අනෝරා වැහි බිදු ඇගේ තුරුණු සිරුර මතට ඇදහැලෙන්නේ අනුකම්පා විරහිතවය..
ඈ සීතලට ගිඩි ගිඩි ගා ගැහේ..මලින්ද සුක්කානමට බරදී ඉදිරියේ පෙනෙන වර්ෂාව දෙස මොහොතක් බලාසිටියේය..
ඇය හිතුවක්කාරය..පුදුර තරම් හිතුවක්කාරය..අකීකරුය..පොඩි එකෙකු නම් කෝටු පාරක් දී හදා ගත හැක..මලින්ද රියෙන් බැස වර්ෂාව පීරාගෙන ඈ වෙතට පැමිණියේය..
දැන් ඔහුද හොදටම පෙගී ගොස්ය..අදුරු පරිසරයේ අකුණු ආලෝක දැල්වේ..ඔහු සංජනා දෙස බලා සිටියේ ඉනට අත් දෙක තබාගෙනය..සංජනා වැහි බිදු හා පොරකරමින් වැහි බිදු බේරෙන ඔහුගේ මුහුණ දෙස බලා සිටී..ඇය සට සට ගාමින් වෙව්ලයි..
මලින්ද ඇය හරහට දෝතට ගත්තේ සංජනා කෑ ගසද්දීය..එහෙත් වර්ෂාවෙන් ඒ හඩ මකා දමයි..සංජනාව ඔසවාගෙන කාරය වෙත පැමිණි මලින්ද ඈව දොර ඇර අසුනේ තැබුවේය. වතුර බිදු බේරෙන ඇගේ දෙතොල් ඔහු සිපගත්තේ ඈ දෙස තරවටු බැල්මක් හෙලාය..
තමුසෙ අද පාඩමක් ඉගෙන ගනී..යමුකො හොටෙල් එකට..
ඔහු ඇගේ කනට ළංව කීවේ වර්ෂාවේ හඩ පරදවමිනි..
ඇය මෙලෙස තමන්ගෙන් පළිගන්නේ ඇයි දැයි ඔහුට නොවැටහෙයි..ඔහු ඇයට වරදක් කර නැත..
මලින්ද හිතුවක්කාරයෙකුවත් දඩබ්බරයෙකුවත් නොවේ..ඔහු සන්සුන් තැන්පත් ගති ඇති සුහදශීලී තරුණයෙකි..එහෙත් ඈ ඉදිරියේ ඔහු දඩබ්බරයෙකු වී ඇත..ඈට අනුව ඔහු නපුරෙකි..
ඔහුගේ අකීකරු දෙනෙත ඇගේ තෙමීගිය සිරුර පුරා දිවයයි..ඇගේ දිගු කොණ්ඩය නිතඹටම ඇලී ඇත.මලින්ද රියදුරු අසුනට ගොඩවූයේ සංජනාගේ සුරත වමතින් තෙරපා ගනිමිනි..
ඔහු හෝටලයට ගිය පසු කුමක් කරයිද?පාඩමක් උගන්නන බව කීවේ ඇත්තටමද? සන්ජනා වරින් වර හොරෙන් ඔහු දෙස බලයි..
මලින්දට එය හොරුහින් පෙනුනත් ඔහු එය ගණන් නොගෙන ඉදිරිය බලා රිය පැදැව්වේය..
ඈ සමග ජීවිත කාලයම දබර කරගෙන වසන්නේ කෙසේද? ඔහුගේ සිතේ පැන නගින්නේ ගැටළු රාශියකි.
~~~~~~~®uwani Liyangolla-~~~~~~
🌹🌹🌹🌹🌹🌹
සුදු මැණිකේ..මේ කොහෙ යන්නද?
මාලා විමසුවේ නවීන මෝසතරයේ තද කළු පැහැ.. හැඩැති දිගු ගවුමකින් සැරසෙන රෙහන්සා දෙස පුදුමයෙන් බලමිනි..රෙහන්සා කණ්ණාඩිය දෙස බලමින් කොණ්ඩය පීරයි..සුළු මොහොතකින් ඈ මෙරුන් පැහැ දෙතොල් ආලේපන දෙතොලේ තවරයි..
අද රෑ ෆන්ක්ෂන් එකට මං යනවා මාලා..මං නොයා කොහොමද ..මගෙ ඩ්‍රීම් බෝයිගෙ නයිට් ෆන්ක්ෂන් එක
රෙහන්සා පවසන්නේ දෑස නටවමින්ය..
ඉතිං තව දවල්නෙ ..මේ මහ වැස්ස තවම..
මට තව වැඩ වගයක් තියෙනවා..ඒ ටිකත් බලාගෙනම යනවා..තව මලින්දගෙ බ්‍රයිඩ්ට ප්‍රසන්ට් එකක් ගන්නත් එපැයි..
මාලා සිතුවේ රෙහන්සාගේ මොළේ විකාර වී ඇති බවයි..ඈ හැසිරෙන්නේ අරුම පුදුම අයුරිනි..
සුදු මැණිකේ ..ඔය පරණ දේවල් අතඇරලා දාමු දැන්..ඒ මහත්තයා දැන් කසාද බැදලනෙ..
මට කමක් නෑ ඒකට ..කොලේක අයිතිය ගත්තට මගෙ ආදරේ වෙනස් වෙන් නෑ..බලමුකො කවදා වෙනකල් එයා මාව මග අරියිද කියලා..
චී සුදු මැණිකේ..ළමිස්සියෝ ඔහොම හිතුවොත් හොදද?බොහොම කැතයි..
මාලා කට වහගන්න..Mind ur own business
රෙහන්සා මාලාට ගස්සමින් උස් අඩි පාවහන් යුවල පැළදගෙන කාමරයෙන් පිටවූවාය..
🌹🌹🌹🌹🌹
ගිගිරුම් දෙමින් තවමත් මහ වැසි ඇදහැලෙයි..මධ්‍යහ්නය වුවුද මන්දාරම් හැන්දෑවක් මෙනි..හෝටල් කාමරයේ වූ සුදු ඇද ඇතිරිල්ලේ කොනක් තදින් හපා කාගෙන සන්ජනා හැඩුම දරා සිටී..
ඇගේ තෙමුණු සළුපිළි අතර මලින්ද දෑස යවන්නේ වියරුවෙනි.. ඔහුට පිටුපා වැතිරී සිටින ඇගේ ගවුම් කර සෙමින් පහත් කර ඔහු ඒ උරහිස් සෙමින් සිපගනී..මලින්ද ඔහුගේ තෙමුණු කමිසය ගලවා දැමුවේ කාමරයට පිවිසි මොහොතේමය..
සංජනා
මලින්දගේ හඩ උමතු වැටී ඇති සෙයකි..ඔහුගේ අතැගිලි ඇගේ පිට පුරා රටා මවන්නේ ඔහුගේ දෙතොල් ඇගේ ගෙල උණුසුම් කරද්දීය..හිතුවක්කාර යුවතිය කරුණාවෙන් මෙල්ල කළ නොහැක..අවශ්‍ය වන්නේ තවත් හිතුවක්කාරකම්ය..
ඇය කාමරයට පැමැණි විගස තෙත අදුම් පිටින්ම සයනයේ වැතිරුණේ මලින්දගේ මූණට දමා ගසන්නාක් මෙනි..
සන්ජනා..නැගිටිනවා..ඇදුම් මාරු කරගෙන නිදාගන්නවා ටිකක්..ඔය උණ බහින්න..
තවත් ඇය පෙළීමට ඔහුට හිත් නොදෙයි..ඈ පසුවන්නේ අසනීපයෙනි..ඇගේ දෑස මලානික වී ඇත. සන්ජනා නෑසුනු කන්ව සිටින්නීය..
සන්ජනා ..තමුන් මං එකපාරක් කිව්වම දෙයක් අහන්නෙ නැත්නම් මට තවත් විවිධාකාර ක්‍රම තියෙනවා යමක් තේරුම් කරන්න..ඔහොම හිතුවක්කාර වුණාම මට හිතෙන්නේ ඒ ක්‍රම වලට තේරුම් කරනවට කැමතියි වගේ..
මලින්ද ඇගේ හිස කෙස් අතර දෑත යවා හිස පිරිමැද්දේය..
වහා ඔහුගෙන් මිදුනු ඈ ඉවතට පැන ගමන් මල්ල පිරික්සන්නට වූවාය.. මලින්ද කට කොනින් සිනාසී බැල්කනිය වෙත පිවිසියේය..
🌹🌹🌹🌹🌹🌹🌹🌹
~~~~~~®uwani Liyangolla-~~~~~~
ඇගේ වමත ඔහුගේ සුරතට තද වීඇත.මෙරුන් පැහැ සාරියෙන් සුන්දරව පෙනෙනා ඇගේ රූ සපුව දෙස නොබලා සිටීමට මලින්ද උත්සහ ගත්තද එය නිර්ථකය.
රාත්‍රී හෝටල් උත්සව ශාලාවේ දම් පැහැ සැරසිලි කරා දුවන ඔහුගේ දෙනෙත සැම විටම නතර වන්නේ ඇගේ රුව අබියසය..ඈ මද සිනහවකින් සැරසී සිටින්නේ මලින්දගේ තර්ජනය හේතුවෙනි.
සිය නැවුම් මනාලිය මිතුරන් අතරට ඔහු රැගෙන යන්නේ ආඩම්බරයෙනි.බොහොමයක් මිතුරන්ගේ දෑස් බරවන්නේ ඊර්ෂ්‍යාවෙනි..මලින්ද සන්ජනාගේ උරහිස් වටා සුරත යවා තවත් ගතට තුරුළු කරගත්තේ ඈ දෙස ආසාවෙන් බලමිනි..
බඩගිනිද?
ඔහු අමනාපකම් පසෙක දමා රහසින් විමසයි..
නෑ..
මලින්දගේ නෑදෑ පිරිසගේ උකුසු ඇස් වලින් බේරී බිම බලමින් සන්ජනා මුමුණයි..
ඩාන්ස් කරමුද
අනේ බෑ.. මං දන්නෑ
බයවෙන්න එපා මං ඉන්නවනේ..
මලින්ද එවර කෝඩුකාර පෙම්වතෙක් මෙනි..මේ රගපෑම ඇයට බර වැඩිය.එහෙත් ඔහු ඈ විදින්නේ එක සිතිනි.මලින්දගේ යහළුවන් පැමිණ බලෙන්ම ඔහු ඇගෙන් මුදාගෙන නර්තන භූමිය වෙත රැගෙන ගියහ.
දැන් හොදද දුව
මලින්දගේ මව ඒ සැනින් ඈ අසලය..
ඔ..ඔව් අම්මේ..
බෙහෙත් ගත්තද?
ඔව්..
සන්ජනා ඇගිලි පටලවමින් සිටියේ අපහසුතාවයෙන් මිදීමටයි..ඈ බියය..ඔහුගේ පවුලේ අය ඇයට පෙන්නේ රකුසන් මෙනි..හේතුවක් ඈ දන්නේ නැත..අහේතුක බියකි.. මව ඉවතට ගියේ තවත් නෑදෑයෙක්ගේ ආමන්ත්රණයකිනි..
මචං මනමාලිට උණලු නේද ඊයෙ රෑම උඹ නම්..
ආව්..ආව් ..කොහොමද කොල්ලාගෙ හිනාව.
මලින්දගේ මිතුරන් ඔහුට වද දෙයි..මලින්ද සිනහවකින් මුව සරසාගෙන සිටී.එහෙත් මේ හිත පෙලෙන ගින්දර දන්නේ ඔහුත් ඇයත් පමණකි.
ඔහු විශිෂ්ට ලෙස හිතෙහි රැදි දුක ශෝකය සගවාගෙන සිටී..මිතුරන්ගෙන් බේරීමට නොහැකි තැන ඔහු මයික්‍රෆෝනය අතට ගත්තේය..මලින්ද ගැයුමට සේම නර්තනයටද දක්ෂ බව මිතුරන් දනී..සන්ජනා ඒ දෙස බලා සිටියේ පුදුමයෙනි..
…
ඊලග කොටසට— ❤️
කියවන අය මාව ඇඩ් කරගන්න
🌹🌹🌹🌹
නුඹ තාම සියුමැලියි
මගේ ආලෙ නොතේරෙයි
බොළඳ නුඹ සුන්දරයි
පෙනුම අවිහිංසකයි
මගෙ හිත සසල වෙයි
නුඹගෙ පහසම සොයයි
කුමක් සිදු වුවත් දැන්
මම නුඹේ ස්වාමියයි….
රලු වදන් නුඹ කියයි
සිතම මගේ රිදුම් දෙයි
තනිකමින් ගත පෙළයි
හදවතම බිදී යයි
පරණ පෙම සිහි කරයි
මගේ සිත කෝප වෙයි
සංජනා නුඹේ ලඟ
නැවතී මම අසරණයි…..
– මලින්දගෙන් සංජනාට -malsha nethumini
©රුවනි ලියන්ගොල්ල©
☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්