දන්නවද ගගුල් මං තමුන්ව පොලිසියට අල්ලලා දෙනවා කවදාහරි. මං ඒක තමුන්ට වෙන පොරොන්දුවක්
නිදුලි දැඩි හඩින් කියද්දි ගගුල් මහ සද්දෙන් හිනාවුණා.
අම්මෝ..කොහොමද ඒක
තමුන් මේ වගේ ගෑණු ළමයි කීයක් විතර පැහැරගෙන ගිහින් තියෙනවද?
මට මතක නෑ සුදු මැණිකේ.. ඒත් කවුරුවත් ඔයා වගේ රෙස්පෙක්ට් එකෙන් ඉදලා නෑ.මගෙ කකුල් දෙක අල්ලලා වැන්දෙ නැති ටික විතරයි
හහ්.. කියන ලස්සන. වැරදි වැඩ කර කර.
නිදුලි ගගුල් දිහාට හැරුණා ..කොල්ලා ඒ කිව්වෙ බොරුවක් කියලා ඒ මූණෙ තිබ්බ සරදම් හිනාව දැක්කම කෙල්ලට තේරුණා
. කොල්ලා ඩ්රයිව් කර කර සැරෙන් සැරේ නිදුලි දිහා බලනවා.
ගගුල්.. ඇත්තටම ඔයා හැන්ඩ්සම්, ස්මාර්ට්.. ගුඩ්ලුකින් ඕල් සෝ… ඇයි ඔයාට බැරි මොඩ්ලින් කරන්න
මොකක්? හහහහහහ්හාාා..
ගගුල් ජිප් එකේ ෂටර් එකට දකුණූ අත තියාගෙන නිකට කහ කහම හිනාවෙනවා.
නිදුලි රවාගෙන බලං ඉන්නවා.
මොඩ්ලින්..පිස්සුද අයිසෙ.
ඔයිට වඩා දහස් ගුණයක් හම්බ කරන්න පුළුවන් ඒකෙන්..
හරි අපි දෙන්නම කරමු..තමුසෙ මගෙ පාට්නර් වෙනවා. අගල් දෙකේ සායකුයි ස්කිනියකුයි ඇදගෙන එනවා කැට් වෝක් එකෙන්.
නිදුලි ගගුල්ගෙ උරහිසට පාරක් ගැහැවා
.
ෂිට් ඒක කියපු කැත.
හහහ්හහහහාාාා.
හේයි…මොකද මේ ට්රැෆික්..
ගගුල් ජීප් එක නතර කළා.
ඇක්සිඩන්ට් එකක් වගේ..ගගුල්ට කෝල් එකක් ආව නිසා කොල්ලා ෆෝන් එක ආන්ස්වර් කළා.
ඒ තත්පරේට නිදුලි ජීප් එකෙන් බැහැගත්තෙ කොල්ලාට හිතන්නවත් වෙලාව නොදී.
නිදුලි පිටිපස්සට දුවන්න ගත්තෙ ලැබුණු චාන්ස් එකෙන් ප්ර යෝජනේ ගන්න..
ගගුල් ෆෝන් එක තියලා ක්ෂණිකව බැහැගත්තෙ කෙල්ලගෙ කපටි කමට බැන බැන.
නිදුලි පිස්සු හැදුණා වගේ පාරෙ දිව්වේ කොහොමහරි බේරෙන්න හිතාගෙන..පොලිසියෙන් ළගක ඇති කියලා කෙල්ලට හිතුණා.
කෙල්ල දිව්වට මෙලෝ සිහියක් තිබුණෙ නෑ.. එහා වංගුවෙන් මතුවෙන ලොරිය කෙල්ලට පෙනුනෙ නෑ.. ගගුල් පන්නනවා කියලා කෙල්ලට ෂුවර්.
නිදුලි උඩ බලාගෙන පාර පනිනවත් එක්කම ගගුල් කෙල්ලව ඇදලා ළගට ගත්තෙ තව තත්පරයක් එහෙ මෙහෙ වුණා නම් නිදුලිගෙ ජීවිතේ අනතුරක නිසා. වේගෙන් ඉවතට ඇදෙන ලොරිය කන උඩ හෝන් කරද්දි නිදුලි ගගුල්ගෙ පපුවට බරවෙලා හිටියෙ ගිඩි ගිඩි ගාලා ගැහිගැහී
නිදුලි හෙමින් හෙමින් ඔලුව ඉස්සුවා. ගගුල්ගෙ වියරු සුසුම් කෙල්ලගෙ මූණට වැටෙනවා.විනාඩි කිහිපයක් දෙන්නා එක දිගට ඒ ඇස් දිහා බලං ඉන්න ඇති.නිදුලි හිතුවෙ ගගුල් වෙඩි තියයි කියලා.
ඒත් කොල්ලා සද්ද නැතිව කෙල්ලගෙ අතින් ඇදගෙන ජීප් එක ළගට ඉක්මණට ගියේ පිටිපස්සෙන් වාහන හෝන් කරන නිසා.
ට්රැෆික් එක අඩුවෙලා දැන් වාහන යනවා. ගගුල් සද්ද නැතිව ඩ්රයිව් කරනවා.කොල්ලගෙ මූණෙ තිබ්බෙ කේන්තියක්. කොල්ලා කතා නොකර හිටියෙ කතා කලොත් කේන්තිය උපරිම වෙලා මොනවා කරයිද කියලා හිතාගන්න බැරිවුණ නිසා.
නිදුලි සැරෙන් සැරේ හොරෙන් ගගුල් දිහා බලනවා.කෙල්ලට එක විදිහට ඉන්න බෑ. බෙල්ල අත ගානවා සැරෙන් සැරේ. දගලනවා. වටපිට බලනවා.
ගගුල්..
බැරිම තැන නිදුලි කතා කලා.
ගගුල්
ගගුල් සද්ද නෑ.
සොරි..
ගගුල්ගෙ දැඩි බැල්ම කෙල්ල දිහාට යොමු වුණා.
පැනලා යනවා නම් ප්ලෑන් කරලා පනිනවා. උඩ බලාගෙන පණ කඩාගෙන දුවලා හැප්පිලා මැරෙන්නෙ නැතුව.
නිදුලි උකුල උඩ තියෙන ඇගිලි අඹරන්න පටංගත්තා.
නිදුලිට දැන් ඒ ආදරේ දැනෙනවා. එවෙලේ ගගුල්ගෙ ඇස් දිහා බලං ඉද්දි දැනුනෙ අමුතුම හැගීමක්. කවදාවත් රනුක ගැන එහෙම දැනිලා නෑ.
රෑ වෙනකොට දියතලාවට එන්න පුළුවන් වුණා.නිදුලි සීතලට උරහිස් පිරිමදිනකොට ගගුල් එයාගෙ ජැකට් එක ගලවලා කෙල්ලට ඇන්දුවා.දැන් නම් ගගුල්ගෙ තරහා නිමිලා.ගගුල් කෙල්ලව එක්ක ආවෙ පොඩි ගෙදරකට. තට්ටු දෙකයි.
මං ඉන්ටනෙට් එකෙන් බුක් කලේ. ප්ලේස් එක හොදයි නේද?
ගගුල් බැහැලා වටපිට බලන ගමන් කෙල්ලගෙන් ඇහැවා.
නිදුලි ගගුල්ට රවලා අහක බැලුවා. ගගුල් වටපිට බැලුවෙ මේ පරිසරේ තියෙන පුරුදු ගතිය ගැන හිත හිත.ඇත්තටම ගගුල් මීට කලින් මෙහෙ ඇවිත් නෑ.. පාර හොයා ගත්තෙත් ගූගල් මැප් එකෙන්.
ඒත් දියතලාවට ඇතුල්වෙද්දිම කොල්ලට අමුත්තක් දැනුනා. එක පාරටම කොල්ලා ඔලුව බදාගත්තෙ පැත්තක් රිදෙන්න ගත්ත නිසා.
ආහ්…
ගගුල් තදින් යටිතොල හපාගෙන ඔලුව බදාගද්දි නිදුලි පුදුමෙන් බලං හිටියා.ඒත් කෙල්ල ඒ එක්කම ගගුල් ලගට ආවා
ගගුල් ඇයි..
ආහ්…
ගගුල් ඇයි..
නිදුලිට ගගුල් ඉන්න වේදනාව බලන්න බැරිවුණා.
එන්නකො අතනින් වාඩි වෙමු
ළග තිබ්බ කොන්ක්රීට් බංකුව දිහාට කෙල්ල ගගුල්ව එක්ක ගියා.
ඉදගත්ත ගමන්ම කොල්ලා නිදුලිගෙ ඔඩොක්කුවේ ඔලුව තිබ්බා
නිදුලිට හිතා ගන්න බැරිවුණා මොකද කරන්නෙ කියලා.. ඒත් දුකකදි කරදරයකදි හතුරෙක්ට වුණත් පිහිට වෙන්න ඕනෙ. නිදුලි කොල්ලගෙ ඔලුව හෙමීට අතගාන්න පටං ගත්තා.
කොල්ලා එයාගෙ අත ඉවත් කර ගැන ගත්තා .
ඒ දැනුනු මුදු පහස එක්ක කොල්ලාගෙ ඔලුව රිදෙන එක ටික ටික අඩුවුණා.
කොල්ලට පොඩි නින්දකුත් ගියෙ ඒ පහසෙ සනීපෙට.ගේට් එකෙන් ඇතුලට එන කෙනෙක් දකිද්දි නිදුලි ගගුල්ට කතා කළා.
ගගුල්..ගගුල්..නැගිටින්නකො .කවුදෝ එනවා
🌹🌹🌹🌹
ඊලගට
🌹🌹🌹
හීනයක් දෝ හැඟෙයි…..
හරිම හරි සුන්දරයි….
දඩබ්බර වැඩ ළඟ නවතින්න හිත කියයි…
නෑ ඒක අසම්මතයි මනස තරවටු කරයි….
තුරුල් වෙන්නත් සිතයි
ඔය විසල් පපුතුරේ….
ජිවිතේ මේ තරම් ලස්සනද සැකයි…
සියලු දේ අතැර නවතින්න හිතෙනවා…..
දඟකාර නුඹේ සෙවනේ….
අනේ හීනයක් වෙලා ඉන්න අවසරයි අවදි නොවීම…..
අපූරු පබැදුම-
@Dushanthi perera
Tnx🌹🌹🌹🌹 sudu
🌹🌹🌹🌹🌹
☠️කොපි කිරීම වරදක් ☠.