ගගුල් අත මිට මොලවගෙන එළියට බැස්සා . එතන විස්සක් විතර එක පොරයයි. කොල්ලව දැකපු අනිත් ගැන්සියේ කට්ටිය තුන් හතර දෙනෙක් එකපාරම ගඟුල් දිහාට කඩං පැන්නා.
ගගුල්ගෙ සෙට් එක ඒ වෙනකොට ගොඩක් දුරට අඩපණ වෙලා හිටියෙ .ගඟුල් තමන්ගෙ ඇඟට පැනපු දෙන්නෙකුටම එකපාරම පහර ගැහුවෙ ඒ අයට හිතන්න වත් ඉඩ නොදී
නිදුලි කටත් ඇරගෙන බලාගෙන හිටියේ ටැමිල් ෆිල්ම් එකක් ෂූට් කරනවා කියලා හිතාගෙන .ගඟුල් සෙට් එකටම ඇප නැති වෙන්නේ ගැහැවා ..
සරනෙත් කොහෙද ඉදලා කඩා පාත් උනේ ..
ගඟුල් ගේම් එකට එන්ටර් වෙද්දිම තමයි. සරනෙ නම් සම්පූර්ණයෙන්ම ගැහැවෙ පොල් අඩි ෂොට් තමයි.. කණා පාරවල්.. ඒත් ගඟුල තීක්ෂණ දෑස් එහෙ මෙහෙ යව යව කරාටි වලින්ම තමයි සැලකුවේ .
නිදුලි බලන් හිටියේ මේ දකින දර්ශනය විස්වාස කරන්න බැරිව. එහෙත් නිදුලි දැක්කේ නැහැ තමන් ළඟට කෙනෙක් එනවා කියලා . හතුරෙක් ජීප් එකේ දොර ඇරලා කෙල්ලව එකපාරටම එලියට ගත්තෙ නිදුලිට හිතන්නවත් ඉඩ නොදී
ගගුල් සම්පූර්ණ අවධානය යොමු කරලා තිබ්බේ එයා වටේ හිටි පිරිසට නිසා
නිදුලිට සිද්ධ වුණු දේ දැක්කෙ නෑ
ගගුල්
නිදුලි කෑ ගැහැව්වේ කෙල්ලට වෙන කිසි කෙනෙක් මතකෙට ආවේ නැති නිසා.
නිදුලිගෙ කෑගැහිල්ලට කෙල්ල දිහා බලපු ගගුල්ගෙ මූණෙ මතුවුණේ අමුතු හිනාවක්.මොකද කෙල්ල ඉස්සෙල්ලම තමයි ගගුල් කියලා නම කියලා කතා කලේ.
ගගුල් අලලගෙන හිටිය කොල්ලව අතඇරලා ඉනේ තිබ්බ ගන් එකත් අරගන්න ගමන් ආවෙ නිදුලි දිහාට.නිදුලි ගෙ බෙල්ලට පිහියක් තියාගෙන ලාරාගෙ ගැන්සියේ සගයා ගගුල් දිහා බලං හිටියෙ කට ඇදකරගෙන. නිදුලි දන්න දෙයියො ඔක්කොම සිහිකලේ පිහිතුඩින් බෙල්ල සීරෙන වේදනාව දරාගෙන.
නැවතියං..ආවොත් මේකි ඉවරයි.
ඒත් ගගුල් නැවතුණේ නැහැ.කොල්ලා ගන් එක ඇරගෙන කෙලින්ම ඒම් කලේ නිදුලි දිහාට.
නිදුලි හුස්ම අල්ලන් බලං ඉද්දි ගගුල් වෙඩි තිබ්බෙ කට්ටියම තුෂ්ණිම්භූත වෙද්දි.
වෙඩිල්ල අර කොල්ලගෙ දකුණු අතේ යාන්තම් වැදිලා පිහියත් විසිවුණේ කවුරුවත් නොහිතුව විදිහට
ගගුල් ආපු වේගෙන්ම පැනලා ඒ කොල්ලව අල්ලගෙන පහර පිට පහර දුන්නෙ නිදුලිට අත තිබ්බ එකේ කේන්තිය පිරි මහන්න.නිදුලි බයෙන් ගැහි ගැහී බලං හිටියෙ මොකද්ද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව.
බොස්..බොස්..
පොලිසියෙන් එනවා.. පැනගමු.
කසුන් කෑ ගැහැවෙ ඈතින් පොලිස් සිග්නල් එක ඇහුණු නිසා.
කසුනා.තුවාල එවුන් දාගන්නවා ජිප් එකට
ගගුල් ඒ ගමන්ම කොල්ලව අතඇරලා නිදුලිවත් ඇදගෙන ජීප් එකට ගොඩ වුණා.
ඒ තත්පරේට ගගුල්ගෙ ගැන්සිය වාෂ්ප වුණේ ලාරාගෙ ගැන්සියේ සෙට් එක වේදනාවෙන් බිම වැටිලා ඇඹරෙද්දි..අන්තිමේදි පොලිස් ග්‍රහණයට ඒ සෙට් එක විතරක් අහුවුණේ මත්ද්‍රව්‍යත් එක්කම.
🌹🌹🌹🌹
හ්ම් …දැන් සුදුමැණිකෙ මොකද මෙහෙම ඉන්නෙ. මං කීවා නේද වොෂ් එකක් දාගෙන එන්න කියලා.
ගගුල් රූම් එකේ නිදුලි ළගින් ඇද ළග ඉදගත්තා.කොල්ලා වොශ් එකක් දාගෙන එළියට ගියෙ නිදුලිට අන දීලා.ඒත් කෙල්ල තුෂ්ණිම්භූතයි
නිදුලි ඇයි මේ..
ගගුල් නිදුලිව ළගට ඇදගත්තා.
එතකොට තමා කොල්ලා දැක්කෙ නිදුලිගෙ ගෙලේ තිබ්බ කැපුම් සළකුණ
මේ..මේ..අරූ..ෂිට් ..මට ඕකගෙ ඔළුවටම තියන්න තිබ්බෙ..ඔයාට රිදෙනවද පැටියො..මං බෙහෙත් දාන්නම්.
ගගුල් ඒ තත්පරේට කලබල වුණා.කොල්ලා එළියට ගියෙ නිදුලිට ගාන්න බෙහෙත් ක්‍රීම් එකක් ගේන්න.
ඒ එනකොට නිදුලි වොෂ් දාලා වෙන ඇදුමකට මාරුවෙලා හිටියා.කෙල්ල බය වුනේ කියන දේ අහලා නොහිටියම ගගුල් යකා වෙලා මොනවා කරයිද කියලා හිතා ගන්න බැරිවුණ නිසා.
ගගුල් බොහොම සීරුවෙන් නිදුලිගෙ බෙල්ලෙ බෙහෙත් ගෑවා.
ආවු..
නිදුලිට කෑගැහුණේ ඒ සීරීම ඇත්තටම වේදනාකාරී වෙච්ච නිසා
සොරි ගගුලි..මං නිසයි මෙහෙම වුණේ..මට ඔයාව එතෙන්න එක්ක නොයන්න තිබ්බා..ආයෙත් එහෙම වෙන් නෑ..මං නිසා ඔයාගෙ ජීවිතේ අනතුරේ වැටෙන්න දෙන් නෑ.
ගගුල් කිව්වෙ ඇත්තටම කණගාටුවෙන්.
ගගුල් මේ හොදට කතාකළාමයි.නිදුලි අවස්ථාවෙන් ප්‍රෙයා්ජනේ ගන්න හැදුවා.
ගගුල්
ක්‍රීම් එක මේසෙඋඩ තියන්න ඇදෙන් නැගිට්ට කොල්ලා නැවතුණා.
මොකද්ද ආපහු කියන්න
ගගුල්
දන්නවද නිදුලි ඒ වචනෙ කියනකොට මට දැනෙන සංතෝසෙ
ගගුල්.
ඇයි මැණිකේ
ගගුල් නිදුලිගෙ කම්මුලක් මුදු විදහට සිපගත්තා.
මට යන්න දෙන්න.ඔයා පොලිසියට බයේ දුවන්නෙ ඇයි ගගුල්.ඇයි මේ වැරදි වැඩ නවත්වන්න බැරි.ඔයා මට ආදරේ නම් මේවයින් අයින් වෙන්න
ගගුල් දිලිසෙන ඇස් වලින් නිදුලි දිහා බලාගෙන හිටියා.
නිදුලි කතා කරන ආදරණීය හඩට කොල්ලා හිටියෙ වශීවෙලා.
ඒක ලේසි නෑ පැටියො.
ඇයි.
මං වැඩ කරන්නෙ රොනී මහත්තයාට.මට ඒ මිනිහාගෙන් ගැලවෙන එක ලේසි නෑ.
මං කසාද බැදපු කෙනෙක් ගගුල්..ඔයා මේවයින් අයින් වෙලා හොද ජීවිතයක් ගත කරන්න.ඔයාට හොද ගෑණු ළමයෙක් ලැබෙයි.
මං ආදරේ ඔයාට.
මට ආදරේ නම් ඔයා පොලිසියට බාර වෙන්න.
ඒ කියන්නෙ මං පොලිසියට බාරවෙලා අවුරුදු ගාණක් හිරේ ඉදලා එනකල් ඔයා ඉන්නවද?හස්බන්ඩ්ව ඩිවෝස් කරලා මාව බදිනවද?
නිදුලි ඇස් ලොකු කළා.
මේ ඕයි..තමුසෙ විහිලු කතා කියන්න එපා. මගුල.තමුසෙ හිතන්නෙ මං මේවා නවත්තයි කියලනම් ඒක හීනයක්..අනික තමුසෙගෙ කටින් ආයෙ මැරි කරපු කතා කියලා මාව යකෙක් කරගන්න එපා.
ඇයි මං කියනවා.මගෙ හස්බන්ඩ් රනුක..මං එයාට ආදරෙයි.අපි දෙන්නා හිටියෙ කුරුළු ජෝඩුවක් වගේ.රනුක රට ගිය නිසයි තමුසෙ වගේ කාඩයෙක්ට මාව අහුවුණේ.තමුසෙට හොදක් වෙන් නෑ..තමුසෙලා නිසා රට විනාශ වෙනවා.
නිදුලි නවත්තපං කියවිල්ල…
🌹🌹🌹
ඊලග කොටසට
🌹
හිත ඇවිත් නැවතිලා…
නුඹේ ළඟ දඟ කරද්දි….
පුරුද්දක් දැනෙනවා නුඹේ සුසුම්….
අන්සතුයි තමයි නුඹ…
අයිතියක් නෑ තමයි…
මට ආදරෙත් නෑ තමයි….
එනමුත් සොඳුරියේ…
කිසිම දෙයකට බෑ..
ඈත් කරන්නට නුඹව….
නපුරුවට දැනෙනවා ඇති
මගෙ ආදරය….
දිනෙක තේරුම් යාවී…
දිනෙක නුඹ හුරු වේවී….
නුඹත් ඇබ්බැහි වේවී…
නපුරාගේ ආදරේට….
එවිට නුඹත් පෙම් කරාවි…
මගෙ මැණික…
එතෙක් ඉවසා ඉඳින්නම්…
ලේසි නෑ ඉවසන්න නපුරු මේ කුමරුන්ට…..
නුඹ වෙනුවෙන්ම මිස කොහෙද මං ළඟ ඉවසීම…
ආදරේ නිසා ඉන්නම්…
තේරුම් ගනින් රත්තරනේ..
නුඹ නමිනි මේ පපුව ගැහෙන්නේ….
❤❤❤❤❤
අපූරු පද —-Dushanthi perera
🌹🌹🌹
☠️කොපි කිරීම තහනම්☠️
දිග අදහස් දෙන යාලුවො 🌹🌹🌹🌹🌹💙💙💙