සසල පතිනී🌹-17 කොටස

උඹ අද ගියෙ කොහෙද සන්ජනා..

මලින්ද රුදුරු වී ඇත.එහෙත් ඔහු නිකමට වත් සන්ජනාට අත තැබුවේ නැත.

ම..මං..

රෙහන්සාගෙ ඩ්‍රයිවර් එක්ක උඹට තියෙන සම්බන්ධෙ මොකද්ද?උඹ මාව කන්න ආපු එකියක් සන්ජනා..උඹට ලැජ්ජා නැද්ද ඩ්‍රයිවර් කෙනෙක් එක්ක..ෂිට්..උඹ..මහ..

ඔහු දත්මිටි කයි..

අ..අනේ..නෑ

නෑ..නෑ.. උඹ ඌත් එක්ක මුකුළු කරනවා ඇස් දෙකින්ම ෆොටෝ වලින් දැක්ක මටද උඹ බොරු කියන්නෙ..උඹට ඒවා පෙන්නන්නද..ආ..දවස් දෙකක් ගෙදරට ආපු එකෙක් එක්ක උඹ..මට නම් කියන්නත් බෑ ඕයි..ලැජ්ජයි..ලැජ්ජයි..

අනේ ..ඒ අසින්ත

මොකක්?

මලින්ද සැබවින්ම පුදුම වුණි..

අනේ මලින්ද..ඇත්තමයි කියන්නෙ මං..අසින්තට හැමදේම තේරුම් කරලා දෙන්න මං ගියේ.. එයාට ආයෙ මෙහෙ එන්න එපා කියන්න

උඹ බොරු කියන්නෙ සන්ජනා..එහෙනම් උඹට තිබුණා මට කියන්න ඒ ගැන..ඌ මීට කලින් දෙපාරක් මෙහෙ ආවා..උඹ මට කීවෙ නෑ..

ම..මට බය හිතුණා..

බය..නෑ උඹෙ කපටිකම..උඹ දවල් වරුමට ඌ එක්ක කොහෙද හිටියෙ සන්ජනා..දන්නවද මට තියෙන කේන්තිය..ඒත් උඹට අත තිබ්බොත් මගෙ අතින් උඹ මැරෙනවා..උඹ මට කරන්නෙ පුදුම ලැජ්ජාවක්..මගෙ පවුලෙ අය නිසයි මං මේ ඉවසගෙන ඉන්නෙ..උඹ මගෙ විශ්වාසෙ බින්දා…මං හිතුවෙ උඹෙ මෝඩකම බොළද කම කියලා..නෑ..උඹෙ කපටි කම..අද ඉදන් මං උඹ ගැන බලන්නෙ නෑ..හැබැයි උඹට මගෙන් වෙන් වෙන්නත් බෑ..අනික..මට උඹව අප්පිරියයි..උඹ අද ඌත් එක්ක ගියෙ..

නෑ..නෑ..මං එහෙම ගියෙ නෑ..

උඹ ගියා සන්ජනා..ඒකයි උඹ මට උඹට ළං වෙන්න නොදෙන්නෙ..මට ?ඕනෙත් නෑ..මට පිළිකුල්..

මලින්ද තදින් හිස බදාගත්තේ මේ නැගඑන කෝපය පාලනය කර ගැනීමටයි..ඔහුට දැනෙන්නේ අන්ත අසරණ හැගීමකි..සිය මලක් වන් ප්‍රිය බිරිද තවකෙකු සමග…ඔහුට එය විශ්වාස කිරීමටත් අපහසු සෙයකි..එහෙත් ඈ තම විශ්වාසය බිද දමා ඇත.

මලින්ද වේගයෙන් කාමරයෙන් පිටවන අයුරු  සන්ජනා බලාසිටියේ ශෝකයෙනි..සන්ජනා සිතුවේ ඔහු තමන්ට පහරදෙනු ඇති බවයි..එහෙත් මලින්ද අත මිට මොළවාගෙන කේන්තිය පාලනය කරගෙන සිටියේය..

~~~~~~~®uwani  Liyangolla~~~~~~

රෑ දොළහා කනිසම වැදේ..එහෙත් මලින්ද නිවසට පැමිණ නැත.නිවසේ සියල්ලන් අවදිව සිටී..මලින්ද කෙදිනකවත් මෙසේ  කර නැත..ඔහු සවස පැමිණ ඒ ඇදුමෙන්ම ආපසු ගිය බව පමණක් සියල්ලන් දනී..සිදුවූ දෙයක් සන්ජනා හැර කිසිවකු නොදනී..

කවදාවත් වුණු දේවල්ද මේ..පුතාගෙ ෆෝන් එකත් වැඩ නෑ..

සන්ජනා බිම බලාගෙනම උන්නීය.තුසර පැමිණ ඇත.ඔහු තුසාරා හා වාදයකය..

ධනපති පන්තිය විනිස් පීඩිත පන්ති පීඩනයට ලක්කරනවා.අපි මේවට විරුද්ධව නැගී සිටින්න ඕනෙ

අපි අරගල කරන්නෙ මානව සංහතිය වෙනුවෙන්

පවුල් ඇතුලෙ තියෙන අරගල වගේම පිටතත් අරගල තියෙනවා

තුසර වරින් වර කියනු ඇසේ..එහෙත් සන්ජනාට ඒ කිසිවක් වැටහෙන්නේ නැත..තුසාරාට නම් ඒවා හොද විහිළුය..ඈ තවත් එක එක ඒවා කියා ඔහු අවුස්සයි.

වාහනයක ශබ්දයක් ඇසුණි.මලින්දගේ කාරය පැමිණ ඇත..එහෙත් අවාසනාවකට මලින්ද කෙසේ පැමිණියාදැයි සිතාගත නොහැක.

දෙයියනේ පුතා..මොකද මේ..මගෙ කොල්ලට මොකද මේ වුණේ..කවදාවත් මෙහෙම වෙලා තියෙනවද?

විශාකා විලාප තියයි..

මලින්ද බීමතිනි..ඔහුට හරි හමන් සිහියක් නැත.

අම්මා කෑ ගහන්න එපා..

තුසර පැමිණ මලින්ද වත්තම් කරගත්තේ සන්ජනා පුදුමයෙන් බලා සිටියදීය..

අනේ මගේ දරුවට කසාදෙකින් පස්සෙ පාත් වුණූ හෙණයක්..කොහොම හිටය කොල්ලද?හවස මෙනවටදෝ කෑගහනවත් ඇහුණා..අර ලොකු අක්කා කියන්නෙ ඇත්ත.පුදුම අපලයක් මේක.

ඈ අම්මාය..ඈ දරු දුකට කියවන්නීය..ලොකු අක්කාගේ කියුමන් ඈව වේදනාවට පත් කර ඇත.ඔහු කිසිදින අකීකරු පුතෙකු වී නැත.ඔහු මෙලෙස දකින්නේ මුල් වරටය..ඉතින් විශාකා දුක් නොවී කෙසේද?

අම්මා කෑගහන්න එපා..අර ආච්චියි සීයයි දැන් නේද නිදන්න ගියෙ

ඔව්..ඔව්..අපි උදේට කතා කරමු..දැන් නෝනෙ යන්න නිදාගන්න..තුසර පුතා අයියව කාමරේට ඇරලවන්න..

තාත්තා අණ දුනි.

සන්ජනා පසුපසින් ගමන් කළාය..

අක්කා..දෙහි ගෙඩියක් අතුල්ලන්න කකුලෙ ..සපත්තු ගලවලා..

ස..සන්…ජනා…

මලින්ද කියවයි..

අක්කා අඩන්න එපා..අපේ අම්මා ඔය දුකට කියවන්නෙ..තියෙන ප්‍රශ්නයක් කතා කරලා විසදගන්න.

තුසර ගිය පසු සන්ජනා මලින්ද අසලට පැමිණියාය..ඇගේ දෑසින් නොනවත්වා කදුලු වැගිරේ..

ඈ ඔහුගේ ටයි ගැටය බුරුල් කළාය..

ස..න්..ජනා….උ..ඹ..ඌ ..එ…..ක්ක…ගියා නේද?….ම..ට අප්පි….රි….යයි..අහකට යනවා..

‍වෙරි මර ගාතේ වුවද ඔහු සන්ජනාව ප්‍රතික්ෂේප කරයි..

මලින්ද..

ම..ට..එප්…පා..

මලින්ද අනෙක්  පසට හැරී නිදන්නට විය..

සන්ජනාට මුළුරෑම නින්දක් නොවිණි..ඔහුගේ උණුසුම නැතිව තමන්ට දැන් නින්ද යන්නේ නැත..ඔහුට ළංවීමට දැන් ඈ බියය..ඔහු කෝපගෙන කෑ ගැසුවොත් සිදුවන්නේ ලැජ්ජාවකි.සියල්ල තමන් නිසාය..ඊයේ රාත්‍රියේ ඔහුව ගණනකට නොගෙන  ඈ පොතක් කියවමින් සිටියාය. එහෙත් ඈ ඇදට පැමිණි විගස නින්දේ සිටි මලින්ද අවදිව ඈ තුරුළු කරගත්තේය..අද….ඔහුගේ සිපුමක් නැතිව..ඔහුගේ උණුසුම නැතිව රැය පහන් කිරීම තමන්ට මෙතරම් දුෂ්කර වන්නේ ඇයි?

අම්මාගේ වදන් විෂ කටු මෙනි..හෙට දිනය උදානොවෙනාව නම් සන්ජනා කැමතිය.ලොවට මුහුණ දෙන්නේ කෙසේද?රාත්‍රී අන්ධකාරය සේම ඈ සිතද අද අදුරුව ඇත.

උදෑසන ඈ අවදි වන විටත් මලින්ද පිටවී ගොසිනි. පාන්දර යාමයේ නින්ද ගිය නිසා සන්ජනාට ඇහුරුණේ නැත..ඇය දහවල වනතුරුම සිටියේ කාමරයේය..ඈ ගැන සොයන්නට කිසිවෙකු පැමිණියේ නැත..සියලු  දෙනා ඇයට දොස් තබන සෙයකි..

~~~~®uwani  Liyangolla~~~~~~

මලින්ද  හායි..කොහොමද?

රෙහන්සා කුණාටුවක් සේ නැවත පෙනී සිටී..මලින්ද සිටියේ සිය විධායක පුටුවට බරවී දෑස පියාගනෙය..උදෑසන අම්මා තාත්තා ප්‍රශ්න කරළ අයුරු ඔහු සිහිපත් කලේ වේදනාවෙනි.

පුතා..මොකද්ද මේ සිද්ද වෙන්නෙ.කවදාවත් ගෙදර සිද්ද ුවණු දේවල්ද‍

ඇයි තාත්තා.

මොකද්ද ඊයේ සිද්ද වුණේ

තාත්තා..මේ…යාළුවෙක්ගෙ පාර්ටි එකක් තිබ්බා.

මීට කලිනුත් පාර්ටි තිබ්බානෙ පුතා.ඒත් ඊයෙ.

.

සොරි තාත්තා..මට ටිකක් වැඩිවුණා..

ටිකක් ඒ ටිකක්ද ආ..ඇයි පුතේ ගින්දර දෙන්නේ අපෙ හිත් වලට..මග එනකොට අනතුරක් වුණා නම් මොන දෙයියන්ද අපි කියන්නේ..

ඒ විශාකාය..

හරි හරි අම්මෙ.මට වෙලා යනවා

ඔවුන් මග ඇර ආවද මලින්ද සිටියේ කළකිරීමෙනි. දෙමව්පියන්ටද දුක් ගින්දර දීමට සිදුව ඇත.. සන්ජනා රැගෙන වෙන නිවසක පදිංචියට යා යුතුය..නැතිනම් තමන් හා ඇය ගෙවන මේ අදුරු දිවිය තවදුරටත් රහසක් කරගැන්මට නොහැකි වනු ඇත. තිබෙන ප්‍රශ්න  මදිවාට දැන් රෙහන්සාද පැමිණ ඇත.

ආ..මිස් රෙහන්සා ..වාඩි වෙන්න..

කියන්නටත් පෙර රෙහන්සා අසුන්ගෙන ඇත.

ඉතිං මලින්ද  ප්‍රොෙජක්ට් එක සක්සස් නේද?

ඔවි..මිස් රෙහන්සා ගොඩක් මහන්සි වෙලා තියෙනවා මං නැති අඩුව පුරවන්න

ඔයා වෙනුවෙන් මං ඔන් දෙයක් කරන්වා මලින්ද..මොකද මලින්ද මූණත් අමුතු වෙලා..ඔයා මොකක්හරි අප්සෙටි එකකද ඉන්නෙ..

රෙහන්සා දෑස කුඩා කරයි..

අහ්..නෑ..මොකුත් නෑ..ඒක නෙවෙයි මිස් රෙහන්සා තනියමද ආවෙ..

මං..

මං ඇහැවෙ ඩ්‍රයිවර් නැද්ද?

අහ් නෑ..අද දුෂාන් නිවාඩු දැම්මා..ඊයෙත් නිවාඩු..මං වෙන කෙනෙක් ගන්න ඉන්නෙ..මිනිහා ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයි..

ඒ මොකද.

්‍අනේ මන්දා

දුෂාන්ව ගත්තෙ කොහොමද මිස් රෙහන්සා.. ඇඩ් එකක් දාලද?

නෑ..ඩැඩී ජොබ් එකක් හොයන් ආවම පව් කියලා දීලා.

එහෙමද

මලින්ද මොකද දුෂාන් ගැන ඔයහැටි අහන්නෙ..

න්..නෑ නිකමට ඇහැවෙ.

ඉතිං සන්ජනාට කොහොමද..සනීපෙන් ඉන්නවද

මලින්දගේ වෙනස රෙහන්සා නිරීක්ෂණය කලේ සතුටිනි..

ඔව්..

මලින්ද අද හවස අපි මීට් වෙමුද?

ඒ මොකටද?

්‍නිකම් අනේ ක්ලබ් යමු..

මිස් රෙහන්සා දන්නවනෙ මං ඕවට කැමති නැති බව

මලින්ද..ඔයා මාව හැමදාම මග අරිනවා..වෙන කොල්ලෙක් නම් ..මං බොස්ගෙ දුව

ඉතිං..

මලින්ද ප්ලීස්

මිස් රෙහන්සා මං දැන් බැදපු මිනිහෙක්..මට දෙන්න තියෙන්නෙ එදා දුන්නු උත්තරේමයි.

සන්ජනා ඒ තරම්ම හිතට වැදිලා එහෙමද

මිස් රෙහන්සා තමුන් සීමාවෙ හිටියොත් හොදයි.

සන්ජනා හැමදාම සීමාවෙ ඉදියිද?

©රුවනි ලියන්ගොල්ල©

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️

සසල පතිනී🌹

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!