සන්ජනා
අසින්තගේ හඩින් ඈ පෙරට ගත් පය නවතා ගත්තීය.
සන්ජනා කවදා වෙනකල් දුවනවද?කවදා වෙනකල් මග අරිනවද මාව?
අසින්ත ඈ අසලටම පැමිණ ඇත.ඈ බියෙන් වටපිට බැලුවේ කවුරුන් හෝ දුටුවහොත් කුමක් සිදුවේදැයි සිතාගත නොහැකි වූ බැවිනි
සන්ජනා..මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ..ප්ලීස්..හෙට ටවුන් හෝල් එක ළගට එනවද?
අ..අසින්ත..
ඔව් මං අසින්ත තමා..ඔයා මෙච්චර ඉක්මණට මාව අමතක කලේ කොහොමද සන්ජනා..අපේ ආදරේට මොකද වුණේ..ඔයා මට පොරොන්දු වුණා..ඔයා මට ආදරේ කලේ බොරුවටද සන්ජනා..
අ..අනේ නෑ..අසින්ත..මං බොරුවක් කලේ නෑ..
එහෙන්ම ඇයි මේ වෙනස් වෙලා..
මං වෙනස් වෙලා නෑ අසින්ත..ඒත් ..දැන් මං මැරි කරලා..
ඉතිං..මට ඒක ප්රශ්නයක් නෙවේ සන්ජනා..
මොනවද ඔයා කියවන්නෙ අසින්ත..ඔයා කැමති වුණේ නෑ මාව මැරි කරන්න.
ඔව්..එතකොට මට ජීවත් වෙන්න ක්රමයක් තිබුණෙ නෑ සන්ජනා..ඒත් මට දැන් ජොබ් එකක් තියෙනවා..ඔයාව බලාගන්න මට පුළුවන්..සන්ජනා යමු මා එක්ක.
පි..පිස්සුද අසින්ත
මන් දන්නවා ඔයා ඉන්නෙ මෙහෙ සතුටින් නෙවෙයි කියලා..
ඔයා යන්න අසින්ත
මාව පිස්සෙක් කරන්නද ඕනෙ..ඔයා දන්නවා මට ඔයා නැතිව ඉන්න බෑ කියලා..දන්නවද මං කොච්චර දුක් වුණාද කියලා ඔයා බැන්ද බව ආරංචි වුණාම..මගෙ සුදු මැණික මාව දාලා ගියා කියලා මං කොච්චර දුක් වුණාද..මගෙ යාළුවෙන්ගෙන් අහන්න මං හිටපු හැටි.
අනේ එපා.. අසින්ත ඕවා කියන්න එපා
සන්ජනාගේ දෑස කදුලින් පිරී ඇත.
මං ඔයාව හොයාගෙන ආවෙ ආදරේ නිසා සන්ජනා..මට නින්ද යන්නෙ නෑ රෑට..ඔයාට මාව මතක් වෙන්නෙම නැද්ද
සන්ජනා වේගයෙන් හුසම ගනී..ඈට ඉවසුම් නොදේ..සන්ජනා ගෙතුලට දිව ගියේ කරකියා ගැන්මට දෙයක් නොමැතිවය.
හෙට උදේ දහයට මං බලං ඉන්නවා.
ඔහු කියනු ඇයට හොදින් ඇසුණි.එහෙත් ඈ ආපසු හැරුණේ නැත.
සන්ජනා..මේ කොහෙද දුවන්නෙ..
ඒ රෙහන්සාය..ඈ සැටියට බරවී තුසාරා සමග බර කතාවකය.
ම..මං තේ හදන්න කියලා..
දුෂාන් තේ ඉල්ලුවද සන්ජනා..
දුෂාන් කවුද අක්කා..
ඒ තුසාරාය.
මගෙ ඩ්රයිවර් නංගා..අනේ හරි හොද බෝයි..ඒත් හරි දුකින් ඉන්නෙ හැම වෙලේම
ඇයි ඒ..
සන්ජනා තුෂ්ණිම්භූතව අසා සිටී..තුසාරා ප්රශ්න කරයි
එයාගෙ ගර්ල් වෙන බෝයි කෙනෙක්ව මැරි කරලලු..හැම වෙලේම කිය කිය දුක් වෙනවා..පව් අනේ.. ඒක නම් මාර ලව් එකක්.කවදාවත් එයා වෙන කෙනෙක් මැරි කරන්නෙත් නැහැලු.ජීවිත කාලෙම තනිකඩව ඉන්නවලු
හරි පව් ඒ බෝයි.
කිසිවක් නොදන්නා තුසාරා හූමිටි තියයි..
මගෙ ඔලුව රිදෙනවා නංගි..මං රූම් එකට යනවා..දැන් මලින්දත් එයි..
සන්ජනා පඩිපෙල නගිනු දුටු රෙහන්සාගෙ කට කොනේ මතුවූයේ උපහාසාත්මක සිනහවකි..
ඒ සමගම මලින්දගේ කාරය ගෙවත්තට ඇතුලු වුණි..
තාත්තා සමග මලින්ද පැමිණ ඇත
කවුද පුතා අර ඉන්නෙ
කාර් එක නම් මිස් රෙහන්සාගෙ තාත්තෙ..ඒ ඩ්රයිවර් වෙන්න ඇති
එදත් ආවා නේද
හ්ම්..අදත් මොකද දන්නෑ..මළ ඇණයක් තාත්තෙ ..බොස්ගෙ දුව නිසා මොකුත් කියන්නත් බෑ..බැහැලා බලමුකො..
මලින්ද රියෙන් බැස ඉදිරියට පැමිණියේය..අසින්ත මලින්දව මුල් වරට දුටුවේ අදය.මේ මලින්ද බව ඔහුට හැගුණි..අසින්තගේ සිත ඊර්ෂ්යාවෙන් බරවුණේ ඔහුගේ අපූරු පෞරුෂයටය..ඒ තේජසටය.
. සැබවින්ම ඔහුගේ අසලකටවත් තමන්ට කිට්ටු කළ නොහැකි බව ඔහුට හැගුනි. සන්ජනා වික්ෂිප්තව සිටින්නේ ඇයි දැයි ඔහුට දැන් වැටහේ..
ගුඩ් ඊවිනින් සර්..රෙහන්සා මැඩම් ආවා..
සියලු සිතිවිලි සගවා ගෙන අසින්ත ගරු සරු ඇතිව මලින්ද ඇමතුවේය.
මට කීවෙවත් නැහැනෙ..මොකද්ද නම කිව්වෙ.
මලින්ද ඇසුවේ බොහෝ සුහදශීලී ලෙසයි.
දුෂාන් සර්
දුෂාන්..යමු ඇතුලට තේ ටිකක් බොන්න.
අනේ ඒපා සර්..දැන් මැඩම් එයි..තව ගමනක් තියෙනවා කීවා.
මලින්ද සිනහවක් පා කර ගෙතුලට ගියේය.
~~~~~~®uwani Liyangolla~~~~~~
රෙහන්සා සමාජශාලාව තුලය..අසින්ත එළියට වී සිටියේ දුම්වැටියක් උරමිනි. රෙහන්සා මැඩම්ගේ ජීවිතය ගැන අසින්තට පුදුමය..ඈට කිසිවක් වගක් නැත..ඇගේ අරමුණ ඔහුට වැටහෙන්නේද නැත..තමාටද ඈ ඇතුලට අඩ ගැසුවත් අසින්තට යාමට සිත් නොදේ..වේලාව රාත්රි දහය පසුවී ඇත.
.සන්ජනා..ඈ ඔහුගේ තුරුලේ වන්නට ඇත..අසින්තගේ සිතට නැගුනේ විසල් කෝපයකි..සන්ජනා..ඈ සුකොමලය..ඇගේ සියුමැලි වත තමන් වරක් හෝ සිපගෙන නැත.ඈ ඉඩදුන්නේම නැත..එහෙත් අද ..මලින්ද..ඔහු ඈ අයිති කරගෙන ඇත..
ෂිට්..අපරාදෙ..මට තිබ්බෙ සන්ජනාව ළං කරගන්න..කොහෙහරි එක්ක යන්න..එහෙනම් මෙහෙම වෙන් නෑ .ඒත් එයා කියලා තියෙනවා එයාව කසාද බැදලාම එක්ක යන්න කියලා..මංමයි බෑ කීවෙ ..එයාගෙ කිසි වරදක් නෑ.
සැබවින්ම අසින්ත සිටියේ සන්ජනා ගැන මතකය සිතින් ඈත් කර දමමිනි..සන්ජනා විවාහ වී සතුටින් සිටිනු ඇතැයි සිතා ඔහු සිත හදාගෙන සිටියේය..නමුත් ඒ සාදාගෙන සිටි සිත අවුළුවා විසිරුවා දැම්මේ රෙහන්සායි..මෙය අසින්ත කිසිවිට අපේක්ෂා කල දෙයක් නොවේ..දැන් අසින්තටද මෙයින් ගැලවීමක් නැත. අසින්තගේ කල්පනා දැහැන බිද දමමින් රතු පැහැ කෙටි ගවුමක් ඇදි යුවතියක් අසින්තගේ ළගට විත් ඔහු වැළදගත්තේ අසින්ත පුදුමයට පත් කරවමිනි.
ප්ලීස් ස්දද කරන්න ඒපා.උන් යනකල් ඉන්න.
ඇය ඔහුගේ කනට කෙදිරුවේ අසින්ත වැළදගෙනමය.ඒ විගස ඈ ඔහුගේ පපුවේ මූන හංගාගත්තේ අසින්ත තුෂ්ණිම්භූත වද්දීය.
සුළු මොහොතකින් පිරිසක ඉවතට දිව යන හඩ ඇසුණි.
ඈ ඒ විගස හිස එසවීය.
ක..කවුද ඔයා ඇයි මේ
අසින්ත ඇසුවේ ඇගේ මුහුණ හොදින් බලමිනි.
තෑන්ක්ස්. මං අමා..උන් මාව ෆලෝ කරනවා..
ඇයි
මං ණයයි උන් ට
ඇයි..
අමා පෑවේ අමුතු සිනහවකි.
ඔයාටත් ඕනෙද?
මොනවද
අමා අසින්තට දිගු කලේ කුඩා පාර්සලයකි
මොනවද මේ..
මේවා නහයට තියලා අදින්න
කිසිවක් සිතා ගැන්මට නොහැකි තැන අසින්ත ඈ කී දේ කලේය.දැනෙන්නේ තමන් පාවෙන බවයි.
ෂෝක් නේ..ඔයා ළග සල්ලි තියෙනවද..තව දෙන්නම් මං..මේ මගෙ නම්බර් ඒක..කෝල් කරන්න
අමා හෙලුවේ ආරාධනාත්මක බැල්මකි.
රෙහන්සා අසින්තව ඇද දමා ඇත්තේ විෂඝෝර ලෝකයකටයි. මඩ ගොහොරුවකටයි..සැබවින්ම මුලින් ඔහු අහිංසකයෙකු විය..ඔහුගේ එකම වරද දුප්පත්කමත් දුම්වැටි ඉරීමත් පමණි.එහෙත් ඔහු දුම්වැටියට පුරුදු වුණේද සන්ජනාගේ වෙන්වීමෙන් අනතුරුවය. සන්ජනා ඔහුට පෙම් කලේ ඇත්තටම ඔහු හොද තරුණයෙකු වූ බැවිනි.එහෙත් දැන් දැන් අසින්ත නොමගට යන්නේ බරපතල ලෙස ජීවිතය අගාධයකට ඇද දමාගෙනය.
ලැබෙන පහසුකම් මිල මුදල් නිසා ඔහු අමුතුම ලෝකයක සිරවී ඇති සෙයකි. දුප්පතෙකු වූ සිටි ඔහුට අහසින් පාත් වුණාත් මෙන් එක්වරම ලැබුණු මේ ලෝකය බරවැඩිය..හොද නරක කියා දෙන්නට කෙනෙක් නැත. ඔහු නිවසට ද නොයන තරම්ය.
රෙහන්සා ඇගේ කපටි බුද්ධිය මෙහෙයවා අහිංසකයෙකු තිරිසනෙකු කරමින් පවතී.
🌹🌹🌹🌹🌹🌹
සන්ජනා නිදන්නෙ නැද්ද?
මලින්ද සන්ජනාට අඩ ගැසුවේ තුන්වෙනි පාරටය.ඇය නවකතාවක් කියවමින් සිටී.
තව ටිකයි.
එනවද නැද්ද
අනේ..ඔයා නිදන්නකො
මට නින්ද යන් නෑ..මට මහන්සියි
සන්ජනා ..එනවා මෙහෙට..
ඉතිං නිදාගන්න
සන්ජනා උත්සාහ කරන්නේ ඔහුව මග හැරීමටය. ඈ සිතින් ඉන්නේ ඇති තරම් බියවීය..අසින්ත ආ බව මලින්දට කීමට ඈට නොහැක..අසින්ත හෙට නගර ශාලාව අසලට එන්නට කී නමුත් එහි යන්නේ කෙසේදැයි ඇය දන්නේ නැත.. ඔහු ශෝකයෙන් කල කතාවට ඇගේ සිත දුක්බර වී ඇත.නවකතා පොතේ පිටු අතර රැදි අකුරු පේළි එකක්වත් ඇගේ මනසට ගියේ නැත.
මලින්ද එවර යහනේ අනෙක් පසට හැරුණි. රෙහන්සා පැමිණි විට සන්ජනා වෙනස් වේ..නැවත තම නිවසට නොඑන ලෙස ඇයට කීමට මලින්ද සිතාගත්තේය.ඈ නිසා සිය පවුල් ජීවිතය අවුල් වනු ඇත. සන්ජනා සමග නුවර එළි යාමට ඔහු සැලසුම් කලේ මේ පවතින දුරස්ථභාවය අඩු කරගැනීමටයි.
🌹🌹🌹🌹🌹🌹
තවදුරටත් මේ සෙල්ලම ගෙන යා නොහැක..සන්ජනා මිදුලේ සිමෙන්ති බංකුවේ අසුන් ගෙන දැඩි කල්පනාවකය..වරින් වර අසින්ත මෙහි යාමෙන් ඒමෙන් කුමන තත්වයකට මුහුණ දීමට සිදුවේ දැයි සන්ජනාට සිතා ගත නොහැක. ඈ අන්තිමේදී තීරණයක් ගත් සෙයකි.
රහසක්ය එය
ගිනිගනී ළය
සසල පතිනිය
මා නුඹේ
කියවන අය මාව ඇඩ් කර ගන්න
©රුවනි ලියන්ගොල්ල©
☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️
සසල පතිනී🌹