🌹අන්සතු රුවැත්තිය🌹- 02 කොටස

කසාද බැඳපු එකියක්ම උස්සගෙන ඇවිත් ගඟුල් මොකක්ද උඹ මේ නටන නාඩගම

 

රොනි මහත්තයා සාලය දෙදරන්න කෑ ගැහුවා

 

රොනි මහත්තයට ඒව දාල නෑ ..ඒ මගේ පෞද්ගලික ජීවිතේ

 

මැරයෙක් ට පෞද්ගලික ජීවිතයක් තියෙනවද මිනිහෝ

 

ඇයි මැරයෝ කියන්නේ මිනිස්සු කොට්ඨාසයක් නෙවෙයිද අපිට හැඟීම් දැනීම් නැද්ද

 

හරි උඹට කෙල්ලෙක් ඕනෙ නම් අරං ආවට ප්‍රශ්නයක් නෑ ..ඒත් මෙතන අවුල තියෙන්නෙ කසාද බැඳපු සමාජයෙ වැදගත් විදිහට ඉන්න කෙල්ලෙක්ව එක් කරගෙන ඇවිල්ල තියෙන එක

 

මං නිදුලිට ආදරෙයි

 

රොනී මහත්තයා හයියෙන් හිනාවුණා

 

ආදරෙයි.. ආදරය කියන වචනෙ වචනේ තේරුමවත් උඹ අඳුරනවද ගගුල්

 

ඔව් මං දන්නෑ තමයි . රොනි මහත්තයා මට ආදරේ දුන්නේ නෑනේ.. දුන්නෙ තුවක්කුව විතරයි

 

ගඟුල් කෑගහලා ගිගිරුවා

 

ගඟුල් උඹ මේ කරන්න හදන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.. ඔන්න මං කිව්වේ නෑ කියන්න හදන්න එපා

 

රොනී මහත්තයා තමන්ගේ තට්ට හිස පිරිමදිමින් ගඟුල් දිහා අවවාදාත්මක බැල්මක් හෙලුවා

 

මං ඒව සේරම බලා ගන්නම්

 

එතකොට අපේ බිස්නස් බලාගන්නේ කවුද

 

ඒවත් ඔක්කොම මං හැන්ඩ්ල් කරන්නම් රොනි මහත්තයා ඒවා ගැන කලබල වෙන්න ඕනේ නෑ ..ඒත් මට සති දෙකක් නිවාඩුවක් ඕනේ

 

මොකක්.. උඹට පිස්සුද ගඟුල් නිවාඩු

 

රොනි මහත්තයාගේ ඇස් උඩ ගියා. මැරයෙක් නිවාඩු ඉල්ලනවා කිව්වම

 

මට ඕනෙමයි සති දෙකක් නිවාඩු ඕනෙමයි

 

ගඟුල් කිව්වේ බොහොම හිතුවක්කාර විදිහට

 

ඒ මොකටද

උඹට හනිමුන් යන්න ද

 

ගඟුල් රොනී මහත්තයා දිහාට හෙලුවෙ යක්ෂ බැල්මක් .ඒ බැලමට රොනි මහත්තයත් හෙල්ලිලා ගියා

 

මම ඒ කෙල්ලට ආදරෙයි ..ඒ කෙල්ලට වරදක් කරන්න මගේ හිතේ නැහැ

 

එතකොට ඒකිව බලෙන් කිඩ්නැප් කරගෙන ඇවිල්ල ඔහොම හිරකරගෙන ඉන්න එක වරදක් නෙවෙයි ද. දැනටමත් ඒ පවුලේ අය පොලිසියට කියලා ඇති

 

ගඟුල්ගෙ කටකොනේ මතුවුණේ සරදම් හිනාවක්

 

මේ ගගුල් කවද්ද රොනී මහත්තයා පොලිසියට අහුවෙන්නේ වැඩක් කලේ.. මේකත් ඒ විදිහම තමයි

 

රොනි මහත්තයා ටිකක් කල්පනා කළා. ගඟුල් තරහ කරගෙන බෑ ..ගඟුල් තමයි රොනි මහත්තයගෙ දකුණු අත

 

හරි උඹට නිවාඩු ඕනේ නම් සති දෙකක් නෙවෙයි සති තුනක් ම නිවාඩු ගනීන්.. හැබැයි ඊට කලින් බාර දුන්නේ වැඩ ටික ඉවර කරල ඉන්න ඕනේ. මොකද කියන්නේ

 

ගඟුල් භාරගත්ත වැඩක් අත හරින්නේ නැහැ.. ඒක ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ

 

එහෙනම් අපි කැපුනා

 

සරනේ

 

බොස්

 

සෙට් එක රෙඩිද

 

ඔව් බොස්

 

ඒත් අද කසුන් ආවෙ නෑ බොස්

 

ඒ මොකද

 

දන්නෙ නැහැ උගේ ෆෝන් එකත් වැඩ නෑ

 

හරි මං ඌ ගැන බලා ගන්නම් ඌ දන්නෙ නැද්ද  අපේ රූල්ස්

 

ගඟුල් සරනෙ එක්ක රොනි මහත්තයාගේ ගෙදරින් පිට වුණා

 

ගගුල්  ජිප් එකට නැගලා ඇස් පියා ගත්තා.. සරනෙ ඩ්‍රයිව් කරනවා

 

නිදුලි

 

ගඟුල් ගේ මුළු ජීවිතේම කට කණ කණපිට හැර උනේ වුණේ ඒ ඇස් වල බැල්මට.

 

එකම එක මොහොතක් ඇති මුළු ජීවිතේම වෙනස් කරන්න.. ගගුල්ටත් වුණේ ඒක

 

ගඟුල් එදා ෆුඩ් සිටියේ උඩු මහලේ දී  තමන්ගෙම ගැන්සිය කොල්ලෙක්ට ගැහැවා.. ඒ ගඟුල් කියපු දෙයක් නාහපු නිසා.. ගගුල් තුන්වෙනි පාර අත උස්සද්දි ඒ අතේ එල්ලුණ කෙනා දිහා ගඟුල බැලුවේ ගිණි පිටවෙන ඇස් වලින්

 

ඒත් ..

 

ඒ ඇස් දකිද්දී මොහොතකට ගඟුල්ට මුළු ලෝකෙම අමතක උනා

 

ඔව්

 

ඒ තමා  නිදුලි

 

ෆුඩ් සිටියේ බඩු ගන්න ගමන් හිටපු නිදුලි ගඟුල් මිනිහෙක්ට ගහන හැටි දැක්කා.

 

මිනිස්සුත් බය වෙලා බලාගෙන හිටියට කවුරුවත් ඒකට අත පොවන්න ගියේ නැත්තේ ඒක පාතාලෙ දෙයක් කියලා දැනුන නිසා.. ඒත් නිදුලිට එහෙම කට පියාගෙන ඉන්න බැරි වුණා

 

තමුන් ලොකු චණ්ඩියෙක් ද.. ප්‍රශ්නයක් තියෙනවනම් පොලිසියෙන් විසඳගන්න බැරිද

 

නිදුලි කියපුවා කොල්ලගෙ ඔලුවට ගියෙ නෑ…

 

ඒ ඇස්

නිදුලිගෙ දීප්තිමත් ඇස්

 

ගඟුල්ට දැනුනේ දැනුනේ තමන්ව කරකලා අතඇරියා වගේ .කොහෙද ඒ අතරමං උනේ

 

දන්නෙම නැතිව ගඟුල් ගේ අත පාතට වැටුණා

🌹🌹🌹🌹

ඊලග කොටසට

 

🌹🌹🌹🌹

අදහසක් කියාගෙන යන්න යාලුවනේ..ලස්සනයි  විතරක්  නොකියා..එතකොට ලියන්න කම්මැලි නෑ

 

💙

හැමදාම  කතාව දාන්න නම් බැරි වෙයි..මේක ගොඩක් දිග් කරන්නෙත් නෑ..බලමුකො

 

💙💙💙

☠️කතෲ අයිතිය සුරකින්න☠️ ..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!