නිදුලි ලිෆ්ට් එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට එනකල් බලං හිටියෙ නොඉවසිල්ලෙන් .. ඒ වගේම දෙගිඩියාවෙන්.ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රෙයා්ජන ගන්න කෙල්ල තීරණේ කළා. නිදුලි බලාපොරොත්තු පිරුණු ඇස් දෙකින් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට ලිෆ්ට් එක ආපු ගමන් ඕපන් බට්න් එක ප්‍රෙස් කළා.
අහ්..
නිදුලිට කෑ ගැහුණා.
ගගුල් වියරු ඇස් දෙකින් වම් අතින් බෑග් එක අරගෙන දකුණු අතින් බිත්තියට අත තියාගෙන බලං හිටියෙ හති ඇර ඇර.කොල්ලගෙ දුබුරු පාට කොලර් නැති ටී ෂර්ට් එක දාඩියට ඇගටම ඇලිලා. කොල්ලා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ සිග්නල් එක දැක්කා විතරයි පඩිපෙළ බහින්න පටං ගත්තෙ විදුලි වේගෙන්.
නිදුලිගෙ මුළු ඇගම දාඩියෙන් තෙත්වුණේ කකුල් දෙක ගිඩි ගිඩි ගාලා ගැහෙද්දි . ඒ තරම් රුදුරු බැල්මක් තමයි ගගුල්ගෙ මූණෙ තිබ්බෙ.නිදුලිට වැඩි වෙලා තුෂ්ණිම්භූත වෙලා ඉන්න බැරි වුණේ ගගුල් කෙල්ලව ඇදගෙන කාර් පාර්ක් එකට ගිය නිසා.ජිප් එක ඇතුලට බෑග් එක විසික් කරපු ගගුල් නිදුලිව ළග තිබ්බ බිත්තියට හේත්තු කර ගත්තෙ ගිනි පිටවෙන ඇස් වලින්
. ඒ කොටසම පාළුයි. කවුරුවත් පේන්න නෑ. ගගුල් ටීෂර්ට් එක උස්සලා ගන් එක අරගෙන නිදුලිගෙ ඔලුවට තිබ්බෙ නිදුලි භීතියෙන් ගල් ගැහිලා ඇස් තදින් පියා ගද්දි.
විනාඩි කිහිපයක් නිහඩව ගෙවිලා ගියා.නිදුලි ඇස් ඇරියෙ ගගුල්ගෙ උණූසුම් වියරු සුසුම් මූණට වැටෙද්දි.
ගගුල්ගෙ ඇස් රතු වෙලා තිබ්බෙ කොල්ලා උපරිම කේන්තියෙන් හිටපු නිසා.
ගගුල් ගන් එක ආයෙත් ඉනට ගහගෙන නිදුලිට තවත් ළංවුණා.ගගුල්ගෙ ඇස් නිදුලිගෙ රෝස පාට දෙතොල් දිහාට ඇදුනෙ නිදුලිගෙ ඇස් වලින් කදුලු බේරෙද්දි.කොල්ලගෙ දකුණු අත ඉනට තද වෙද්දි නිදුලිට හුස්ම හිරවුණා වගේ.
ගගුල් නිදුලිගෙ දෙතොල් වලට ගෑවෙන නොගෑවෙන තරමට ළංවෙලා.මිනිත්තු කිහිපයක් එහෙමම ඉදලා එකපාරටම කෙල්ලව ඈත් කළා.
මාව අමනුස්සයෙක් කරගන්න හදන්න එපා. මතක තියාගන්නවා ආදරෙයි වෛරයයි අතර තියෙන්නෙ කෙස් ගහක පරතරයක් විතරයි. ඒ පරතරේ බිදෙන්න දෙන්න එපා. මං කැමති නෑ තමුසෙට සීරීමක්වත් වෙනවට.මගෙ අතින්වත්.ඒක හොදට මතක තියාගන්නවා.
නිදුලි වෙව්ල වෙව්ල අහගෙන හිටියා. ගගුල් ඇස් වලින් ඉගි කරලා පෙන්නුවේ ජීප් එක පැත්ත. නිදුලි ඒ ඇසිල්ලෙන් දුවගෙන ගිහින් ජිප් එකට නැග්ගා.
ගගුල් යකා වාගෙ ඔරවගෙන ඇවිත් ඩ්‍රයිවින් සීට් එකට ගොඩ වුණේ නිදුලි දිහා බැල්මක්වත් හෙලන්නෙ නැතුව.ජිප් එකත් රේස් කරලා මගක් දුර යද්දි. ගගුල්ගෙ ෆෝන් එක රිං වුණේ එතකොට කොල්ලා ෆෝන් එක ආන්ස්වර් කරලා ස්පීකර් දැම්මා
සරනෙ..කියනවා මොකද?
බොස්..අවුලක්..
ලාරාගෙ ගැන්සියෙ එවුන් අපේ බඩු වගයක් උස්සලා.අපෙ එවුන් එක්ක ෆයිට් එකක්.
කොහෙද
ලේක් සයිඩ් එකේ..අපේ එවුන්ට ටිකක් අමාරුයි බොස්.මං මේ ෂේප් එකේ පැත්තකට ආවා.
ඔහොමම අල්ලගෙන ඉන්නවා.මං විනාඩි දහයෙන් ඔතන.
හරි බොස්.
ගගුල් ස්පීඩ් එක වැඩි කළා. නිදුලිට හිතා ගන්න පුළුවන් වුණා වෙලා තියෙන දේ.කෙල්ලත් ඉතිං කට පියාගෙන ඉන්න බෑ..
ඔයාලාගෙ ඩ්‍රග්ස් නේද වෙන කට්ටියක් උස්සලා තියෙන්නෙ. ලැජ්ජා නැද්ද තමුන්ලට. දන්නවද තමුන්ලා විකුණන කුඩු නිසා පවුල් කීයක් අනාථ වෙනවද කියලා. තරුණ ජීවිත කීයක් අකාලෙ නාස්ති වෙනවද කියලා.කන්න බොන්න නැති මිනිස්සු ඇදිවතත් විකුණලා කුඩු ගහනවා. තමුන්ලා මේ සැප විදින්නෙ එහෙම හම්බ කරන සල්ලි වලින්.ඕවායෙ විපාක ලැබෙයි තමුන්ලට මේ ආත්මෙදිම.
මැරුණත් හොද ආත්මයක් නම් ලැබෙන් නෑ. අපායෙ දුක් විදින්න වෙයි.නැත්නම් පෙරේතයෙක් කුම්භාණ්ඩයෙක් වෙලා දුක් විදින්න වෙයි.ඕවා සහගහන අපරාධ. තමුන්ට දරුවෙක් මල්ලෙක් ලැබුනම තේරෙයි ඕවා. පොඩ්ඩක් හිතනවා. තමුන්ගෙ පුතා කුඩු ගහන්න පුරුදු වුණොත් තාත්තා විදිහට තමුන් සංතෝස වෙනවද?
ඒකත් කමක් නෑ තමුන්ගෙ නෝනා කුඩු ගහනවට කැමතිද තමුන්. වැඩිය එපා ..තමුන් මට ආදරේ කියලා මැරෙන්න හදනවනෙ.මං කුඩු ගැහැවොත් තමුන් කැමතිද?
ගගුල් ජීප් එක බ්‍රෙක් කළේ තත්පරේට
මොකද්ද උඹ කිව්වෙ
ගගුල් නිදුලිගෙ ගෙල පාමුල කොණ්ඩෙන් ඇදලා ළගට අරගත්තෙ දත්මිටි කාගෙන.
ආවු.
නිදුලි කෙදිරි ගෑවා
මොකද්ද කිව්වෙ ඕයි
මං කුඩු ගහලා මැරුණොත් ඔ..
නිදුලිට ඉතුරු ටික කියන්න බැරිවුණේ ගගුල් ගෙ දෙතොලින් කෙල්ලගෙ දෙතොල් වැහිලා ගිය නිසා.
ගගුල් කෙල්ලව අතඇරියෙ රවාගෙන
To be continued .තමුසෙ ආයෙ දේශනා පටං ගත්තොත් මං අරුන්ට ඕන කෙහෙල්මලක් කරගන්න කියලා තමුසෙව ඇරං යනවා..to start next episode
නිදුලි බුම්මගත්තෙ මුළු මූණම පිහින ගමන්. ගගුල් ජීප් එක ආයෙත් ස්ටාර්ට් කරගෙන වේගෙන් ආවෙ ලේක් සයිඩ් එකට.ලේක් සයිඩ් එකේ වේගෙන් ඇවිත් බ්‍රෙක් කරපු ගගුල්ගෙ ජිප් එක දිහාට රණ්ඩු වෙන කට්ටියගෙ අවධානෙ යොමු වුණා.
තමුසෙ එළියට බැස්සොත් වෙඩි තියනවා හරිද? තේරුණාද
නිදුලි ඔලුව හෙල්ලුවා.
ගගුල් එළියට බැස්සෙ තත්පරේට
🌹🌹🌹🌹
ඊලග කොටසට
🌹🌹🌹🌹
දිග කමෙන්ට් දෙන යාලුවන්ට 😍❤️❤️❤️❤️
☠️කොපි කිරීම තහනම්☠️