සසල පතිනී🌹-11 කොටස

මයෙ පුතා… මොකද්ද මේ වුණේ..කොහොම හිටිය කොල්ලද මයෙ ..

විහාරා හඩා වැළපුනේ වේදනාවෙනි..

කොල්ලට මහ අපල කාලයක් නංගි..කේන්දරේ බලවන්න ඕනේ ආයෙත්..බැදපු අලුත මෙහෙම වෙන්නෙ මොකද..කවදාවත් සිද්දවුණු දෙයක්ද?කාගෙ අපලයක්ද මේ පඩිසන් දුන්නෙ

ඒ ලොකු නැන්දාය..සන්ජනා අසරණව පැත්තක සිට අසා සිටියාය..ලොකු නැන්දා තමන් දෙසට හෙලන්නේ ප්‍රසන්න බැල්මක් නෙවේ..

උදෑසන වන විට මලින්දට සිහි පැමිණි බැවින් ඔහුව රෝහල් වාට්ටුවකට ඇතුලත් කෙරිනි..

කෑ ගහන්න එපා දෙන්නම..මේක හොස්පිට්ල් එක..ගෙදර ගිහින් ඕවා කතා කරන්න බැරියැ..

තාත්තාගේ මැදිහත්වීමෙන් තත්වය සන්සුන් විය..

මලින්දගේ හිස බර ගති යකි..ඔහුට දැන් අවශ්‍ය විවේකය වේ..

තාත්තා..ඔයාලා ගෙදර යන්න..මට නිදිමතයි..නිදන්න ඕනෙ..

ඔහු දෑස පියාගත්තේ සන්ජනා දෙස බැල්මකදු නොහෙලමිනි..සන්ජනාගේ සිත බෙහෙවින් පෑරුණේ ඔහුගේ හැසිරීමටය. ඔහු ඉන්නේ පාදයේ වේදනාව දරා ගැන්මට නොහැකිව බව සිතන්නට ඈට නොහැකිය.තමන් මුළු රෑ පුරාම ඔහු වෙනුවෙන් දෙවියන් යැද්ද බව ඔහු ගැන බිය වූ බව කියන්නට ඇයට අවශ්‍යය..ඔහු තමා බේරා ගත් බැවින් කෘතගුණ සැළකීමට ඇයට අවශ්‍යය..එහෙත් දෛවය ඉඩ නොදේ..

සන්ජනාද තුසාරාගේ අත ගෙන

රෝහලෙන් පිටවූයේ ශෝකයෙනි..

~~~~~~®uwani Liyangolla-~~~~~~

ඔහු නැතිව තනි යහනේ ගෙවන පළමු රාත්‍රියයි.දහවලද ඇය ඔහු බැලීමට රෝහලට ගියද ඔහු සිටියේ බෙහෙත් මතින් නින්දේය..සවස ඈව රැගෙන යාමට විහාරා කැමති වූයේ නැත.ලොකු නැන්දාගේ දියණියන් සමග විහාරා පිටවෙනු සන්ජනා බලා සිටියේ වේදනාවෙනි.

සන්ජනා සුදු ඇද ඇතිරිල්ල තදින් මිරිකාගෙන ඔහුගේ කොට්ටය තුරුලු කරගත්තාය.

ඔහු සිටියා නම් තමන්ව සිපගනු ඇත.ඔහුගේ සුසුම් හඩ ඇයට ඇසෙන්නාක් මෙනි..පුදුමයකට මෙන් ඊයේ අනතුර සිදුවූ මොහොතේ සිටම අසින්ත සන්ජනාගේ මතකයෙන් සම්පූර්ණයෙන්ම බැහැරව සිටියේය..

දැන්ද ඈ සිතන්නේ මලින්ද ගැනය..තාත්තා මලින්දගේ කාරය සවස නිවසට රැගෙන ආවේය..ඔහු ජෑම් පේර මල්ල සන්ජනා වෙත ගෙනවිත් දුන්නේය..සන්ජනාට ඒ දුටු විට හැඩුණි.

මලින්ද පව්..මං එයාට කොච්චර නපුරුකම් කළාද..ඒත් එයා මට හැමවේලේම ආදරෙන් සැළකුවා.

..මුල්වරට සන්ජනාගේ සිත තුල මලින්ද පිළිබද අනුකම්පාවක් ජනිත වුණි..

🌹🌹🌹🌹🌹🌹🌹

අසින්ත පාරේ සිටියේ දුම්වැටියක් උරමිනි..ඔහුට අද කුලී වැඩක් ලැබුණේ නැත.මේ දින වල පවතින වර්ෂාව නිසා බොහෝ දින ගෙවෙන්නේ නිශ්කාර්යවය.තමන් ඉදිරියේ නැවැත්වූ නවීන පන්නනේ මෝටර් රථය දෙස අසින්ත බැලුවේ පුදුමයෙනි.

එයින් බට යුවතියක් ඔහු ඉදිරියට ආවේ අසින්ත දුම් වැටිය විසි කරද්දීය..

අසින්ත..මං හරි නේද?

රෙහන්සා පෑවේ ආකර්ෂණීය සිනහවකි..

ඔව්..මේ මැඩම් කවුද?

මං රෙහන්සා

මාව දන්නෙ කොහොමද?

රෙහන්සා අත් දෙක බැදගත්තේ ආඩම්බරයෙනි..ඇගේ දිගු නිල් පැහැ අධික වටිනාකමකින් යුතු දිගු ගවුම දෙස අසින්ත බැලුවේ විමතියෙනි.මෙවැනි පෝසත් යුවතියක තමා වැනි හිගන්නෙකු ගැන දන්නේ කෙසේද?

මට අසින්ත ගැන කීවේ සන්ජනා..

අසින්තගේ කට බාගෙට ඇරුණි..සන්ජනා..ඔව් ඔහුගේ දයාබර ප්‍රේමිය..එහෙත් ඈ දැන් ඔහු හැරගොස්ය.ඈ විවාහ වූ බව ඔහු ට ආරංචි විය..එක අතකට ඔහු ඉන් සැනසුනි.

සන්ජනා

ඔව්..අසින්තගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්

මං හරි නේද

ඒ..ඒත් මැඩම් සන්ජනා දැන් කසාද බැදලා

ඔව්..අසින්ත..මං ආවෙ ඩීල් එකකට..අසින්ත කැමති නැද්ද හොද රස්සාවක් හොද ගෙයක් දොරක්  එක්කම සන්ජනාව මැරි කරන්න

මො..මොකද්ද

ඔව්..මට පුළුවන් අසින්තට උදව් කරන්න.

ඒ..ඒත්…

අසින්තට තියෙන්නෙ මං කියන විදිහට වැඩ කරන්න විතරයි..අසින්තට සල්ලි අවශ්‍යතා එහෙම ඇතිනෙ..

ඔ..ඔව්..ඒත්

අසින්ත..සන්ජනා අසින්තට තාමත් ආදරෙයි..සන්ජනා තමයි මාව එව්වෙ..එයා කසාදෙන් සතුටෙන් නෙවෙයි ඉන්නෙ..එයාගෙ හිත තාමත් ආදරේ ඔයාට..

මං දන්නවා මැඩම්..ඒත් මං මොනවා කරන්නද..දුප්පත් මං සන්ජනාව පැළට අරං ගිහින් කොහොමද..මට පවුලේ නංගිලා තුන්දෙනෙක් ඉන්නවා..ඒ මදිවට අම්මටත් අසනීපයි..

හ්ම්..ඒකනෙ..මං අසින්තට රස්සාවක් දෙන්නම්.

රෙහන්සා පැවසුවේ සතුටිනි..අසින්තගේ සිත පුරා මැවුණේ සන්ජනාවයි..ඈ ළාමකය..ඔහු සමග සුරතල් බස් දොඩන්නේ ආදරයෙනි.. ඈ පුදුම කෙල්ලකි..ඔහුට පණ මෙන් ආදරේ වුවත් ඈ කිසිවිට ඇයව අල්ලන්ටවත් සිපගැන්මටවත් තමන්ට ඉඩ දී නැත..

ඈ හැමවිටම කීවේ විවාහ වූ පසු ඒ දේට ඉඩ දෙන බවයි..මේ ප්‍රේමය පූජනීය බවයි..එය කිලිටි කරගැන්මට තමන් අකමැති බවයි..අසින්ත ද ඇගේ බස් පිළිගත්තේ  ටික කලකින් ඇය එම අදහස් අත්හරිනු ඇතැයි සිතමිනි.

රෙහන්සාගේ රථය දූවිලි වලාවක් නංවාගෙන පිටවුණි..අසින්ත දූවිලි වලාවෙන් නැහැවී සිටියත් ඔහුට එය වගක්වත් නොවිණි..බලාපොරොත්තුවේ දළු රිකිලි ඔහුගේ ඇතුලු හද ගැබේ ලියලනු පෙනිනි.

🌹🌹🌹🌹

මලින්ද දොරටුව දෙසා බලා සිටියේය..ඈ තමන් බැලීමට ආවේම නැත..ඔහු ඈ ගැන කිසිවෙකුගෙන් විමසුවේද නැත.තුසාරාගෙන් විමසිය හැකි වුවද ඇයද පැමිණියේ නැත.සැබවින්ම සන්ජනා පැමිණි හැම විටම මලින්ද පසුවූයේ නින්දේය..

ඔහු බලා සිටි රුව මතු නොවිනි..ඒ වෙනුවට පෙනී සිටියේ රෙහන්සාය..ඈ ගින්දරක් මෙනි

අනේ මලින්ද..බලන්න ඩැඩී මට නිකම්වත් කීවෙ නෑනෙ..මං අද නිකමට ඔෆිස් එක පැත්තෙ ගියා..එතකොටයි දැනගත්තෙ..

රෙහන්සා ඔහුගේ ඇද මත වාඩි වූයේ ශෝකයෙනි.

මලින්ද මද සිනහවක් පෑවේය

ඇයි කරදර වුණේ මිස් රෙහන්සා..සර් ඇවිත් ගියා  බලන්න..අපරාදෙ ප්‍රොජෙක්ට් එකේ වැඩ අවුල් වෙනවා..නොහිතුව දෙයක් වුණේ..

මං සුප් එකක් ගෙනාව..එන්න පොවන්නම් මං..

එ..එපා..මට බොන්න පුළුවන්.

නැගිටින්නකො..

රෙහන්සා මලින්දට ඇදේ ඉදගැන්මට උපකාර කරද්දී  දොරටුවෙන් ඇතුලට පැමිණි සන්ජනා ඒ දෙස බැලුවේ පුදුමයෙනි..මලින්දගේ දෑසද ඒ දෙසට යොමු විනි.රෙහන්සා මලින්දට ළංව කුමක් කරනු ඇතිද?

සන්ජනා එන්න‍

මලින්ද ඈ දුටු විට ඇඩගැසුවේ සතුටිනි..ඔහුගේ දෑස රිදී තිබුණේ ඇගේ රුව නොදැකය..

රෙහන්සා සන්ජනා දෙස බැලුවේ නොසතුටිනි..ඈ ආවේ හොදම වෙලාවේය..

සන්ජනා සෙමින් ඔහු අසලට පිය මැන්නීය.

සන්ජනා  මිස් රෙහන්සා මට සුප් එකක් ගෙනල්ල..පොවන්නකො හොද ළමයා වගේ

මලින්දට රෙහන්සා ඉදිරියේ සන්ජනාට මුල් තැන දෙන්නට ඕනෑ විය.රෙහන්සාගේ සසල දෑස ඔහුට වදයකි.සන්ජනා රෙහන්සා අතරැදි සුප් භාජනය ගෙන මලින්දට පෙවීමට පටන් ගත්තීය..

රෙහන්සා ඇතුලු හදෙන් දැවෙන්නී…මලින්දගේ දෑස ප්‍රෙමයෙන් ආතුරව සන්ජනා දෙසට යොමු වන අයුරු…රෙහන්සා දක්ෂ ලෙස සිතිවිලි සගවා ගන්නීය..

එහෙනම් අයිතිකාරි ආවනෙ..මං යන්නම් මලින්ද..යන්නම් සන්ජනා..

ඈ යන දෙස බලා සිටි සන්ජනා අතක රැදි සුප් බදුන ගෙන මලින්ද තනිව එය බීමට පටන් ගත්තේය..

ඔයාට තනියම පුළුවන්ද?

මගෙ අත් වලට මොකුත් වුණේ නෑ සන්ජනා..

ඇයි එහෙනම් රෙහන්සා ඉන්නකොට..

නිකම්..ඇයි තනියම ආවෙ..කොයි පොඩී..

එයාගෙ යාළුවෙක් හම්බුණා ..කතා කරනවා..

හ්ම්..

සන්ජනා ඔහුගේ කකුල දෙසට නෙත් යොමු කළාය..

ඔයාට හොදයිද දැන්..

හ්ම්..ටිකක් කකුල රිදෙනවා..වෙලාවකට ඔලුවත් රිදෙනවා..

මං නිසා එහෙම වුණේ සොරි..

තුසාරා පැමිණි  බැවින් ඉන් එහා කතාව දුර ගෙන යාමට අවස්ථාව ලැබුණේ නැත.

🌹🌹🌹🌹🌹🌹

රෙහන්සා  වයින්  බෝතලය ගෙන කණ්ණාඩියට දමා ගැසුවාය.

සුදු මැණිකෙ ඇයි දෙයියා මේ..

මාලා විස්සෝප විය

දන්නවද ඒකි මං ඉස්සරහම එයාට සුප් පෙව්වා..මං හදාගෙන ගියපු එක..එයාගෙ ඇස් වල දිලිසෙන්නෙ ආදරේ..සන්ජනා..සන්ජනා..මට ඒකිව මරන්න හිතෙනවා

පව් කතා කිය්නන එපා සුදු මැණිකේ.. ඇයි තේරුම් ගන් නැත්තෙ..දැන් ඇති බීවා..ළමිස්සියක් කරන වැඩද මේවා..දහජරාව බොන්නෙ..

මාලා උඹ කට වහගෙන එළියට යනවා..මට තව බෝතලයක් ගේනවා..

අනේ මගෙ ඇස් පව්කාරයි මේවා දකින්න..දෙමව්පියො නිකම්වත් මේ දරුවා ගැන බලනවද? බිස්නස් විතරයි..අසරණී..

මාලා..මට එයාව ඕනෙ…මලින්දව ඕනෙ..

රෙහන්සා ඇද පාමුල වැටී හඩන්නට විය.

🌹🌹🌹🌹🌹🌹

ඔහුගේ රැවුල් කොට තරමක් දුරට වැවී ඇත..ඔහු ඇදේ හාන්සි වී නළල තද කරගෙන සිටී..මලින්ද නිවසට පැමිණ ඇත..තාත්තා මලින්දගේ සියලු කටයුතු කර ඇදට ඇරලවා ගියේ සන්ජනාට කරදර නොකරමිනි.. මලින්ද  පියාගෙන් රෝහලේදීම එය ඉල්ලූ කරුණකි.

රාත්‍රිය නිසලය..නිහඩය..සිය පාදය මතට දැනුනේ සිනිදු අත්ල පහසකි..ඔහු දෑස ඇරියේ කුතුහලයෙනි..

සන්ජනා

Like comment  වලට ස්තුතියි 🌹

©රුවනි ලියන්ගොල්ල©

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!