ඇයි මං කියනවා.මගෙ හස්බන්ඩ් රනුක..මං එයාට ආදරෙයි.අපි දෙන්නා හිටියෙ කුරුළු ජෝඩුවක් වගේ.රනුක රට ගිය නිසයි තමුසෙ වගේ කාඩයෙක්ට මාව අහුවුණේ.තමුසෙට හොදක් වෙන් නෑ..තමුසෙලා නිසා රට විනාශ වෙනවා.
නිදුලි නවත්තපං කියවිල්ල
නෑ මං නවත්තන් නෑ. රනුක දන්නවා නම් ඉගිලිලා හරි එයි. දන්නවද අපි දෙන්නා කොච්චර ආදරෙන්ද හිටියෙ කියලා. රනුක නියම මහත්මයෙක්.වැදගත්..ඩීසන්ට්.
ගගුල් දත්මිටි කාගෙන අහගෙන ඉදලා නිදුලිව කේන්තියෙන් ඇදට පෙරළගත්තා.
ඇත්තද වැදගත්ද ඩීසන්ට්ද?
කොල්ලා ඒ මූණට එබුණෙ වියරුවෙන්.
නිදුලි හිතේ තිබ්බ කේන්තියට තවත් කියෙව්වෙ ගගුල්ව කේන්තියෙන් වියරු වැටෙද්දි.
ඔව්..තමුසෙ වගේ මොඩයෙක් නෙවෙයි.කැම්පස් ගිහින් ඩිග්රි එකක් තියෙනවා. එයා ලෙක්චර් කෙනෙක්.තමුසෙට හිතන්නවත් බෑ.හැන්ඩ්සම්.ස්මාර්ට්.මාර හොදයි.
ඒක හින්දද ඌ එහෙත් පවුලක් තියාගෙන ඉන්නෙ.
ගගුල් කටකොනින් හිනාවෙවී අහද්දි නිදුලි සීතල වෙලා ගියා.ගගුල් කොහොමද ඒක දන්නෙ.නිදුලිට වගේම රනුකගෙ පවුලෙ අයට විතරක් සීමා වෙලා තිබ්බ රහස..ඒක පිටට ගියෙ කොහාමද
නිදුලිගෙ කට වැහුණු හැටි දැකක්ම ගගුල් නිදුලිගෙ පපුව උඩට බරවෙලා මහ හයියෙන් හිනාවෙන්න පටං ගත්තා.
නිදුලි ගගුල්ගෙ කොණ්ඩෙන් ඇදලා අයින් කරන්න දැගලුවා
.
හහහ්…
තමුසෙගෙ මහලොකු හස්බන්ඩ්..මාර වැදගත් නේද?
රට ඉද්දි වෙනම පවුලක් තියාගෙන මෙහෙ තව පවුලක්.. මාර වැදගත් නේද?
ගගුල්ගෙ හිනාවට නිදුලිට දැනුනෙ පුදුම ලැජ්ජාවක්.නිදුලි යටිතොල තදින් හපාගත්තෙ ඇස්වලට පිරීගෙන එන කදුලු වළක්වගන්න.ගගුල් හිනාව අමාරුවෙන් පාලනය කරගෙන ගගුලිගෙ ඇස් වලට එබුණා.ඒත් බකස් ගාලා හිනාව ආයෙත් එළියට පැන්නා
ඕවා සේරම බොරු.දන්නවද
නිදුලි කිව්වෙ දුර්වල කඩහඩින්
සුදු මැණිකේ.ඔය ඇස් කියනවා මට ඒවා ඔක්කොම ඇත්ත කියලා. ඔයාව මැරි කළාට පස්සෙයි ඔයා සේරම දැනගත්තෙ.මං අහන්නෙ ඇයි ඔයා තාමත් රනුක ගැන හිතන්නෙ.ආ….
මිනිස්සුන්ගෙ ජීවිත අපි හිතනවට වඩා වෙනස් ගගුල්.ඔයා හිනාවුණේ කෙනෙක්ගෙ අසරණකමකට.
මගෙ සුදු මැණිකෙ මං ඉන්න කල් අසරණ වෙන් නෑ.
ගගුල් ඒ කම්මුලක දෙතොල් තිබ්බා
නිදමු..හෙට පාන්දරම පිටත් වෙමු.
ගගුල් නිදුලව තුරුළු කරගෙනම නින්දට වැටුණා.දගලලා කෑගහලා අඩලා දොඩලා වැඩක් ණෑ කියලා නිදුලි දන්නවා. ඒ නිසා නිදුලි නිහඩව හිටියා. ගගුල්ගෙ උණුසුම දැනෙද්දි කෙල්ලටත් එහෙමම නින්ද ගියේ රනුක ගැන අදුරු මතකය හිතට එබිකම් කරද්දි.
රනුක..පුදුමතරම් කඩවසම්.නිදුලිව බලන්න ආවෙ චාරිත්‍ර විදිහට නෙවෙයි.යුතුකමක් විදිහට.නිදුලි කැමති වුණේ මුළු හිතින්ම . ඒ්ත් ජීවිතේ මේ වෙනස වුණේ කොහොමද නිදුලි තාමත් හිතින් දුක්වෙනවා.
උදේම නිදුලි ඇහැරුනේ ගගුල් කම්මුල් තදට ඉඹිද්දි. ගගුල්ට මෙලොව වගක් නෑ.කොල්ලා කට කපලා හිනාවුණා. නිදුලි ගගුල්ව අහකට තල්ලු කළා.
ගගුල් කටකොනින් හිනාවෙවී එළියට ගියා.
නිදුලි ඊයෙ ගත්ත අලු පාට කොට ගවුමක් ඇදගෙන එළියට එද්දි
ගගුල් ජීප් එකට හේත්තුවෙලා බලං හිටියා..ගගුල්ව දකිද්දි නිදුලිගෙ කට බාගෙට ඇරුණා.
කොල්ලා ඩෙනිමට සුදු කොලර් නැති ටී ෂර්ට් එකක් ඇදලා බ්‍රවුන් කලර් ජැකට් එකක් ඇදලා බ්‍රවුන් කලර් සන්ග්ලාස් දෙකක් දාලා ෆුල් ස්මාර්ට්.
නිදුලි දැක්ක ගමන් කොල්ලා සන්ග්ලාස් එක පහළට කරලා ඇහැක් ගැහැවා.
නිදුලි ඔලුව දෙපැත්තට වනලා මේ ලෝකෙට ආවා.
නිදුලිට නගින්න දොර ඇරලා දුන්නු ගගුල් නිදුලිගෙ අතේ තිබ්බ බෑග් එක පිටිපස්සට දැම්මා.
කොල්ලා ජීප් එකට නැගලා ස්ටාර්ට් කර ගත්තෙ විසිල් පාරකුත් ගහගෙනම.
නිදුලි..ගෙදර අය පොලිසියෙ ඇන්ට්‍රියක් දාලා.
නිදුලි ගැස්සුණා.
තමුසෙව පොලිසියෙන් හොයනවා. ඒ නිසා මං ඊයේ අරං දුන්නු ෂෝල් එක දාගන්නවා.
ගගුල් එහෙම කියන ගමන්ම එයාගෙ සන්ග්ලාස් එක කෙල්ලගෙ මූණට දැම්මා.
නිදුලි වචනයක් වත් කියන් නැතිව ෂෝල් එක අරගෙන ඔලුවට දාගත්තා.
කෙල්ල ඇස් පියාගෙන සීට් එකට හේත්තු වුණා.
ගගුල් සද්ද නැතිව ජීප් එක අරං ආවා. උදේට කන්න ඇරං දුන්නෙත් නැතිව..නිදුලිම බඩ ගිනි කියයි කියලා බලං හිටියට නිදුලි නිදි පාඩුවෙ.ගගුල් ඒ නින්දට බාධා කලෙත් නෑ.
දවල් කෑමට කොල්ලා පොඩි රෙස්ටුරන්ට් එකක නතර කළා.නිදුලිවත් ඇහැරවගෙන කාලා ආයෙත් ගමන පටං ගත්තා.
නිදුලි ආයෙත් ඇස් පියාග්තතා
.
නිදුලි ඇස් අරිනවා.ඔච්චර වෙලා නිදාගත්තා මදිද.
නිදුලි ඇස් තවත් තද කරගත්තා.
නිදුලි.
ගගුල් ගිගිරුවා
මළ වදේ.
නිදුලි මිමිණුවා.
හලෝ මේ අපි ට්‍රිප් එකක් යන්නෙ..සෝ බෝරිංනෙ.
අපි නෙවෙයි තමුන් තමුන් ට්‍රිප් එකක් යන්නෙ.
ලොකුකම මොකද්ද ඔය හැටි..ආ…
මාව බලෙන් අරං යනකොට ඒක ට්‍රිප් එකක් වෙන්නෙ කොහාමද?පොලිසිය හිටියොත් කෑ ගහනවා මං.
ගුඩ් මාත් උදව් කරන්නම්.
🌹🌹🌹🌹
ඊලග කොටසට
🌹🌹🌹