🌹අන්සතු රුවැත්තිය🌹- 03 කොටස

ගගුල් එහෙමම නැමිලා නිදුලිගෙ  දෙතොල් සිප ගත්තේ ක්ෂණිකව හිතට ආපු සිතිවිල්ලක් නිසා  ..

 

ඇත්තටම  ගගුල් දැනගෙන හිටියෙ නැහැ  මොකක්ද  උනේ කියලා

 

නිදුලි ට තියා  ගගුල්ගේ ගැන්සියෙ අයටවත්  හිතාගන්න බැරිවුණා ගඟුල් කරපු දේ ..මොකද ලොක්කා ලස්සන කෙල්ලො කොච්චර වටේ හිටියත් ඇහැක් ඇරලා බලපු කොල්ලෙක් නෙවෙයි ..මේ කෙල්ලග්‍ර් මහලොකු ලස්සනකුත් නෑ..හැබැයි සිරියාවයි

 

නිදුලි කියපු ඒවා කිසි දෙයක් කොල්ලට ඇහුනෙ නැත්තෙ කොල්ලා වශී වෙලා වගේ ඒ ඇස් දෙක දිහා බලාගෙන හිටපු නිසා .

 

.ගඟුල් හිතාගෙන  හිටියෙ මේ ලෝකෙ ඉන්නෙ ඒ දෙන්න විතරයි කියලා.. අවට පරිසරය සම්පූර්ණයෙන් කළුවර වෙලා ..ඒක ගඟුල්ට සොඳුරු මොහොතක් ..

 

ඔසවගෙන හිටපු අත පහතට වැටෙද්දි   ගඟුල ගඟුල් එකපාරටම නිදුලි ව තුරුලු කරන් දෙතොල් සිප ගත්වෙ පුරුද්දට වගේ

 

අහ්..

 

නිදුලි පියවි සිහියට ආපු ගමන් ගඟුල් තල්ලු කරලා දැම්මා.. වටපිටේ  කට්ටියත් මේ සිද්දිය  එක බලාගෙන හිටියේ.. සිද්ධ වෙච්ච දේ හිතාගන්න බැරුව සරනෙ පපුවට අත තියාගෙන බලන් හිටියේ ලොක්කාට මොකක් වුණාද කියලා

 

තමුසෙ මහ

 

නිතුලිගෙ දකුණු අත ටාං ගාලා ගගුල්ගෙ දකුණු කන හරහා පතිත උනේ ගැන්සිය භීතියෙන් මුසපත් වෙද්දි

 

ගඟුල්ගෙ හැටි ඒ හැමෝම දැනගෙන හිටියා.. දැන් මොන විනාසයක් සිද්ධ වෙයිද

 

කට්ටියගේ කටවත් බාගෙට ඇරිලා ..සරනෙ කසුන් දිහා බැලුවේ දැන් මොනවා කරන්නද කියන බැල්ම පෙන්නගෙන

 

ඒත් කසුන්ට සරනෙ  දිහා බලන්න උවමනාවක් තිබුණෙ නැහැ

 

ඒ කම්මුල් පාරෙන් ගඟුල්ට දැනුනේ සොඳුරු පහසක්  .කලාතුරකින් ගගුල්ගේ මූණට එන ඒ කඩවසම් ලස්සන හිනාව දකිද්දි ගැන්සියට උන් හිටි තැන් අමතක උනා

 

නිදුලි හොඳටම බයවෙලා වටපිට  බැලුවේ ගගුල්  ලස්සනට හිනාවෙන හැටි දැකලා ..

කෙල්ලගේ ඇස් වල කඳුලු පිරිලා.. දුක.. බය තරහ…ලැජ්ජාව ඔක්කොටම වැඩිය… වටපිට බලලා එහෙමම ආපහු හැරිලා  කෙල්ල බෑග් එකත්  අරගෙන  කවුන්ටරය ලඟට ගියා

 

ගගුල්  ඒ හිනාවෙන්ම කොන්ඩෙ අතින් පීරලා හදාගෙන සරනෙ  දිහා බැලුවා .

 

සරනෙ  තත්පරයට ගඟුල් ලඟට ආවා.. සරනෙ දන්නවා කොල්ලගෙ ඉගිය

 

සරනෙ  මට ඒකි ඕනේ ..ෆලෝ කරනවා

 

ඒත්  බොස්

 

උඹට ඕනෙ මගෙන් මැරුම් කන්නද

 

සරනෙ තත්පරේට  වාශ්ප උනා.. මිනිස්සු තවම  බලාගෙන ඉන්නේ

 

ඇයි මෙතන ටැමිල්  ෆිල්ම් එකක් ද යන්නෙ..  තමුසෙලාට වෙන වැඩ නැද්ද..

 

තමන් පහර දීපු ගැන්සියේ කොල්ලව ඒ පාර බිම ඉඳලා නැගිට්ටුවාගෙන  ගගුල් ඒ කරට අත දා ගත්තා

 

තැන්කියු මල්ලි

 

කොල්ලගෙ  ඇස් එළියට පනින්න තරම් පුදුමයෙන් මහත් වෙලා ..

 

මොකද්ද  මේ උනු  පෙරළිය..ඒ කොල්ලා අර කෙල්ලට පින් දුන්නා ..නැත්නම්  හෙට උදේට දත් නැතුව බත් කන හැටි කොල්ලගෙ  ඔළුවේ මැවී පෙනුණා

 

🌹🌹🌹

 

බොස් ඩීටේල්  හම්බුනා

 

ගගුල් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා

 

මොකක්ද නම

 

ඒක තමා කොල්ලගෙ පලවෙනි ප්‍රශ්නේ

 

නිදුලි ආකර්ෂා

 

එයා වගේම නමත් ආකර්ෂණීයයි..

 

වයස

 

දහනවයයි

 

නරකම නෑ

 

මොකද කරන්නේ

 

මියුසික් තමා කරන්නේ ..ගෙදරින් කැමති නෑලු ජොබ් කරනවට.. ඒ නිසා ආසාවට ගෙදරට පොඩි ලමයි ගෙන්නගෙන මියුසික් උගන්වනවා

 

නියමයිනෙ

 

ඉන්න තැන

 

ඒවා හරි බොස්.

 

එලියට එන වෙලාවක්  බලලා මට මැසේජ් එකක් දෙනවා…උඹලා කවුරුවත්  කෙල්ලට අත තියන්න බෑ..මං එනව..

 

හරි බොස්..ඒත් අව්ලක් තියෙනවා ..

 

සරනෙ  ඔලුව කැහැවෙ මේක කියන්නෙ කොහොමද  කියලා හිත හිත..කෝකටත් සරනෙ ටිකක් ඈත් වුනේ බොස්ගෙන් කනේ පාරක් කන්න වෙයි කියලා බයේ

 

ගගුල්ගෙ තියුණු ඇස් සරනෙ දිහාට යොමු උනා..කොල්ලා අහන්න අක්මැතිම වචනයක් තමා ඒ..

 

මොකද්ද

 

බොස්..මේක කියලත් බෑ..නොකියත්  බෑ..

 

මොකද  උඹ කෙකර  ගාන්නෙ සරනෙ…අවුල් තියෙනවා නම් ලිහන්න දන් නැද්ද..

 

බො..බොස්…ඒ මිස්

 

ඉතිං..

 

ගගුල් අඩියක් ඉස්සරහට  ආවා..

 

ඒ මිස් කසාද  බැදලා…

 

මොකක්..

 

ඒත් සරනෙ හිතපු තරම් කොල්ලා අප්සෙට් ගියෙ නෑ..

 

ඉතිං උඹට මොකද …

 

බොස්..

 

ඒකිගෙ  හස්බන්ඩ්  ඉවරයක් කරනවා..ලමයි ඉන්නවා නම් අරං ආවට කමක් නෑ..

 

සරනෙ ගෙ ඇස් නලලෙ

..

ලොක්කා කවදාවත්  මෙහෙම කියලා නෑ..

 

බොස්…හස්බන්ඩ්  රට..ලමයි නෑ..

 

එහෙනම්  සිම්පල්  නෙ ඕයි…තමුසෙ  මොකද  ඔය හැටි වැලලෙන්න හදන්නෙ.

 

නෑ මොකුත් නෑ බොස්..

 

ගගුල් පුටුව උඩින් එක කකුලක් තියලා වැලමිට දණහිසේ තියාගෙන නිකටෙ අත ගහ ගත්තා..

 

නෑ නෑ කියනවා..ඔය හිතේ තියෙන දේ..

 

ඒ මිස්ලා හොද වැදගත්  පවුලක්…මිසුත් වැදගත් …

 

උඹට දුකද.. මේ සරනයා..උඹ මට කියලා ගොක් කොල බලාගන්න යන්නෙ ඔය..

 

සොරි බොස්..මං යන්නම්..

 

සරනෙ වාෂ්ප  උනා..

 

ගගුල් පුටු වෙ ඉදගෙන හේත්තු වෙලා ඇස් පියා ගත්තා..

 

නිදුලි… නිදුලි  ආකර්ශා..

 

නම වගේම ඔයත් ආකර්ෂණීය යි කෙල්ලෙ…මට පිස්සු වගේ…ඔයාව මට හුරුයි නිදුලි…මං ඔයාව දන්නවා ..කවුද ඔයා…ඔය ඇස්…

ඒවා මගේමයි…

 

ගගුල් අත් දෙකින්ම කොන්ඩෙ ඇද ගත්තා…ඒක උමතුවක්…උන්මාදයක්..එක පාරටම මේ හිතට මොකද උනේ..

 

🌹🌹🌹🌹

 

නිදුලි ගෙදරින් එලියට බැස්සෙ

තනූගෙ ගෙදර  යන්න..ඒ ගමන්ම ගගුල්ට සරනෙගෙ මැසේජ් එක ලැබුනා..ගගුල් ජිප් එකකෙන් පාලු පාර හරස් කලා..නිදුලි ස්කූටරේ නැවැත්තුවා ..

 

ගගුල් ජිප් එකට හේත්තු වෙලා බලං හිටියා.

කොල්ලා නිල් ඩෙනිමට දුඹුරු පාට ටී ෂ්රට් එකක් ඇදලා.ගගුල් දැක්ක පාර නිදුලි  බ්‍රේක්  ගැහැවෙ විශ්මයෙන් විසල් වුණු දෙනෙතින්..

කොල්ලගෙ කට කොනට ආවෙ දුර්ලභ ගනයේ හිනාවක්.

 

කොල්ලා ඉනේ තිබ්බ ගන් එක අරගෙන නිදුලි දිහා බලාගෙනම උණ්ඩ පිරෙව්වෙ නිදුලිව ගිඩි ගිඩි ගාලා ගැහෙද්දි.

 

නිල් ඩෙනිමට දම් පාට ටීෂර්ට් එකක් ඇදගෙන හිටිය කෙල්ල හෙල්මට් එකත් ගලවන ගමන් ස්කූටරෙන් බැස්සෙ උදාවෙන්න යන අවිනිශ්චිත මොහොත ගැන හිත හිත.

 

ගගුල් අඩියට දෙකට කෙල්ල ළගට ඇවිත් ගන් එක කෙල්ලෙගෙ ඔලුවෙන් තිබ්බා.

 

සද්ද නැතුව යමු මැණිකෙ. නිකම් බොරුවට දගලලා ගගුල්ව මිනීමරුවෙක් නොකර.

 

නිදුලිට කතා කරගන්නවත් බෑ..ඒ තරම් බයවෙලා.ගගුල් එහෙමම කෙල්ලව හරහට වඩාගෙන කම්මුලක් සිපගත්තෙ සරනෙ ඇස් වහගද්දි.

 

කොල්ලා නිදුලිවත් අරගෙනම ජිප් එකේ පිටිපස්සට ගොඩ වුණු ගමන් සරනෙ ඉගිලුනා.

ගගුල්ට අවට ලෝකෙ ගැන මෙලොව දෙයක් දැනෙන් නෑ.. කොල්ලා නිදුලි දිහා එක දිගට බලාගෙන භාවනා කරනවා.

 

ගගුල්ගෙ ගන් එක තවමත් නිදුලිගෙ උරහිසකට හේත්තු කරලා නිසා නිදුලි මීක් සද්දයක් නෑ.ඇත්තටම කෙල්ල හිතුවෙ මේ දකින්නෙ නපුරු හීනයක් කියලා.

 

ඒ විදිහට තමා නිදුලි ගගුල්ගෙ ග්‍රහණයට හසුවුණේ.

 

🌹🌹🌹🌹🌹

 

ගගුල් නිදුලිව බලන්න ආවෙ රෑ වෙලා..අඩලා අඩලා හෙම්බත්  උනු කෙල්ලට  ඒ වෙලාවෙ හොදටම නින්ද  ගිහින්…

 

ගගුල් සෑහෙන වෙලාවක් එක දිගට නිදුලි දිහා බලං හිටියා..ගගුල්ට හිතා ගන්න බෑ මේ හිතට වෙන දේ. ලෝකෙම  අමතකයි… ඇත්තටම  කෙල්ලගෙ මහලොකු ලස්සනකුත් නෑ..ඒත් අමුතුම සුන්දර ත්වයක් ආකර්ෂණීය  ඇස් දෙකක් තිබ්බා..

 

ගගුල් වශී වෙලා වගේ හෙමීට කෙල්ල දිහාට ලං වෙලා..නලලත දෙතොල් තිබ්බා..

කොල්ලා එහෙම කළේ හිතේ ඇතිවුණු ගැඹුරු ආදරේ හින්දාමයි. ගගුල්ට හිතා ගන්න බෑ කවදාවත් දැනිලා නැති මේ හැගීම මොකද්ද කියලා. ගගුල් හිතන්නෙ ඒ තමා ආදරේ කියලා. ඒත් ඒක ඇත්තටම ආදරේද කියලා කොල්ලා දන්නෙ නෑ ඔහෙ කියෙව්වට .

 

නිදුලි ඇස් ඇරියෙ අමාරුවෙන්.. කදුලු නිසා ඇහි පිය එකට ඇලිලා වගේ.

නිදුලි එක පාරටම දැක්කෙ ගගුල්ගෙ කඩවසම් මූණ. ඒ ඇස් දිලිසෙනවා. නිදුලිට හිතන්නවත් නොදී ගගුල් ඒ දෙතොල් සිපගත්තෙ ක්ෂණිකව.

 

කොල්ලටත් හිතාගන්න බෑ ඇයි එහෙම කළේ කියලා.

 

අහ්..

 

නිදුලි තල්ලු කරන්න හැදුවට කොල්ලව හොලවන්නවත් බෑ..

 

ගගුල්ම ඈත් වෙනකල් ඉන්න වුණා.

 

මං මැරෙනවා දන්නවද?මට මැරෙන්න ඕනෙ. තමුසෙගෙ අතින් විනාශ වෙනවට වඩා මැරෙන එක සැපයි.

 

ගගුල්ගෙ ඇස් රතු වුණේ කේන්තියට

 

🌹🌹🌹🌹🌹

 

ඊලග කොටසට

 

🌹🌹🌹

 

මේක ඔයාලා හිතන කතාව නොවෙන්න පුලුවන් ..ඉස්සරහට  බලමුකො

 

🌹🌹

දැන් අවුල තියෙන්නෙ ගගුල් තුහිනගෙ තැන ගනීද  කියන එක..😍😍😍

 

☠️කොපි කිරීම තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!