මචං මනමාලිට උණලු නේද ඊයෙ රෑම උඹ නම්..
ආව්..ආව් ..කොහොමද කොල්ලාගෙ හිනාව.
මලින්දගේ මිතුරන් ඔහුට වද දෙයි..මලින්ද සිනහවකින් මුව සරසාගෙන සිටී.එහෙත් මේ හිත පෙලෙන ගින්දර දන්නේ ඔහුත් ඇයත් පමණකි.
ඔහු විශිෂ්ට ලෙස හිතෙහි රැදි දුක ශෝකය සගවාගෙන සිටී..මිතුරන්ගෙන් බේරීමට නොහැකි තැන ඔහු මයික්‍රෆෝනය අතට ගත්තේය..මලින්ද ගැයුමට සේම නර්තනයටද දක්ෂ බව මිතුරන් දනී..සන්ජනා ඒ දෙස බලා සිටියේ පුදුමයෙනි..
කළු පැහැ කමිසයට ලා දුඹුරු පැහැ කලිසමක් හා බ්ලේසරයක් ඇද මෙරුන් පැහැ ටයි පටියක් පැළදි ඇදුම් කට්ටලයට මලින්ද හැඩකාරය.සංගීත රිද්මය මැද්දේ ඔහු ඇරඹුවේ සුපිරි යොවුන් තරුවක් වන සජිත් ඇන්තනී.. ගායනා කරන
ජනප්‍රිය අපූරු ගීයකි.
🎶දොරමඩලේ ගිණි වැදුණේ
තුන් හිතේ ගින්දරායි
දෙයියෝ🎶
ඔහු වටකොට සිටි මිතුරන් දෙපසට වී ඔහු සමගම නර්තනයේ යෙදුනේ පස්වනක් ප්‍රීතියෙන් ඉපිල යමිනි..මලින්ද බ්ලේසරය ගලවා පසෙකට විසි කලේය.මද වේගී නර්තනය සමගම ඔහු ගීයට මුල් තැන දුන්නේය.
🎶සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
ඒ පාර සරසන්න මල් පිපුණේ නෑ.
වස්සානෙ ගිම්හානේ උන්නේද මා
ඒ වෙනස මට දැනුනේ නෑ
කාලයේ බින්දු හේඩාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වේ
ස්වර්ණපාලියේ
🎶
මිතුරන් ඔහු දෙපස අපූරු නර්තනයකය.මලින්ද දෙසට යොමු වී ඇත්තේ සන්ජනාගේ දෑස පමණක් නොවේ..ඒ මොහොතේ උස් අඩි පාවහන් යුගල ශබ්ද කරමින් උත්සව ශාලාවට පිවිසි රෙහන්සාගේ දෑසද රැදුනේ ඔහු වෙතය..ඈ නොදැනීම ඉදිරියට ගියේ ඔහුගේ ඉරියව් වලට වශීකෘතවය.
නේක වර්ණ රටා මවන විදුලි බල්බ ආලෝක දහරා..විටින් විට අවකාශය සරණ දුම් දහරා..රෙහන්සාට මෙය පෙනුනේ හීන ලෝකයක් ලෙසය.මලින්දගේ කඩවසම් රුව ඈ වසඟ කලාක් මෙනි.
එහෙත් මලින්දගේ දෑස වරින් වර යොමු වන්නේ සන්ජනා දෙසටය.ඔහු ටයි පටිය කරට දමාගෙන සන්ජනා හා රෙහන්සා සිටි දෙසට පැමිණියේය.රෙහන්සා අදහාගත නොහැකිව බලා සිටියේ ඔහු තමන් දෙස බලා එන බව සිතාය.ඇගේ දෑස පෙන්නුවේ මිරිගුවකි.ඔහු ඈ පසුකර ගියේ පිටුපසින් සිටි සන්ජනා වෙතයි.
🎶ළැම ගින්න හිත පල්ලේ ඇවිලී ගියා
පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ
රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
මං ගාව ඔබ උන්නෙ නෑ🎶
මලින්ද සන්ජනාගේ අසලම දැවටෙමින් ඈ වෙතම නෙත් රදවා ගෙන ගීය ගයයි.
ඔහු සන්ජනාගේ බද වටේ සුරත යවා ඇයව නර්තන භූමිය වෙත කැදවාගෙන ආවේය.
සන්ජනා සිටියේ කර කියාගත දෙයක් නොමැතිවය.ඇය කිසිදින මෙවැන්නකට මුහුණ දී නැත.
ඇය බියෙන් තුෂ්ණිම්භූතව සිටියේ ඔවුන් වටා නර්තනයේ යෙදෙන ඔහුගේ මිතුරන් දෙස නෙත් යොමු නොකරමිනි.මලින්ද හීනයක රැදී සිටියේ උමතුවෙන් මෙන් ඈ දෙස දෑස රදවා ගෙනමය.
රෙහන්සා දැවෙන්නී..අන්සතු ඔහු..ඇයට මහත්වූ වේදනාවකි.
🎶අසිපතේ තැවරුණේ ප්‍රේමයයි
උන්මාදිනියේ
මා ළයේ වැගිරුණේ ස්නේහයයි
දොරමඩල ගිනිබත් වී
ඒ ගිනි කද හිත පත්වී
ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ🎶
මලින්ද මිතුරන්ට ඈ අසලට ළං වන්නට නොදී හැගුම් බරව ඇගේ වත දෙසට බරවී ගයන්නේ සැබෑම ප්‍රේමවන්තයෙක් විලසිනි.ඔහු මේ ගයන්නේ හදවතින්මද? නැත්නම් රැවටීමක්ද?
ඈ දන්නේ නැත..ඔහු දන්නේද නැත..
එහෙත් මලින්දගේ ඇස් කියාපාන්නේ වෙනත් කතාවකි..ඒ දෑසේ රහස් කතාව වටහා ගැන්මට රෙහන්සාට නම් අපහසු නොවිණි.රෙහන්සා පසෙකින් අසුන් ගත්තේ තවදුරටත් වෙව්ලන කය දරා ගැන්මට නොහැකි බැවිනි..
මලින්ද සන්ජනාගේ සුරත ගෙන ඈ වටයක් කරකවා ඈ තුරුළු කරගෙනම නර්තනය නිමා කලේය.නෑදෑ හිතවතුන් සියලු දෙනා අත්පොලසන් දුන්නේ ප්‍රීතියෙනි.
එන්න යමු..
මලින්ද ඈ සමගම යලිත් ඔවුන්ගේ අසුන වෙත ගියේ මිතුරන්ට අත වනමිනි.
~~~~~~~®uwani Liyangolla-~~~~~~
හායි මලින්ද..මයි කන්ග්‍රැජුලේෂන්ස්
රෙහන්සා මලින්දගේ දකුණු අත ගෙන සුභ පතා ඔහුගේ කම්මුල් මත හාදු සටහන් කලේ සන්ජනාගේ දෑස විසල් වද්දීය.මලින්දගෙ දෑසද සන්ජනා දෙසට යොමු වූයේ ඔහුටද එක්වරම දැනුනු අපහසුතාවයටය.වෙනත් යෙහෙළියන් මෙලෙස සුභ පැතුවේ නැත.
ඩාලිං කන්ග්‍රැජුලේෂන්ස්
සිය අතෙරි රැදි කුඩා රතු පැහැ තෑග්ග සන්ජනා අත තැබූ රෙහන්සා ඇයටද සුභ පැතුවාය.
තෑන්ක්ස්
සන්ජනා සෙමින් මිමිණුවාය.
ඉතිං මලින්ද ඔයා මාව වයිෆ්ට ඉන්ට්‍රඩියුස් කරන් නැද්ද?
අහ් මේ..සන්ජනා ..මේ මගේ කම්පැණි එකේ බොස්ගෙ දුව ..මිස් රෙහන්සා
ඔහ්..ඔයාට ඒ පාර මං මිස් රෙහන්සා වුණාද..එනි වේ ..ඔයාගේ බ්‍රයිඩ් හරි ප්‍රිටී මලින්ද
තෑක්න්ස් ඔයා කෑවද..මිස් රෙහන්සා
ඒවා හරි මට ලේට් වෙනවා..මං යන්න ඔනේ..බායි
රෙහන්සා ස්ට්‍රේට් කල කොණ්ඩය ගස්සමින් යන දෙස සන්ජනා බලා සිටියේ පුදුමයෙනි.අහේතුවකට ඇයට සිතුනේ රෙහන්සා ඇස් වලින්ද කතා කරන බවය.මලින්දගේ අවධානය එවර යොමු වූයේ මිතුරන් කෑ ගසන දෙසටය.ඔවුන්ට හොදටම පිස්සුය.
මේ ඇහුණද
සන්ජනාගේ මියුරු හඩ ඔහුගේ දෙසවන් අද්දරින් ඇසුණි.
ම්..ඇයි
අ..අර ගර්ල් ඇයි එහෙම කලේ
මොන ගර්ල්ද
දැන් ගියේ..රෙහන්සා
ඉතිං
ඔ..ඔයාව ඉම්බෙ ඇයි..
මොකද්ද
නෑ මං කීවේ එයා ඔයාට ළං වෙලා කතා කලේ
එයාලා පොශ් හයික්ලාස් ෆැමිලි..එයාලාගෙ හැටි ඒ.. ගාණක් නෑ ඒවා
එහෙමද
හ්ම්
සන්ජනා එවර රෙහන්සා ගිය දෙසට රවන්නීය.ඇගේ ඉරියව් ඔහුට ගෙනාවේ ප්‍රීතියකි.
සන්ජනා..මං අර පැත්තට යනවා ටිකක්..ඔයා අම්මලා ළගට යනවද ?තනියම ඉන්න එපා
හා
ඔයා යන්නෙ ඩ්‍රින්ක්ස් ගන්නද.
නෑ ..මං ඩ්ර්රින්ක්ස් ගන් නෑ..බය වෙන්න එපා..
සිය හිස අත ගා මලින්ද යන අයුරු බලා සිටි ඈ සිය මව වෙත ගියාය
..
අම්මා
දූ.. පුතා හොදයි නේද?
ඔයාලා හොද නෑ අසින්ත පව්..
සන්ජනාගේ මවගේ මුහුණේ ඇදුනේ කෝපයකි.කවුරුන් හෝ අසා සිටියා නම් සිදුවන්නේ වස ලැජ්ජාවකි.
දරුවා අපි තමුන්ට කලේ හොදක්.අර කුලී වැඩ කරන රස්තියාදුකාරයා වගේද මලින්ද පුතා..ඔය විකාර හිතලා කියවලා අර දරුවගෙ හිත නරක් කරන්නෙ එහෙම නෑ..දීගෙ කඩා ගත්තොත් ගෙදරට නම් වද්ද ගන්නෙ නෑ..පුතා හෙට මහගෙදරට පදිංචියට එනවා ..එයාගෙ දරු පවුලට සැනසීමෙන් ඉන්න ඕනෙ..
මව සන්ජනාට තරවටු කරන්නේ අනාදරයෙන් නොවේ.
සන්ජනා කුඩා කළ සිටම හිතුවක්කාරය.ඇයට හොදින් කරුණු පහදා දී පලක් නොමැති බව මව අත්දැකීමෙන්ම දනී..
අම්මලාට ලොකු අයියයි නෑනයිනෙ..මං එන්නෙ නෑ ආයෙ..
සන්ජනා සුපුරුදු ලෙස රණ්ඩු අල්ලන්නීය.
කට කට ..වැදගත් තැනකට දීග දුන්නේ..ජීවිතෙ කාලෙම සැපෙන් ඉන්න පුළුවන්.අපි ගැන නොබැලුවට කමක් නෑ.තමුන් දරු මල්ලො හදාගෙන සතුටින් ඉන්න ඕනෙ
මට බෑ
අම්මා සන්ජනාට රවමින් වෙනතකට ගිය පසු සන්ජනා තනි වූවාය.දෙනෝ දාහක් අතර තනිවීම…එය මහත් වේදනාවකි.තනියට ඈ දෑස සොයන්නේ ඔහුවයි.මලින්ද එවර පෙනෙන්නට නැත.ඔහුටද ඇය එවර අමතක වී ඇති හැඩය.
~~~~~~®uwani Liyangolla-~~~~~~
වේලාව පාන්දර තුනයි තිස් පහ සටහන්ව ඇත.රාත්‍රී සාදය නිමවී පිරිස යලි නිවසට පැමිණ ඇත.සන්ජනා මලින්දගේ දෙමහල් නිවස දෙස බැලුවේ පුදුමයෙනි.මලින්දගේ මව චාරිත්‍රානුකූලව ඇයට කිරි වීදුරුවක් පොවා නිවස තුලට පිළිගත්තාය.
දූ නංගි එක්ක උඩට යන්න.ඇදුම් මාරු කරගන්න..පුතා දැන්ම නිදිනවද
මලින්දගේ මව විහාරා සිය ලේලියට පළමු අණ නිකුත් කළාය.
ආහ් නෑ අම්මා ටිකකින් යන්නම් මහන්සියි..යාළුවොන්ට කෝල් කරලා බලන්න ඕනෙ..උන් ගියාද දන්නෙ නෑ.
මලින්ද සෙටියට බරවී ටයි ගැටය බුරුල්
කළේය.
යමු අක්කී
තුසාරා සන්ජනාගේ අත ගෙන ඉස්සර වූවාය.නව නිවසකි.නව පවුලකි.එහෙත් ඈ තවමත් අමුත්තියකි.ඇයට මේ සියල්ල නුහුරුය නුපුරුදුය..ඇගේ හද බියෙන් ගැහේ..
කාමරයේ දොර හැරුණේ පැයකට පමණ පසුවය.සන්ජනා නිදිවර්ජිතව සිටියද දෙනෙත් පියාගෙන නිදි ලෙසටම සිටියාය.මලින්ද ඇද අසලට පැමිණ ඈ දෙස බලා සුසුමක් හෙලුවේය.ඔහු ඈ දෙසම බලාගෙන කමිසයේ බොත්තම් ගලවන්නට පටන් ගත්තේය..අතරැදි ඔරලෝසුව ගලවා කණ්ණාඩි මේසය මත තැබූ ඔහු වමතින් කොණ්ඩය පිටු පසට පීරමින් කණ්ණාඩියෙන් පෙනෙන තම රුව දෙස බලා උන්නේය.
කළකිරීම …වේදනාව..සොදුරු මනාලිය ඔහු නොතකයි.මලින්ද නාන කාමරයට ගොස් දොර වසාගත් කළ සන්ජනා දෑස විවර කළාය..
🎶අසිපතේ තැවරුණේ ප්‍රේමයයි
උන්මාදිනියේ
මා ළයේ වැගිරුණේ ස්නේහයයි🎶
ඔහුගේ ගී නද ..සිය දෙනෙත දෙස එක එල්ලේ බලා ළයට ඇත තබාගෙන ඔහු ගැයූ ගී පදවැල.සන්ජනාගේ සිරුර බියෙන් වෙව්ලයි.ඒ දෙනෙතේ කාන්තිය… ඒ මොහොතේ සේම මේ මොහොතේද ඇයට දරන්නට අපහසු සෙයකි.ඔහු නිරතුරුව තම පහස සොයයි.කවදා වනතුරු ඔහුගෙන් ගැලවී සිටින්නද?
ඊලග කොටසට
©රුවනි ලියන්ගොල්ල©
☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළසසල පතිනී🌹