක් ආවෙ නෑ..
නිදූ..ඔ..ඔයා..වර්ජින් වුණේ..කොහොමද?
නිදුලිගෙ ඇස් වලට කදුළු පිරුණෙ ඉබේම..රනුක තමන්ට ළංවුණේ නෑ කියලා කිව්වට ගගුල් විශ්වාස කරයිද? නිදුලිට දැනෙනවා ගගුල් ගැන මේ හිත වද වෙනවා කියලා.
නිදූ..ඇයි අඩන්නෙ..ඉට්ස් ඕකේ.. මං අහන් නෑ..මට ඒක ප්‍රශ්නයක් නෙවේ..මං කීවනෙ ඔයාට බබාලා හිටියත් මට අවුලක් නෑ කියලා.මං ආදරේ කරන්නෙ ඔය වගේ භෞතික දේවල් ගැන සලකලා නෙවේ..ඔයා ඉන්නෙ මගෙ පපුවෙ.මෙන්න මෙතන
කොල්ලා පපුවට අත තිබ්බා.
ඒත් මට සතුටුයි… ඔයා මැරි කළාට ඒක හරි කසාදයක් නෙවේ..එහෙම නේද?
නිදුලි ඔලුව හෙල්ලුවා..
ගගුල් නිදුලිගෙ හිස දකුණු බාහුවට මැදිවෙන විදිහට පපුවට හේත්තු කරගත්තා..
සුදු මැණිකේ.. මං දුකක් දෙන් නෑ..ඔයා මට ලෝකයක්..රනුකව ඩිවෝස් කරමු..අපි මැරි කරමු ඉක්මණට..
නිදුලි හොදටම බයවුණා..
ඩි..ඩිවෝස්…
කෙල්ලට කතා කරගන්නවත් පණ නෑ..
මැරේජ් සෙටිෆිකේට් එක කොහෙද තියෙන්නෙ..මං සරණෙව යවන්නම් ඒක අරගන්න..ලෝයර් කෙනෙක් මීට් වෙමු..මං ඒ සේරම බලාගන්නම්..
නිදුලිගේ හිතේ අකුණු කොටන්නෙ ඔලුව කැරකෙද්දි..
මැරේජ් සටිෆිකේට්…ගගුල්ට ඇත්ත කියනවද?ඒත් කොහොමද කියන්නෙ..ගගුල් මේ ආදරේ කරන තරමට එයාට දරාගන්න බැරිවෙයි..නිදුලි හිතින් දුක්වුණේ ඒ ගැන කියාගන්න බැරිව..ඒත් නොකියා කොහොමද?
ගගුල්…
කියන්න මැණිකේ
ඔච්චර ආදරේ කරන්න එපා මට.
.
මගෙනේ..මගෙ ආදරේනේ..මට අයිතියක් තියෙනවා ආදරේ කරන්න
මං වෙන කෙනෙක්ගෙ ගගුල්
තාමත් රනුකගෙ පම්පෝරියද කියවන්නෙ..මගෙන් පද අහගන්න එපා.
.
ගගුල් රැව්වෙ කෙල්ල බයෙන් හැකිලෙද්දි
..
නිදුලිගෙ වෙනස කොල්ලට දැනුනා.
සොරි නිදූ..මට කේන්ති එනවා ඔයාගෙ හස්බන්ඩ් ගැන කියද්දි..දැන් ඔය කතා ඇති.මං පහළ ඉන්නම්..ලෑස්ති වෙලා එන්න.. උදේට කාලා පොඩි රවුමක් දාමු..ම්ම්…හාද?
නිදුලි ඔලුව වැනුවා.
ගගුල් ආයෙත් ඒ නළල් තලේ මත හාදුවක් තවරලා රූම් එකෙන් එළියට ගියා.
නිදුලි දෝතින්ම මූණ වහගත්තෙ හැමදේම ඉවසන් ඉන්නෙ කොහොමද කියලා හිතන ගමන්…තමුන් රනුකගෙ නීත්‍යානුකූල බිරිද කියලයි හැමෝම හිතාගෙන ඉන්නෙ..ඒත් ඇත්ත ඒකද? තමන්ට අයිතියක් තියෙනවද කාටවත් ආදරේ කරන්න.
🌹🌹🌹🌹🌹
ඊලග කොටසට
🌹🌹🌹🌹
ආදරය පිරුණු ඔබේ වදන්…
මගෙ මුව ගොළු කරන්…
ඔබේ මුදු පහසටම නතු කරන්….
කෙලෙස ඔබ හැර යම්ද….
වශී වෙලා මං නුඹට….
සබඳ……
දයාබර ඔබේ වදන් සොරාගෙන මේ හිතත් dushanthi perera
🌹🌹🌹🌹🌹
අවසන් තත්පරය
තෙක් හුස්ම වැටෙන
ළඟින්ම ඉන්නවා
අත් නොහැර දෑත
විශ්වාස කරපන්
මගෙ මැණික මාව
සත්තයි ආදරෙයි
මහමෙරක් උඹට
Nimesha fernando
🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
Tnx🌹🌹🌹🌹 dr
☠️කොපි කිරීම තහනම්☠️