මොනවද උයන්නෙ..
එළවලු බතක් හදන්නම්..
සන්ජනා හාල් හෝදමින් පිළිතුරු බදින්නීය..උදෑසන කෑම වේල මග හැරී ඇත..වරුසාව තුරල් වී ඇත..නිවැසියන් තවමත් පැමිණ නැත
දෙන්න එළවලු ටික සෝදලා මං කපලා දෙන්නම්..
මලින්දගේ මුහුණ එළිය වැටී ඇත.ඔහු සැබවින්ම ආදරණීය සැමියෙකි.
මට පුළුවන්..
මං දන්නවා..පුළුවන් කියලා ..දෙන්නකො..
ඔහු එළවලු කපන අයුරු ඇය පැත්තක සිට බලාසිටින්නීය.
ආව් ආව්..අපෙ අයියට වෙච්චි දෙයක්.
තුසාරා පැමිණ ඇත.අම්මා ද ලොකු නැන්දා ද මුළුතැන්ගෙට ඇතුලු වුණි..
මොකද ලොකු පුතා මේ..
හරි අපූරුයි..මයෙ කොල්ලගෙන් වැඩ ගන්න හැටි
අයියෝ ලොකු නැන්දා කෑ ගහන්න එපා..මං උදව් කළා උයන්න එච්චරයි..
මලින්ද ඉස්සර විය.
අපෙ අයියා උයන්නත් දන්නවද අම්මා
තුසාරා සන්ජනාට ඉගි කරමින් අසයි..
ඒකනෙ දූ.. පුදුමයි ඒත් ඇත්තයි..
ජෝඩුවේ ආරවුල විසදී ඇත.දෙදෙනාගේම මුහුණු ඔප වැටී ඇත.අම්මා යමක් තේරුම් ගත් සෙයකි..
සන්ජනා දූ..ලොකු නැන්දට තේ එකක් හදන්නකො..
ලොකු නැන්දාගේ මුණ හරි නැත.ඇය ලොකු පුතාගෙන් වැඩ ගන්නවාට කැමති නැත.
~~~~~~®uwani Liyangolla~~~~~~
අමා….දැන් යන්න..
අසින්ත බිම වැටී තිබූ කමිසය ඇදගනිමින් කියයි..
මොකද එලවන්නෙ..
ඔහුගේ කුලී කාමරය දැන් අමාට ආගන්තුක නොවේ..
දැන් මං යන්න ඕනෙ අමා.. රෙහන්සා මැඩම් එයි ..අද ගමනක් තියෙනවා කීවා..
මට සල්ලි ටිකක් ඕනෙ අසින්ත..
කොහෙ තියෙන සල්ලිද අමා..
මං ඔයාට පහුගිය ටිකේ දුන්න ඒවාගෙ සල්ලි ..
හරි හරි දෙන්නම්.
නරා වලෙන් ගොඩ ඒමක් නැත..
අසින්ත..රෙහන්සා මැඩම් එකකත් ඔයා මෙහෙම තැන් තැන් වල යනවද?
මොකද්ද?තමුසෙට පිස්සුද අමා..රෙහන්සා මැඩම් මගෙ බොස්..තමුසෙ හිතන්න එපා හැම කෙල්ලම තමුසෙ වගේ කියලා.
මේ අසින්ත..තමුසෙ මහ පුදුම මනුස්සයෙක්නෙ ..ඉස්සෙල්ලා කීවෙ මැණික සුදු අම්මි කියලා..දැන් කතා කරන කැත.
අමා ..පිස්සු නැතිව යනවා හලෝ දැන්….මේ හෙට එන්න එපා හරිද?
ඇයි
කීවනෙ එපා..
අමා ගියේ හිත හොදින් නොවේ..ඈ දැන් අසින්තට වශී වී ඇති සෙයකි.ඇගේ අදුරු දිවියට කවුරුන් හෝ අවශ්‍යය.අසින්ත වැනි කෙනෙකුගෙන් ඇගේ වැඩ වලට සහයෝගය ලබාගත හැක.පොලිසියෙන් කට්ටි පනිමින් සිටින ඇයට අසින්ත නිසා හොද ආරක්ෂාවක් ලැබේ..
🌹🌹🌹🌹🌹🌹
සිකුරාදා දිනය එළඹෙමින් පවතී..සන්ජනා ඒ දිනය උදාවෙනවාට අකමැතිය..හෙට දිනය තීරණාත්මකය..පසුගිය දින කිහිපයේම මලින්ද ඈ සමග ගත කලේ සතුටිනි.ඔහු පෙර සේම ආදරෙන් ඇය සමග කල් ගත කළ අයුරු සන්ජනා මිදුලේ බංකුව මත සිට සිහි කලේ වේදනාවෙනි.
සන්ජනා.. ඔයා වගේම ලස්සන මලක් වගේ දුවෙක් ඕනෙ මට..දෙනවා නේද?
ඊයේ රාත්‍රියේ ඈ තුරුළු කරගෙන ඔහු කියූ අයුරු ඇගේ සිහියට නැගේ..
කියන්න දෙනවා නේද?
ඔහු ඇගේ හිස සිඹී..
අනේ..මොනවද අහන්නෙ..
ඇයි..මං වැරදි දෙයක් ඇහැවෙ නෑ..මගේ වයිෆ්ගෙන් මං ප්‍රශ්නයක් ඇහැවෙ
සන්ජනා ඔහුගේ පපුවේ මූණ හංගා ගත්තේ ලැජ්ජාවෙනි.
ඔයාට වගේම ඔයා දෙන මගෙ පැටව්ටත් මං ආදරෙයි..අම්මාට මං කීවා ඔයාට මොකුත් කියන්න එපා කියලා..ආයෙ ඔයාගෙ හිත රිද්දුවොත් අපි මේ ගෙදරින් යනවා කීවා..
අනේ..ඇයි මලින්ද ඔයා මං හින්දා අම්මලා එක්ක රණ්ඩු කරන්නේ..
මං දන් නෑ සන්ජනා..මට ඔයා ගැන දැනෙන්නෙ පුදුම ආදරයක්..ඔයාගෙ හිත රිද්දන්න මං කැමති නෑ..
ඈ ඔහුගේ බාහුවක් පහුරු ගායි.
සන්ජනාගේ සිතිවිලි දැහැන බිද වැටුණි..ඈ ඉදිරියේ නතර කලේ රෙහන්සාගේ කාරයයි.
සන්ජනා බිය වුණේ අසින්ත යලි පැමිණි බව සිතායි..එහෙත් පැමිණියේ රෙහන්සා පමණි.
සන්ජනා..ඔයා මෙතනම ඉන්න එක හොදයි..මං ආවෙ අසින්තගෙ පණිවිඩේකට
රෙහන්සා අනාරාධිතවම සන්ජනා අසල අසුන් ගත්තීය.
සන්ජනා හොදටම බිය වී ඇත
සන්ජනා දුෂාන් මට ඔක්කොම කීවා..ඇත්තටම ඊයෙ කීවෙ. එයා ඔයාගෙ අසින්ත කියලා..සන්ජනා ඔයා හෙට එයා එක්ක යනවා නේද?
මො..මොනවද..පිස්සුද ඔයාට
සන්ජනා ඔයාට ඕනේ ඒ අහිංසකයා මැරෙනවා බලන්නද?
අනේ නෑ..
අහන්න සන්ජනා ඔයාට යන්නම වෙනවා..මලින්ද ගැන ඔයා දුක්වෙන්න එපා..මං එයා ගැන බලා ගන්නම්
ඔයා..
ඔව්.. ඇත්තටම මං මලින්දට ආදරෙයි සන්ජනා..මලින්දත් මට කැමතියි
මොකද්ද?පිස්සුද ඔයාට..
ඔයාට විශ්වාස නැහැනෙ..
ඔව් සන්ජනා..බොරු නෙවෙයි මේ බලන්න..මලින්ද එක්ක මගෙ සම්බන්ධෙ තිබුණෙ අද ඊයෙ නෙවෙයි..
රෙහන්සා සන්ජනාට පෙන්වූ ඡායාරූප දෙස සන්ජනා බලා සිටියේ විමතියෙනි.. එහි තිබ්බේ රෙහන්සා මලින්ද සමග තුරුලුව සිටින ඡායාරූපයි.මලින්ද රෙහන්සා සිපගන්නා සේයාරුවක්ද විය. සන්ජනාට එය විශ්වාස කරගත නොහැකි විය.
මලින්දගෙ ගෙදරින් මට අකමැති වුණූ නිසයි මේ සේරම ප්‍රශ්න..සන්ජනා..මලින්ද ඔයා ඉන්නකොට මට හොදින් නොසැලකුවාට ඇත්ත ඒක නෙවෙයි..ඔයා අසින්ත එක්ක ගියාම මලින්දගෙ ගෙදර අය මට කැමති වෙයි සන්ජනා..මලින්දත් මාත් එක්ක සතුටින් ඉදියි..ඔයා නොගියොත් අර අහිංසකයා මැරෙයි..පව් සන්ජනා..තමන්ගෙ ආදරෙ එහෙම විනාස වෙනවට ඔයා කැමතිද?
රෙහන්සා ඇති තරම් ඈ හිතට විෂ පොවන්නීය.ඇගේ කූට උපක්‍රම යොදවා සාදාගත් ඡායාරූප සත්‍ය බව ඇය සන්ජනාට ඒත්තු ගැන්වීය. මෙලොව හැටි ඇති තතු නොදන්නී සන්ජනා..ඒ බස් අසා මුලා වී අතරමං වී ඇත.
රෙහන්සා සුළගක් සේ නොපෙනී ගියාය.සන්ජනා තවමත් අතරමංවය..සැලසුම සාර්ථක කරගත යුතුමය..රෙහන්සා අන්තිම තුරුම්පුවද ඉලක්කය බලා දමා ගැසුවාය.
🌹🌹🌹🌹🌹
මැඩම්..
අසින්ත වැඩේ ගොඩ ඔන්න..මන් අසින්තට ලේසි කළා..
ඒත් මැඩම් ඇත්තටම මං සන්ජනා එක්ක රට යනවද?
ඔව් අසින්ත..ඒත් දැන්ම නෙවෙයි..ඔයා හෙට රෑ සන්ජනා එක්ක ඇනෙක්ස් එකේ ඉන්න.. පාස්පෝට් හදාගන්න ඕනෙනෙ..ඔයාගෙ ඒවා රෙඩි වුණාට සන්ජනාගෙ නෑනෙ..එතකල් ඔයාලා මෙහෙන් ටිකක් ඈතට ගිහින් ඉන්න. මං ඔක්කොම ලෑස්ති කරලා ඔයාලාව ගෙන්නන්නම්..
රෙහසන්සා නිවසේ සාලයේ අසුන්ගෙන සිය අණ නිකුත් කරයි.
කොහොමත් මට මෙහෙ ඉන්න බෑ මැඩම්..අමාගෙන් හරි කරදරයි
..රෙහන්සාගේ කට කොනක් ඇදවිණි..
අසින්තටද නැත්නම් අසින්තගෙන් අමාට හරි කරදරයිද?ආ..
අමා හිතුවක්කාරයි මැඩම්..සන්ජනා ගැන අමා දන්නෙ නෑ..
අසින්ත..අමා එක්ක යාළු වුණාට මට කමක් නෑ ඒත් සන්ජනා අසින්තගෙ වෙන්න ඕනෙ..
ඔව් මැඩම්..
අනික සන්ජනාට දැන්ම ඕවා දැනගන්න තියන්න එපා..
නෑ මැඩම්..හෙට සන්ජනා ආවම ඔක්කො හරි..මං එයාව මගේම කරගන්නවා..
අන්න හරි..මං ආයෙ අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නැහැනෙ..හැබැයි හොද සිහියෙන් ඉන්නවා අසින්ත.පිස්සු නටන්නෙ නැතුව..
හරි මැඩම්.
.රෙහන්සා අවශ්‍ය හැම උපදෙසක්ම ඔහුට දුනි..අසින්තගේ හිතේ ඇත්තේ බලාපොරොත්තු රාශියකි.එහෙත් හෙට දිනය අවිනිශ්චිතය.
🌹🌹🌹🌹🌹🌹🌹
සන්ජනා ඇයි ..මේ මොනවද කල්පනා කරන්නෙ..
කොණ්ඩය පීරීමට ගොස් කණ්ණාඩිය දෙස බලා සිටින සන්ජනාගෙන් මලින්ද විමසීය..ඔහු සෙමෙන් ඇගේ හිසකෙස් සිඹියි.
මෙතරම් ආදරණීය මලින්දව තමන් රවටන්නේ කෙසේද?සන්ජනා සිටියේ කළකිරීමෙනි.
මොකුත් නෑ..
යමු නිදාගන්න..
ඔහුගේ දෑසේ කතාව ඈ හදුනයි..ඒහෙත් මලින්දට නතු වීමට ඇයට දැන් කැමැත්තක් නැත.ඔහු තමන් මෙලෙස රවටාවි යැයි ඈ සිතුවේ නැත.
මගෙ ඔලුව රිදෙනවා මලින්ද
ඇයි..
දන් නෑ..
පැනඩෝල් එකක් බොමු
බීවා..
එහෙන්ම එන්න මං අතගාන්නම් නින්ද යනකල්..
ඔහු ඈ තුරුලට ගෙන හාන්සි කරවා හිස අතගායි..සන්ජනා කදුලු වළක්වාගෙන සිටියේ අසීරුවෙනි.ඔහුගෙන් වෙන්වීම..එය පහසු නොවේ..එහෙත් රෙහන්සා ඔහුට ආදරය කරයි..ඈ කියන්නේ තමන් නිසා ඔවුන් වෙන් වූ බවයි.අසින්ත හෙට මියයනු ඇත..සිතද්දීත් ඈ බියය.
🌹🌹🌹🌹🌹🌹
මලින්ද සූදානම් වෙයි..ඔහුගේ ටයි ගැටය සැකසූ ඇය ආයාසයෙන් එකතු කරගත් ධෛර්යයෙන් ඔහු ඇමතුවේ සිතේ හිර කරගෙන සිටින දේ කීමටයි
මලින්ද
ඇයි සන්ජනා..තවම ඔලුව රිදෙනවාද
නෑ..මේ…මට දෙයක් කියන්න තියෙනවා.
ඇයි පැටියො..ඔයාගෙ මූණත් අමුතු වෙලා..අපි බෙහෙත් ටිකක් ගන්න යමුද
එපා..මේ
අවාසනාව ඉස්සර විය..මලින්දගේ දුරකථනය නාද විිණි
ඔව් මිස්ටර් සිල්වා..කියන්න
සර් අද මීටින් එක..බොස් කියනවා දැන්ම පටංගමු කියලා..එයාට වෙන ගමනක් තියෙනාව කියලා..
ඔහ් ගෝඩ්..මං ඉක්මණට එන්නම්
ඔහු දුරකථනය සාක්කුවට දමා ගත්තේය
සන්ජනා ඇවිත් කතා කරමු..බොස් එන්නලු.
ඇගේ කම්මුලක් සිපගත් මලින්ද පහලට බැස්සේය..
ඒ ඔහුගේ අවසන් හාදුව බව ඈ දනී..
දිනය පුරා තෝන්තුවෙන් ගත කළ සන්ජනා සවස් යාමේ ඩෙනිමකට සුදුපැහැ බ්ල්වුසයක් ඇදගත්තීය.
දුව මේ කොහෙ යන්නද
මලින්ද කීවා දේවාලෙ යමු කියලා අම්මා..මං ගිහින් එන්නම්..එයා මගට එයි..
සන්ජනා පිටවන අයුරු විශාකා බලා සිටියේ පුදුමයෙනි..ඇගේ ස්වරූපය අමුතුය.
අනේ මට සමාවෙන්න අම්මා..සමාවෙන්න මලින්ද..මට හිතාගන්න බෑ..මං යනවා..අසින්ත ළගට ගියාට මට සතුටින් ඉන්න බැරිවෙයි..ඒත් මලින්ද රෙහන්සාට කැමති නම්..
විශාකා මලින්දව ඇමතුවේ සිතට ඇතිවූ සැකයටයි..
පුතා..
අම්මා..
මේ ඔයාලා යන්නෙ මොන දේවාලෙටද පුතා..
මොකද්ද අම්මා
මං ඇහැවෙ සන්ජනා කීවෙ දේවාලෙ යනවා කියලා..දැන් ගියානෙ..
මලින්ද තුෂ්ණිම්භූත විය.
අහ්..ඔව් අම්මා..අ… කන්දෙ එකට
මෙවරද මලින්ද ඈ බේරාගත්තේ අම්මාගේ සිත රිදවීමට නොහැකි නිසාය.
සන්ජනා..මොනවද තමුසෙ කරන්නේ.දෙයියනේ ඇයි මට මෙහෙම ගින්දර දෙන්නේ..
මලින්ද හිසකේ ඇදගත්තේ ඔලුව විකාර වූ බැවිනි..
©රුවනි ලියන්ගොල්ල©