එදා මං මැරුණා නම් ඔයාට හොදයි නේද?
සන්ජනා ඔහු දෙස බැලුවේ විමතියෙනි…ඔහු ඒ ඇස් වලට එබී ඇගේ සිතිවිලි කියවීමට වෙර දරයි.
පි..පිස්සුද ඔයාට..මොනවද නපුරු කතා කියවන්නෙ..
ඔහු ඈතක දෑස රැන්දවීය. අහස්කුස අදුර වෙලාගන්නා සෙයකි.තාරකාවෝ පොළවට එබීමට මාන බලති.වවුලන් එකා දෙන්නා බැගින් උමතු නිශාචර සැරිසැරීම අරඹා ඇති සෙයකි.සිහිල් සුළං රැළි ඔහුගේ කමිසය විනිවිද ගතේ වැදීමට සැරසෙයි..
මලින්ද..ඔ..ඔයා ඇයි අර විදිහෙ සින්දුවක් කීවෙ..
ඇයි..සිංදුව කැතයිද?
නෑ. ලස්සනයි..ගොඩක් ලස්සනයි..
එහෙනම්..
මට නේද කීවේ..
කැමති විදිහට හිතාගන්න.
මලින්ද හෙමින් ඇගේ ගෙල වටා සුරත යවා ඈ තුරුළු කරගත්තේය.
අ..අනේ..කවුරු හරි එයි..
ම්හූ.අදුරුයිනේ ..පේන් නෑ..
අනේ..
එහෙත් ඔහු දඩබ්බරය..ඇගේ දෙකොපුල් වලට ඒ දෙතොල් පහස දැනේ..
සන්ජනා..කකුල හොද වුණාම නම් මං ඉවසන එකක් නෑ..
අනේ..
ඔයාට මං ගැන හැගීමක් ඇති වෙන්නෙම නැද්ද සන්ජනා..ආ…කියන්න මට..
සන්ජනා නිහඩය..දැන් දැන්..හිත ඔහුවම ඉල්ලන බව කියන්නට ඈට අවැසිය..ඔහුගේ පහස අවශ්‍ය බව කීමට අවැසිය..එහෙත් ඈ පසුවන්නේ ලැජ්ජාවෙනි.. සිය සිතුවිලි ඔහුට කියන්නට ඈ බියය..
ඈ සෙමින් ඔහුගේ ගෙල මත දෙතොල් තැබුවේ මලින්ද කිසිවිට අපේක්ෂා නොකල පරිද්දෙනි..ඒ සිනිදු දෙතොල් පහස මලින්ද විද ගත්තේ දෑස පියාගෙනය.
ස…න්ජ…නා..
ඈ ඔහුගෙන් මෑත් වී කෝල ලෙසින් ඉවත බලා සිටියාය..ඔහු ඉන් එහාට දෙයක් ඇසුවේ නැත. එහෙත් ඔහුගේ හදගැබ තුල බලාපොරොත්තුවේ ළහිරු කිරණ දැල්වුණි.
සන්ජනාගේ බාහුවක මදුරුවකු වසනු ඔහුගේ නෙතට හසුවිය..ඔහු වහා මදුරුවා ඉවත් කලේය
මදුරුවො කනවා සන්ජනා..යමු..
තව ටිකක් ඉමු..
යමු සන්ජනා
ඉමුකො..
නැවත ඇගේ සුපුරුදු මුරණ්ඩුකම මතු වන සෙයකි..
දැන් සැරයක් කීවා මම..
එවර මලින්ද සැර කළේය..ඈ සිත රිදිනි.ඈ නිහඩව නැගී සිටියාය.
~~~~~~~®uwani Liyangolla~~~~~~
සන්ජනා ඇදේ හාන්සි වී පොතක් කියවයි..මලින්ද මේසය අසල ඉදගෙන ලැප්ටොප් යන්ත්‍රය දෙස නෙත් යොමා සිටියේය..කාර්යාලයේ රාජකාරි බොහොමයකි..ලබන සදුදා සිට රාජකාරියට යා යුතු විය. දැන් ඔහුගේ පය සෑහෙන දුරට සනීපය.ඔන්ලයින් ක්‍රමයට මලින්ද දැන් නිවසේ සිට රාජකාරි කරයි..
අයියා..මිස් රෙහන්සා ඇවිත් ..
තුසාරා කාමරයට පිවිසියේ කෑ ගසාගෙනයි.. සන්ජනා වහා ඇදෙන් බැස්සේ රෙහන්සාද එක්වරම කාමරයට පැමිණි හෙයිනි.
මලින්ද සිටියේ කොට කලිසම පිටිනි..රෙහන්සාගේ දෑස කෙලින්ම රැදී තිබුණේ ඔහුගේ කඩවසම් සිරුර මතයි.
සන්ජනා..මගෙ ටී ෂර්ට් එක දෙන්න..
සන්ජනා වහා ඔහු අසලට දිව ආවාය.
මිස් රෙහන්සා..ඔහොම කඩාගෙන බිදගෙන රූම්ස් වලට එනවද? මැනස් දන් නැද්ද..අනික පොඩී..තමුසෙටත් මොළේ නැද්ද
තුසාරා මලින්දට ගස්සාගෙන එළියට ගියේ රෙහන්සාගේ පැමිණීම ඇයද අපේක්ෂා නොකල බැවිනි.ඈ සිය සොයුරා පිළිබද කැමැත්තෙන් පසුවූ බව තුසාරා දනී..ඇයද රෙහන්සාට කැමති නැත.
අයියෝ..ඉතිං ආවට මං මොකුත් දැක්කෙ නෑනෙ..නංගි තරහා වුණාද කොහෙද?
මලින්දගේ දෝෂාරෝපණය රෙහන්සාට අදාලම නැත..
රෙහන්සා වාඩි වෙන්න..
සන්ජනා පුටුවක් ළං කල නමුත් රෙහන්සා වාඩි වූයේ ඇද මතය..
අනේ සන්ජනා මලින්ද නැති නිසා අලුත් ප්‍රොජෙක්ට් එක බලන්න වුණේ මට..ඩැඩී මට ගැලවෙන්න දුන්නෙම නෑ ඒ නිසයි මට එන්න බැරිවුණේ..අමතක වෙලා නෙවෙයි..
ඒකට කමක් නෑ මිස් රෙහන්සා..අපි පහළට යමු..මොනවා හරි බීලා කතා කරමු..
මලින්ද කීවේ සන්ජනා දෙස බලමිනි.
අනේ..මට ඕනෙ නෑ මලින්ද..මං කාලා ආවෙ දැන්..
කමක් නෑ රෙහන්සා මං තේ ටිකක් හදන්නම්
මට එපා ..අනේ පුළුවන් නම් මගෙ ඩ්‍රයිවර් ඉන්නවා..මං හිතන්නේ කාලත් නැතුව ඇති..එයාට තේ එකක් දෙන්න සන්ජනා ප්ලීස්..
පහලට යමු මිස් රෙහන්සා..
ඕනෙ නෑ මලින්ද..ඔයාට අමාරුනෙ..මං මෙහෙම ඉන්නම්..සන්ජනා තරහා නැතුව තේ දීලා එන්නකො..ගෙට නම් එන එකක් නෑ..එළියෙ ඉන්නෙ.
සන්ජනා පිටව ගියේ මලින්ද දෙස නොබලමිනි..රෙහන්සා සමග මලින්ද කාමරයේ තනිකර යෑම ඇගේ සිතට මදිකමකි..ඈ ඉක්මණින් මුළුතැන්ගෙයට ගොස් තේ පිළියෙල කර තේ බන්දේසිය රැගෙන එළියට බැස්සාය….කාරය අසල පිටුපස හැරී කෙනෙකු සිටී..
මේ ඇහුණද..තේ බොන්න
ඒ හඩ..ඇගේ සොදුරු හඩ..
අසින්ත හැරුණි..
අහ්..
සන්ජනාගේ අතේ තිබුණු තේ බන්දේසිය සට සට ගා ගැහෙන්නට ගත්තේ කොයි වේලේ හෝ බිම වැටීමට සූදානම්වය..මේ ඈ කිසිවිට අපේක්ෂා කල දසුනක් නොවේ..
සන්ජනා…
අසින්තගේ හඩ දෙසවන් වලට ඇසෙද්දී සන්ජනා වේව්ලා ගියේ මෙය අදහාගත නොහැකිවයි..
සන්ජනා..ඔයා මෙහෙ..මෙහෙද ඉන්නේ…
ඒත් සන්ජනා නිහඩය..
ඇය කලබලෙන් තේ බන්දේසිය ඔහු වෙත දිගු කළාය.
අසින්ත කළු පැහැ දිගු කලිසමට සුදු පැහැ කමිසයක් ඇද සිටී..ඔහුගේ තිබූ රස්තියාදුකාර පෙනුම දැන් නැත.අසින්ත තේ කෝප්පය අතට ගත්තේය..
සන්ජනා ..ඇයි කතා නොකරන්නෙ
සන්ජනා වහා බන්දේසිය රැගෙන ගේ තුලට දිවගියාය.ඈ දිව ගියේ මුළුතැන්ගෙය වෙතයි..බන්දේසිය මේසය මත තැබූ සන්ජනා පපුවට දෑත තබාගෙන සන්සුන් වීමට වෙර දැරුවාය.මෙය කෙසේ සිදුවීද..රෙහන්සාගේ රියදුරු අසින්ත වූයේ කෙසේද? තමන් මේ තරම් බිය වී ඇත්තේ ඇයි..
සන්ජනා..සන්ජනා..
ඉහළ මාලයේ සිට මලින්ද කෑ ගසනු ඇසිණි..සන්ජනාගේ ප්‍රමාදය ඔහුට ඉසලනු බැරිය..රෙහන්සා රටේ නැති විකාර කියවයි..කවදත් මලින්ද ඈ සමග දෙඩීමට අකමැතිය..
සන්ජනා
මේ එනවා..
ඈ වහා පඩිපෙල නගින්නට වූවාය.
සන්ජනා..මොකද මෙච්චර වෙලා කලේ..
මලින්ද කෝප ගෙන ඇත..තුසාරාට තේ හදන්නට කියා ඇයට පැමිණීමට තිබුණි.රෙහන්සා සිය යහන මත හිද සිටීම මලින්දට රිස්සුවේම නැත.අනවශ්‍ය ලෙස ඇයට දොස් කීමටද නොහැකිය..ඈ සිය ප්‍රධානියාගේ දියණියයි.
ම..මං..
සන්ජනාගේ මුහුණෙහි වූ වෙනස රෙහන්සාට නම් ගෙනාවේ සතුටකි..
ඔයා දුෂාන්ට තේ එක දුන්නද සන්ජනා..
රෙහන්සා ඇයව අපහසුතාවයෙන් ගලවා ගත්තාය..
ක්..කවුද..දුෂාන්..
සන්ජනා වචන ගැලපුවේ අසීරුවෙනි
මගෙ ඩ්‍රයිවර් අනේ..
මිස් රෙහන්සා මොකද මේ ඩ්‍රයිවර් කෙනෙක් අරගෙන ..වෙනදට ඩ්‍රයිව් කරන්නෙ මිස් රෙහන්සාමයිනෙ..
මලින්ද ඇසුවේ අසන්නට වෙන දෙයක් ඔහුට නොතිබුණු බැවිනි.
අපේ ඩෑඩ්ගෙ වැඩනෙ මලින්ද..මං වෙලාවකට ක්ලබ් ගිහින් එනකොට රෑ වෙනවනෙ..දන් නැද්ද.. ඉතිං. මගෙ ආරක්ෂාවටත් එක්ක තමා ඩැඩී දුෂාන්ව අරං තියෙන්නෙ..
මොනවා ආරක්ෂා කරගන්නද දන්නෑ..
මලින්දගේ කටට ආ වචන ඔහු ගිල ගත්තේ
අසීරුවෙනි..
මිස් රෙහන්සා..අපි තව ටිකකින් අවුට් යනවා ඩිනර් වලට..
මලින්ද පල නොකියා පලා බෙදන සෙයකි..
ඔහ් එහෙමද..එහෙනම් මාත් යන්නම්.. මට අද පාර්ටි එකක්.
රෙහන්සා සන්ජනාගේ කම්මුලක් සිඹ පහළට ගියේ මලින්දට අත වනමිනි.
ඊලග කොටසට—
©රුවනි ලියන්ගොල්ල©
☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම ත
තෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ