කසාද බැඳපු ගෑණියෙක් උස්සන් එන්න තමුසෙට පිස්සුද මනුස්සයෝ
නිදුලි ඇහුවෙ බයෙන් වෙව්ලා පිටිපස්සට යන ගමන්
මං මැරයෙක්,පාහරයෙක් තමයි ..ඒත් මං තමුසෙට ආදරෙයි
ගඟුල් ගිගිරුවා..ඒ සද්දෙ හෝල් එකෙන් එළියෙ හිටපු ගඟුල්ගෙ ගෝලයින්ටත් ඇහුනා.. කට්ටියම තුෂ්ණිම්භූත වෙලා
ආදරේ.. ආදරේ.. ඒ වචනෙ වචනේ තේරුමවත් දන්නවද තමුසේ වගේ තුට්ටු දෙකේ මැරයෙක්
නිදුලි අතට අහු වුනු ලී පුටුව උස්සලා ගඟුල් දිහාට දමලා ගැහුවා ..ගඟුල් එහාට පැනලා ඒ පහරින් බේරුනා
උඹ ගානට වැඩියි නිදුලි.. මගේ ඉවසීමේ සීමාවක් තියෙනවා .
කොල්ලා පුටුව අහුලගෙන තරහින් පොලේ ගැහැවෙ නිදුලි පිටින් කේන්තිය යවන්න බැරි නිසා .මොකද නිදුලිට සීරීමක්වත් වෙනවට කොල්ලා කැමති නෑ..
අනේ මං අහිංසකයි.. මට යන්න දෙන්න..
ගගුල් එක්ක වාද කරන්න බැරුව නිදුලි බිම ඉදගෙන දෝතින් මූණ වසාගෙන අඬන්න අඩන්න පටන් ගත්තා
ගඟුල් හෙමිහිට කෙල්ල ලඟට ඇවිත් බිමට නැවුණා..
නිදුලිගේ අත්දෙක ඈත්කරල තුරුළු කරගෙන නළල සිපගත්තේ පුදුම තරම් ආදරෙන්..කවදාවත් මේ හිතට මෙහෙම දැනිලා නෑ..
නිදුලි බයෙන් ගැහෙනවා…කොල්ලාගෙ හැඩි දැඩි ශරීරෙත් එක්ක ඔට්ටු වෙන්න කෙල්ලට බෑ..
නිදුලිගෙ පිරුණු කම්මුල් වල ගගුල් දෙතොල් තිබ්බා..
අනේ එපා මං වදින්නම්.. මගේ මහත්තයා ආවම මාව මරලා දායි ..
කොල්ලා නිහඬව කෙස් ගස් අතරින් ඇඟිලි යවලා හෙමීට ඒ හිස පිරි මැද්දා
මහත්තයා දැන්ම එන් නෑනේ.. අවුරුදු දෙකකට රට ගිහින් තියෙන්නෙ
කොල්ලා හිමිහිට මිමිනුවා
මේක වැරැද්දක් මං මැරෙනවා
නිදුලි කෑ ගැහුවේ දුඹුරු පාට ටී ෂර්ට් එකේ එල්ලිලා ..
ගඟුල්ට යකා නැග්ගා
මොකද්ද කිව්වේ මැරෙනවා.. උඹ හිතන්නේ මම බලාගෙන ඉදියි කියලද..මිනිහට වත් වෙන කාටවත් ලං වෙන්න දෙන්නෙ නෑ මං.. මේ ගඟුල් කවුද කියලා නොදැන ඔය කතා කරන්නේ
ගඟුල්
නිදුලි ගැස්සිලා ගියා..එහෙම නමක් කවද හරි කොතන හරි අහල තිබ්බ නිසා.. ඒත් හරියටම මතක් වෙන්නේ නෑ
අහගන්නවා මං ආදරෙයි.. ඒ නිසා තමුසේ කැමැත්තෙන් මට ලං වෙනකල් මං කරදරයක් කරන්නේ නෑ..දෙන දේ කාලා කාලා වෙන දේ බලාගෙන පාඩුවේ ඉන්නවා.. මං ඉන්න
තැනක් ලෑස්ති කරලා එක්කගෙන යනකල් මෙහෙ ඉන්නවා ..අතන රූම් එකේ ඉන්න පුළුවන්
මොනවද මේ කියන්නේ මට බෑ ඉන්න
නිදුලි බෙරිහන් දුන්නේ කඳුළු බේරගෙන
මං එක පාරයි දෙයක් කියන්නේ.. ඒක අර එළියෙ ඉන්න එවුන්ට වගේම තමුසෙටත් අදාලයි
ගගුල් නිදුලිව අත ඇරලා දොර දිහාට ගියා
ආ තව එකක්.. හැබැයි මට ඔය ඔරවන මූණ දකිද්දී ඉඹින්නෙ නැතුව නම් ඉන්න බෑ ..
කොල්ලා කට කොනින් හිනාවෙවී කිව්වා. ගඟුල් හෝල් එකෙන් එළියට බැස්සේ රොනී මහත්තයගෙන් මැසේජ් එකක් ලැබුණු නිසා
🌹🌹🌹🌹
ඊලග කොටසට
🌹🌹🌹🌹
මේ කතාව ගැන මොනවා හරි කියන්න..ලියන්නද දිගටම
💜️💜️💜️💜️💜️