ඒ දැනුනු මුදු පහස එක්ක කොල්ලාගෙ ඔලුව රිදෙන එක ටික ටික අඩුවුණා.
කොල්ලට පොඩි නින්දකුත් ගියෙ ඒ පහසෙ සනීපෙට.ගේට් එකෙන් ඇතුලට එන කෙනෙක් දකිද්දි නිදුලි ගගුල්ට කතා කළා.
ගගුල්..ගගුල්..නැගිටින්නකො .කවුදෝ එනවා.
ගගුල් ඇස් ඇරියා.කොල්ලා ඔලුව ඉස්සුවේ අකමැත්තෙන්.
ආපු කෙනත් එක්ක ගගුල් කතා කරලා යතුරක් අතට ගන්නවා කෙල්ල දැක්කා.ඒ කෙනා ගියාට පස්සෙ කොල්ලා නිදුලි ළගට ආවා.
යමු ඇතුලට.
ගගුල් ඔයාට දැන් හොදයිද?
ඇයි..එහෙම අහන්නෙ
ඔයාගෙ ඔලුව රිදුනනනෙ..
මගෙ..පිස්සුද?
ගගුල් ඒ පාර වගක් නැතිව ගේ දිහාට යන හැටි නිදුලි කටත් ඇරගෙන බලං හිටියා.
මේ කොල්ලා කළේ බොරු රගපෑමක්ද? නිදුලි තමන්ටම ටොක්කක් ඇන ගත්තෙ හිතින් බැන බැන.
උඩම තට්ටුවෙ වහලෙ තිබ්බෙ ඕපන් කොටසක්.
සීතලේ වුණත් මගින් ගත්ත රයිස් එක කාලා නිදුලිව උඩට එක්ක ගියා.නිදුලි දිග කලිසමකුයි ස්වීටරේකුයි ඇදලා .කොල්ලා කන් වැහෙන්න තොප්පියකුත් දැම්මෙ කෙල්ල එපා කියද්දි.. නිදුලිව බිම ඉන්දවලා.ගගුල් පහලට ගියෙ තත්පරෙන් එනවා කියාගෙන.
ගගුල් ඒ පාර ඩෙනිම් ජැකට් එකක් ඇදලා..අද හැබැයි සීතල ගොඩක් දුරට අඩුයි.
නිදුලිට උඩ ඉදලා බැලුවම පහල ජීප් එක නතර කරලා තියෙන තැන පේනවා.රෑ ලයිට් හැමතැනම දිලිසෙනවා .. ගගුල් ජිප් එකේ පිටිපස්සෙන් ගිටාර් එකක් එළියට ගන්න හැටි නිදුලි පුදුමෙන් බලං හිටියා.
ගගුල් ඉක්මණට උඩට ආවෙ ගිටාර් එකත් ඇරගෙන
කොල්ලා නිදුලිගෙ කම්මුලක් සිපගෙන කෙල්ල ළගින්ම බිම වාඩිවුණා.
ඔ..ඔයා මියුසික් කරනවද?
නිදුලි ඇහැවෙ පුදුමෙන්..ඇයි ඉතිං මැරයො සංගීතෙට කැමතිද?
ගගුල් නිදුලි දිහා බලලා ලස්සනට හිනාවුණා.. නිදුලිටත් ඒ හිනාවට හිනා නොවී ඉන්න බැරිවුණා.නිදුලි තමන්ගෙ හිතට දැන් තරවටු කරනවා .. ඒත් මොකද්ද මේ වෙන්නෙ.
කොල්ලා පටං ගත්තෙ මංජුල පුෂ්පකුමාර ගායනා කරන ලස්සන සිංදුවක්.ගගුල් ගිටාර් එක ප්ලේ කර කර ඒ සිංදුව කියන හැටි නිදුලි බලං හිටියෙ ආසාවෙන්
.🎸🎸🎸
🎶🎶🎶
මගෙ ජීවිතේ… සොදුරේ.. ඔබ පමණයි
නෑ යන්නේ හැරදා කිසිදා
තරු මිලින වෙලා සදු නෑ අද මගෙ ලෝකේ
බොදවී පැතුමන් මා හඩවා
ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සද්දෙට තුරුලු වී සැනසුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සුරගන ඔබද මා සුරතලී
🎸🎸🎸🎸
ඇත්තටම මියුසික් කියන්නෙ කෙල්ල ආසම ෆීල්ඩ් එක.. ඉතිං කවුරුත් කැමතියි තමන් කැමතිම දේ ගැන කතා කරන්න. ඒ එක්ක රැදිලා ඉන්න.
ගගුල් නිලි ඩෙනිමට කලු ටීෂර්ට් එකක් ඇදලා උඩින් ඩෙනිම් ජැකට් එක ඇදලා. සිල්වර් කලර් ලොකු මාලයක් බෙල්ලෙ එල්ලෙනවා. කොල්ලා ගිටාර් එකේ කෝඩ්ස් හරියට අල්ල අල්ල තාලෙට නාද අල්ලද්දි නිදුලි වශී වෙලා බලාගෙන අහං හිටියෙ පැද්දි පැද්දි.කොල්ලා නිදුලි දිහාට බර වෙවී සිංදුව කිව්වෙ කෙල්ලගෙ මූණට ඉබේම හිනාවක් එද්දි.
🎶🎶🎶🎶
නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්රියේ මගෙ ජීවෙ
තව එක මොහොතක් නුඹේ සෙනේහේ මගෙ වේ නම්
තරු අතුරා අහසේ සරසන්නම්
🎸🎸🎸🎸
ගගුල් හිනාවෙවී ෆුල් ජොලියෙ පුදුම සැහැල්ලුවකින් හිටියෙ. ඒ කෙලිලොල් දගකාර ගතිය නිදුලිගෙ හිතට ගෙනාවෙත් සැහැල්ලුවක්.නිදුලිට මොහොතකට හැමදේම අමතක වුණා
🎶🎶🎶
ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සද්දෙට තුරුලු වී සැනසුනේ
ලස්සන සිනහවට පැටලුනේ
සුරගන ඔබද මා සුරතලී
🎶🎶🎶🎶🎶
ගගුල් අන්තිම කෝඩ් ටිකත් ගහලා සිංදුව ඉවර කරලා ගිටාර් එක පැත්තකින් තියලා කෙල්ලගෙ ඔඩොක්කුවේ ඔලුව තිබ්බෙ අහස දිහාට ඇස් යොමු වෙන විදිහට.
ටිකකින් ඒ ඇස් නිදුලි දිහාට යොමු වුණා.නිදුලි තාමත් අර හිනාවෙන්ම බලං ඉන්නවා. ගගුල් නිදුලිගෙ අත් දෙක අරගෙන කිස් කලේ ආදරෙන්.
කොල්ලා දකුණු අත ඔසවලා නිදුලිගෙ කම්මුල් ස්පර්ශ කලේ ආසාවෙන්.ටිකකින් ගගුල් කෙල්ලගෙ දෙතොල් පිරිමදිද්දි නිදුලි පියවි සිහියට ආවා.
ගගුල් නැගිටින්න..අයින් වෙන්න.
ගගුල් මොකුත් නොකියා නැගිටලා නිදුලිව තුරුළු කරගෙන මූනට එබුණා.
සුදු මැණිකෙ.
ගගුල්ගෙ කටහඩ පුදුම තරම් ආදරණීයයි. ගගුල් ගෙ සුසුම් කෙල්ලගෙ මුහුණට වදිනවා. ගගුල් ඒ මුණ දිහා බලං ඉදලා මූණ දකුණු අතින් පිරිමැද්දෙ නිදුලිගෙ ඇස් පියවෙලා යද්දි. කෙල්ලගෙ දෙතොල් වෙව්ලන්නෙ බයටද නැත්නම් සීතලටද කියලා කොල්ලට හිතා ග්නන බැරිවුණා
ආදරෙයි මං..
ගගුල් කියද්දි නිදුලි ඇස් ඇරියා. කොල්ලගෙ ඇස් වල දිලිසෙන්නෙ ආදරේ බව නිදුලිට දැන් අමුතුවෙන් පහදන්න ඕනෙ වුණේ නෑ.. මේ ටික කාලෙට මෙච්චර හිතට දැනෙන්නෙ ඇයි ගගුල්ව.නිදුලිට එවෙලෙ රනුකවත් වෙන කවුරුවත් මතක් වුණේ නෑ.
ගගුල් මුදු විදහට ඒ දෙතොල් සිපගත්තෙ නිදුලි තවත් ඒ පහසට නතු වෙද්දි…
.ගගුල්ගෙ පහස ගෙල දිහාට දැනෙද්දි නිදුලි කොල්ලගෙ ජැකට් එකේ එල්ලුනේ කොල්ලා නිදුලිව දෝතට ගනිද්දි.
🌹🌹🌹🌹
අසම්මත උනත් මගෙ ආදරේ
මං ආදරෙයි මුළු හිතින් වස්තුවේ
දාලා යන්න නම් එපා මගෙ සොඳුරියේ
නැති කරගන්න බෑ මැණික උඹ මගේ
—-Nimesha fenando
🎸🎸🎸🎸🎸🎸🎸🎸
දුරස් වෙන්නට නොදී මොහොතක්
පපුව අස්සෙම ගුලි කරන්
මැණික මේ හිතේ ඉන්නෙම ඔබම විතරයි සත්තකින්
එපා කිසි දින ඈත් වන්නට සිහිනෙකින්වත් දුක අරන්
කෙලෙස අමතක කරන්නද මේ සංසාරගත බැඳීමක් ❤️
—Deepthi nirupika.
🎸🎸🎸🎸
දඟකාර මගේ දෑස
ඔය මුවේ සරදමට
හැංඟේද මට සැකයි
දයාබර මියුලැසිය
අවැසි මුත් නුඹේ පෙම
අකැපයිද සිතේ මට
මතු දාක මගෙ ලඟම
සැනසෙනව නේද පණ
එතෙක් කල් නුඹ නමින්
හුස්ම ටික රකින්නම්
එන්න ඔබ නොවැරදිම
පාලුයිනෙ මගෙ හිතට
අසම්මත උනත් සම්මත උනත් හිත නවතින්නෙම ඔබ ගාව💛💛💛
–සොදුරු පන්හිඳ
🎸🎸
🌹🌹🌹
ස්තුතියි හැමෝටම
💙💙💙
හමුවෙමු ආයෙත්
☠️☠️කොපි කිරීම වරදක් ☠️☠️