එපා මාව ඉඹින්න..ඔයා නපුරුයි..නරකයි..හොද නෑ..
ඇගේ චෝදනා නෑසුනු කන්ව මලින්ද නොනවත්වා ඒ වත සිපගනී..ඔහු ඒ දෙතොල් විටින් විට සිපගන්නේ මුදු ලෙසය..එහෙත් සන්ජනාගේ විරෝධය නිසා ඇයට දැනෙන්නේ ඒ සිප ගැනීම රළු බවය.
.
එප්…පා..එපා..
මලින්දගේ සුරත ඇගේ බදවටා එතී ඇත.. ඔහු මුදුව ඒ බද ස්පර්ශ කරයි..එහෙත් සන්ජනා විරෝධය පාන්නේ ඔහුගේ අත් කොනිති ගහමිනි..මලින්ද ඇගේ ගෙල මත තදින් සිපුමක් තබා නාන කාමරයට වැදුණේය.
.කෙසේ හෝ ඈ නතු කරගත යුතුය..ඈ බොළද බව..ඇයට මෙම තත්වය වටහා ගත නොහැකිව අතරමංව සිටින බව ඔහුට වැටහෙයි..ඈ තමන්ට වඩා වසර හයකට බාලය..ඈ තවමත් සිතන්නේ පාසල් දැරියක සේ බව උගත් බුද්ධිමත් තරුණයෙකු වූ මලින්දට වටහා ගැනීමට අපහසු නොවිණි..
මලින්ද සූදානම් වන තුරුම බුම්මාගෙන ඇදේ වැතිර සිටි ඈ පසුව සෙමින් සූදානම් වන අයුරු දුටු මලින්ද දුරකථනය රැගෙන බැල්කනිය වෙත පිවිසියේය..
🌹🌹🌹🌹🌹🌹
~~~~~~~®uwani Liyangolla~~~~~~
මලින්ද ලබාදුන් බෙහෙත් අහුර සංජනා ගිල දැම්මේ මුහුණ අකුළුවමින්ය..ඈ කවදත් බෙහෙත් බීමට හොරය..වෛද්‍යවරයා මුණ ගැහුණු කාලසීමාව පුරාම ඈ සිටියේ බුම්මාගත් වතිනි..ඇගේ මුහුණේ තිබුණේය මන්දාරමකි..කාරය තුල වායුසමීකරණ යන්ත්‍රය ඔහු අක්‍රීය කලේද ඇයට පහසුවක් වන අන්දමිනි..
බඩගිනි මට..
සන්ජනා එක්වරම කීවේ පසුවන සයිවර් කඩයක් දෙසට නෙත් යොමුවද්දීය..
මලින්ද රිය නතර කලේ ඉදිරියේ තිබූ සයිවර් කඩයක් අසලය..
යමු
ඔහු ඈ සමගම ගොස් ඇයට උවමනා දේ කෑමට අවස්ථාව ලබාදුන්නේය..ඇය නිහඩව සන්සුන්ව කෑම කන අයුරු ඔහු නිරීක්ෂණය කලේය..සන්ජනා තෝසෙ කැබලි කර කඩා හොදි මතට තමා පෙගෙන්නට හැර මුව මතට දමා ගන්නීය..
ඔහුට කන්න යැයි කීමට හෝ ඔහුගේ කුසගින්න ගැන අසන්නටවත් සන්ජනා කාරුණික නොවීය..ඇය විටින්වි ට ඔහු දෙස බලමින් රැවුම් පාකර හැරියාය….මලින්දට කුසගින්නක් නොවිණි..ඔහු තේ කෝප්පයක් පමණක් පානය කලේය..
මොකටද ඔයා මං කියන කියන දේ කරන්නෙ..එහෙම කලා කියලා හිතන්න එපා මං ඔයාට කැමති වෙයි කියලා..
නැවත රියදුරු අසුනට ගොඩවී ආසන පටි පළදින මලින්දට රවමින් සංජනා පවසන්නීය..
මලින්ද කිසිදු හැගීමක් නොමැතිව ඇගේ වත වෙත පහත්වී ඇයට ආසන පටි පැළදුවේය. ඔහු ඇගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටියත් ඇය පැරදී බිම බලන්නේ නැත..ඇගේ මුරණ්ඩු හිත පිළිබද ඔහුට පුදුමය..
ඔ..ඔයා පෙන්නන්න හදන්නෙ ඔයා මහලොකු උතුම් මනුස්සයෙක් කියලද?මට කන්න අරං දුන්නේ මං පව් කියලද?මට ඔයාගෙ අනුකම්පාව එපා..ඔයා මොනවා කළත් මං ඔයාට කැමති වෙන්නෙ නෑ හරිද?
සන්ජනාගේ වදන් රුදුරු හීසර මෙනි..ඒවා ඔහුගේ හදේ ගැඹූරු තැන් පාරවයි..එහෙත් ඔහු ඉවසා දරා සිටින්නේ උපරිම සන්සුන් අයුරිනි..මලින්දගේ සිත රැදි අදුර සේම අවට පරිසරයට අදුරුවී ඇත..මහ වැස්සක් අත ළගය..ඔහු කාරයේ වේගය මදක් වැඩි කලේ වැසි වැටීමට පෙර හෝටලය වෙත යාමටය..එහෙත් සන්ජනාට අවට පිළිබද වගක් නැත..
ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉදලා නැද්ද? ඒක තමා ඔයාට මේවා තේරෙන්නෙ නැත්තෙ..
මලින්දගේ අත් මිට මෙළවෙනු ඇයට නොපෙනුනි..
දන්නවද..ආදරේ කියන්නෙ හරි ලස්සන සුන්දර හැගීමක්..අපෙ හිත් සතුටින් පුරවනවා..මායි අසින්තයි හිටියේ කුරුල්ලයි කිරිල්ලියි වගේ..
මලින්ද තවමත් නිහඩය..එහෙත් ඔහු නිල් ඩෙනිමට හැද සිටි සුදු කමිසය දහඩියෙන් නැහැවී ඇත..මහා වර්ෂාව ඇරඹිනි..නිරිත දිග මෝසම සක්‍රීය වී ඇත..
සන්ජනා ඇගේ රෝස පැහැ ගවුමේ රැදි බෝ එකේ බේබි රිබන් පටිය කරකවමින් ඔහේ දොඩවයි..අසින්ත සිහි වන විට ඇගේ මුහුණ ඔප වැටෙයි..
අපි දුප්පත් වුණාට අපේ ආදරේ දුප්පත් නෑ..
මහ හඩින් අකුණක් පිපිරුණේ අවට පරිසරය ආලෝකමත් කරවමිනි..
කාරයේ වින්ඩ්ස්ක්‍රීනය මතට වැටෙන වැහි බිදු ඉවත් කිරීමට වෙර දරණ වයිපර් වලට සතුටක් දී මලින්ද පාළු මාවතේ අයිනකට කර කාරය නැවැත්වුවේය..
සිය ආසන පටිය වහා මුදාහල ඔහු සුදු කමිසයේ ඉහල බොත්තම් දෙක තුනක් ගලවමින් සන්ජනාගේ වත දෙසට බරවූයේ ඇගේ දෑස විශ්මයෙන් විසල් වෙද්දීය..
මොහොතක් සන්ජනාගේ රෝස පැහැ දෙතොල් දෙස එක එල්ලේ බලා සිටි මලින්ද යලිත් අකුණු හඩක් නැගෙනවාත් සමගම ඒ දෙතොලට බරවූයේ සන්ජනා ඔහුගේ සුදු පැහැ කමිසය තදින් පොඩි කරද්දීය..
ගිගුරුම් දෙමින් පිටත මහ වැසි ඇදහැලෙයි..එහෙත් මලින්ද ඒ පිළිබද කරදර නොවිණි..ඇගේ කම්මුල් දෙතොල්..ගෙල පුරා..ඒ ගත පුරා ඔහු නොසන්සුන් සුසුම් ගෙනයයි..ඇගේ සියුමැලි සිරුරේ උණුසුම මලින්දට තැන නොතැන අමතක කරවූවා සේය..පාළු මාවතේ ඇත්තේ ඔවුන්ගේ කාරය පමණි..
එප්..පා..අන්..නේ..හොද නෑ..ඔ..ඔයා..
සන්ජනාගේ කෙදිරිලි ඔහුට ඇසෙන්නේ නැත..ඇගේ මුදු පහසට මලින්ද වශී වී ඇති සෙයකි..ඔහුගේ රළු රැවුල් කොට වල පහස ඇගේ ගෙල සූරා දමන සෙයකි..
සන්ජනා නියපොතු වලින් ඔහුගේ බාහුවක් කොනිති ගැහැවාය..මලින්ද ඒ අත ඔහුගේ සුරතින් ගෙන සන්ජනාගේ පස වීදුරුවට හේත්තු කරගත්තේය..ඇගෙන් මිදුණු ඔහුගේ මුවේ තෘප්තිමත් සිනහවකි..
ඔහුගේ දෑස අඩවන්ව ඇත..ඔහු සන්ජනාගේ දෑස දෙස බලාසිටීයේ උමතුවෙන් මෙනි..
නපුරා..
සන්ජනාගේ දෑසේ කදුලු බිදු පිරී ඇත..ඇය එහෙත් ඔහුට බැනුමට මුව සදයි..
ආයෙ ඔය කටින් මං ඉස්සරහා අසින්තගෙ නම කියලා තිබුණොත් මට තැන නොතැන අමතක වෙයි..මේ විදිහටම ඔය සුදු මූණ රතු කරගන්න වෙයි..තමුන් අකමැති වුණාට මං නම් හරි කැමතියි ඒකට..ආසයි ඒකට
ඔහුගේ ලා රත් පැහැ ගත් දෑස දෙස සන්ජනා බලා සිටියේ දැවෙමිනි..ඇගේ දොතාලට ළංව ඔහු තර්ජනය කරන්නේ සරදම් සිනහවක් මුවෙහි රදවාගෙනය..
ඇය යමක් කීමට කට හදන අයුරු ඔහුට පෙනුනි..හේ ක්ෂණිකව ඇගේ දොතාල් මතට දබර ඇඟිල්ල තැබුවේය..
ස්ස්…කියන්න කලින් හිතන්න සුදු නෝනා..මාව කේන්ති ගස්සන්නේ ඕවා ඕන වෙලා කියලයි මට හිතෙන්නෙ එතකොට..කොහොමත් මගෙනේ..මාව කේන්ති නොකරන තාක් කල් තමුන්ට පාඩුවේ නිදහසේ ඉන්න පුළුවන්..
ඔහු ඇගේ අවුල්ව ගිය ගවුම සකසමින් කීවේ සරදම් සිනහව මොහොතකට අඩු නොකරමිනි..සන්ජනාගේ මුහුණ බෙරිවී ඇත.ඔහුට බනිනු බැරි නිසා ඈ රවයි..
වාව්..රවද්දිත් ලස්සනයි..ඔය ඇස්..
මලින්ද ඒ දෑස සිපගනී..
ඇය හිතුවක්කාර ලෙස ඉවත බලාගෙනම සිටියේ දොතාල් සපාගෙනමය..වදනක් හෝ සිය මුවින් ගිලිහුණහොත් තත්වය අනතුරුදායක විය හැක..
මලින්ද ඔහුගේ අසුනට බරවූ විගස ඔහු නොසිතූ පරිදි සන්ජනා අගුල හැර කාරයෙන් එළියට බැස්සේ මලින්දගේ සිත කේන්තියෙන් පුරවාලමිනි..
මහවැස්සේ පාරේ පැත්තකට ගොස් තෙමෙන ඈ දෙස මොහොතක් බලා සිටි මලින්ද ක්ෂණිකව ඈ සිටි දෙස දොර වසා කාරය පණ ගන්වා ගෙන ඉදිරියට ගෙන ගියේය.. තමන් පසු කර යන මලින්දගේ කාරය දෙස නෙත් යොමු කල සන්ජනා කළ ගොන්කමට තමන්ටම දොස් කියාගත්තීය..
ඔහු තමා මග දමා යන්නේය..තමන් දැන් කුමක් කරන්නද? අන්ත අසරණ වී ඇති තම සිත පිළිබද සන්ජනාට දැනුනේ දැඩි වේදනාවකි..ඈ දැන් වැස්සට පෙගී ගොස් ඇත.. ඈ සීතලට ගිඩි ගිඩි ගා ගැහේ..
රෝස පැහැ ගවුම ගතටම ඇලවී ඇත.. අහස දෙදුරුවමින් මේඝ වළාවෝ මහ සටනකය..
මලින්දගේ කාරය මද දුරක් ඉදිරියට ගොස් නතර කෙරිණි..
ඊළග කොටසට
මේ කතාව මං ලියන්නෙ වෙනස් ශෛලියකින්.. ඉතින් හොඳද කියන්න ළමයි ..අදහස් මදිනෙ
©රුවනි ලියන්ගොල්ල©
☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️
සසල පතිනී🌹