🌹අන්සතු රුවැත්තිය🌹- 04 කොටස

තමුසෙ හිතනාගෙන ඉන්නෙ මැරෙන එක හරි ලේසියි කියලද නිදුලි.. මැරෙන එක වගේම මරන එකත් ලේසි දෙයක් නෙවේ.

 

ගගුල් දත්මිටි කෑවා.

 

තමුසෙලාට නම් ඒක සුළු දෙයක්නෙ.

 

නිදුලි ගගුල්ට රවන ගමන් කිව්වෙ අත් දෙක බැදගෙන

 

නිදුලි..කියවන්න එපා කට තිබ්බ පළියට.අනික මගෙ නම තමුසෙ නෙවෙයි ගගුල්…ගගුල් කියලා කතා කරනවා.

 

එච්චර ලස්සන නමක් තමුසෙ වගේ කමකට නැති මැරයෙක්ට මොකට තිබ්බද දන් නෑ.

 

ගගුල් නිදුලිගෙ අතක් අල්ල ගත්තා

 

නම වගේම මාත් ලස්සනයි නේ? හැන්ඩ්සම් නේ..ඇත්ත කියනවා  හලෝ…මං දන්න විදිහට කෙල්ල බොරු කියන් නෑ..

 

ගගුල් මූණත් ඇල කරලා නිදුලිගෙ ඇස් වලට එබුණා.

 

මං ගැන කොහොමද දන්නෙ.

 

දන්නවා මං..ඇත්ත කියන්න .මං හැන්ඩ්සම් නේද

 

ඔව්..හැන්ඩ්සම් වුණාට වැඩක් නෑනෙ.

 

කයිය ඇති..යමු රවුමක්

 

මොකක්

 

ගගුල් නිදුලිගෙ අතින් ඇදගෙන එළියට ආවා.

 

ජිප් එකට කෙල්ලව නග්ගගෙන කෙලින්ම ආවෙ ටවුන් එකට.

ලොකු ෂොපින් මෝල් එකක් ළග නවත්තලා.කොල්ලා කලුපාට ලොකු කණ්ණාඩියක් කෙල්ලට දැම්මා.

 

ම්..දැන් හරි..

 

පිස්සුද? මේ මහ රෑ කළු කණ්ණාඩි දාගෙන යන්න.අනික මොකද මාව මෙහෙ අරං ආවෙ.

 

නිදුලි ඇහැවෙ වටපිට බලන ගමන්

 

මැණිකේ..ඔයාව කවුරුත් අදුනගන්න ඕනෙ නෑ

 

මැණිකෙ…ඇයි මට මැණිකෙ කියන්න‍ෙ

 

මං දන් නෑ

 

පිස්සු

 

ඔව් පිස්සු මට..ඔයා තමා බෙහෙත

 

නිදුලි ගගුල්ගෙ ඇස් වල දිලිසීම දරා ගන්න බැරුව අහක බැලුවා.

 

මං කසාද බැදපු කෙනෙක්

 

ළමයි හිටියත් මට ප්‍රශ්න්යක් නෑ..

 

ඒත්

 

දැන් කට වහනවා. යමු. සති දෙකකට හරියන්න ඇදුම් ගන්නවා

 

මො..මොකද්ද…ඒ මොකටද

 

හෙට අපි හනිමුන් යනවා

 

නිදුලිගෙ ඇස් නළලෙ.

 

ෂිට්..

 

නිදුලි තරහින් යටිතොල හපාගත්තා

 

දියතලාවෙ යන්නෙ . අපි දෙන්නා විතරක්.දැන් සද්ද නොකරන ඇදුම් අර ගන්නවා.මට ඔය ගෑණු ඇදුම් තෝරන්න තේරෙන් නෑ. ඒකයි එක්කගෙන ආවෙ…

 

මට බෑ

 

ගගුල් ගන් එක අතට ගත්තා.

 

මං සැරයක් කිව්වා මං එකම දේ දෙපාරක් කියන් නෑ කියලා..නිදුලි මගෙ යකා අවුස්සන්න එපා.මං කැමති නෑ ඔයාට කරදර කරන්න.. අනික මං කලින්ම කිව්වා මගෙන් වරදක් වෙන් නෑ.මං සීමාව දන්නවා.විහිළුවට කිව්වෙ හනිමුන් යනවා කියලා. අපි පොඩි ට්‍රිප් එකක් යන්නෙ. ටිකක් නිදහස් තැනකට.මේ කොළඹ කලබලයි.

 

ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ.මං කරපු වරද මොකද්ද?

 

මගෙ අත අල්ලපු එක.මොකද මගෙ ජීවිතේට කිසිම කෙල්ලෙක් මගේ අතේ එල්ලිලා නෑ. දැන් කියවිල්ල නතර කරලා එනවා යන්න.හැබැයි කලබල කරන්න හැදුවොත්..

 

නිදුල් නිදුලි දිහාට හෙළුවෙ දරුණු බැල්මක්.

නිදුලි බිම බැලුවෙ ඒ බැල්මට ඇග සීතල වෙලා ගියපු නිසා

 

හරි මං එන්නම්. ඒත් ඔයාගෙ සල්ලි වලට ගන්න එපා.මගෙ ළග කාඩ් එක තියෙනවා

.

නිදුලි ඩෙනිමෙ පිටිපස්සෙ සාක්කුවෙන් කාඩ් එකක් අරං පෙන්නුවා.

 

ගගුල් සද්ද නැතිව ජිප් එකෙන් බැස්සා.

නිදුලි බැස්ස ගමන් කොල්ලා කෙල්ලගෙ අතක් අරගෙන සිපගෙන  කර වටේ අතක් දාගෙන තුරුළු කරගෙන ෂොපින් මෝල් එකට ඇතුළු වුණා..නිදුලි යටිතොල හපාගෙන ආයාසයෙන් දරාගෙන හිටියා.

 

මේ වගේ අපරාධකාරයෙක් මැරයෙක් එක්ක මෙහෙම යන්න වෙයි කියලා නිදුලි කීයටවත් හිතුවෙ නෑ. කොහොමහරි මේ කොල්ලව පොලිසියට අල්ලලා දෙන්න ඕනෙ . නිදුලි අධිෂ්ඨාන කරගත්තා.

 

තුන්වෙනි තට්ටුවේ ලේඩීස් අයිටම් තියෙන තැනට කොල්ලා නිදුලිව එක්ක ගියා.නිදුලි ඇදුම් තෝරනකල් කොල්ලා නිදුලි දිහාම බලං හිටියා. නිදුලිට ඒක හොර ඇහෙන් පේනවා. කෙල්ල හිටියෙ පුදුම අපහසුතාවයකින්.නිදුලි ඇදුම් දෙකක් අරගෙන යන්න හැදුවා

 

කොහෙද යන්නෙ

 

පිටෝන් කරන්න.

 

ගගුල් ඔලුව වනලා කෙල්ල පිටිපස්සෙන් පිටෝන් රූම් එක ළගටත් ආවා.

 

නිදුලි ඇතුලට ගියාට පිටෝන් කලේ නෑ..කෙල්ල කල්පනා කලේ කොහොමහරි පැනගන්න මගක්

 

හරිද

 

නිදුලි එළියට එනකොටත් කොල්ලා දොරකඩ

 

හරි

 

එහෙනම් ඕනෙ අනිත් ඒවත් අරග්නනවා.පස්සෙ මට චුරු චුරු ගානන් එපා අරක නෑ මේක නෑ කියලා.

 

කොල්ලා ඇහෙන් පෙන්නපු පැත්ත දැක්කම කෙල්ල හෝ ගාලා රවනවා. ගගුල් හිනාව ගිලගත්තා.

 

බිල් එකත් කිව්වට පස්සේ නිදුලි වටපිට බල ඇඹරෙන හැටි දැකපු ගඟුල් ඇස් හීනි කලා.

 

මොකද

 

මට වොෂ් රූම් යන්න ඕනේ

 

ගගුල් වටපිට බැලුවා.

 

අර තියෙන්නෙ වොෂ්රූම් එක.යමු

ඔයත් එනවද

 

නිදුලි ඇස් ලොකු කළා. කෙල්ල කලින්ම ලිෆ්ට් එක ළඟ තිබ්බ washroom එක දැක්ක නිසාමයි මෙහෙම කිව්වේ

 

හරි හරි මං මේ හරියෙ  ඉන්නම්.

 

ගගුල් එහෙම කියපු ගමන් අතේ තිබ්බ බෑග් එක ගඟුලට දීලා නිදුලි වොෂ්රූම් එකට දිව්වා.

ටිකකින් නිදුලි ෂේප් එකේ ඔලුව දාලා බලද්දි ගඟුල් හිටියේ වෙන පැත්තක් බලාගෙන.

අන්න අවස්ථාව

නිදුලි ක්ෂණික ව ක්‍රියාත්මක වුණා

කෙල්ල ලිෆ්ට් එකට ගොඩ වුණා ගඟුලේ ඒ එක්කම ඒ පැත්ත බැලුවා

 

ඔහ් ශිට් නිදුලි

 

ගගුල් කෑගහගෙන ලිෆ්ට් එක ලඟට ගියාට ඒ වෙනකොටත් දොර වැහිලා ඉවරයි .

 

🌹🌹🌹🌹🌹

 

කස්ටිය.මගෙ ෆෝන් එක කැඩුණා.ඩිස්ප්ලේ ගියා. අලුතින් දැම්මට ෆෝන් එක පිස්සු නටනවා. ඒ නිසා කතාව ගොඩක් ටයිප් කරන්න අමාරුයි.

ඉතිං. මගේ හොද කස්ටිය මට ෆෝන් එකක් අලුතින් ගන්න සල්ලි ටිකක් ලැබෙන්න කියලා විශ් කරන්නකො.😁😁😁

 

☠️කොපි කිරීම සපුරා තහනම්☠️

 

නිදුලි  පැනගයිද🤔🤔🤔🤔

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!