රෙහන්සා..ඒ මගේ වයිෆ්..කවුරුවත් මගෙ වයිෆ් ගැන කරදර වෙන්න ඕනෙ නෑ..
බලමු මලින්ද..ඔයා හොදටම දන්නවා මං ඔයාට ආදරේ බව.දවසක ඔයාට මාව ඕන වේවි..
නෙවර්.
ෂුවර්
හන්ඩ්‍රඩ් පසන්ට්.
රෙහන්සා ගස්සමින් පිටවී යන අයුරු මලින්ද බලා සිටියේ කෝපයෙනි..ඇය දුෂාන් රැගෙන නාවා නම් මෙවැනි විපතක් නැත.විටෙක මලින්දට රෙහන්සා ගැන සැක සිතේ..එහෙත් ඈ කියන්නේ සත්‍යයක්ද?කුමක් වුවද සන්ජනා සසල බව ඔහු දනී..ඇගේ මියැදුනු ප්‍රේමයේ නටඹුන් මත්තේම ඇය නැහේ..
උදෑසන ඈ නිදා සිටි අයුරු ඔහුට මැවී පෙනෙන්නට විය..ඈව සිපගන්නට බල කරන හිත නවතාගෙන ඔහු නිවසින් පිටවුණත් ඈ ඉල්ලා ඔහු සිත හඩා වැටේ..
මලින්ද වෙනස් වී ඇත..සවස නිවසට පැමිණි මලින්ද නාගෙන වෙනත් ඇදුමක් ඇදගන්නා අයුරු සන්ජනා බලා සිටියේ වේදනාවෙනි..ඔහු නිකමට හෝ ඇය දෙස බැලුවේවත් නැත..
මලින්ද..ඔයා කොහෙද යන්නෙ..
එහෙත් ඔහු නිහඩය.සන්ජනා යටිතොල හපාගෙන බිම බලාසිටින අයුරු කණ්ණාඩියෙන් පෙනනුද මලින්ද ඈ පිළිබද සැළකීමක් කලේ නැත.
එදින රාත්‍රියද පෙර සේම විය..මලින්ද පැමිණියේ වෙරි මතිනි..
කිරි පුතා ඇයි දරුවො මේ..
පෙර දින තරම් ඔහුට වෙරි නැත..ඔහු සාලයේ අසුන් ගත්තේ ආච්චී කතා කල බැවිනි..සන්ජනා ඉහළ මාලයේ සිට අසාගෙන සිටී..
ඇයි ආච්චි..කිරිපුතා දැන් ඉන්නෙ සතුටින්..
ඇයි මගේ පුතා මේ..
ආච්චිගෙ කිරිපුතාට පොඩි පාටියක් සෙට් වුණා..ඒකයි..අද විතරයි ආච්චි..මං යනවා උඩට මයි වයිෆ් බලං ඇති.
.. සන්ජනා වහා කාමරය තුලට දිව ගියාය..ඔහු පැමිණ ටීෂර්ට් එක ගලවා ඇද මත සිටි ඈ අසලට ළං වුණේය..සන්ජනා දහවල් කෑවේද නැත.රාත්‍රියට කෑවේද නැත..දැන් පෙර මෙන් ඔහු ඒ පිළිබද සොයන්නේ නැත
මොකද මැඩම්..අද ගියෙ නැද්ද ප්‍රේමවන්තයා මීට වෙන්න..ආ..
මලින්ද අනේ ඇයි මෙහෙම කරන්නෙ..
තමුසෙගෙ සතුට ඌනෙ.මගෙ අහිසංක ආදරේ තමුසෙට පිළිගන්න බැරිවුණා.මාව රිජෙක්ට් කළා..
අනේ නෑ මලින්ද කෑගහන්න එපා..
සන්ජනා මලින්දගේ බාහුවක් අල්ලා ගත්තීය
මට අප්පිරියයි අත අරිනවා..ඔහු යහනේ අනෙක් පසට හැරී නිදන්නට වූයේ සන්ජනා මහත් වේදනාවට පත්කරවමිනි.
වෙනදා ඔහුගෙන් ලැබෙන සිපගැනම්..මිහිරි වදන්..තමන් සියල්ල අහිමි කරගෙන ඇත.ඔහුගේ විශ්වාසය බිද දමා ඇත..තමන් නරක බිරිදක් බව..ඔහු සිතයි..තමන්ගේ නිවැරදි බව ඔප්පු කල හැක්කේ කෙසේද? එකම ක්‍රමයකිනි..එහෙත් තවදුරටත් ඔහු සමග මෙම නිවසේ ජීවත්විය නොහැකි බව සන්ජනාට වැටහේ.
අම්මා තමන් දෙස බලන්නේ වෛරයෙනි. උදෑසනද ඈ ආච්චී සමග සන්ජනාට දොස් තබනු ඇයට හොදින් ඇසුණි..තමන් ඇගේ පුතුව විනාශ කර ඇත.මලින්දද වෙනස් වී ඇත..දැන් අසින්ත වෙත යනවා හැරෙන්නට තමන්ට විකල්පයක් නැත.තමන් නොපැමිණියහොත් අසින්ත මියෙන බව කියා ඇත.එහෙත් ඔහු කීවේ තමන් කුමන තත්වයක පසුවුවද බාරගන්නා බවයි..සන්ජනාගෙ ඔළුව විකාර වී ඇත.
~~~~~~~®uwani Liyangolla~~~~~~
සන්ජනා කවුලුවෙන් එපිට ඇදහැලෙන වර්ෂාව දෙස බලාගෙන සිටී..උදෑසනම නිවැසියන් නෑදෑ ගෙදරක පිටව ගොස් ඇත..මලින්දට අද නිවාඩුය..ඔහු අවදිව නාන කාමරයට ගොස් ඇත.. සන්ජනා ඇහැරියේ ද දැන්ය.මලින්දගේ වෙනස්වීම දරාගැන්මටත් අපහුසය..
මලින්ද නාන කාමරයෙන් පිටතට එන හඩ ඇසුණි..සන්ජනා තේ කෝප්පය මේසය මත තබා ඇත.මලින්ද නිහඩව එය අතට ගද්දී සන්ජනා නාන කාමරයට වැදුනි.
ඇය කණ්ණාඩියෙන් පෙනෙන තම රුව දෙස බැලීය..තමන් මලක් මෙන් බව සුසුනිදු බව මලින්ද වරින් වර කියා ඇත.දැන් ඈ තීරණයක් ගෙන ඇත..තවදුරටත් මලින්ද සමග සිටිය නොහැක.ඔහු තමන් නොතකයි.එලෙසම තමන් නිසා ඔහුගේ ජීවිතය අගාධයට වැටෙමින් පවතී.
.මේ බැදීම තමන්ට සේම ඔහුටද වදයකි..මේ බැදීමෙන් සමුගත යුතුය.ඔහු උපරිමේටම වෙනස් වී ඇත.එහෙත් ඔහුගේ සිතේ තමන් ගැන තිබෙන වැරදි වැටහීම දුරු කළ යුතුය.තමන් පිරිසිදු යුවතියක් බව ඔප්පු කළ යුතුය..එලෙසම මෙතෙක් කල් තමන් ඔහුට නොදුන් සතුට දිය යුතුය. නොබෝ දිනකින් අසින්ත වෙත යායුතිය..නැත්නම් ඔහු මිය යුනු ඇත.තමන්ට එය දරාගත නොහැකි වේදනාවකි.
අහස ගිගිරුම් දෙයි.. ඇදහැලෙන වර්ෂාව දෙස මලින්ද බලා සිටියේය.. සියල්ල මායාවකි..මේ ප්‍රේමයද එසේය..ඔහු සිටියේ මහත් වේදනාවකිනි..සන්ජනාට රිද්දුවද මලින්ද ඈට වඩා දහස් ගුණයකින් වේදනා විදිමින් සිටී..නිවැසියන්ද ඈට දැන් සළකන්නේ හොද හිතින් නොවන බව ඔහුට වැටහී ඇත.
තම නිරුවත් පිටට එක්වරම දැනුනු උණුසුම නිසා මලින්ද අත තිබූ තේ කෝප්පය පසෙකින් තැබුවේය..ඔහු ජනේලයට අත තැබුවේය.
ඇගේ සිනිදු දෙතොල් ඔහුගේ පිට පුරා යයි..ඈ ප්‍රතික්ෂේප කළ යුතුයි..එහෙත් මලින්ද නිහඩව බලා සිටී. ඈ ජනේලයේ රැදි තුසර බිදු අතර සුරතේ දබර ඇගිල්ල යවා අකුරු අදී
සන්ජනා මලින්ද
හදවතක් තුල ඒ අකුරු ඈ කොටු කළාය.
මලින්ද ඒ දෙස බලා සිටී.
ඇගේ සිනිදු අතගැලි පපුව පුරා දිව යයි..කිසිදින ඇගෙන් නොලැබෙන අනුබලයක් ලැබෙද්දී මලින්ද සෙමෙන් ඈ දෙසට හැරුණි..දිය නා රෝස පැහැ තුවායකින් සැරසී සිටින ඈ දෙස මලින්ද බලා සිටියේ පුදුමයෙනි..ඈ මීට පෙර මෙසේ ඔහු දැක නැත. කොටින්ම මලින්ද සිටින වේලාවට සන්ජනා ඇදුම් මාරු කරන්නේද නාන කාමරය තුලදීය.
ඈ ඔහුට ළංවී ඔහුගේ පපුව මත දෙතොල් තබයි..
සන්ජනා..මොකද මේ..
එහෙත් ඈ නිහඩව ඔහුගේ ගෙල මත දොතොල් තබයි.නොදැනුවත්වම මලින්දගේ සුරතද ඇගේ උරහිස් පිරිමදී
සන්ජනා ඔහුගේ දෑස දෙස බලා සිටී.මලින්ද සෙමෙන් ඇගේ සිනිදු දෙතොල් පිරිමදී..
අකුණු සැර විහිදේ..මේඝ වලාවෝ හැප්පී ගිගිරුම් දෙති..එහෙත් දෙදෙනාටම ඒවා නෑසෙන ගාණය.ආකාශය අද වියරු වැටී ඇත. ඇගේ දිගැටි ඇස් ,ඔහුට කතා කරයි. මලින්දට තවත් බලා සිටිය නොහැකි විය..ඔහුට සියල්ල අමතක විය..ඇගේ දෙතොලට බරවූ ඔහුට අනුබල දෙමින් ඈ ඔහුගේ හිසකේ අතර දෑත් යවයි.ගෙල පුරා.. සිය උරහිස් පුරා යන ඔහුගේ වියරු සුසුම් සන්ජනාගේ ගත දවයි. වරුෂාව තවත් වැඩිවන ලකුණු පෙනේ..
සන්ජනා මං ආදරෙයි..
සිත වටකොට බැදි කෝපයේ බැමි කඩා බිද දමමින් ඔහු මුමුණයි..
මාත්..
සන්ජනාටද ඉබේම කියැවුණේ ඇයද ඔහුගේ පහසින් මත්වී සිටි හෙයිනි..මලින්ද මිහිරි සිහිනයක අතරමං වන හැඩය.මේ ඔහු දැක්මට බලා සිටි සිහිනයකි..සිය සුකොමල බිරිද ඔහුට අවනතව ඇත.
වරුසාවේ අඩුවක් නොමැත..පරිසරයේ සීතල ඇයට දැනෙන්නේ නැත..සුදු ඇතිරිල්ල මත වූ ඇගේ දෑත ඔහු සිය ශක්තිමත් දෑත් වලට මැදි කරගත්තේය.
ඇගේ නෙතගින් ගිලිහුණු කදුලකින් සුදු පැහැ කොට්ටය මත සළකුනක් තැබුණි.
🌹🌹🌹🌹🌹🌹
වරුෂාව අඩුවී පැයක්ද ගත වී ඇත..
මලින්ද ඈ සිර කරගෙන හිස සිඹී..ඔහුට ඈ ගැන දැනෙන්නේ විසල් ආදරයකි..ඇයට දොස් නැගුවාට ඔහුට දැන් දුකය..
සන්ජනා..කතා කරන්නකො.ඇයි අඩන්නේ..ම්ම්..
නිකම්..
සොරි පැටියො..මං ඔයාව සැක කළා..ඔයා පිරිසිදු මලක්.
අසින්ත මගෙ අතකින් වත් අල්ලලා නෑ මලින්ද..මං කවදාවත් ඒකට ඉඩ දුන්නෑ..මං කීවෙ බැන්දට පස්සේ ඒ හැමදේම දෙනවා කියලා..ඔයා මට බැන්නට මං එදා ගියේ එයාට මේවා තේරුම් කරන්න..ඔයාට නොකියා ගියපු එක වැරදියි.මං කොහෙවත් ගියෙ නෑ එයා එක්ක.
මලින්ද ඇගේ සුරත ගෙන ඒ අතැගිලි සිපගනී..
දැන් ඒවා මතක් කරන්න එපා..අපෙ සතුට නැති කරගන්න ඕනෙ නෑ..හරිද?
සන්ජනා දෑස පියාගත්තීය.ඔහුගෙන් යලිත් ආදරය ලැබෙනු ඇත..එහෙත් අසින්ත මියයනු ඇත.මේ කතාව මලින්දට කියන්නේ කෙසේද?ඇයට වැටහෙන්නේ නැත.දැන් ඒ ගැන කියා ඔහුව යලි අමනාප කරගත නොහැක. සිටින දින කිහිපය ඔහු හා සතුටින් ගත කළ යුතුය.
මලින්ද යළිත් සෙමෙන් ඈ සිපගනී. ඇගේ පහසින් ඔහු උමතු වැටී ඇති සෙයකි.මේ ඔහුගේ අයිතියයි..
ඉතින් මලින්දව යළි නතර කළ නොහැක. තමන් නොමැතිව මලින්දට කුමක් වනු ඇතිද?ඔහු දැඩි ලෙස තමා හා බැදී සිටී..දැන් සන්ජනා දෙලොවක අතරමං වී ඇත.
නුහුරු පහසක
දැවටිලා මම…
මහද මත් කර
සනසලා ඔබ..
එහෙත් අදුරුය
හෙට දිනය අප..
කියන් හිමියනි
කුමක් කරමිද…
සසල පතිනිය
මා නුඹේ..
©රුවනි ලියන්ගොල්ල©
☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️